Jackson’s Funeral – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 13 Oct 2023 06:18:46 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Jackson’s Funeral – Divaina https://divaina.lk 32 32 නික්ම ගිය සකල කලා සක්විති https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b6%b8-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b7%83%e0%b6%9a%e0%b6%bd-%e0%b6%9a%e0%b6%bd%e0%b7%8f-%e0%b7%83%e0%b6%9a%e0%b7%8a%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b7%92/ https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b6%b8-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b7%83%e0%b6%9a%e0%b6%bd-%e0%b6%9a%e0%b6%bd%e0%b7%8f-%e0%b7%83%e0%b6%9a%e0%b7%8a%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b7%92/#respond Thu, 12 Oct 2023 23:55:00 +0000 https://divaina.lk/?p=174121 ජැක්සන්ගේ නිර්මාණයන් අනුකරණයටවත් හැකියාවක් නැති නිවටයන් ඔහුගේ ප්‍රතිරූපය වනසන්න බොරු ගෙතුවා – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න

අප්පච්චි හුස්ම ගත්තේ අපි දුන්න මැෂිමෙන් ඒක අපි ගෙදර ගෙනාවේ නෑ අද ඒකෙන් වෙන කෙනෙක් හුස්ම ගන්නවා ඇති – ජැක්සන් ඇන්තනීගේ පුත් සජිත අනුත්තර කියයි

ජැක්සන්ට මේ රට කුඩා වැඩියි ජැක්සන් මේ රටට ලොකු වැඩියි – රන්ජන් රාමනායක

අප්පච්චි රෝහල්ගත වෙලා හිටපු දවස් 458 විවිධ අපහාස කරපු අයට මට කියන්න තියෙන්නෙ අපේ අප්පච්චි හුස්ම ගත්තේ අපි ජාතික රෝහලට දීපු මැෂින් එකෙන් කියලයි. අද ඒ මැෂින් එක අපි ගෙදර ගෙනාවේ නෑ. මේ මොහොතෙත් ඒ මැෂින් එකෙන් වෙන කෙනෙක් හුස්ම ගන්නවා යැයි ඊයේ (12 වැනිදා) සන්ධ්‍යාවේ පැවැති ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ අවමඟුල් උත්සවයේ දී ඔහුගේ පුත් සජිත අනුත්තර සංවේදී කතාවක් කරමින් පැවසීය.

නික්ම ගිය සකල කලා සක්විති

දශක හතරකට වැඩි කලක් රැඟුමෙන් ගැයුමෙන් මෙන්ම දැනුමෙන්ද ශ්‍රී ලාංකීය ජන සමාජය පෝෂණය කළ සකල කලා සක්විති ජැක්සන් ඇන්තනී කලාකරුවා ඊයේ (12දා) සන්ධ්‍යාවේ දී දෙව් මව් තුරුලේ සැතපුණේ ය.

ඊයේ (12දා) දහවල් 2.00 ට පමණ කඩවත පිහිටි ඒ මහතාගේ නිවසෙන් පිටත් වූ දේහය රැගත් රිය පෙරහැර දස දහස් ජන සන්නිපාතයක් පෙරටු කොටගෙන රාගම ශුද්ධවූ පේදුරු පාවුළු දේවස්ථානය වෙත පැමිණියේය. මෑත කාලයේ දී කලාකරුවකු අවසන් ගමනේ දී මෙතරම් ජන බුහුමනට ලක් වූ අවස්ථාවක් නොමැති තරම්ය. රිය පෙරහැර පැමිණෙන මාර්ගය දෙපස රැඳී සිටි විශාල පිරිසක් ඒ මහතාගේ දෙණ රැගත් අවමංගල්‍ය රථයට මල් ඉසිමින් සිය අවසන් ගෞරව පළ කළහ.

රාගම ශුද්ධවූ පේදුරු පාවුළු දේවස්ථානය වෙත රිය පෙරහැරකින් රැගෙන ආ ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය එහිදී සහෝදර කලාකරුවන් විසින් භාරගෙන දේවස්ථානය වෙත ගෙන යන ලදී.

අනතුරුව එම දේවස්ථානය තුළ දී කිතුනු පියතුමන්ලා විසින් ජැක්සන් ඇන්තනී මහතා වෙනුවෙන් විශේෂ දේව මෙහෙයන් සිදු කරන ලදී.

අනතුරුව පැවැති අවමංගල සභාව අමතා ගුණකථනයක් කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා මෙසේ කීවේය.

ජැක්සන් මරා ගැනීමේ පිපාසාවෙන් සිටි අතළොස්සක් සමාජ මාධ්‍ය කාරයන්ට අද ඉතාමත් ප්‍රීති දවසක් වෙනවා ඇති. ජැක්සන්ගේ නිර්මාණ සමඟ තරග කිරීමට තබා ඒවා අනුකරණය කිරීමටවත් හැකියාවක් නැති නිවටයන් පිරිසක් ඔහුගේ ප්‍රතිරූපය විනාශ කිරීමට විවිධ බොරු ප්‍රචාර සමාජගත කළා. අද ඒ සියල්ලටම මා පිළිතුරු දෙනවා. ජැක්සන්ගේ දේහය වළ දැමීමට කලින් ඔහුගේ ඇඟේ ගල්වන ලද කුණු සෝදා හැරීම අපගේ යුතුකමක්. ඔහු අනතුරට පත් වෙලා රෝහල්ගත කළ පසු සමහර කුහකයන් සොයා බැලුවේ ජැක්සන් ගැන නෙවෙයි, ඔහුගේ වාහනය හැපුණු අලියා ගැනයි. 2011 කළ අලි සංගණනයට අනුව ලංකාවේ වන අලි ගහනය පන්දාහකට වැඩියි. නමුත් ජැක්සන්ලගේ ගහනය එකයි.

නික්ම ගිය සකල කලා සක්විති

විවිධ ආණ්ඩු වලින් කලින් කලට වරදාන ලබාගත් කලාකරුවන් සිටිනවා. සමහරුන්ට ගෙවල් දුන්නා, වාහන දුන්නා. නමුත් ජැක්සන් කිසිම ආණ්ඩුවකින් එකම බිම් අඟලක්වත් අරගෙන නෑ. ඔහු අනතුරට පත් වන විට පදවාගෙන ගියේ අවුරුදු විසි හයක් පැරණි ඔහුගේ කැබ් රථයයි. රාජපක්ෂ රජයෙන් ජැක්සන් වරදාන ගත්තා කියන අමූලික බොරුව ඔහුගේ ප්‍රතිරූපය විනාශ කිරීමට ගොතන ලද එකක් පමණයි. ජැක්සන් ඇන්තනී කියන්නේ මේ රටේ දුප්පත් කලාකරුවන් කිහිප දෙනාගෙන් එක් අයකු බව මා හොඳාකාරවම දන්නවා. වේදිකාව සිනමාව මෙන්ම රූපවාහිනිය යන ක්ෂේත්‍ර තුනම අතික්‍රමණය කළ එකම කලාකරුවා ජැක්සන් ඇන්තනී පමණයි.

සකල කලාවන් තුළ සිය ප්‍රතිභාව විහිදුවා ලූ ජැක්සන් වැනි යුග පුරුෂයෙක් තවත් කල්ප කාලයකට බිහි නොවන බව සක්සුදක්සේ පැහැදිලියි.

මෙහිදී කතාවක් කළ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා –

මේ රටේ ජනතාව ජැක්සන්ට කොච්චර ආදරේ කළා ද කියලා බලාගන්න ඕනෙ නම් අද රාගම පල්ලියට එන්න කියලා ජැක්සන්ට ඊර්ෂියා අයට මම ආරධනා කරනවා. ඔහු වැනි ‘ටැලන්ට් එකක්’ තිබුණ මිනිහෙක් මගේ ජීවිත කාලයේදී දැකලා නැහැ. මම ජැකාට ආරාධනා කරනවා නැවත නැවත අපි අතර ඉපදී මේ පිංබිමේ කලා කෙත අස්වද්දමු කියලා. ඒ වගේම මම කියනවා ජැක්සන්ට මේ රට කුඩා වැඩියි, ජැක්සන් මේ රටට ලොකු වැඩියි කියලා.

ජැක්සන් ඇන්තනී කලාකරුවා ගේ අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එවා තිබුණු ශෝක පණිවිඩය ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා විසින් අවමංගල සභාවට ඉදිරිපත් කරන ලදී.

එමගින් ජනාධිපතිවරයා මෙසේ කියා තිබුණි.

බහුවිධ කලා කුසලතාවන්ගෙන් හෙබි ජැක්සන්ගේ අභාවය ලාංකීය නිර්මාණ ක්ෂේත්‍රයට සිදු වූ අති විශාල පාඩුවක්. ඔහුගේ ජීවිතයේ යම් යම් භාවිතාවන් පිළිබඳව කුමන විවේචන තිබුණත් ඔහු සතු කුසලතාවයන් ඒ සියල්ල අතික්‍රමණය කරනවා.

අවමංගල්‍ය සභාවෙන් අනතුරුව එම දේවස්ථාන භූමියේ පිහිටි සුසාන භූමියේ විශේෂයෙන් සකස් කරන ලද ස්ථානයක ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ දේහය මිහිදන් කෙරිණි.

නික්ම ගිය සකල කලා සක්විති
නික්ම ගිය සකල කලා සක්විති

ඒ වනවිටත් සුසාන භූමියට පැමිණ සිටි ආගමික නායකයන්, කලාකරුවන් හා ජැක්සන් ඇන්තනී මහතාගේ රසිකයන් දහස් සංඛ්‍යාත පිරිසක් ඔහුගේ දෙණ අබියස හඬා වැටෙමින් ශෝක වන අයුරු කාගෙත් දෙනුවන් කඳුළෙන් තෙත් කරන දසුනක් විය. ජැක්සන් ඇන්තනී මහතාගේ ආදරණීය බිරිඳ කුමාරි, පුතුන් වන අකිල සහ සජිත ද දියණිය වන මාධවී ද ජැක්සන් මහතාගේ සහෝදරයන් එකිනෙකා වැළඳ ගනිමින් හඬා වැළපෙන අයුරු දිස්විය.

ඡායාරූප සහ සටහන කමල් බෝගොඩ

]]>
https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b6%b8-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b7%83%e0%b6%9a%e0%b6%bd-%e0%b6%9a%e0%b6%bd%e0%b7%8f-%e0%b7%83%e0%b6%9a%e0%b7%8a%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b7%92/feed/ 0
ජැක්සන් අයියේ ඔයා යන්නම ගියා නේද? https://divaina.lk/%e0%b6%a2%e0%b7%90%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%94%e0%b6%ba%e0%b7%8f-%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%b8-%e0%b6%9c/ https://divaina.lk/%e0%b6%a2%e0%b7%90%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%94%e0%b6%ba%e0%b7%8f-%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%b8-%e0%b6%9c/#respond Thu, 12 Oct 2023 23:50:00 +0000 https://divaina.lk/?p=174095 වේදිකාව, සිනමාව සහ රූපවාහිනී තිරය යන රංගනයේ තුන් මාධ්‍යයම ජගත් රංගධරයෙක්, ගායකයෙක්, රචකයෙක්, තිරකතා රචකයෙක්, කථිකයෙක්, ඉතිහාසඥයෙක්, චිත්‍රපට, ටෙලිනාට්‍ය නිර්මාණකරුවෙක්, සම්මානනීය ගීත රචකයෙක්, නාට්‍යවේදියෙක්, කවියෙක්, සිත්තරෙක්, පූරකයෙක්, ගුවන්විදුලි අධ්‍යක්ෂවරයෙක්, හඬ නළුවෙක්, සන්නිවේදකයෙක්, විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙක්, දේශකයෙක්, භාෂාඥයෙක්, ගවේෂකයෙක්, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයෙක්, ගුරුවරයෙක්, සහාය පුස්තකාලයාධිපතිවරයෙක්, පුවත්පත් තීරු ලිපි රචකයෙක්, නවකතාකරුවෙක්, නැට්ටුවෙක් මෙන්ම වර්තමානයේ බොහෝ ජනාදරයට පත් අප හිතාදර කලාවේදී ජැක්සන් ඇන්තනී කලක පටන් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව පසුගිය සඳුදා සිය ජීවන ගමන හමාර කළේය.

සිය පියා වන රාගම පොඩිවීකුඹුරේ බෙනඩික්ට් ඇන්තනි සහ සොයුරා වන සේනක ටයිටස් කලාකරුවන් වීම හරහා ජැක්සන් ඇන්තනීට කලා ලොව අත්පොත් තබන්නට හැකිවූයේ කුඩා කාලයේම ය. ‘මරාසාද්’, ‘මධුර ජවනිකා’, ‘ලෝමහංස’, ‘ධවල භීෂණ’, ‘අත්’, ‘මෝරා’, ‘තාරාවෝ ඉගිලෙති’, ‘ඔත්තුකාරයෝ’, ‘මෙතැතින් මාරුවෙන්’ වැනි වේදිකා නාට්‍යවලින් සිය දස්කම් පෙන්වූ ඔහු ‘පළිඟු මැණිකේ’, ‘ඇල්ල ළඟ වලව්ව’, ‘සුසීමා’, ‘වෙද හාමිනේ’, ‘අකාල සන්ධ්‍යා’, ‘දඬුබස්නාමානය’, ‘පිටගම්කාරයෝ’, ‘අප්පච්චි’ වැනි ටෙලි නාට්‍යවල සහ විශේෂයෙන් ‘කඩුල්ල’ නාට්‍යයේ කුරුතේරිස්ගේ රංගනයෙන් දක්ෂ නළුවෙක් බව මනාව ඔප්පු කර ඇත.

විජය ධර්ම ශ්‍රීගේ ‘ගුරු ගෙදර’ චිත්‍රපටයේ සුනන්ද ලෙස සිනමාවට එක් වූ ඔහු චිත්‍රපට රැසක විවිධ චරිත නිරුපණය කළ අතර ‘ජුලියට් ගේ භූමිකාව’ චිත්‍රපටයෙන් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසියේය. ‘අබා’ සහ ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපට ද අධ්‍යක්ෂණය කළ ඔහුගේ අභිනව චිත්‍රපටයන් වන ‘එකගෙයි සොකරි’ මෙන්ම “දේවි සම්බුලා” චිත්‍රපට ද නුදුරේ ම තිරගත වීමට නියමිත ය.

ඔහුගේ සිනමා භාවිතව තුළ රංගනය කළ සෑම චරිතයක්ම මතකයේ සදාතනිකව සටහන් වන්නට තරම් ප්‍රබල ය. ‘ලොකු දුව’ හි වික්‍රම, ‘බව දුක’ සහ ‘බව කර්ම’ හි පේදුරු, ‘තරණය’ හි තංගප්පන්, ‘විසිදැල’ හි නිමල්, ‘ගිනි අවි සහ ගිනි කෙළි’ හි තුම්මුල්ලේ පද්මේ, ‘ගරිල්ලා මාර්කටින්’ හි ග්‍රෙගරි, ‘රන් දිය දහර’ හි ලයනල්, ‘සූරිය අරණ’ හි සේදිරිස්, ‘ප්‍රවේගය’ හි බැන්ඩෝ, ‘මහරජ ගැමුණු’ හි එළාර රජු, ‘ඇඩ්‍රස් නෑ’ හි නාසිවත්තේ හිට්ලර්, ‘ධර්ම යුද්ධය’ හි හරිශ්චන්ද්‍ර වැනි චරිතයන් ඔහුගේ සිනමා චරිත අතර ප්‍රබල මතකයන් වනවිට ‘අයෝමා’, ‘අග්නි දාහය’, ‘පුනරුප්පත්තිය’, ‘අස්වැසුම’, ‘මිල්ලේ සොයා’, ‘කුරුලු පිහාටු’, ‘උදුම්බරා’ වැනි චිත්‍රපටවලින් ඔහු සහෘදයා අතරට සමීප වූවේය. මෑතක දී තිරගත වුණු ජයන්ත චන්ද්‍රසිරිගේ ‘ඝරසරප’ චිත්‍රපටයේ කළු කුමාරයාගේ චරිතය තුළින් ඔහු ලාංකේය සිනමා රංගනයේ නව පරිචයක් හඳුන්වාදීමට සමත් වූ අතර මේ වනවිට ඔහු සිනමාවේ හොඳම නළුවා ලෙසින් විසි හය වතාවක් සම්මානයට පාත්‍ර විය.

ජැක්සන් අයියේ ඔයා යන්නම ගියා නේද?

ඒ අතරින් ද සොළොස් වතාවක් සිනමාවේ පමණක් හොඳම නළුවා වීමට භාග්‍යවන්ත වූ ඔහු පළමු වරට ජනප්‍රිය නළුවා සම්මානයක් ද ඔහු ඉකුත් වසරක දෙරණ සිනමා සම්මාන උළලේ දී ලැබුවේය.

ටෙලිනාට්‍යය ක්ෂේත්‍රයේ ද සම්මානනීය නළුවෙකු ලෙසින් විරාජමාන ඔහු ‘අප්පච්චි’ නාට්‍ය සඳහා කළ අනුවේදනීය චරිතය විශිෂ්ටය. ‘දස්කොන්’ සහ ‘සී රජ’ ඔහු විසින් මෑතක දී අධ්‍යක්ෂණය කළ ටෙලිනාට්‍ය නිර්මාණයන් ය. ගායකයෙකු ලෙස ද ජනප්‍රිය ඔහු සම්මානනීය ටෙලිනාට්‍ය ගේය පද රචකයෙකි.

ඔහුගේම නිර්මාණයක් වූ ‘ඇසළ කළුවර’ ටෙලිනාට්‍ය සඳහා ඔහු ලියූ සමන්ත පෙරේරා සමග ඉන්ද්‍රචාපා බුලත්සිංහල ගයන ‘සුවඳයි මල් සුවඳ සේ……………’ ගීතය ඔහු ලියූ ජනප්‍රියම ගීතයකි.

ඔහුගේ බිරිඳ වන කුමාරි සඳලතා මුණසිංහ ද දක්ෂ නිළියක සහ ගායිකාවක වන අතර මාධවි වත්සලා, අඛිල ධනුද්දර සහ සජිත අනුත්තර යන දරු තිදෙනා ම රංගනයෙන්, ගායනයෙන්, නර්තනයෙන් සහ නිවේදනයෙන් අද වනවිට සිය දස්කම් දක්වයි. ඇන්තනී කැදැල්ලට එක්වූ අඛිලගේ දියණිය ආරාණ්‍යා දියණිය මෙන්ම සජිතගේ පුතු ද සමගින් මිණිපිරියක සහ මුණුපුරෙකු සිටින මුත්තණුවන් කෙනෙකු විය..

ඔහු විසින් මඟ පෙන්වන ලද මතු පරම්පරාවක් ද මේ වනවිට කලා ලෝකයේ විවිධ ස්ථානයන්හි මුදුන්පත් වී ඇත. දශක දෙකකට අධික කාලයක සිට මා ඔහු හඳුනන අතර විටින්විට ඔහුගේ ඡායාරූප ගැනීමට මා භාග්‍යවත් විය.

ආසන්නතම වශයෙන් ඔහු ඡායාරූප ගත කිරීමට මට හැකිවූවේ ඔහුගේ ආදරණීය ශිෂ්‍යයෙකු අකාශ් තාරුක පෙරේරා පුතුගේ උපන්දිනය වෙනුවෙන් අඛණ්ඩව දෙවැනි වරටත් ඉකුත් 2021 වසරේ පෙබරවාරි 24 වැනිදා පැවැත්වුණු පුදුම කිරීමේ සාදයට ජැක්සන් අයියා පැමිණි අවස්ථාවේය.

2018 වසරේ නිළි රැජින මාලිනී ෆොන්සේකාගේ රංගනය න්‍යාය ගත කරමින් ඔහු ‘මාලිනී රංග න්‍යාය’ යන නමින් ග්‍රන්ථයක් එළිදැක්වූ අතර සිනමාව සහ රූපණවේදය අධ්‍යනය කරන ශිෂ්‍ය පරම්පරාවට එය මහඟු සම්පතකි. රියැලිටි තරඟ විනිසුරුවරයෙකු ලෙසින් ද ‘Youth With Talent’ සහ ‘Hiru Super Dancer’ යන වැඩසටහන් ද්විත්වයේ කටයුතු කරන ඔහු විසින් ලියූ සනුක වික්‍රමසිංහ සංගීතවත් කොට සජිත ගයන ‘ස්වර්ණපාලියේ……….’ ගීතය සහ චින්තක ජයකොඩි සංගීතවත් කළ ‘මිහිරාව ආවා………..’ යන ගීතයන් තාරුණ්‍යය කෙටි කාලයකින් වැළඳගන්නට විය.

මගේ ජනප්‍රිය ගීතයක් වන ‘මගෙ ජීවිතේ සතුට රැඳී තිබුණේ………’ ගීතය ඔහුගේ දියණිය වන මාධවී වත්සලා නිරතුරුව ගයන ගීයක් බවත් එය අතිශය හැඟීම්බර ගායනාවක් බවත් නිහතමානීව පවසමින් ඔහු මා දිරිගැන්වීම මට මහත් සතුටකි.

ඉකුත් වසරක මගේ උපන්දිනය දා දහවලේ කටහඬ මදක් වෙනස් කොට මට සරදම් කරමින් සුබ පැතුම් එක් කළේ ජැක්සන් අයියා යැයි මා නොසිතූ නිමේෂයක ඔහු තම අනන්‍යතාව හෙළි කිරීම මට මහත් සතුටක් වූයේ ඔහු වැනි සුවිශේෂී ප්‍රවීණයෙකුගේ එම හෘදයාංගම සුබ පැතුම මට මහත් වටිනා නිසාවෙනි.

කෙසේ නමුදු ඔහු එක්වූ ආචාර්ය සෝමරත්න දිසානායකගේ ‘සිංහබාහු‘ චිත්‍රපටයේ රූගත කිරීමකට සම්බන්ධ වී සිටිනවිට තලාවේ ප්‍රදේශයේ දී වසරකට පමණ පෙර දිනයක රාත්‍රියේ ඔහු ගමන්ගත් කැබ් රථය වන අලියෙකුගේ ගැටීමෙන් සිදු වූ අනතුරින්, පුරා වසරක් මුළුල්ලේ ඔහු ප්‍රතිකාර ලබමින් පසුවූ අතර එම වකවානුවේ අප සැවොම ඔහුට කඩිනම් සුව ලැබීම වෙනුවෙන් අප අදහන ආගම දහමට අනුව ඔහුට සෙත් ප්‍රාර්ථනා කළ අවස්ථා බොහෝ ය.

කෙසේ නමුදු මේ ශූර මිනිසා සදහටම දෙනෙත් වසාගත් බව පවුලේ ඥාතින් විසින් දැනුම් දී හමාර ය.

ඔහු මේ මොහොතේ තමන් පැතූ සුවය සොයා ගොස් ඇතැයි සිතා අප අස්වැසීම පමණක් ඉතිරි වී ඇත. ආදරණීය කුමාරි ඇතුළු පවුලේ සැමට මගේ සාතිශය සංවේගය දන්වමි.

ආදරණීය ජැක්සන් අයියේ ඔබට අජරාමර නිර්වාණ සුවයම අත්වේවායි පතමි !!!

මුහුණපොතේ සටහනකිනි

● දයාන් විතාරණ

ජැක්සන් අයියේ ඔයා යන්නම ගියා නේද?
]]>
https://divaina.lk/%e0%b6%a2%e0%b7%90%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%94%e0%b6%ba%e0%b7%8f-%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%b8-%e0%b6%9c/feed/ 0
දෑස පියාගත් කල මැවෙන්නේ ඔබේ රුව https://divaina.lk/%e0%b6%af%e0%b7%91%e0%b7%83-%e0%b6%b4%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bd-%e0%b6%b8%e0%b7%90%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%94/ https://divaina.lk/%e0%b6%af%e0%b7%91%e0%b7%83-%e0%b6%b4%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bd-%e0%b6%b8%e0%b7%90%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%94/#respond Tue, 10 Oct 2023 23:53:00 +0000 https://divaina.lk/?p=173723 ස්වකීය ප්‍රතිභාව තුළින් ජනතා ආදරය නොමඳව දිනාගත් විශිෂ්ට රංගධර ජැක්සන් ඇන්තනි කලාකරුවාගේ දේහයට බුහුමන් දැක්වීමට පෝලිම්වල ද රැඳෙමින් ඊයේ (10 දා) විශාල ජනකායක් පැමිණි අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ. රංගනයෙන්, ගායනයෙන් තමන්ට සතුට ගෙනදුන් මේ කලාකරුවාගේ දේහය අබියස කඳුළු සලමින් බොහෝ පිරිසක් ඔහුට මොක්සුව ප්‍රාර්ථනා කළහ.

පිංතූරය – සමන් රණවීර

]]>
https://divaina.lk/%e0%b6%af%e0%b7%91%e0%b7%83-%e0%b6%b4%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bd-%e0%b6%b8%e0%b7%90%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%94/feed/ 0
‘සක්විති සැපත් කුමටද තවත් දුන් ඒ සතුට ඇති දෙවියනේ…! https://divaina.lk/%e0%b7%83%e0%b6%9a%e0%b7%8a%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b7%92-%e0%b7%83%e0%b7%90%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%a7%e0%b6%af-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad/ https://divaina.lk/%e0%b7%83%e0%b6%9a%e0%b7%8a%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b7%92-%e0%b7%83%e0%b7%90%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%a7%e0%b6%af-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad/#respond Tue, 10 Oct 2023 23:50:00 +0000 https://divaina.lk/?p=173677 අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කතානායක මහින්දයාපා අබේවර්ධන, හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොමේෂ් කළුවිතාරණ, කලා ශිල්පීන් වන කුසුම් රේණු, රොඩ්නි වර්ණකුල, නෙරංජලා සරෝජනී, මල්කාන්ති නන්දසිරි, අනුරාධා නන්දසිරි, ශ්‍රියන්ත මෙන්ඩිස්, කීර්ති පැස්කුවල් සහ ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ යන මහත්ම මහත්මීන් එක්ව සිටි අයුරු.

‘සක්විති සැපත් කුමටද තවත් දුන් ඒ සතුට ඇති දෙවියනේ…!
‘සක්විති සැපත් කුමටද තවත් දුන් ඒ සතුට ඇති දෙවියනේ…!
‘සක්විති සැපත් කුමටද තවත් දුන් ඒ සතුට ඇති දෙවියනේ…!

ඡායාරූපය – සමන් රණවීර

]]>
https://divaina.lk/%e0%b7%83%e0%b6%9a%e0%b7%8a%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b7%92-%e0%b7%83%e0%b7%90%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%a7%e0%b6%af-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad/feed/ 0