Killing the main witness of a Gandara murder – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Wed, 23 Aug 2023 19:00:09 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Killing the main witness of a Gandara murder – Divaina https://divaina.lk 32 32 ගන්දරින් පත්තු වූ ගින්දරේ සාක්‍ෂිය අයිස්පීල්ලේ දියවෙයි https://divaina.lk/%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%bb%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%94-%e0%b7%80%e0%b7%96-%e0%b6%9c%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%bb/ https://divaina.lk/%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%bb%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%94-%e0%b7%80%e0%b7%96-%e0%b6%9c%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%bb/#respond Wed, 23 Aug 2023 23:50:00 +0000 https://divaina.lk/?p=164470 හෝටලයකදී වෙඩි ප්‍රහාර 22 ක්:

හපුතලේ අයිස්පීල්ල ප්‍රදේශයේ හෝටලයකට පෙරේදා (22 දා) රාත්‍රී කඩාවැදුණු සන්නද්ධ කණ්ඩායමක් ගන්දර මිනිස් ඝාතන නඩුවක ප්‍රධාන සාක්ෂිකරුවකුට වෙඩි තබා ඝාතනය කර පලාගොස් ඇත.

ගන්දර මිනිස් ඝාතන සිද්ධියට සම්බන්ධ සංවිධානාත්මක කල්ලිය විසින් මෙම මිනීමැරුම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක පහල කරයි.

මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ මාතර, දෙවුන්දර, කිරලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 42 හැවිරිදි අජිත් ප්‍රසන්න සෙනෙවිරත්න නමැති අයෙකි.

මීට මාස කීපයකට උඩදී ගන්දර ප්‍රදේශයේ පැවැති මංගල උත්සවයකදී සංවිධානාත්මක කණ්ඩායමක් විසින් 19 හැවිරිදි තරුණයකු කපා කොට සාහසික අන්දමින් ඝාතනය කර තිබිණි.

එම ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් 06 දෙනකු අත්අඩංගුවට ගත් අතර ඔවූහු මේ වනවිට බන්ධනාගාරගත කරනු ලැබ සිටිති.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධ නඩුව අධිකරණයේ විභාග වෙමින් තිබෙන අතර හපුතලේදී පෙරේදා මරා දැමුණු අජිත් ප්‍රසන්න මෙම ඝාතන නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු විය. මෙම ඝාතන නඩුවේ සාක්ෂි ලබාදීමට ඉදිරිපත් වීම නිසා අජිත් ප්‍රසන්නට දිගින් දිගටම මරණීය තර්ජන එල්ල වූ අතර අධිකරණය ඔහුට විශේෂ ආරක්ෂාවක් ලබාදෙන ලෙස ද පොලිසිය වෙත නියෝගයක් කර තිබිණි.

එම ආරක්ෂාව ඔහුට ලබාදීමට නියමිතව තිබුණේ ගන්දර ප්‍රදේශයේදී පමණක් බව පොලිසිය පවසයි.

තත්ත්වය මෙසේ තිබියදී අජිත් ප්‍රසන්න මීට දින කීපයකට උඩදී හපුතලේ ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගැනීමට ගොස් සිටියේය.

පෙරේදා රාත්‍රී 9.30 ට පමණ පස්දෙනකුගෙන් සමන්විත මැර පිරිසක් එම හෝටලයට කඩාවැදී තිබේ. ඒ වනවිට අජිත් ප්‍රසන්න සහ හෝටලයේ හිමිකරු කතා කරමින් සිට ඇත.

එහිදී සංවිධානාත්මක කණ්ඩායම, අජිත් ප්‍රසන්න ඉල්කක කර වෙඩි ප්‍රහාර 22 ක් එල්ල කර තිබේ. ප්‍රහාරයෙන් අජිත් ප්‍රසන්න සිද්ධිය වූ ස්ථානයේදීම මියගිය අතර හෝටල් හිමියා ද වෙඩි ප්‍රහාරවලට ලක්ව බරපතළ තුවාල ලැබීය.

තුවාලකරු දියතලාව රෝහලට ඇතුළත් කර තිබේ.

ප්‍රහාරයට පැමිණි සැකකරුවන් කිසිවකු මෙතෙක් හඳුනාගෙන නැත.

හපුතලේ පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.
හේමන්ත රන්දුණු, හපුතලේ – බුවනෙක

]]>
https://divaina.lk/%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%bb%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%94-%e0%b7%80%e0%b7%96-%e0%b6%9c%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%bb/feed/ 0