Kochchikade Church – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 09 Jun 2023 20:14:53 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Kochchikade Church – Divaina https://divaina.lk 32 32 කොච්චිකඩේ පල්ලියට රිංගන්න හැදූ සැකකරු ළඟ හැඳුනුම්පත් දෙකක් https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b6%a0%e0%b7%8a%e0%b6%a0%e0%b7%92%e0%b6%9a%e0%b6%a9%e0%b7%9a-%e0%b6%b4%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%bb%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a/ https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b6%a0%e0%b7%8a%e0%b6%a0%e0%b7%92%e0%b6%9a%e0%b6%a9%e0%b7%9a-%e0%b6%b4%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%bb%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a/#respond Fri, 09 Jun 2023 23:44:00 +0000 https://divaina.lk/?p=150244 කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුරට පෙරේදා රාත්‍රියේ ඇතුළු වීමට තැත් කළ කිසියම් තැනැත්තකු වෙරළබඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන දැන් ප්‍රශ්න කරගෙන යයි.

මෙම සැකකරුගෙන් ප්‍රශ්න කරගෙන යද්දී ඔහු හැඳුනුම්පත් දෙකක් ළඟ තබාගෙන පරිහරණය කර තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

එක් හැඳුනුම්පතක නම ඇන්ටන් ලෙස ද අනිත් හැඳුනුම්පතේ නම ඉමිතියාස් ලෙස ද සඳහන් බව පොලිසිය කියයි.

පොලිසිය මොහුගෙන් ප්‍රශ්න කරගෙන යද්දි ඔහු පොලිස් නිලධාරීන් සමග බහින්බස් වී ඇති බව ද පොලිසිය කියයි.

තමාගේ පියා කිතුණු බැතිමතකු බව ද, පියාගේ වියෝවෙන් පසු මව යළිත් විවාහයක් සිදු කර ගත් අයකු බව සැකකරු සඳහන් කර ඇත.

ශාන්ත අන්තෝනි දෙව්මැඳුරේ ගීතිකා හඬ ඇසී තමා මෙම පල්ලියට ඇතුළු වීමට තැත් කළ බව ද සැකකරු පොලිසියට සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මෙම සැකකරු ඔහුගේ මාතලේ ගෙදර අඩදබරයකට පොලිස් වරෙන්තුකරුවකු වශයෙන් ද පොලිසියට අවශ්‍ය කරන අයකු බව ද පොලිසිය කියයි.

කොච්චිකඩේ දෙව්මැඳුරේ මංගල්‍යය යෙදී ඇත්තේ ලබන 12-13 දිනවලටය.

මෙම මංගල්‍යය නිමිත්තෙන් මේ දිනවල දෙව්මැඳුරේ රාත්‍රී (නුවාන) දේව මෙහෙයන් සිදු කෙරේ.

නෝමන් පලිහවඩන

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b6%a0%e0%b7%8a%e0%b6%a0%e0%b7%92%e0%b6%9a%e0%b6%a9%e0%b7%9a-%e0%b6%b4%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%bb%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a/feed/ 0
කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිතුමාගේ මංගල්‍යය https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a0%e0%b7%8a%e0%b6%a0%e0%b7%92%e0%b6%9a%e0%b6%a9%e0%b7%9a-%e0%b7%81%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%85%e0%b6%b1%e0%b7%8a/ https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a0%e0%b7%8a%e0%b6%a0%e0%b7%92%e0%b6%9a%e0%b6%a9%e0%b7%9a-%e0%b7%81%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%85%e0%b6%b1%e0%b7%8a/#respond Tue, 06 Jun 2023 23:49:00 +0000 https://divaina.lk/?p=149437 කොළඹ කොච්චිකඩේ ආශ්චර්යමත් සාන්ත අන්තෝනි මුනිඳුන්ට කැපකර ජාතික කතෝලික සිද්ධස්ථානයේ 189 වන වාර්ෂික මංගල්‍යය ජුනි මස 12 හා 13 වැනි දින අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සිද්ධස්ථාන පරිපාලක පියතුමන් විධිවිධාන යොදා ඇත. මෙම සිද්ධස්ථානයේ ඉතිහාස කතා පුවත අතිශය ආකර්ශනීය වේ.

මෙම සිද්ධස්ථානය හා බැඳී ඇති ආශ්චර්යමත් පුරා වෘත්තිය අපට කිසිදා අමතක කළ නොහැකි. ක්‍රි.ව. 1543 දී බුවනෙකබාහු රජතුමන්ගේ ඇරයුම පරිදි අප දිවයින තුළ කතෝලික දහම ප්‍රචාරය කිරීමට පෘතුගීසිහු අවසර ලදහ. ඔවුන් තුළ සාන්ත අන්තෝනි මුනිඳුන් කෙරෙහි භක්ති ආදරය හේතුවෙන් එම භක්තිය දිවයින තුළ ප්‍රචාරය කිරීමට වෙසෙස් නැඹුරුවක් තිබුණු බව පැහැදිලි වෙයි.

ඕලන්ද ජාතිකයන් සිරිලක ආක්‍රමණය කිරීමත් සමග මෙරට කතෝලිකයෝ මහත්සේ පීඩාවට පත්වූහ. ඔවුහු කතෝලික දෙව්මැඳුරු විනාශ කළහ. ආගම ඇදහීමට තහංචි දැමූහ. අසරණ තත්ත්වයට පත්වූහ. මෙය කන වැකුණු අන්තෝනියෝ කොච්චියාල් නමැති පියතුමා මෙම ජනතාවට පිහිටවීමට එතුමන්ගේ ශ්‍රේෂ්ඨ පියතුමන්වූ ගෞරවනීය ජාකොට් ගොන්සාල්වේස් පියතුමාගෙන් දිගින් දිගටම කළ ඉල්ලීම අවසානයේ ජය ගත්තේය. අවසරය ලැබීමත් සමගම මාළු වෙළෙන්දෙකු සේ වෙස් වලාගෙන මාළු බාන්න (අද මැලිබන්) වීදියේ මාළු වෙළෙන්දෙකුගේ නිවසෙහි පදිංචි විය.

උදේ කාලයෙහි මාළු වෙළෙඳාමේ යෙදෙමින් කතෝලිකයන් සොයා ගෙන රාත්‍රි කාලයෙහි ඔවුන් උදෙසා දිව්‍ය පූජාව පැවැත්වීය. ඔවුන්ගේ ආගමික අවශ්‍යතා ඉටු කළේය. පසුව එතුමන්ට විවිධ පීඩා පැමිණියෙන් මෝදර දෙසට සංක්‍රමණය විය.

ඒ සමග ම මුහුද ගොඩගැලීමෙන් මූදු කෑම නිසා ධීවරයෝ අසරණව සිටියහ. කොච්චියාල් පියතුමා හඳුනන ධීවරයෝ මේ ගැන දෙවිඳු යදින ලෙස එතුමන්ගෙන් ඉල්ලූහ. එතුමා එම ඇරයුම පිළිගෙන තබා කුරුසිය මුදුනත ස්ථානයක සිටුවා මහත් භක්තියෙන් දෙවිඳු යැදීය. ප්‍රාතිහාර්යාත්මක අන්දමින් එතෙක් පැවැති මුහුදු කෑම නතර විය. ඕලන්දයෝ ද මෙය දැක සතුටට පත්ව කැමති ඉල්ලීමක් ඉල්ලන ලෙස කොච්චියාල් පියතුමාට දැන්වීය. එතුමාගේ ඉල්ලීම වූයේ තමන් කුරුසියි සිටවූ ස්ථානයේ පැල්පතක් තනාගෙන ජීවිතාන්තය දක්වා සිටීමට අවසර ලබාදෙන ලෙසය. අවසරය ලැබුණි. ඉදිවූ පැල්පත දිවා කාලයේ කඩයක් විය. රාත්‍රි කාලයේ දී ආත්මික අවශ්‍යතාවයන් ඉටුකරන තැනක් විය. මෙය ‘කොච්චියාල් කඩේ‘ යනුවෙන් ප්‍රකට විය. පසුව කොච්චිකඩේ යනුවෙන් භාවිත විය.

‘කොච්චියාල්ගේ කඩෙන්’ ඇරඹුන දෙව්මැඳුර අද මෙතරම් අසිරිමත් සිද්ධස්ථානයක් බවට පත්වූයේ ශුද්ධ වූ අන්තෝනි මිනිඳුන්ගේ අනුහස හා ආශීර්වාදයෙන් බව කිසිම සැකයක් නැත.

මංගල්‍යය වැඩපිළිවෙළ සන්ධ්‍යා මෙහෙය: ජුනි 12 වැනි සඳුදා රාත්‍රී 7.00 ට- කොළඹ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන්. ජුනි 13 වැනි අඟහරුවාදා මංගල්‍යය දින දිව්‍ය පූජා මෙහෙයන් පෙ.ව. 4.00 ට- දමිළ භාෂාවෙන් සිද්ධස්ථාන සහායකතුමා, පෙ.ව. 5.00 ට සිංහල භාෂාවෙන් සිද්ධස්ථාන පරිපාලක පියතුමා, පෙ.ව. 6.00 ට දමිළ භාෂාවෙන් ජෝයි මරියරත්නම් පියතුමා, පෙ.ව. 7.00 ට සිංහල භාෂාවෙන් කොළඹ පදවියේ භාණ්ඩාගාරික පියතුමා, පෙ.ව. 8.00 ට මංගල මහා දිව්‍ය පූජාව දමිළ භාෂාවෙන්, කොළඹ පදවියේ අතිඋතුම් ඇන්ටන් රංජිත් සහායක රදගුරු තුමන් ප්‍රධානත්වයෙන් පෙ.ව. 10.00ට මංගල්‍ය මහා දිව්‍ය පූජාව සිංහල භාෂාවෙන්, කොළඹ පදවියේ සහායක රදගුරු අතිඋතුම් මැක්ස්වල් සිල්වා සහායක රදගුරු තුමන්ගේ ප්‍රධානත්වයෙන් දහවල් 12.00 ට මංගල්‍ය මහා පූජාව ඉංග්‍රීසි භාෂාවෙන්, කොළඹ පදවියේ අති උතුම් ජේ. ඩී. ඇන්තනී සහායක රදගුරු තුමන්ගේ ප්‍රධානත්වයෙන් සවස 5.30 ට ශු. අන්තෝනි මුනිඳුන්ගේ ප්‍රතිමාව රැගත් පෙරහැර ආරම්භ වේ.

සී. ආර්. ඩික්සන් ඇන්ටනි

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a0%e0%b7%8a%e0%b6%a0%e0%b7%92%e0%b6%9a%e0%b6%a9%e0%b7%9a-%e0%b7%81%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%85%e0%b6%b1%e0%b7%8a/feed/ 0