Lakshman Kiriella – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 20 Oct 2023 06:03:25 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Lakshman Kiriella – Divaina https://divaina.lk 32 32 පෞද්ගලික විශ්වවිද්‍යාල 24කට අනුමැතිය – ඇමැති විජේදාස රාජපක්ෂ https://divaina.lk/%e0%b6%b4%e0%b7%9e%e0%b6%af%e0%b7%8a%e0%b6%9c%e0%b6%bd%e0%b7%92%e0%b6%9a-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd-24/ https://divaina.lk/%e0%b6%b4%e0%b7%9e%e0%b6%af%e0%b7%8a%e0%b6%9c%e0%b6%bd%e0%b7%92%e0%b6%9a-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd-24/#respond Thu, 19 Oct 2023 23:54:00 +0000 https://divaina.lk/?p=175320 මේ වනවිට පෞද්ගලික විශ්වවිද්‍යාල 24 ක් විවෘත කිරීමට අනුමැතිය ලබා දී ඇති බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) පැවසීය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීය.

මෙම පෞද්ගලික විශ්වවිද්‍යාලවලට අමතරව ජාත්‍යන්තර විශ්වවිද්‍යාල, ඊට අනුබද්ධ ආයතන රැසක් රට තුළ පවතින බව ද ඒවාට නිසි නියාමනයක් හෝ ප්‍රමිතියක් හෝ නැති බවද ඇමැතිවරයා කීය.

විශ්වවිද්‍යාල කොමිෂන් සභාව යල් පැනගිය එකක් බවත් ජාතික විශ්වවිද්‍යාල හා ජාත්‍යන්තතර විශ්වවිද්‍යාල හොඳ ප්‍රමිතියකින් හා නියාමනයකින් පවත්වාගෙන යෑම සඳහා උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් පිහිටුවීමට යෝජනා කර ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,

අපේ ආණ්ඩු කාලයේදී කිසිම පෞද්ගලික විශ්ව විද්‍යාලයකට හෝ වෛද්‍ය විද්‍යාලයකට අනුමැතිය දුන්නේ නැහැ. මේ සේරම 2015 ට පෙර අනුමැතිය දුන්නු ඒවා.

නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා

පෞද්ගලික විශ්වවිද්‍යාල හා වෛද්‍ය විද්‍යාල සියල්ලම පිළිගත්තේ මම ඇමැතිව සිටි කාලයේදීයි. රට දියුණු කිරීමට නම් මෙවැනිම ප්‍රමාණයක් ඉදිරියේදී පෞද්ගලික විශ්වවිද්‍යාල වෛද්‍ය විද්‍යාල ඇතිවිය යුතුයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

]]>
https://divaina.lk/%e0%b6%b4%e0%b7%9e%e0%b6%af%e0%b7%8a%e0%b6%9c%e0%b6%bd%e0%b7%92%e0%b6%9a-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd-24/feed/ 0
දූෂණය සහ වංචාව නතර නොවුණහොත් ව්‍යවස්ථාදායක සභාවට චෝදනා කරන්න පාර්ලිමේන්තුවේ 225ට ඇඟිල්ල දිග් කරන්න එපා – ඇමැති විජයදාස රාජපක්ෂ https://divaina.lk/%e0%b6%af%e0%b7%96%e0%b7%82%e0%b6%ab%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b7%80%e0%b6%82%e0%b6%a0%e0%b7%8f%e0%b7%80-%e0%b6%b1%e0%b6%ad%e0%b6%bb-%e0%b6%b1%e0%b7%9c%e0%b7%80%e0%b7%94%e0%b6%ab%e0%b7%84/ https://divaina.lk/%e0%b6%af%e0%b7%96%e0%b7%82%e0%b6%ab%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b7%80%e0%b6%82%e0%b6%a0%e0%b7%8f%e0%b7%80-%e0%b6%b1%e0%b6%ad%e0%b6%bb-%e0%b6%b1%e0%b7%9c%e0%b7%80%e0%b7%94%e0%b6%ab%e0%b7%84/#respond Tue, 03 Oct 2023 23:46:00 +0000 https://divaina.lk/?p=172338 අගවිනිසුරුවරිය එළවපු අය අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරනවා – ලක්ෂ්මන් කිරිඇල්ල (සජබ)

ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ නැති ආණ්ඩුව ඡන්දවලට බයේ කල් දානවා- විජිත හේරත් (ජාජබ)

විනිසුරුවරුන් විවේචනය කිරීමෙන් අධිකරණයේ විශ්වාසය බිඳ වැටේවි – මහාචාර්ය ජී. එල්. පීරිස් (ශ්‍රීලපොපෙ)

දූෂණ සහ වංචාවන් වැළැක්වීම වෙනුවෙන් ක්‍රියා නොකරන්නේ නම් මින් ඉදිරියට චෝදනා කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් දසදෙනාට මිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාට නොවන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (10දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ වූ අතර එහිදී සමථ මණ්ඩල (විශේෂ වර්ගවල ආරවුල්) සහ අධිකරණ සංවිධාන යන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් විවාද පැවැත්විණි.

විවාදය ආරම්භ කරමින් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා –

අධිකරණ, නීති ප්‍රතිසංස්කරණ සහ බන්ධනාගාර ඇමැති විජේදාස රාජපක්‍ෂ – සිස්ටම් ජේන්ජ් එකක් ඇති කරන්නයි ආණ්ඩුව ආවේ. එය කරගන්න බැරි වුණා. අරගලයක් ඇවිත් ඒ ආණ්ඩුව යැව්වා. දැන් අලුත් ජනපති කෙනෙක් ඇවිත් ඇමැති මණ්ඩලයක් ඇවිත් රට පාලනය කරනවා. විශාල වගකීමක් අපි අරන් තියෙනවා. විශාල බාධක මැදයි අපි රට භාර ගත්තේ.

අල්ලසට දූෂණයට විරුද්ධයි. අපි දූෂණයට විරුද්ධව අවශ්‍ය නීති හදලා තියෙන්නේ. ඒවා ක්‍රියාත්මකවීම පමණයි ඉතිරි වී ඇත්තේ. මාස 5ක් පුරා ජනතාව දැනුවත් කරලා දේශපාලකයා පිට දාලා තමයි බල කරලා නීති හැදුවේ.

මැතිවරණවලදී විවිධ ජාවාරම්කරුවන්ගේ සල්ලි වලින් ඡන්ද කරලා කරන වියදම් නවත්වන්න අපි නීති ගේනවා. කාගෙන්වත් මුදල් අරගෙන ඡන්ද කරන්න කාටවත් බෑ. වරදකරු වුවොත් මන්ත්‍රී ධුරයත් ඉවරයි. මේ නීති ගෙනාවේ ඉතා අමාරුවෙන්. මේ පනතටත් විපක්‍ෂය විරුද්ධව ඡන්දය දුන්නා. මේ රටේ වංචා දූෂණ වැලැක්වීමට අල්ලස් දූෂණ කොමිසමට බලය දීලා තියෙනවා. මේවාට සුදුසු පුද්ගලයන් පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවේ වගකීමක්. තාම නිර්නායකවත් හදලා නෑ. අපේ ප්‍රමාදයක් නොවෙයි 225 අවශ්‍ය උපරිමය කරලා අවසන්.

දැන් සිදුවන ප්‍රමාදයට කථානායක ඇතුළු එහි සාමාජිකයන් 10 දෙනා වගකිව යුතුයි. උද්ඝෝෂණ කරනවා නම් ඔවුන්ට එරෙහිව ක්‍රියාකරන්න අපිත් ඒවාට එන්නම්.

සමහරු අයි එම් එෆ් දෙවන වාරිකය නොලැබෙනවා කියලා සතුටකින් ඉන්නේ. ඔවුන් ජනතාව තව දුක් විදිනවාට සතුටුයි. සමහරු මුදල් විශුද්ධිකරණය කරලා පිටරට මුදල් දාලා ඉන්නවා. පැන්ඩෝරා පේපර්ස් ගැන මාසයකින් වාර්තාවක් හිටපු ජනපති ඉල්ලුවා. මේ ගැන මොකද වුණේ? අල්ලස් කොමිසම මොනවද කළේ. පිටරට ඩොලර් බිලියන ගණන් හංගාගෙන ඉන්නවා. අල්ලස් කොමිසමට බලය තියෙනවා විදෙස් රටක දේපළ හෝ මුදල් හංගගෙන ඉන්නවා නම් ඒ දේපළ නැවත ගේන්න. නීති විරෝධීව රටින් පිට මුදල් තබාගෙන ඉන්නේ. මේවා නැවත ගේන්න පුළුවන්. අපනයනකරුවන් නැවත මෙරටට නොගෙන් වූ මුදල් ඩොලර් බිලියන 56ක් තියෙනවා.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර – මුලතිව් විනිසුරු ඉවත්වීම ගැන ජනපති පරීක්‍ෂණයක් කරන්න කිව්වා. තමන්ට තර්ජනයක් එල්ල වනවා නම් ඒ ගැන පැමිණිල්ලක් කරන්න තිබුණා. මේ ගැන මහ කුමන්ත්‍රණයක් තිබිය හැකියි. ඔහු විදෙස් තානාපතිවරුන් හමුවී ඇති බවටත් රාවයක් පවතිනවා. තමන් කළ වැරදි වහගන්න ගියාද කියන සැකය ඇතිවෙනවා. කුමන්ත්‍රණයට විපක්‍ෂයත් සම්බන්ධ දැයි ප්‍රශ්නයක් තියෙනවා. මේ ගැන සැබවින්ම සොයාබැලීමට රජය කටයුතු කර තිබෙනවා.

මීට පෙර භීෂණය සමයේ තෙල්දෙණිය මහෙස්ත්‍රාත් විදේශගත වුණා. මෙතන සාමාන්‍ය සිද්ධියක් නොව රට අපකීර්තියට පත් කරන වැඩපිළිවෙළක් ඇති බවට සාධාරණ සැකයක් පවතිනවා.

අල්ලස් කොමිසම ශක්තිමත් වූවානම් විදේශ රටවල සඟවා ඇති මුදල් නැවත ගෙන්වා ගැනීමට බලය ලැබෙනවා. වචනයක ගැටලුවක් නිසා මාස ගණනාවක් කටයුතු ඇනහිටලා. හෙටම මේ කටයුත්තට මැදිහත් වී ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් අල්ලස් කොමිසම සක්‍රීය කරන්න.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න (ශ්‍රීලපොපෙ) – මැතිවරණවලදී හොර ඡන්ද දාන අයට තිබූ දඩය රුපියල් 100ක් විතර. මේ මුදල වැඩිකර තියෙනවා. ඇනෙකුත් දඩ මුදල් ප්‍රමාණයන් මේ සංශෝධනයෙන් වැඩිකර තියෙනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් (ජාජබ) – පසුගිය වසරේ අප්‍රේල් 12 රට බංකොළොත් බව කිව්වා. එයින් රට මුදාගන්න මේ ජනපති ඇතුළු ආණ්ඩුව ආවත් තවම රට මුදාගෙන නෑ. මූල්‍ය අරමුදලට යන්න ප්‍රධාන හේතුව අපි ගත් ණය කපාහැරීම, ප්‍රමාණය අඩු කර ගැනීම නමුත් තවම එය සිදුවී නෑ. ඒ වෙනුවට සිදු වුණේ අරමුදලේ කොන්දේසි මත බදු මුදල් වැඩිපුර ගෙවන්න වුණා. විදුලිය, ජල, ගෑස් මිල වැඩි වුණා. බදු වැඩි කරන්න තව බල කළා. දැන් ආණ්ඩුව බදු පිට බදු ගහනවා.

උද්ධමනය 1.2 යි කියලා ආණ්ඩුව පාරම් බෑවා. දැන් ඉන්ධන මිල ඉහළ යනවා. උද්ධමනය වැඩි වූ කාලයේ ඉන්ධන ගෑස් මිල මීට වඩා අඩුවට තිබුණා. ප්‍රතිව්‍යුහගතකරනවා කියලා රාජ්‍ය ආයතන කඩාවට්ටන්න හදනවා. අද සතොස ආයතනය ආණ්ඩුව බිමට දාලා. සේවකයන් එළියටය දාලා. සතොස විනාශ වුනේ දේශපාලකයන්ගේ වරදින් මිස සේවකයන් නිසා නොවෙයි. තෙල් මිල වැඩිකළ විට ප්‍රවාහන ගාස්තු වැඩි වෙනවා. කර්මාන්තවලට පහර වදිනවා. නීති කොපමණ ගෙනාවත් ක්‍රියාත්මක නෑ. නීතිය වල්වැදිලා.

ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න විසඳන්නෙ නැති නිසා ජනතාවට බියේ ඡන්ද කල් දානවා. ඡන්ද නැතිව ඡන්ද පනත් විතරක් ගේනවා. මැතිවරණ අකුලා දාලා ප්‍රජාතන්ත්‍රවාදය හකුලා දානවා. ජනතාව ආණ්ඩුවට එරෙහිව නැගිටීම වළක්වන්න ත්‍රස්ත විරෝධී පනත් ගේනවා. සමාජ මාධ්‍ය මර්දන පනත් ගේනවා. මොනවා ගෙනාවත් ජනතාව සියල්ල අත්දකිමින් සිටිනවා.

පත්කළ මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් (ශ්‍රීලපොපෙ) –

අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාවර රටක පැවැත්මට ඉතා අත්‍යවශ්‍යයි. අධිකරණය ගැන ජනතා විශ්වාසයක් ඇතිවිය යුතුයි. විනිසුරුවරුන්ට යුක්තිය ඉටුකිරීමට ස්වාධීනව කටයුතු කළ හැකි විය යුතුයි. මුලතිව් දිසා විනිසුරුවරය තනතුරින් අස්වීම පමණක් නොව රට හැරයෑම පවා සිදුකර තිබෙනවා.

මෙම සිද්ධිය පිළිබඳ අවංක අපක්‍ෂපාතී විමර්ශනයක් සිදුවිය යුතුයි. එය කඩිනමින් සිදුවිය යුතුයි. විනිශ්චයකරුවන් පාර්ලිමේන්තුව තුළ විවේචනය නොකළ යුතුයි. ඒ විවේචන නිසා අධිකරණය කෙරෙහි ජනතාවගේ විශ්වාසය බිඳ වැටිය හැකියි. ඒ නිසා වහාම ඒ ගැන පියවරක් ගත යුතුයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා (සජබ)

ආණ්ඩුව විවිධ පනත් ගෙනැල්ලා ජනතා මතය මර්දනය කරන්න උත්සාහ කරනවා. ජනමතය මර්දනය කරනවා වගේම ආණ්ඩුවට ඕනෑ දේවල් කරන්න විධායකයට සිදුවෙනවා. මුලතිව් සිද්ධිය ඊට ආසන්නතම උදාහරණයයි. මුලතිව් විනිසුරුගේ සිද්ධිය ගැන වහාම ස්වාධීන පරීක්‍ෂණයක් කරන්න.

අද අධිකරණය ගැන ලොකු ගැටලු මතුවෙලා. විනිසුරුවන්ට ස්වාධීනව වැඩ කරන්න ඉඩදිය යුතුයි. රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදීව ජීවත්වීමට අධිකරණයේ ප්‍රජාතන්ත්‍රවාදය අත්‍යවශ්‍යයි. ජාත්‍යන්තර සංවිධානයක් මීට එරෙහිව ප්‍රකාශ නිකුත් කරලා. ජාත්‍යන්තරව අපි තවත් අර්බුදයට පත්වෙනවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ –

පර්ලිමේන්තුවේ මෙතෙක් පිහිටවූ අකාර්යක්‍ෂම ව්‍යවස්ථාදායක සභාව තමයි වර්තමාන සභාව. අගමැති, විපක්‍ෂ නායක දෙදෙනාටම කිව යුතුයි මේ සභාව සතපහකට වැඩක් නෑ. කේක් කාලා තේ බොනවා විතරයි. අල්ලස් කොමිසම තවම බලාත්මක කර නෑ.

රාජ්‍ය ආදායම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැඩි චෝදනාවට ලක්වෙලා. දෙවන වාරිකය ගන්න බැරිවීමට මූලික හේතුව රාජ්‍ය ආදායම අඩුවීමයි. රාජ්‍ය ආදායමේ සියයට 90 ක් බදු ආදායමයි. බදු එකතු කරන දේශීය ආදායම්, රේගුව, සුරාබදු වැනි දෙපාර්තමේන්තුවල අකාර්යක්‍ෂමතාව නිසා වසරකට රුපියල් බිලියන 500 ක් රටට අහිමි වෙනවා. මේ ආයතන සක්‍රීය වූවා නම් ආදායම ලබාගන්න තිබුණා. ආණ්ඩුවට තමයි මිනිස්සු බනින්නේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා –

අපි දූෂණ විරෝධී පනතට ඡන්දය දුන්නා. මැතිවරණ වියදම් නියාමන පනතට අපි විරුද්ධව ඡන්දය දුන්නා. මොකද අපි සංශෝධන වගයක් ගෙනාවා නමුත් ඒ සංශෝධන පිළිගත්තෙ නෑ. අද අපි ආර්ථිකයට වඩා අධිකරණයේ නිදහස ගැන කතා කරන්න ඕන. මොකද මුලතිව් විනිශ්චකාරවරයා අස් වුණා විතරක් නෙමෙයි රටත් අත්හැර ගියා. එච්චරටම බයවෙලා. ඇයි රට අත්හැරලා ගියේ. එතුමාට තර්ජන ආවා. අද මේ සිද්ධිය මුළු ලෝකෙම රැව් දෙනවා. අපේ රට 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා. ප්‍රතිපත්ති තීරණ පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ නෑ. නමුත් මේ අය මේ වතාවෙ මේක පාර්ලිමේන්තුවට ගෙනාවේ යටි අරමුණක් ඇතිව. පෙර අවස්ථාවන් වගේ ප්‍රකාශයක් කරලා අයි.එම්.එෆ්. යෝජනා දැනුම් දුන්නා නම් රටේ ජනතාව ඊට විරුද්ධව උසාවි යනවා. ඒක වළක්වන්න යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනල්ලා කතානායකතුමා හරහා නියෝගයක් ගත්තා මේ පිළිබඳව අධිකරණය ඉදිරියට යන්න බෑ කියලා. පාර්ලිමේන්තුව තමයි අද අධිකරණයෙ නිදහස නැති කරලා තියෙන්නේ. විනිශ්චකාරවරුන් බය කරනවා. විජයදාස රාජපක්ෂ මැතිතුමා සහ අලි සබ්රි මැතිතුමා ගිය වතාවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගියා. නමුත් මේ අවුරුද්දේ ගිය නෑ. ගිය අවුරුද්දේ කියපුවා අහගෙන ඉඳලා මේ අවුරුද්දේ යන්න අදි මදි කෙරුවා. මොකද අපිට විරුද්ධව ආර්ථික අපරාධ ඉදිරිපත් කරලා තියෙනවා. මේ ආණ්ඩුවේ පැටිකිරිය දිහා බැලු‍වම මේ අය තමයිඅග්‍රවිනිශ්චයකාරවරිය එලෙව්වේ. ශිරානි බණ්ඩාරනායක මැතිනිය දිවිනැගුම පනතට විරුද්ධව නඩු තීන්දුවක් දුන්නා කියලා තමුන්නාන්සේලා එතුමිය එළෙව්වා.පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙනල්ලා එතුමිය අස් කෙරුවා.මේ අය තමයි අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන්නේ.එදා දෝෂාභියෝග කමිටුවක් කරා ශිරානි බණ්ඩාරනායක මැතිනියට විරුද්ධව සාක්ෂි මෙහෙයවන අවසාන දවසේ යෝජනාවක් ගේන්න ඕනි එතුමිය ඉවත් කරන්න. නමුත් ඉවත් කිරීමේ යෝජනාවක් ගේන්නෙ නැතුව පාර්ලිමේන්තුවේ ඡන්දෙ තිබ්බා. අවසාන දවසේ දෝෂාභියෝග කමිටුව පත් කිරීමේ යෝජනාව තමයි ඉදිරිපත් කෙරුවේ. මෙහෙමයි එදා පාර්ලිමේන්තුවේ කටයුතු කෙරෙවේ.

විජේදාස රාජපක්ෂ මැතිතුමා කිව්වා ආර්ථිකය හොඳට යනවා කියලා. නමුත් අපි මාස දහ අටක් ණය ගෙවලා නෑ. ණය ගෙවන්නේ නැති වුනාම සාක්කුවේ සල්ලි ටිකක් තියෙනවා. අයි.එම්.එෆ්. දෙවැනි කොටස කවදා හම්බ වෙයිද කියලා දන්නේ නෑ. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල හොඳටම වැඩි වෙලා. මිල පාලනයක් නෑ අද. රට දඩාවතේ යන්නේ. පසුගිය කාලය තුළ අපේ රට ගොඩගන්න පුළුවන් ආධාරයක් අපිට හම්බුනේ නෑ. අපේ අර්බුදයෙන් ගොඩ එන්න ආධාරයක් අපට ලැබුණේ නෑ. බටහිර රටවල් කියනවා චීනය එකඟ වුණොත් ණය ප්‍රතිව්‍යහගතකරණය කරන්න පුළුවන් කියලා. නමුත් චීනය එකඟතාවයක් නෑ. චීනය එකඟ වෙන්න ඕනේ. අපි මේ ණය උගුලට අහුවුණේ චීනය නිසයි. හම්බන්තොට වරාය, ගුවන්තොටුපල, නෙළුම් කුළුණ මේවගෙන් සත පහක ආදායමක් නෑ. මේවා නිසයි අපේ රට අගාධයට වැටුනේ. අයි.එම්.එෆ්. කියනවා අපේ රට වැටුණේ මේ ආණ්ඩුව පළවෙනි අයවැයෙන්ම බිලියන 800ක් බදු කපා හැරියා. බිලියන 800ක් නැති කරගන්න තමුන්නාන්සේලා ඡන්දෙ දුන්නා. අපි එපා කිව්වා. නමුත් ඇහුවේ නෑ. නීතියේ ආධිපත්‍යය නැතිව ආයෝජන රටට එන්නේ නෑ. පෝට් සිටිය දැන් පටන් ගත්තා. කැමරන්ට මිලියන 6ක් දිලා උපදේශකවරයෙක් විදියට අරන් තියනවා. කැමරන්ට පඩි ගෙව්වා කියලා ආයෝජකයෝ එන්නේ නෑ.

පාර්ලිමේන්තුව නැවත අද 04දා දින පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

]]>
https://divaina.lk/%e0%b6%af%e0%b7%96%e0%b7%82%e0%b6%ab%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b7%80%e0%b6%82%e0%b6%a0%e0%b7%8f%e0%b7%80-%e0%b6%b1%e0%b6%ad%e0%b6%bb-%e0%b6%b1%e0%b7%9c%e0%b7%80%e0%b7%94%e0%b6%ab%e0%b7%84/feed/ 0
රත්තරන් සබ්‍රි කම්ටුවලින් ඉවතට! https://divaina.lk/%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b6%e0%b7%8a%e0%b6%bb%e0%b7%92-%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a%e0%b6%a7%e0%b7%94%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1/ https://divaina.lk/%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b6%e0%b7%8a%e0%b6%bb%e0%b7%92-%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a%e0%b6%a7%e0%b7%94%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1/#respond Fri, 22 Sep 2023 23:55:00 +0000 https://divaina.lk/?p=170431 සජිත්ගෙන් යෝජනාවක්: කිරිඇල්ල ස්ථිර කරයි

මිලියන 80ක් වටිනා රත්‍රං ගෙනා ප්‍රංශ ජාතිකයකුට රුපියල් ලක්ෂ 700ක් දඩ නියම කරද්දී මිලියන 74ක් වටිනා රත්‍රං, ස්මාට් ෆෝන් ගෙනා මන්ත්‍රීට ලක්ෂ 75ක් පමණක් දඩ නියම කළේ කොහොමද?

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතාගේ පාර්ලිමේන්තු කාරක සභා නියෝජනය අත්හිටුවීම සඳහා විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ගෙන එන ලද යෝජනාවට ඊයේ පාර්ලිමේන්තුවේදී අනුමැතිය හිමිවිය.

අනවසරයෙන් රත්තරන් සහ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන රැගෙන ඒමට වරදකරුවකු බවට පත්වූ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා පාර්ලිමේන්තුවේ සියලුම කම්ටුවලින් නෙරපිය යුතු බවට වූ විශේෂ යෝජනාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (22 දා) ඉදිරිපත් කරන ලදී.

රහීම් මන්ත්‍රීවරයා රුපියල් මිලියන 74ක් වටිනා රත්‍රං ග්‍රෑම් 03.3ක් සහ රුලියල් මිලියන 04.2ක් වටිනා ස්මාට් ෆෝන් 91ක් නීති විරෝධී ලෙස ගෙන ඒම මන්ත්‍රීවරයකුට නොගැළපෙන විෂම ක්‍රියාවක් යැයි ද විපක්ෂනායක කීය.

එම වැරදි ක්‍රියාවන්ට මන්ත්‍රීවරයාට රුපියල් ලක්ෂ 75ක් පමණක් දඩ වශයෙන් අයකර ගෙන ඇති නමුත් එය ප්‍රමාණවත් නොවන බවත් කී ඒ මහතා මිලියන 80ක් වටිනා රත්‍රං ගෙනා ප්‍රංශ ජාතිකයකුට රුපියල් ලක්ෂ 700ක් දඩ අයකර ගෙන ඇතැයි ද කීය.

එබැවින් මන්ත්‍රීවරයාට ලිහිල් දඩයක් පණවා ඇතැයි පෙනී යන බවත් ඒ පිළිබඳව ද පරීක්ෂයක් කරන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා කථානායකගෙන් ඉල්ලා සිටියේය.

ඔහු පාර්ලිමේන්තුව තුළ සිටීමට සුදුසු අයකු නොවන බවත් ඉහත යෝජනාවෙන් නොනැවතී පාර්ලිමේන්තුවෙන් එළියට දැමීමට අවශ්‍ය යෝජනාව ද ගෙන ඒමට සූදානම් බවත් හෙතෙම මෙහිදී පැවසීය.

යෝජනාව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ස්ථිර කරනු ලැබීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

]]>
https://divaina.lk/%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b6%e0%b7%8a%e0%b6%bb%e0%b7%92-%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a%e0%b6%a7%e0%b7%94%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1/feed/ 0
පාස්කු විවාදයට මන්ත්‍රීන් දැනුවත් කරන්න නිලන්ත ගෙන්වන්න ලැජ්ජා නැද්ද – කිරිඇල්ල අසයි https://divaina.lk/%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b7%80%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%b1/ https://divaina.lk/%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b7%80%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%b1/#respond Tue, 19 Sep 2023 23:54:00 +0000 https://divaina.lk/?p=169802 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පැවැත්වීමට නියමිත විවාදයට මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ගෙන්වන වැඩසටහනට විපක්ෂය පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) විරෝධය පළ කළේය.

මෙම ප්‍රහාරය සම්බන්ධ පොලිස් විමර්ශන පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මහජන ආරක්ෂක ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (20දා) සවස 2.30ට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව කථානායකවරයා ඊයේ පෙරවරුවේ සිය නිවේදන යටතේ සභාව දැනුවත් කළ අතර එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විරෝධය පළ කළේය. එහිදී ඇති වූ සංවාදය මෙසේය.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ කියල තියෙන්නේ නිලන්ත ජයවර්ධනට වහාම නඩු දාන්න කියලා. ඒත් නඩු දැම්මේ නෑ. එයාට උසස්වීම් දුන්නා. දැන් එයා තමයි අපිට උපදෙස් දෙන්න එන්නේ. ලැජ්ජා නැද්ද ?

කථානායක – මම කරන්නේ නිවේදනයක් පමණයි

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග – මේ වාර්තාවේ කිසිම අවස්ථාවක කියල නැහැ උපදෙස් දෙන්න එනව කියලා. එතුමන්ලට කැමති නම් සහභාගී වෙන්න පුළුවන්. අකැමැති නම් සහභාගී නොවී ඉන්න පුළුවන්. ඔබතුමන්ලා වගකීමක් දරන විපක්ෂයක් විදියට ජනතාව නොමඟ යවන කරුණු කියන්න එපා. මෙතුමන්ලා රටට වැරදි අවබෝධයක් දෙන්න හදනවා. දැනුවත් කිරීමේ වැඩසටහනක් කරන බව මේකෙ පැහැදිලිව සඳහන් වෙනවා. වාර්තාව කියෙව්ව නම් තේරෙයි. ඔය කියන කාරණා මෙතන අහල තමන්ට නිවැරදි කරගන්න පුළුවන්. මේ ප්‍රහාරය සිද්ධ වුණේ මෙතුමන්ලගෙ කාලයේ. වැරදි පණිවිඩයක් රටට දෙන්න එපා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

]]>
https://divaina.lk/%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b7%80%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%b1/feed/ 0
විදෙස් තානාපතිවරුන්ට සජබයෙන් ඔත්තුවක් https://divaina.lk/%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%99%e0%b7%83%e0%b7%8a-%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1%e0%b7%8f%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b7%83%e0%b6%a2%e0%b6%b6/ https://divaina.lk/%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%99%e0%b7%83%e0%b7%8a-%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1%e0%b7%8f%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b7%83%e0%b6%a2%e0%b6%b6/#respond Sat, 29 Jul 2023 23:54:00 +0000 https://divaina.lk/?p=159579 තිරය පිටුපස සිට මෙරට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින්නැයි ප්‍රධාන විපක්‍ෂය වන සමගි ජනබලවේගය විදේශ තානාපතිවරුන්ගෙන් ඉල්ලා ඇත.

මේ වනවිට ශ්‍රී ලංකා රජය මැතිවරණ කල්තබා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු ගණන් නොගෙන, ආණ්ඩුවට එරෙහිව තීන්දු ලබාදෙන විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීමට උත්සාහ කරමින් මැතිවරණ කොමිෂන් සභාව වැනි ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයන් බියගන්වමින් සිටින තත්ත්වයක් ඇතැයි ද සජබය එම තානාපතිවරුන්ට කියා තිබේ.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනෙක සමගි ජනබලවේගය නියෝජිතයන් සමග ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටවල විදේශ තානාපතිවරුන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වමින් මෙම ඉල්ලීම කර ඇත.

ඉන්දියාව, ප්‍රංශය, ජර්මනිය, නේපාලය, ඇමෙරිකාව, කැනඩාව, නවසීලන්තය, මහා බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයේ ප්‍රධාන නියෝජිත ඇතුළු තානාපතිවරුන් මෙම හමුව සඳහා සහභාගි වූ බව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කීය.

මෙම හමුව කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී පවත්වා ඇත. ගයන්ත කරුණාතිලක, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, නිරෝෂන් පෙරේරා, මයන්ත දිසානායක, මනෝ ගනේෂන්, චන්දිම වීරක්කොඩි, ඩලස් අලහප්පෙරුම, ජී. එල්. පීරිස්, නාලක ගොඩහේවා යන මහත්වරුන් ද මෙම හමුවට එක්වී තිබේ.

අකිත පෙරේරා

]]>
https://divaina.lk/%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%99%e0%b7%83%e0%b7%8a-%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1%e0%b7%8f%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b7%83%e0%b6%a2%e0%b6%b6/feed/ 0
ඊ.පී.එෆ්. එකට තුනෙන් එකක පාඩුවක් – කිරිඇල්ල https://divaina.lk/%e0%b6%8a-%e0%b6%b4%e0%b7%93-%e0%b6%91%e0%b7%86%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a%e0%b6%a7-%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a%e0%b6%9a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%a9/ https://divaina.lk/%e0%b6%8a-%e0%b6%b4%e0%b7%93-%e0%b6%91%e0%b7%86%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a%e0%b6%a7-%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a%e0%b6%9a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%a9/#respond Sat, 01 Jul 2023 23:50:00 +0000 https://divaina.lk/?p=154315 දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පෞද්ගලික අංශයේ සේවක අර්ථ සාධක අරමුදලට තුනෙන් එකක පාඩුවක් සිදුවන බව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

එම ප්‍රතිව්‍යුහගතකරණයේදී බැංකු ඇතුළු අනෙකුත් මූල්‍ය ආයතන වෙත එය සමසේ බෙදී ගියේ නම් සේවක අර්ථ සාධක අරමුදලට දැනෙන බර අඩුවන බවද ඒ මහතා කීවේය. එහෙත් බැංකු නිසි පරිදි බදු මුදල් ගෙවා ඇති බැවින් ඊට බැංකු ඇතුළත් කර නොගන්නා බව රජය ප්‍රකාශ කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

මෙම තත්ත්වයේදී සේවක අර්ථ සාධක අරමුදලට පමණක් බර පැටවෙන බැවින් රජයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට සමගි ජන බලවේගය විරුද්ධ බව වැඩිදුරටත් සඳහන් කළේය.

අකිත පෙරේරා

]]>
https://divaina.lk/%e0%b6%8a-%e0%b6%b4%e0%b7%93-%e0%b6%91%e0%b7%86%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a%e0%b6%a7-%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a%e0%b6%9a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%a9/feed/ 0
ආදායම මත පනවා ඇති බදු වැඩි කරනවා යැයි තර්ජන එපා: දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමේදී වැඩ කරන ජනතාවට පහරදීලා – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල https://divaina.lk/%e0%b6%86%e0%b6%af%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8-%e0%b6%b8%e0%b6%ad-%e0%b6%b4%e0%b6%b1%e0%b7%80%e0%b7%8f-%e0%b6%87%e0%b6%ad%e0%b7%92-%e0%b6%b6%e0%b6%af%e0%b7%94-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92/ https://divaina.lk/%e0%b6%86%e0%b6%af%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8-%e0%b6%b8%e0%b6%ad-%e0%b6%b4%e0%b6%b1%e0%b7%80%e0%b7%8f-%e0%b6%87%e0%b6%ad%e0%b7%92-%e0%b6%b6%e0%b6%af%e0%b7%94-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92/#respond Thu, 29 Jun 2023 23:47:00 +0000 https://divaina.lk/?p=153981 රජයේ ප්‍රතිපත්ති පාර්ලිමේන්තුවේ අනුමත කිරීමේ අවශ්‍යතාවක් නැහැ

අස්වැසුම ඇස් බැන්දුමක් :දුප්පත් ජනතාව කබලෙන් ළිපට දාලා-රෝහණ බංඩාර (සජබ)

දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීම ගැන ලොකු වචන පාවිච්චි කරලා සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැති විදිහට ඇත්ත වසන් කරලා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (29දා) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීම ගැන අද රට තුළ විශාල කතාබහක් ඇතිවෙලා. එහිදී මේ දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ යෝජනා රජයේ ප්‍රතිපත්ති ඒවා කිසිවක් පාර්ලිමේන්තුවට ගේන්න අවශ්‍ය නැහැ. අපි 16 වතාවක් අයි එම් එෆ් එකට ගිහින් තියෙනවා. කිසිම දවසක ගිවිසුම්, පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ නැහැ. රජයේ ප්‍රතිපත්ති පාර්ලිමේන්තුවේ අනුමත කිරීමට අවශ්‍යතාවක් නැහැ. පාර්ලිමේන්තුව කැඳවන්නේ නීතියක් හෝ පනතක් වෙනස් කරනවා නම් පමණයි. ඉතින් මොකක්ද මේ රජය කරන්නේ. ලොකු ෂෝ එකක් දානවා දවස් පහක් නිවාඩු දීලා බැංකු වහලා. සෙනසුරාදා, ඉරිදා පාර්ලිමේන්තුව තියලා. මොකක්ද මේ දාන ෂෝ එක. මහ විශ්වකර්මයක් කෙරුවා කියලා ඔප්පු කරන්න හදන්නේ. මේවා අනවශ්‍ය වැඩ මොකද පාර්ලිමේන්තුව රැස් කරන්නත් වියදමක් යනවා. අනවශ්‍ය දේකට ඇයි රැස් කරන්නේ. ලෝකයට පෙන්නන්න හදනවා මහා සුපර් මෑන් වැඩක් කරා කියලා. පාර්ලිමේන්තුවට මේක ගේන්නේ විපක්ෂයත් මේකට ගාවගන්න. විපක්ෂය මේකට සම්බන්ධ කරගෙන දේශපාලන වාසි ගන්න.

මම හැමදාම කියන දෙයක් තමයි රට බංකොළොත් කෙරුවේ ආණ්ඩුව. මේ ප්‍රශ්න සියල්ල ඇති වුණේ මුදල් අමාත්‍යාංශයත් ආණ්ඩුවත් මහ බැංකුවත් රට බංකොලොත් කරපු නිසා. රට බංකොලොත් බව රජයවත් මුදල් අමාත්‍යාංශයවත් මහ බැංකුවවත් අවසාන මොහොත දක්වා අපට කිව්වේ නැහැ. සියල්ලම මේ ආණ්ඩුව හංගගෙන හිටියා.

රජය මේ ඉදිරිපත් කරලා තියෙන යෝජනාවල අපැහැදිලි තැන් තියෙනවා. ලොකු වචන පාවිච්චි කරලා සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැති විදිහට ඇත්ත වසන් කරලා. හැබැයි එක කරුණක් නම් පැහැදිලිව මේ යෝජනාවේ තියෙනවා. එය සේවක අර්ථසාධක අරමුදල ඇතුළු අනෙකුත් විශ්‍රාම ප්‍රතිලාභ අරමුදල් සඳහා රජයේ යෝජනාව.මෙය අරමුදල් දෙවිධියකට සලකනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමයට සහභාගි වන්නේ නම්, අර්ථසාධක අරමුදල් සතුව ඇති භාණ්ඩාගාර බැඳුම්කරවල කල් පිරීමේ කාලය 2027 සිට 2038 දක්වා දීර්ඝ කරනු ලැබේ. සහභාගි වුවහොත් අරමුදලේ යෝජනා සඳහා ලැබෙන සාමාන්‍ය වාර්ෂික පොලී ආදායම 9.4% සිට 9.1% දක්වා අඩු වෙනවා.

මේ දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩපිළිවෙළට සහභාගි වුණේ නැත්නම් දැනට ආදායම මත පනවා ඇති 14%බදු ප්‍රතිශතය 30%දක්වා ඉහළ දමන බවට තර්ජනය කරනවා. ඒ වගේම ආයෝජන සඳහා ලැබෙන සාමාන්‍ය වාර්ෂික පොලී ආදායම සියයට 9.4% ක සිට 7.7%ක් දක්වා අඩු වෙනවා. මේක විශාල ප්‍රශ්නයක්. ආර්ථසාධක අරමුදල විවිධ විශ්‍රාම වැටුප් අරමුදල් ගත්ත කට්ටිය ලක්ෂ 30 ක් විතර ඉන්නවා. අපි රජයට කියනවා තර්ජනය කරන්නේ නැතුව මේ දේවල් කරන්න. මොකද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමස්ත යෝජනාවලිය දිහා බැලුවම වැඩකරන ජනතාවට තමයි පහර දීලා තියෙන්නේ. වෙන කිසිම අංශයකට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අපි ඉල්ලීමක් කරනවා විවාදයේදී මේ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් ලබා දෙයි කියලා.

ඒ වගේම අස්වැසුම යෝජනාවල අපට ලැබෙන තොරතුරු අනුව ලක්ෂ දහයකට අධික පිරිසකගේ සමෘද්ධිය කපා හැරලා ඇත්තම තත්වය ආණ්ඩුව බංකොළොත් සමෘද්ධි ගෙවන්න සල්ලි නැහැ. අස්වැසුම ප්‍රතිලාභ දෙන අය ගණනය කරනකොට පැහැදිලිව උපදෙස් දුන්නා ලක්ෂ දහයක් කපන්න කියලා. ඒකයි අද කරල තියෙන්නේ. අද රජයට සල්ලි නැහැ. ලෝක බැංකුවෙන් දෙන මුදල් ප්‍රමාණවත් නැහැ සමෘද්ධි සහනාධාර පවත්වාගෙන යන්න. මොකද ආණ්ඩුව රට බංකොළොත් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බංඩාර මහතා:

ආණ්ඩුවේ අස්වැසුම නිසා රට තුළ නැවතත් සමාජයේ විශාල කැලඹීමක් අර්බුදයක් නිර්මාණය වෙලා. සැබැවින්ම මේක අස්වැසුමක් වෙන්නේ කාටද? අස්වැසුම වෙන මිනිස්සු මේ රටේ පාලකයෝ බවට පත් වෙලා ඉන්නවා. නමුත් රටේ මහජනතාවට ඇස්බැන්දුමක් බවට තමයි අද පත්වෙලා තියෙන්නේ. ඒ නිසා අස්වැසුම මේ රටේ සමස්ත දුප්පත් ජනතාව කබලෙන් ළිපට දාන තත්වෙට පත් කරලා. තමන්ගේ මානසිකත්වයෙන් ඇද දාලා අපහසුතාවයට පත් කරලා තියෙන බව පැහැදිලිව පේනවා.මේ අස්වැසුම රටේ අවශ්‍යතාවත් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ගත් ක්‍රියාමාර්ගයක් වත් නෙමෙයි කියන එක බොහොම පැහැදිලියි මේක අයි එම් එෆ් දේශීය නියෝජිතයා වන රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අයිඑම්එෆ් එකේ වුවමනාවන් ඉෂ්ඨ සිද්ධ කරන්න ගත්ත ක්‍රියාමාර්ගයක් ප්‍රතිඵලයක් විතරයි.

අකිත පෙරේරා

]]>
https://divaina.lk/%e0%b6%86%e0%b6%af%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8-%e0%b6%b8%e0%b6%ad-%e0%b6%b4%e0%b6%b1%e0%b7%80%e0%b7%8f-%e0%b6%87%e0%b6%ad%e0%b7%92-%e0%b6%b6%e0%b6%af%e0%b7%94-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92/feed/ 0
අයි.එම්.එෆ්. ණය ගෙවන්න දීර්ඝ කාලයක් ඉල්ලුවා -කිරිඇල්ල මැතිසබයේ දී කියයි https://divaina.lk/%e0%b6%85%e0%b6%ba%e0%b7%92-%e0%b6%91%e0%b6%b8%e0%b7%8a-%e0%b6%91%e0%b7%86%e0%b7%8a-%e0%b6%ab%e0%b6%ba-%e0%b6%9c%e0%b7%99%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%af%e0%b7%93%e0%b6%bb%e0%b7%8a/ https://divaina.lk/%e0%b6%85%e0%b6%ba%e0%b7%92-%e0%b6%91%e0%b6%b8%e0%b7%8a-%e0%b6%91%e0%b7%86%e0%b7%8a-%e0%b6%ab%e0%b6%ba-%e0%b6%9c%e0%b7%99%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%af%e0%b7%93%e0%b6%bb%e0%b7%8a/#respond Thu, 08 Jun 2023 23:50:00 +0000 https://divaina.lk/?p=149903 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙනු ලබන ණය ගෙවා දැමීමට දීර්ඝ කාලයක් ලබා දෙන්නයි විපක්ෂය එම අරමුදලේ දේශීය නියෝජිතවරියගෙන් ඉල්ලීමක් කළ බව විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07දා) කීය.

එහිදී මෙසේද කියා සිටියේය-

අයි. එම්. එෆ්. ශ්‍රී ලංකාවේ නියෝජිතවරිය එදා අපිට හමු වුණ වෙලාවේ ෂෙහාන් ඇමැතිතුමා ඉස්සරහම මම එතුමියට කිව්වා ණය ගෙවන්න ආණ්ඩුවට දීර්ඝ කාලයක් ලබා දෙන්න කියලා. එහෙම වුණාම ජනතාවට තියෙන පීඩනය අඩු වෙනවා. අවුරුද්දෙන් දෙකෙන් තුනෙන් ණය ගෙවීමට කටයුතු කළොත් ජනතාවට ඇතිවන පීඩනය වැඩි වෙනවා. බදු වැඩි වෙනවා, විදුලි බිල වැඩි වෙනවා, ජීවන වියදම වැඩි වෙනවා. දේශීය නියෝජිතවරියට අපේ ණය ගෙවන්න දීර්ඝ කාලයක් ලබා දෙන්න කිවුවම එතුමිය බෑ කිව්වා. ණය ගෙවීම ඉක්මනට කරන්න ඕනි කිව්වා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

]]>
https://divaina.lk/%e0%b6%85%e0%b6%ba%e0%b7%92-%e0%b6%91%e0%b6%b8%e0%b7%8a-%e0%b6%91%e0%b7%86%e0%b7%8a-%e0%b6%ab%e0%b6%ba-%e0%b6%9c%e0%b7%99%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%af%e0%b7%93%e0%b6%bb%e0%b7%8a/feed/ 0
ජනතාව වෙනුවෙන් වැඩ කරපු කෙනෙකුට අත ඉස්සීම විශාල පාපයක්- ජනක ඉවත් කරන යෝජනාවට සජබ විරුද්ධයි -ලක්‍ෂ්මන් කිරිඇල්ල https://divaina.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b4%e0%b7%94-%e0%b6%9a/ https://divaina.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b4%e0%b7%94-%e0%b6%9a/#respond Mon, 22 May 2023 23:50:00 +0000 https://divaina.lk/?p=146548 මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමට හෙට (24දා) පවත්වන ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගය ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින’ට පැවසීය. ඒ පිළිබඳව මන්ත්‍රීවරයා මෙසේද කියා සිටියේය.

“මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඔහු සෑම විටම උත්සාහ කළේ පාරිභෝගිකයන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න. ඔහු ඉවත් කරන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන යෝජනාවේ ඔහු විසින් කරන ලද වැරදි හැටියට හඳුන්වන්නේ පාරිභෝගික අයිතිය ආරක්ෂා කරන්න කරපු වැඩ. වෙන කිසිම වංචා දූෂණයක් නෑ. ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා. ඔහු විදුලිබල මණ්ඩලයට විරුද්ධව අධිකරණයට ගියා කියලා චෝදනාවක් තියෙනවා. ඔහු අධිකරණයට ගියේ විදුලිබල මණ්ඩලය රටේ සාමාන්‍ය ජනතාව ගසා කන එක නවත්තන්නයි.

මේ සභාපතිවරයා ඉවත් කිරීම ස්වාධීන කොමිෂන් සභාවලට විරුද්ධව ගන්න ක්‍රියාමාර්ගයක්. 2019 ස්වාධීන කොමිෂන් සභා පනත යහපාලන ආණ්ඩුව පාර්ලිමේන්තුවට ගෙන ආවත් පසුව 2020දී විසිවන සංශෝධනය යටතේ ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය නැති කළා. නමුත් දේශීය සහ ජාත්‍යන්තර බලපෑම නිසා 21 වන සංශෝධනය යටතේ නැවත වරක් ස්වාධීන කොමිෂන් සභාවලට නිදහස ව්‍යවස්ථාව අනුව පොතේ හැටියට ලැබුණා. නමුත් අපිට පේනවා තිරය පිටුපස ස්වාධීන කොමිෂන් සභාවලට විශාල බලපෑම් කරනවා. එහිදී පාරිභෝගික අධිකාරිය එක උදාහරණයක්. පාරිභෝගිකයා වෙනුවෙන් සටන් කරපු සභාපතිවරයෙක් ඉන් ඉවත් කරන්න රජය කටයුතු කරනවා.

උපයෝගිතා කොමිසමේ සභාපති ඉවත් කිරීමට විරුද්ධව සමගි ජන බලවේගය එදාට ඡන්දය පාවිච්චි කරනවා. ජනතාව වෙනුවෙන් මෙච්චර වැඩ කරපු කෙනෙක් ප්‍රසිද්ධියේ මෑත ඉතිහාසයේ රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙලා නෑ. ජනතාව වෙනුවෙන් මෙච්චර වැඩ කරපු කෙනෙකුට අත උස්සනවා කියන්නේ විශාල පාපකර්මයක්.

අකිත පෙරේරා

]]>
https://divaina.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b4%e0%b7%94-%e0%b6%9a/feed/ 0
ජනතාව වෙනුවෙන් වැඩ කළ උපයෝගිතා කොමිසමේ සභාපති ජනක ඉවත් කිරීමට අත ඉස්සීම පාපකර්මයක් – ලක්ෂ්මන් කිරිඇල්ල (සජබ) https://divaina.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%9a%e0%b7%85-%e0%b6%8b%e0%b6%b4%e0%b6%ba/ https://divaina.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%9a%e0%b7%85-%e0%b6%8b%e0%b6%b4%e0%b6%ba/#respond Fri, 19 May 2023 23:44:00 +0000 https://divaina.lk/?p=145983 මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමට විරුද්ධව සමගි ජන බලවේගය අපි ඡන්දය පාවිච්චි කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ (19) පැවැති මාධ්‍ය හමුවක දී ය.

පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා නගර සභා හිටපු මන්ත්‍රීවරුන් නැවතත් වරප්‍රසාද දීමනා සමගින් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල කටයුතු කර ගැනීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් චක්‍රලේඛනයක් නිකුත් කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (19 දා) පැවැති මාධ්‍ය හමුවක දී ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කියා සිටියේය.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එතුමා ඉවත් කරන්න ප්‍රධාන හේතුව ඔහු සෑම විටම උත්සාහ කළේ පාරිභෝගිකයන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න. ඔහුව ඉවත් කරන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන යෝජනාවේ ඔහු විසින් කරන ලද වැරදි හැටියට හඳුන්වන්නේ පාරිභෝගික අයිතිය ආරක්ෂා කරන්න කරපු වැඩ වෙන කිසිම දෙයක් නෙමෙයි. වංචා දූෂණ මොනවත් නෑ. ඒ වගේම ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා. ඔහු විදුලිබල මණ්ඩලයට විරුද්ධව අධිකරණයට ගියා කියලා චෝදනාවක් තියෙනවා. ඔහු අධිකරණයට ගියේ විදුලිබල මණ්ඩලය රටේ සාමාන්‍ය ජනතාව ගසා කන එක නවත්තන්න. එහිදී උපයෝගීතා පරිදි 14 වන වගන්තිය අනුව ඔහුගේ මූලික වගකීම වන්නේ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම. ඔහු සෑම විටම උත්සාහ කළේ පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට විදුලි ඒකක ලබාදෙන්න. ඔහු ඊයේ කිව්වා පාරිභෝගික අධිකාරියේ අවසරය නැතුව 68%ක් වැඩි කළා දැන් සියයට තුනක සහනයක් දෙන්නම් කියලා රජය ප්‍රකාශයට පත් කරලා තියනවා. නමුත් ඔහු කියන්නේ විදුලි බිල සියයට 27 කින් අඩු කරන්න පුළුවන් කියලා.

මේ සභාපතිවරයායි ඉවත් කරනවා කියන්නේ ස්වාධීන කොමිෂන් සභාවලට විරුද්ධව ගන්න ක්‍රියා මාර්ගයක් හැටියට. මොකද 2019 ස්වාධීන කොමිෂන් සභා පනත යහපාලන ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ගෙන ආවත් පසුව 2020 විසිවන සංශෝධනය යටතේ ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය නැති කළා. නමුත් දේශීය සහ ජාත්‍යන්තර බලපෑම නිසා 21 වන සංශෝධනය යටතේ නැවත වරක් ස්වාධීන කොමිෂන් සභාවලට නිදහස ව්‍යවස්ථාව අනුව පොතේ හැටියට ලැබුණා. නමුත් අපිට පේනවා තිරය පිටුපස ස්වාධීන කොමිෂන් සභාවලට විශාල බලපෑම් කරනවා. එහිදී පාරිභෝගික අධිකාරිය එක උදාහරණයක් මොකද පාරිභෝගිකයා වෙනුවෙන් සටන් කරපු සභාපතිවරයෙක් ඉන් ඉවත් කරන්න රජය කටයුතු කරනවා.

ඇත්තටම මේ පොහොට්ටු ආන්ඩුවේ ඉතිහාසය දිහා බැලුවම එදා ශිරාණි බණ්ඩාරනායක ඉවත් කරන්නත් මෙවැනි යෝජනාවක් ගෙනාවා. දිවිනැගුම පනතේ යම් වගන්ති ව්‍යවස්ථා විරෝධියි කියලා පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙනත් ඒ හරහා ඉවත් කළා. මේ ඊළඟ පියවර මා කලින් කිව්වා ස්වාධීන කොමිසම් කියලා පොතේ හැටියට ව්‍යවස්ථාවේ සඳහන් වුණාට තිරය පිටුපස බලපෑම් කරනවා. එම නිසා ස්වාධීන කොමිසම් සභාවලට පත් වෙලා වැඩක් නැහැ. ඉන්න අයට කොන්දක් නැත්නම් අපිට කොන්දක් දෙන්න බැහැ. දැන් බලන්න මැතිවරණ කොමිසමේ හිටපු චාල්ස් මහත්මිය මැතිවරණ කොමිසමේ ඉන්නකම් මැතිවරණ කල් දාන්න වක්‍රාකාරව සහයෝගය දුන්නා. කාලයක් හැංගිලත් හිටියා. රැස්වීම්වලට ආවෙත් නැතුව. කොමිසමේ අනිත් අය කිව්වා සම්පූර්ණ ඝනපූර්ණය නැතුව තීරණ ගන්න බැහැ කියලා. ඒ හැංගිලා හිටපු එකට තමයි ඔය තෑග්ගක් දුන්නේ ආණ්ඩුකාරයා කියලා. දැන් අපිට ඉතාමත් පැහැදිලියි අධිකරණය ගත්තත් එය හෑල්ලු වන විදිහට ක්‍රියා කරනවා. අධිකරණ තීන්දුවක් දුන්නා ඡන්දය තියන්න කියලා. නමුත් ආණ්ඩුව අවශ්‍ය මුදල් ලබා දුන්නේ නැහැ. මොකද ඡන්දයක් තිබුනොත් රජය දන්නවා ඉරණම මොකක්ද කියලා. ව්‍යවස්ථාවේ හැටියට බලයක් දුන්නට තිරය පිටුපස විශාල බලපෑම් අද එල්ල වෙනවා.

අපි උපයෝගිතා කොමිසමේ සභාපති ඉවත් කිරීම ගැන සමගි ජන බලවේගය අපි විරුද්ධව ඡන්දයක් එදාට පාවිච්චි කරනවා. මොකද ජනතාව වෙනුවෙන් මෙච්චර වැඩ කරපු කෙනෙක් ප්‍රසිද්ධියේ මෑත ඉතිහාසයේ රාජ්‍ය පාලනය සඳහා සම්බන්ධ වෙලා නෑ. මේ විදුලි බිල අසීමිත ලෙස වැඩි කිරීමේ රහස පසුගිය කාලයේ මේ විදුලි බලමණ්ඩලයේ වෙච්ච සියලු දූෂණ අක්‍රමිකතා වෙනුවෙන් වැය කරපු මුදල කෙටි කාලයක් තුළ ලබාගන්න තමයි අසීමිත ලෙස වැඩි කරල තියෙන්නේ. විදුලිබල මණ්ඩලයේ දූෂණ අක්‍රමිකතා ගැන අවුරුදු ගණනාවක් පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා. කෝටි ගානක් පාඩුයි ඒ පාඩුව ලබාගන්න තමයි විදුලි බිල වැඩි කිරීම හරහා කරන්නේ. මම හිතනවා ආණ්ඩුව තුළත් යම් යම් ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා කියලා කටකතා යනවා. නමුත් ජනතාව වෙනුවෙන් මෙච්චර වැඩ කරපු කෙනෙකුට අත උස්සනවා කියන්නේ විශාල පාපකර්මයක්.

අකිත පෙරේරා

]]>
https://divaina.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%9a%e0%b7%85-%e0%b6%8b%e0%b6%b4%e0%b6%ba/feed/ 0