Late fees – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 09 Mar 2023 17:09:44 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Late fees – Divaina https://divaina.lk 32 32 අඩුවෙන් ඉන්ධන ගෙනා නැව් දෙකට කෝටි 77ක් ප්‍රමාද ගාස්තු ගෙවලා https://divaina.lk/%e0%b6%85%e0%b6%a9%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b7%8a-%e0%b6%af/ https://divaina.lk/%e0%b6%85%e0%b6%a9%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b7%8a-%e0%b6%af/#respond Thu, 09 Mar 2023 23:47:00 +0000 https://divaina.lk/?p=132803 අවස්ථා දෙකක දී මෙරටට ගෙනා ඉන්ධන නෞකා දෙකක ඉන්ධන බැරල් විසිපන්දහස් හත්සිය අසූහයක් අඩුවී තිබිය දී එම නෞකාවල තිබූ තොග ගොඩබෑම නිසා සිදුවූ රුපියල් කෝටි 77ක (ඩොලර් ලක්ෂ 25ක්) පාඩුවට අමතරව නෞකා දෙකට ප්‍රමාද ගාස්තු ලෙස තවත් ඩොලර් ලක්ෂ 96ක මුදලක් ගෙවා ඇතැයි සංස්ථා උසස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවසීය.

මෙරට ට ගෙන එනු ලබන ඉන්ධන නෞකාවල තිබිය යුතු ඉන්ධනවලින් සියයට තුනක ප්‍රමාණයක් ක්‍ෂයවීම් ලෙස සලකා නොසලකා හැරිය හැකි මුත් බැරල් 25,786ක් අඩුව තිබිය දී එය ගොඩබෑමට උපදෙස් දුන් හා එය ක්‍රියාත්මක කළ නිලධාරීන්ට එරෙහිව පියවර ගත යුතු බව ද එම නිලධාරියා පැවසීය. ඇතිකරගෙන තිබෙන ගිවිසුම් උල්ලංඝනය කරමින් ඉන්ධන තොග ගොඩබා තිබේ.

නියමිත ප්‍රමාණය අඩංගුව නොතිබූ මෙම ඉන්ධන නෞකා දෙක වෙනුවෙන් අදාළ ප්‍රමාද ගාස්තු හා ඉන්ධන සඳහා ගෙවීම් කර ඇත්තේ ඇමරිකානු ඩොලර්වලිනි.

මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයකට යන බවට ලංකා ඛනිජ තෙල් සංස්ථාව මීට පෙර ප්‍රකාශ කළත් මේ වනතුරු ඒ සම්බන්ධව පියවර ගෙන නැතැයි ද හෙතෙම කීය.

ඉකුත් වසරේ නොවැම්බර් 20 වැනිදා ඉන්ධන බැරල් හයලක්ෂ අනූනව දහසක් අඩංගු නෞකාවක බැරල් දහතුන් දහස් දෙසිය තිස්නවයක් අඩුවෙන් තිබී ඇත. එය ගොඩබා ඇත්තේ දින 25කට පසුව ය.

අනෙක් නෞකාව නොවැම්බර් 28 වැනිදා මෙරටට පැමිණියේය. බැරල් හත්ලක්ෂ විසිහතර දහස් අටක් අඩංගු විය යුතු ඒ නෞකාවේ ඉන්ධන බැරල් දොළොස් දහස් පන්සිය පනස් එකක් අඩුවී තිබී ඇත. එය ගොඩබා ඇත්තේ දින 66කට පසුවයි. ඒ අනුව ඉන්ධන බැරල් අඩුවීම නිසා වූ පාඩුවට අමතරව ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් ලක්ෂ 96ක මුදලක් අදාළ සමාගමට ගෙවා දමා ඇත. සිංගප්පූරුවේ සිට මෙම ඉන්ධන මෙරටට ගෙනැවිත් තිබේ.

ශිරාන් රණසිංහ

]]>
https://divaina.lk/%e0%b6%85%e0%b6%a9%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b7%8a-%e0%b6%af/feed/ 0