leprosy – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 11 Feb 2023 06:28:18 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg leprosy – Divaina https://divaina.lk 32 32 ලාදුරු රෝගීන්ගෙන් 14 ක් ළමයි https://divaina.lk/%e0%b6%bd%e0%b7%8f%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%bb%e0%b7%9d%e0%b6%9c%e0%b7%93%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-14-%e0%b6%9a%e0%b7%8a-%e0%b7%85%e0%b6%b8%e0%b6%ba/ https://divaina.lk/%e0%b6%bd%e0%b7%8f%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%bb%e0%b7%9d%e0%b6%9c%e0%b7%93%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-14-%e0%b6%9a%e0%b7%8a-%e0%b7%85%e0%b6%b8%e0%b6%ba/#respond Sat, 11 Feb 2023 23:43:00 +0000 https://divaina.lk/?p=127773 හඳුනාගනු ලබන ලාදුරු රෝගීන්ගෙන් සියයට 14ක් ළමා ලාදුරු රෝගීන් බව ජාතික ලාදුරු රෝග මර්දන ව්‍යාපාරය කියයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවේ මෙම වසරේදී රෝගීන් හඳුනා ගැනීම සඳහා ගෙන ඇති වැඩපිළිවෙළ මගින් ලාදුරු රෝගීන් හඳුනා ගැනීම තවදුරටත් ඉහළ යා හැකි බවය.

2022 වසරේදී ලාදුරු රෝගීන් 1325 දෙනකු හඳුනා ගත් බව ඔහු පැවසීය. රෝගීන් 152 දෙනකු හඳුනා ගත් කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය හැර සෙසු ප්‍රදේශවලින් ළමා රෝගීන් 14 දෙනකු සහ වැඩිහිටි රෝගීන් 138 දෙනකු හඳුනා ගෙන ඇත. කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් ළමා රෝගීන් 12 දෙනකු සහ වැඩිහිටි රෝගීන් 51 දෙනකු හඳුනා ගෙන ඇත.

මඩකලපුව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 162 දෙනකු හඳුනාගත් බවත් ඒ අතර ළමා රෝගීන් 33 දෙනකු හා වැඩිහිටි රෝගීන් 129 දෙනකු වන බවත් හෙතෙම කීවේය. ළමා රෝගීන් 19 දෙනකු සහ වැඩිහිටි රෝගීන් 89 දෙනකු සමග කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 108 දෙනකු ද ළමා රෝගීන් 11 දෙනකු හා වැඩිහිටි රෝගීන් එකසිය විසිදෙදෙනකු සමග ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 133 දෙනකු ද හඳුනාගත් බව ද හෙතෙම පැවසීය.

මෙරට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331න් කොට්ඨාස 83ක් ලාදුරු රෝග ව්‍යාප්තවීමේ අධි අවදානම් කලාපයට අයත් බවත් 177ක් ළමා රෝගීන් නොමැති වැඩිහිටි

රෝගීන් පමණක් හඳුනා ගන්නා මධ්‍යම අවදානම් කලාපයට අයත් බවත් අධ්‍යක්ෂවරයා පැවැසීය.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 55ක් ලාදුරු රෝගය තුරන් වූ කලාප ලෙස හඳුනා ගෙන තිබෙන අතර සෙසු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ලාදුරු රෝගය තුරන් කරන ඉල්ලකයට ළඟා වී තිබෙන බවත් හෙතෙම පැවැසීය.

මෙරට සමස්ත මිලියන 22ක් වන ජනගහනයෙන් මිලියන 08ක් ලාදුරු රෝගය පැතිරයෑමේ අධි අවදානම් කලාපවල පදිංචිව සිටින බවත් මිලියන 11ක් මධ්‍යම අවදානම් කලාපයේ පදිංචි බවත් මෙම වසරේදී ලාදුරු රෝගය පැතිරයෑමේ අවදානම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මර්දන කටයුතු, රෝගීන් හඳුනා ගැනීම වේගවත් කිරීමට පියවර ගෙන තිබෙන බවත් වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවැසීය.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

]]>
https://divaina.lk/%e0%b6%bd%e0%b7%8f%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%bb%e0%b7%9d%e0%b6%9c%e0%b7%93%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-14-%e0%b6%9a%e0%b7%8a-%e0%b7%85%e0%b6%b8%e0%b6%ba/feed/ 0