Light Bill for Dalada Perahera – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Mon, 17 Jul 2023 04:54:47 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Light Bill for Dalada Perahera – Divaina https://divaina.lk 32 32 දළදා පෙරහැරට ආලෝකය දෙන්න ලංවීමෙන් මාලිගාවට එක්කෝටි තිස් දෙලක්‍ෂයක බිලක් https://divaina.lk/%e0%b6%af%e0%b7%85%e0%b6%af%e0%b7%8f-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b7%84%e0%b7%90%e0%b6%bb%e0%b6%a7-%e0%b6%86%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a%e0%b6%ba-%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/ https://divaina.lk/%e0%b6%af%e0%b7%85%e0%b6%af%e0%b7%8f-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b7%84%e0%b7%90%e0%b6%bb%e0%b6%a7-%e0%b6%86%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a%e0%b6%ba-%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/#respond Mon, 17 Jul 2023 00:00:00 +0000 https://divaina.lk/?p=156930 මොන ප්‍රශ්න ආවත් පෙරහැර සාර්ථකව පවත්වනවා – දියවඩන නිලමේ

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන කාල සීමාවේ ආලෝකය වෙනුවෙන් එක්කෝටි තිස් දෙලක්ෂ අනූ… නවදහස් දහසක (13299010) මුදලක් වැයවන බව ද එම මුදල ගෙවන ලෙස ද විදුලිබල මණ්ඩලය විසින් දියවඩන නිලමේවරයාට සහ සතර මහා දේවාල නිලමේවරුන්ට දැනුම් දී ඇත.

එම ලිපිය විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු (මහනුවර නගරය) එච්. එස්. බණ්ඩාර මහතා ගේ අත්සනින් නිකුත් කර තිබේ.

මහනුවර නගරය තුළ පෙරහැර ගමන් ගන්නා සියලුම වීදි ආලෝකරණය සඳහා විදුලි බල මණ්ඩලය රුපියල් 4441273 ක් දල ජනක යන්ත්‍රය සඳහා රුපියල් 749215 ක් ද වැය කරන බව මණ්ඩලය සකස් කළ ඇස්තමේන්තුවේ දැක්වේ.

රාජ්‍ය උත්සවයක් ලෙස ගැසට් කර තිබෙන මහනුවර ඇසළ පෙරහැර අගෝස්තු 21 සිට 31 දින දක්වා වීදී සංචාරය කිරීමට නියමිතයග එම කාලයේදී ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයල සතර දේවාලල පෙරහැර වීදී සංචාරය කරන ප්‍රදේශ හා ජනතාව ගැවසෙන ස්ථානවලට අවශ්‍ය අමතර විදුලි ආලෝකකරණ කටයුතු සහ අනෙකුත් විදුලි පිරිවැටුම් කටයුතු සඳහා මෙම පිරිවැය ඇස්තමේන්තුව සකස් කර ඇත.

මෙම ඇස්තමේන්තුවට අනුව ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් 3412479 ක් දල නාථ දේවාලය රුග 1122145 ක්දල විෂ්ණු දේවාලය මගින් 1368385 ක්දල කතරගම දේවාලය මගින් 1102705 ක්දල පත්තිනි දේවාලය මගින් 1102705 ක්ද ගෙවිය යුතු බව දැනුම් දී තිබේ. මෙයට අනුව පෙරහැර වෙනුවෙන් රුපියල් 13200010 මුළු වියදමක් විදුලි බල මණ්ඩලය විදුලි ආලෝකය සැපයීම වෙනුවෙන් වැයකරන බව දැනුම් දී ඇත.

පෙරහැර වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාව සහ සතර මහා දේවාල ආලෝකකරණය සඳහා වැය වෙතැයි ඇස්තමේන්තු කළ මුදලට අදාළ ගෙවීම් සාමාන්‍යාධිකාරී විදුලි බල මණ්ඩලය නමින් ලියන ලද චෙක්පතක් මගින් ගෙවන ලෙස ද විදුලි බල මණ්ඩලය දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා දිවයින කළ විමසීමකදී මෙසේ පැවැසීය.

විදුලිබල බිල ගෙවීම සම්බන්ධයෙන් දිසාපති, පෙරහැර කමිටුවල නගර සභාව ඇතුළු වගකිවයුතු අංශ සමග සාකච්ඡා කළත් මෙතෙක් අවසන් එකඟතාවකට පැමිණ නැහැ. අපි මෙය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්න කටයුතු කරනවා. බිල ගෙවීමට සිදුවුවහොත් එයද සිදුකරනවා. මීට පෙරදී විදුලිබල මණ්ඩලය මගින් බිලක් අය නොකළත් දැන් විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම වැනි ප්‍රශ්න මතු වී තිබෙන බව අපි තේරුම් ගත යුතුයි.

මොන ප්‍රශ්න මතු වුවත් පෙරහැර කටයුතු සාර්ථකව පවත්වා අවසන් කිරීමේ සැලසුම් මේ වන විටත් සකස් කර අවසන් නිසා අපි මෙවර පෙරහැර ඉතා සාර්ථකව පවත්වනවා යැයිද දියවඩන නිලමේවරයා පැවැසීය.

චමින්ද සිල්වා, සමන්ති වීරසේකර

]]>
https://divaina.lk/%e0%b6%af%e0%b7%85%e0%b6%af%e0%b7%8f-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b7%84%e0%b7%90%e0%b6%bb%e0%b6%a7-%e0%b6%86%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a%e0%b6%ba-%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/feed/ 0