Liz Truss – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 22 Oct 2022 11:17:52 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Liz Truss – Divaina https://divaina.lk 32 32 එංගලන්ත අගමැති ධුරයට සීතල යුද්ධයක් https://divaina.lk/%e0%b6%91%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%85%e0%b6%9c%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b6%b0%e0%b7%94%e0%b6%bb%e0%b6%ba%e0%b6%a7-%e0%b7%83%e0%b7%93%e0%b6%ad/ https://divaina.lk/%e0%b6%91%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%85%e0%b6%9c%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b6%b0%e0%b7%94%e0%b6%bb%e0%b6%ba%e0%b6%a7-%e0%b7%83%e0%b7%93%e0%b6%ad/#respond Sat, 22 Oct 2022 23:45:00 +0000 https://divaina.lk/?p=105796 දින 45කට පෙර එංගලන්තයේ අගමැති ධුරයට පත් වූ ලිස් ට්‍රස් සිය ධුරයෙන් හා පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයෙන් ඉකුත් 20 වැනිදා ඉල්ලා අස් වීම හේතුවෙන් අගමැති ධුරය හා පාලක පක්ෂයේ නායකත්වය සඳහා පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර නැවත තරගයක් ඇති වී තිබේ.

ඒ අනුව එංගලන්තයේ නව අගමැතිවරයා හා පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය සඳහා අදාළ නාම යෝජනා භාර ගැනීම හෙට (24 දා) අවසන් වීමට නියමිතව ඇත. එම නාම යෝජනා අනුව එංගලන්තයේ අනාගත අගමැතිවරයා මෙම මස 28 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජන්දයෙන් තෝරා පත් කරගැනීමට නියමිතය.

වට ගණනක් පැවති තරගයකින් හා විවාදවලින් ජයගෙන පාලක කොන්සර්වේටිව් පක්ෂයේ බහුතර සාමාජිකයන්ගේ ජන්දයෙන් අගමැති ධුරයට හා පක්ෂ නායකත්වයට පත් වූ ලිස් ට්‍රස් ඇය විසින් හඳුන්වාදුන් මතභේදාත්මක ආර්ථික සැලසුම් හේතුවෙන් සිය පක්ෂයේම කැරලිකාර මන්ත්‍රීවරුන් පිරිසකගේ ඉල්ලීම මත අගමැති ධුරයෙන් හා පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් වූවාය. තමාට ආණ්ඩුවේ බහුතර මන්ත්‍රීන්ගේ සහාය නොමැති බව පවසමින් ඇය ඉල්ලා අස් වීමත් සමගම අගමැති ධුරයට හා පාලක පක්ෂ නායකත්වය සඳහා මන්ත්‍රීන් කිහිපදෙනකු තරග වදින බව දැනටමත් නිවේදනය කර තිබේ.

එංගලන්තයේ අගමැති ධුරය හා පාලක පක්ෂයේ නායකත්වය සඳහා දැනටමත් ඉදිරිපත් වන අපේක්ෂකයන්ගෙන් නාම යෝජනා භාර ගැනීම ආරම්භ වී ඇත. මතභේදාත්මක හැසිරීම් රටාව හේතුවෙන් පාලක පක්ෂයේ මන්ත්‍රීන්ගේ බල කිරීම මත අගමැති ධුරයෙන් මීට පෙර ඉල්ලා අස් වූ බොරිස් ජොන්සන් මෙන්ම අගමැති සටනේදී හිටපු අගමැතිනි ලිස් ට්‍රස්ගේ ප්‍රතිවාදියා වූ හිටපු එංගලන්ත මුදල් ලේකම් රිෂි සුනක්ද අගමැති සටනට ඉදිරිපත් වන බවට තොරතුරු ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. අගමැති ධුරයට තරග කිරීමට ඉදිරිපත් වන තැනැත්තා හෝ තැනැත්තිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100 දෙනකුගේ සහාය තමන්ට ඇති බව සනාථ කළ යුතුව තිබේ. ලිස් ට්‍රස් මීළඟ අගමැතිවරයා හා පාලක පක්ෂ නායකයා තේරී පත්වන තෙක් අදාළ ධුරයන්හි වැඩ බැලීමට නියමිතව ඇති අතර ඇය එංගලන්ත දේශපාලන ඉතිහාසයේ අඩුම කාලයක් අගමැති ධුරය දැරූ තැනැත්තා බව දේශපාලන විචාරකයෝ පවසති. මේ අතර විපක්ෂ නායකයා වන කම්කරු පක්ෂයේ නායක ශ්‍රීමත් කෙයිර් රොඩ්නි ස්ටාමර් ප්‍රමුඛ විපක්ෂය රජයෙන් ඉල්ලා ඇත්තේ කොන්සර්වේටිව් පක්ෂයේ බල අරගලය නවතා දමා වහා මහ මැතිවරණයක් පවත්වා රටට ස්ථාවර අගමැතිවරයකු පත් කර ගැනීමට පියවර ගත යුතු බවයි.

ඒමන්ති මාරඹේ

]]>
https://divaina.lk/%e0%b6%91%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%85%e0%b6%9c%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b6%b0%e0%b7%94%e0%b6%bb%e0%b6%ba%e0%b6%a7-%e0%b7%83%e0%b7%93%e0%b6%ad/feed/ 0
ලිස් ට්‍රස් එංගලන්තයේ අගමැති ධුරයට පත්වේ https://divaina.lk/%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%83%e0%b7%8a-%e0%b6%91%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba%e0%b7%9a-%e0%b6%85%e0%b6%9c/ https://divaina.lk/%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%83%e0%b7%8a-%e0%b6%91%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba%e0%b7%9a-%e0%b6%85%e0%b6%9c/#respond Tue, 06 Sep 2022 23:59:00 +0000 https://divaina.lk/?p=96050 එංගලන්තයේ නව අගමැතිවරයා වශයෙන් පත්ව සිටින ලිස් ට්‍රස් හට නව රජයක් පිහිටුවීම සඳහා එලිසබෙත් මහ රැජින විසින් අද හෙටම ආරාධනා කිරීමට නියමිතව ඇති බව එංගලන්ත මාධ්‍ය පවසයි. එංගලන්තයේ පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය සඳහා පෙරේදා (05දා) පැවති එම පක්ෂ සාමාජිකත්වයේ ඡන්ද විමසීමේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් සියයට 57.4ක් ලබා ගනිමින් ලිස් ට්‍රස් පාලක පක්ෂයේ නායකත්වයට පත් විය.

ට්‍රස්ගේ විරුද්ධවාදී තරගකරුවා වූ හිටපු මුදල් ලේකම් රිෂි සුනක් හට පෙරේදා පැවති ඡන්ද විමසීමේදී ලැබුණේ සියයට 42,6ක ප්‍රතිශතයකි. මේ අනුව පාලක පක්ෂයේ නායකත්වයට පත් 47 හැවිරිදි ට්‍රස් එංගලන්තයේ අගමැති ධුරයට පත් වන තෙවැනි කාන්තාව බවට පත් වනු ඇත. එංගලන්තය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ව්‍යාපාරයේ (බ්‍රෙක්සිට්) ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ ට්‍රස් පැවති බොරිස් ජොන්සන් රජයේ විදේශ කටයුතු ලේකම්වරිය වුවාය. බොරිස් ජොන්සන් ඊයේ දිනයේ ලන්ඩනයේ ඩවුනින් වීථියේ අංක 10 ස්ථානයේ පිහිටි අගමැති නිල නිවසින් පිටත්ව ගොස් ඇති බව වාර්තා විය.

]]>
https://divaina.lk/%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%83%e0%b7%8a-%e0%b6%91%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba%e0%b7%9a-%e0%b6%85%e0%b6%9c/feed/ 0