Local government elections – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sun, 08 Jan 2023 17:52:41 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Local government elections – Divaina https://divaina.lk 32 32 පුංචි ඡන්දයට මුදල්? – කියන තරම් යකා කළු නෑ https://divaina.lk/%e0%b6%b4%e0%b7%94%e0%b6%82%e0%b6%a0%e0%b7%92-%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b6%b1-%e0%b6%ad/ https://divaina.lk/%e0%b6%b4%e0%b7%94%e0%b6%82%e0%b6%a0%e0%b7%92-%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b6%b1-%e0%b6%ad/#respond Sun, 08 Jan 2023 23:48:00 +0000 https://divaina.lk/?p=121089 ඕනෑ රු.බිලියන 5යි
ඉතිරි මුදල් පසු ගෙවීම් සඳහායි

පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් බිලියන 10 ක් පමණ වැයවන බව ප්‍රකාශ වුවත් මැතිවරණය පවත්වා අවසන් වන තෙක් මැතිවරණ කොමිසමට අවශ්‍ය වන්නේ රුපියල් බිලියන 5ක් වැනි මුදලක් බව එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා ‘දිවයින’ට ඊයේ (8 දා) පැවසීය.

ඉතිරි මුදල් ප්‍රමාණය මැතිවරණය පවත්වා මාස කිහිපයක් යන විට මැතිවරණ රාජකාරිවලට සහභාගි වූ නිලධාරීන්ට ගෙවීම සඳහා අවශ්‍ය වන බවද ඒ මහතා කීය. මේ වන විට මැතිවරණය පැවැත්වීමට කොමිසම ගෙන තිබෙන කටයුතු නීතිමය ආකාරයෙන් සිදුකර ඇති බවත් පොලිස්පතිවරයා සමග කළ සාකච්ඡාවේදී ආරක්‍ෂාව ලබාදීම සම්බන්ධයෙන් ගැටලුවක් නැති බව ඔහු ප්‍රකාශ කළ බවත් පුංචිහේවා මහතා කීය.

සභිකයන් සංඛ්‍යාව 8,000 සිට 4000 දක්වා අඩුකර ගැනීමට කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා යටතේ සීමා නීර්ණ කමිටුවක් ක්‍රියාත්මක වුවත් එයින් මෙතෙක් නීතිමය ගැටලුවක් පැන නැඟී නැති නිසා මැතිවරණය පැවැත්වීමට එම කමිටුව බාධාවක් නොවන බවද පුංචිහේවා මහතා පැවසීය.

මේ වන විට කොමිසමේ කටයුතු කරගෙන යෑමට අවශ්‍ය ආකාරයට මූල්‍ය ප්‍රතිපාදන සපයා ගන්නා බව පැවසූ ඒ මහතා මැතිවරණය පැවැත්වීමට කරගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කළ බවත් නැවත ජනාධිපතිවරයා හමුවීමේ අවශ්‍යතාවක් නැතැයි තමා සිතන බවත් කියා සිටියේය.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර බෙදීමක් නොමැති අතර කොමිසමේ අනෙකුත් සාමාජිකයන් මැතිවරණය සම්බන්ධයෙන් විවිධ ස්ථානවල අදහස් ප්‍රකාශ කර නොමැති බවත් පුංචිහේවා මහතා පැවසීය.

පළාත් පාලන මැතිවරණයට අදාළව ඇප මුදල් භාර ගැනීම සිදුකරන අතර ඉන් අනතුරුව නාමයෝජනා භාර ගැනීමට කොමිසම කටයුතු කරන බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

]]>
https://divaina.lk/%e0%b6%b4%e0%b7%94%e0%b6%82%e0%b6%a0%e0%b7%92-%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b6%b1-%e0%b6%ad/feed/ 0
ඡන්දය කල් නොදමනු! විපක්‍ෂය ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තබති https://divaina.lk/%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%ba-%e0%b6%9a%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b1%e0%b7%9c%e0%b6%af%e0%b6%b8%e0%b6%b1%e0%b7%94-%e0%b7%80%e0%b7%92%e0%b6%b4%e0%b6%9a%e0%b7%8a%e0%b7%82/ https://divaina.lk/%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%ba-%e0%b6%9a%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b1%e0%b7%9c%e0%b6%af%e0%b6%b8%e0%b6%b1%e0%b7%94-%e0%b7%80%e0%b7%92%e0%b6%b4%e0%b6%9a%e0%b7%8a%e0%b7%82/#respond Thu, 20 Oct 2022 23:53:00 +0000 https://divaina.lk/?p=105324 මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ යුතු බව කියමින් පළාත් පාලන මැතිවරනය කල් දැමීමේ රජයේ උත්සාහයට එරෙහි වෙමු යන තේමාව යටතේ විපක්ෂයේ දේශපාලන පක්ෂ හා සංවිධාන පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකදී ඊයේ (20) ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබූහ.

ඒ අනුව සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, 43 සේනාංකය, දෙමළ ජාතික සංධානය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, නව ලංකා නිදහස් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, විජයධරණී ජනතා සභාව, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ උත්තර සභාගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නායකයෝ සහ නියෝජිතයෝ මීට අත්සන් කළහ.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට රජය උත්සාහ කළහොත් එයට තනි පක්ෂ වශයෙන් හා ඒකාබද්ධව දැඩි ලෙස එරෙහි වීමට ඒකමතික තීන්දුවක් ගත් අතර එම තීන්දුව ප්‍රකාරව එහි ප්‍රමුඛ පියවරක් ලෙස ප්‍රකාශයට අත්සන් තැබීම සිදුවිය.

ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ආණ්ඩුව විසින් ගනු ලබන ක්‍රියාමාර්ගවලට එරෙහිව, ආගමික නායකයින්, සිවිල් සංවිධාන සහ වෘත්තිකයන් ඇතුළු පිරිස් වෙන් වෙන් වශයෙන් දැනුවත් කිරීමටත්, ජනතාව දැනුවත් කිරීමටත් ඉන් ඔබ්බට ජාත්‍යන්තරය දැනුවත් කිරීමටත් නියමිතය.

අදාළ ප්‍රකාශයට අත්සන් තැබීමට ජනතා විමුක්ති පෙරමුණ ද සිය පූර්ණ එකඟතාවය දැනුම් දී තිබේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

]]>
https://divaina.lk/%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%ba-%e0%b6%9a%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b1%e0%b7%9c%e0%b6%af%e0%b6%b8%e0%b6%b1%e0%b7%94-%e0%b7%80%e0%b7%92%e0%b6%b4%e0%b6%9a%e0%b7%8a%e0%b7%82/feed/ 0
ජනාධිපතිගේ ඡන්ද වෙනස් කිරීමේ කතා ගැන බයත් හිතෙනවා – ඩලස් අලහප්පෙරුම https://divaina.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b6%9c%e0%b7%9a-%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92/ https://divaina.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b6%9c%e0%b7%9a-%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92/#respond Wed, 12 Oct 2022 00:04:00 +0000 https://divaina.lk/?p=103378 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව කරන ලද ප්‍රකාශය, තැතිගන්වන සුළු බියකරු ප්‍රකාශයක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ජනාධිපතිවරයා සෙසු ජනාධිපතිවරුන්ට සාපේක්ෂව පාර්ලිමේන්තුව ඇමතීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙන මුත් එම කිසිදු අවස්ථාවකදී වචනයකුදු සඳහන් නොකරන ලද පළාත් පාලන මැතිවරණ ක්‍රමය පිළිබඳව හදිසියේ ප්‍රකාශයක් නිකුත් කිරීම එම මැතිවරණය කල් දමා ගැනීමේ කූට උපක්‍රමයක් බවද සඳහන් කළේය.

කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ නිදහස් ආයුර්වේද මධ්‍යස්ථානය හා දිවා සුරැකුම් මධ්‍යස්ථානය මහජන අයිතියට පත් කිරීම නිමිත්තෙන් ඊයේ (10දා) පැවැති උත්සවයේදී මේ බව ප්‍රකාශ කළේය.

මම මේ පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපතිතුමා සමග සාකච්ඡා කළා. එතුමා කිව්වෙ මැතිවරණ කොමිසම එක්ක මේ පිළිබඳව වචනයක්වත් කතා කරල නෑ කියලා. කිසිදු අදහස් විමසීමක් කරලා නෑ කියලා. එතුමා මේ අදහස දැනගෙන තියෙන්නෙත් මාධ්‍ය වාර්තා කළාට පස්සේ. අන්න ඒක තමයි මේකෙ තියෙන බරපතලම අනතුර. පනතට අනුව පළාත් පාලන ආයතනවල ආයු කාලය විෂය භාර අමාත්‍යවරයාගේ බලතල උපයෝගි කරගෙන වසරක් දිගු කරලයි තියෙන්නෙ. ඒ වසරෙත් අවසන් කාර්තුව තමයි මේ ගෙවෙමින් යන්නේ. ඒ කියන්නේ මැතිවරණය සඳහා අවශ්‍ය මූලික කටයුතු සූදානම් කරන අදියරට තමයි අපි නීත්‍යානුකූලව එළඹිලා ඉන්නේ. එහෙම තියෙද්දි මෙහෙම අදහසක් පළ කරන්නේ අවංක වුවමනාවෙන් නොවෙයි කියන එක තමයි අපේ අත්දැකීම.

පළාත් පාලන සභික සංඛ්‍යාව යම්කිසි සමාලෝචනයකට ලක් කරන එක වරදක් නොවෙයි. ඒක හොඳ වැඩක්. මොකද විශාල මහජන මතයක් ගොඩනැගිලා තියෙනවා දරන්න බැරි මහජන නියෝජිතයෝ සංඛ්‍යාවක් නඩත්තු කරනවා කියලා. එනිසා ඒ සංඛ්‍යාව සමාලෝචනය කිරීමේ කිසිම වරදක් නෑ. නමුත් අපිට සාධාරණ සැකයක් තියෙනවා ආණ්ඩුව මේ සූදානම් වෙන්නෙ මැතිවරණ සිතියම අකුලා දැමීමේ කූට උත්සාහයකදැයි මේ නිරත වෙන්නේ කියලා. විපක්ෂයේ සියලු‍ බලවේග මේ දුෂ්ට අරමුණ පරාජය කරන්න ඒකරාශී කරනවා.

ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ අනුනායක පූජ්‍ය ඕමාරේ කස්සප නාහිමියන් අනුශාසනාවක් පැවැත්වූ අතර දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ, කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද වීරසිංහ යන මහත්වරුද සභාව ඇමතූහ.

]]>
https://divaina.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b6%9c%e0%b7%9a-%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92/feed/ 0