Madara Hemachandra Photography – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 07 Oct 2023 04:49:38 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Madara Hemachandra Photography – Divaina https://divaina.lk 32 32 මදාරාට නම දැම්මේ මදාරා https://divaina.lk/%e0%b6%b8%e0%b6%af%e0%b7%8f%e0%b6%bb%e0%b7%8f%e0%b6%a7-%e0%b6%b1%e0%b6%b8-%e0%b6%af%e0%b7%90%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b8%e0%b6%af%e0%b7%8f%e0%b6%bb%e0%b7%8f/ https://divaina.lk/%e0%b6%b8%e0%b6%af%e0%b7%8f%e0%b6%bb%e0%b7%8f%e0%b6%a7-%e0%b6%b1%e0%b6%b8-%e0%b6%af%e0%b7%90%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b8%e0%b6%af%e0%b7%8f%e0%b6%bb%e0%b7%8f/#respond Sat, 07 Oct 2023 23:55:00 +0000 https://divaina.lk/?p=173169 වනජීවී ඡායාරූපකරණයේ ප්‍රතිලාභ වන සතුන් සුරැකීමට යෙදිය යුතුයි – වන ජීවී ඡායාරූප ශිල්පිණී මදාරා හේමචන්ද්‍ර
මදාරාට නම දැම්මේ මදාරා

වන සත්ත්ව ලෝලීන් සහ වන ජීවී ඡායාරූපකරණයේ නියැළෙන්නන් බොහෝ දෙනකු ඇතුන් හා ජාතික උද්‍යාන තුළ වෙසෙන කොටියන් හඳුන්වන්නට සංකේත, අංක හෝ නම් භාවිත කරනු අපි අසා ඇත. නිදසුනක් ලෙස මේ දිනවල රජරට ප්‍රදේශයේදී වන ජීවී නිලධාරීන්ගේ රැකවලෙහි ප්‍රතිකාර ලබන “අග්බෝ” ඇතා සලකමු. මෙවන් බොහෝ ඇතුන් හා අලින් නම් වශයෙන් හඳුන්වන්නට හා හඳුනාගන්නට මේ කියන වන සත්ත්ව ලෝලීහු එහෙමත් නැත්නම් වන ජීවී ඡායාරූප ශිල්පීන් දක්වන්නේ පුදුමාකාර දක්ෂතාවකි. යාල වනෝද්‍යානයේ නම් ගැමුණු, සැන්ඩෝ, තිලක්, නන්දිමිත්‍ර, අර්ජුන, නාලක වැනි ඇතුන් කිහිප දෙනකුම වෙසේ.

එසේම, හෝර්ටන්තැන්නේදී පර්යේෂකයින් අංකවලින් කොටින් හැඳින්වුවත්, නම්වලින් හඳුන්වනු ලබන කොටින් රැසක් යාල වනෝද්‍යානයේදී අපට හමුවේ. ලූකස්, ජුලියස්, ජෙරී, ස්ට්‍රෝබෙරි, ඇස්ටර් එවන් ප්‍රකට සතුන් කිහිපදෙනෙකි. මෙම නම් බොහෝවිට මතක ඒ පිළිබඳවම අධ්‍යයනයේ යෙදී සිටින අයටමය. සෆාරි ජීප් රථකරුවන් ද මෙම කොටින් නම් වශයෙන් හඳුනාගන්නට දක්ෂයෝ ය. අප මේ කියන්නට යන්නේද යාල උද්‍යානයේ එවන් නමකින් හඳුන්වනු ලබන විශේෂ කොටිදෙනක ගැන කතාවකි. මේ කොටි දෙනගේ නම “මදාරා” ය. ඇත්තටම “මදාරා” දිවි ගෙවන්නේ යාල කලාප පහේ වෙහෙරගල ප්‍රදේශයේය.

මදාරාට නම දැම්මේ මදාරා

“මදාරා” ට මදාරා ලෙස නම් තැබීම හරිම විශේෂ කාරණයකි. ඒ ගැන කතා කරන්නට අප සැරසෙන්නේ “මදාරා”ට මදාරා කියා නම දැමූ “මදාරා” සමගය. නැතහොත් පසුගිය සතියේ අප ඔබට හඳුන්වා දුන් වන ජීවී ඡායාරූප ශිල්පිණී මදාරා හේමචන්ද්‍ර සමගය. එනම්, මදාරාට මදාරා කියා නම දමා ඇත්තේ මේ කියන මදාරාය.

“අපි දවසක් යාල කලාප 3 ගල්ගේ සහ යාල කලාප 5 වෙහෙරගල පුරා යෙදුණු සංචාරයක් අතරතුර මම දැක්කා කොටියෙක් ඉන්නවා. මේ කොටියාගේ පින්තූර මට ගන්නට හැකි වුණා. මේ පින්තූර මගේ පින්තූර එකතුවට දැම්මට පස්සේ Yala Leopard Diary Team කියන කොටි හඳුනාගන්නා කණ්ඩායම මට කිව්වා මේ කොටියා මීට ඉස්සර රෙකොර්ඩ් වෙච්ච එක්කෙනෙක් නෙමෙයි, තාමත් අඳුරගත්ත නැති අලුත් එක්කෙනෙක් මෙයාට නමක් දාන්න ඔයාට පුළුවන් කියල. මෙයා ගෑනු සතෙක්. ඒ නිසා එදාම මම මෙයා “මදාරා” කියල නම් කළා. දැන් මෙයා හඳුන්වන්නේ “මදාරා” කියලා. මදාරා ඒ කතාව කියන්නේ ඉපිල යන සතුටකිනි. යාල “මදාරා” ට නම හැදෙන්නේ එලෙසිනි.

මදාරාට නම දැම්මේ මදාරා
මදාරා දිනූ අන්තර්ජාතික රන් සම්මානයක්

මදාරා හේමචන්ද්‍ර නිරන්තරයෙන් යන්නට කැමති වනෝද්‍යාන දෙකක් ඇත. ඒ යාල සහ කුමනයි. විල්පත්තුව හා හෝර්ටන්තැන්නටද ඇය ප්‍රිය කරන්නීය. එසේම, වනාන්තර තුළ කූඩාරම් ගසා රාත්‍රිය ගතකරමින් පරිසරය විඳින්නටද මදාරා බෙහෙවින් කැමතිය. ඒ සඳහා හිටපු උද්‍යාන (කුමන) පාලකවරයෙක් හා ප්‍රකට වන ජීවී නිලධාරියකු වන ෂර්ලි පෙරේරා මහතා සහ ඔහුගේ පුත් ක්‍රිස් පෙරේරා මහතා තමන් සමග එකතුවී අත්දැකීම් බෙදාගන්නා බව මදාරා කියන්නීය. තවද, පුරාවිද්‍යා ස්මාරක හා ඓතිහාසික ස්ථාන නැරඹීමටද තමන් වැඩි කාලයක් යොදවන බවත් පවසන ඇය කියන්නේ කුමන-බඹරගස්තලාව, බෝවත්තගල, වලස්කෙම, පිලිමගල, කුඩුම්බිගල වැනි ස්ථාන තමන්ගේ ගවේෂණයට ලක්වන ස්ථාන බවයි. මේ සඳහා කටගමුව අඩවි වන ජීවී නිලධාරී සුජීව මහතා දන්නා කාලයේ සිට තමන්ට මග පෙන්වන බවද ඇය සිහිපත් කරන්නීය. මොන වැඩ තිබුණත් මදාරා තම දෙමව්පියන් සමග හෝ තම සැමියා සමග මාස දෙකකට පමණ වරක්වත් මෙසේ කැලේ – කොළේ ඇවිද යන්නේ තම කැමරාව අතේ රුවාගෙනය. ඉතා කුඩා කාලයේ පටන් තමන්ට හුරුවූ මේ විනෝදාංශය නිසාම මදාරා සතුව දැන් වන ජීවීන්ගේ ඡායාරූප දහස් ගණනක් ඇත.

මදාරාට නම දැම්මේ මදාරා
මදාරා සහ අනුර හේමචන්ද්‍ර අතින් වන හා වනජීවී අරමුදලට පරිත්‍යාගයක්

එසේම, තම මාමණ්ඩිය වූ අමල් වික්‍රමතුංගයන්ගේ නිරන්තර දිරිගැන්වීම මත හා තරග සඳහා යොමුකරවීම නිසාම තම ඡායාරූප අතරින් ඡායාරූප දෙකකට අන්තර්ජාතික තරගයකින් ප්‍රථම ස්ථානය ලබාගන්නට හැකිවූ බව මදාරා කියන්නීය. ඒ 2020 වසරේදීය. ප්‍රංශයේ අන්තර්ජාතික වනජීවී ඡායාරූප සංගමය විසින් සංවිධානය කරන ලද තරගයකදී මෙසේ කැනඩාව සහ බි්‍රතාන්‍ය පරයා මදාරා ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත්තේ පසුගිය සතියේ අප පළ කරන ලද ගොදුරක් බුදින “පෙරැළි කොණ්ඩ රාජලියා” ගේ (කුමන උද්‍යානය) පින්තුරයට සහ ගසක් මත නිදි සුව විඳින “ජුලියස්” නමැති යාල වෙසෙන සුප්‍රකට කොටියාගේ සේයාරුවකටය. රටවල් 64 ක තරගකරුවන් පරදවා මෙහිදී මදාරාට (ශ්‍රී ලංකාවට) ප්‍රථම ස්ථානය ලැබී ඇත.

“දැන්නම් ගොඩක් වෙලාවට මම යාල, කුමන යන්නේ මගේ සැමියා තාරක සමග. මම සතුටු වෙනවා මාව තේරුම්ගත්ත ස්වාමියෙක් මට ලැබීම ගැන. ඔහු පුදුමාකාර සහයෝගයක් මට දෙන්නේ මගේ කටයුතුවලට. විශේෂයෙන්ම මේ වන ජීවී ඡායාරූපකරණයට සහ වනෝද්‍යානවල කරන සංචාරවලට. මොකද මට දැන් මේ විනෝදාංශය නැතුවම බැහැ. ඒක භාවනාවක් වගේ මම කරන්නේ. ඉතිං ඒක තේරුම් ගත්ත ස්වාමියෙක් ලැබීම මට වාසනාවක්” ඇය තම ස්වාමියා තාරක ගැන කියන්නීය.

“අපි කල්පනා කළා මම කරන වන ජීවී ඡායාරූපකරණය සහ වනජීවී සංචාර නිසා අපි අපේ ව්‍යාපාරයෙන් යම් කොටසක් මේ රටේ වන හා වනජීවී සංරක්ෂණයට යොදාගන්න ඕන කියල. ඒ අනුව අපි දැන් “අයිකොනික් කලෙක්ෂන්” එකක් හැටියට අප නිපදවන ස්වර්ණාභරණ ආර්ටිකල් 15 ක් විකුණා ලැබෙන මුදලින් සියයට 10 ක් වන හා වන ජීවී සංරක්ෂණයට යොදාගන්න අපි සංරක්ෂණ භාරයකට බැරකරනවා. “වන හා වනජීවී සංරක්ෂණ භාරය (Wilderness and Wildlife Conservation Trust – WWCT) නමින් සුබසාධන භාරයක් අපි පිහිටුවල තියනවා.” මේ යටතේ දැනටමත් වන සතුන්ගේ සුබසාධනය සඳහා ලැබ් පහසුකම්, ස්වංක්‍රීය කැමරා පද්ධති යනාදිය සපයා ඇත.

“මමත් තාම වන ජීවී ඡායාරූපකරණය කරන ගමන් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න ආධුනිකයින්ටත් මට කියන්න දෙයක් තියනවා. මේ සඳහා හොඳ ඉවසීමක් තියෙන්න ඕන. වන සතුන්ට බාධාවක් නොවන පරිදි හැසිරෙන්න ඕන වගේම සංයමයෙන් ඡායාරූපකරණය කරන්න ඕන. සමහරු වනෝද්‍යානවල හැසිරෙන විදිහ අන්තිම වැරදියි. අනුන් ගැන හිතන්නේ නැහැ. සත්තු ගැන හිතන්නේ නැහැ. ඇත්තටම ඡායාරූපකරණයේදී අද ලබන අත්දැකීම නෙමෙයි හෙට ලැබෙන්නේ. හැමදාම නැවුම් අත්දැකීම් ලැබෙන්නේ. ඒ නිසා මේක ඉතා හොඳ විනෝදාංශයක් වගේම ජාත්‍යන්තරයට යන්න ඉතා හොඳ අවස්ථාවක්. නමුත් ඒ දේ හරියට, නිවැරදිව කරන්න ඕන” ඇය නව පරපුරට කියන්නීය.

මේ අතර ඇය පවසන්නේ යාල සිටින සියලුම ඇතුන් ඇයට නම් වශයෙන් හඳුනාගන්නට හැකි බවය. එසේම, තවදුරටත් කොටි නම් වශයෙන් හඳුනාගන්නට තවමත් ඉගෙන ගනිමින් සිටින බවත් පවසන ඇය කියන්නේ මේ සියලු සම්පත් අනාගත පරපුරට ආරක්ෂා කර දිය යුතුව ඇති බැවින් සංරක්ෂණය පළමු කාර්යය ලෙස සිතා කටයුතු කළ යුතු බවයි. වන ජීවී ඡායාරූපකරණය කරන්නත් වන සතුන් ඉන්න ඕන, පරිසරය තියෙන්න ඕන නිසා සියලුම දෙනා වන සතුන් හා පරිසරය, වනෝද්‍යාන ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බවද මදාරා අපගේ මෙවර ” Wildlife-Eye” විශේෂාංගය වර්ණවත් කරමින් පවසන්නීය.

කතාබහ –
ජගත් කණහැරආරච්චි
ඡායාරූප –
මදාරා හේමචන්ද්‍ර1

  1. ↩︎
]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b6%af%e0%b7%8f%e0%b6%bb%e0%b7%8f%e0%b6%a7-%e0%b6%b1%e0%b6%b8-%e0%b6%af%e0%b7%90%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b8%e0%b6%af%e0%b7%8f%e0%b6%bb%e0%b7%8f/feed/ 0
ව්‍යාපාර ගැන ආචාර්ය උපාධියක් කළත් මගේ වැඩි කැමැත්ත වන සතුන් සමග කාලය ගෙවීමටයි https://divaina.lk/%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%86%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba-%e0%b6%8b%e0%b6%b4%e0%b7%8f%e0%b6%b0/ https://divaina.lk/%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%86%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba-%e0%b6%8b%e0%b6%b4%e0%b7%8f%e0%b6%b0/#respond Sat, 30 Sep 2023 23:53:00 +0000 https://divaina.lk/?p=171636 වන ජීවී ඡායාරූප ශිල්පිණී මදාරා හේමචන්ද්‍ර

යාලට.. කුමනට මම හරිම කැමතියි

ව්‍යාපාර ගැන ආචාර්ය උපාධියක් කළත් මගේ වැඩි කැමැත්ත වන සතුන් සමග කාලය ගෙවීමටයි

සති ගණනක් තැනින් තැනට කරන ලද “සංචාරේ” මඳකට නිමාකරමින් ලැබුණු කෙටි විරාමය මෙවර වන ජීවී ඡායාරූපකරණයේ සුපුරුදු “Wild life-Eye” විශේෂාංගයට යොමුවීමටයි අපගේ මේ සූදානම.

මෙවර අපගේ “Wild life-Eye” තීරය රසවත් කරන වන ජීවී ඡායාරූපකරණ රසවතා සුවිශේෂී කෙනෙක් යැයි ඔබට කියන්නට වුවමනාය. ඒ මෙතෙක් අපගේ “Wild life-Eye” විශේෂාංගට එක්නොවූ ආකාරයේ අයකු අද අපගේ විශේෂාංගය හා සම්බන්ධ වන නිසාය. මෙතෙක් අපගේ කතා බහට සම්බන්ධ වූයේ වන ජීවී ඡායාරූප ශිල්පීන්ය. නමුත් එම සම්ප්‍රදාය පළමුවරට කඩ කරමින් අද අප හා එක්වන්නේ වන ජීවී ඡායාරූප ශිල්පිනියකි. සුවිශේෂ ඡායාරූප ශිල්පිනියකි. අප එසේ කියන්නේ හේතුවක් ඇතිවය. ඇය වන ජීවී ඡායාරූප ශිල්පිණියක් පමණක් නොව, වන සතුන්ගේ සුබ සාධනය සඳහා කටයුතු කරන, ඒ සඳහා දායක වන අයෙකි. එසේම, වන සත්ත්ව සංරක්ෂණය පිළිබඳ මනා දැක්මක් ඇති අයෙකි. අනෙක් සුවිශේෂිත්වය නම්, ඇයට හිමිවුණු වාසනා ගුණ මහිමයක් නිසාම ඇගේ නමින්ම, ඇය විසින්ම කොටියකුට (කොටි දෙනකුට) නම් තබන්නට තරම් දුලභ අවස්ථාවක් හිමිකරගත් අයකු නිසාය.

අපි ඇය නමින් හඳුන්වමු. ඇය මදාරා හේමචන්ද්‍ර ය. ඉතා තරුණ වියේ සිටින ලලනාවක වන ඇය කොළඹ කොල්ලුපිටියේ ඉපිද, මූලික අධ්‍යාපනය බිෂොප් විද්‍යාලයෙන්ද සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අධ්‍යාපනය කොළඹ ස්ටැෆඩ් ජාත්‍යන්තර පාසලෙන්ද හදාරා තම මූලික උපාධිය සහ පශ්චාත් උපාධි හදාරන්නේ එංගලන්තය හා සම්බන්ධ Staffordshire විශ්වවිද්‍යාලයේදීය. ඇය හදාරන්නේ ව්‍යාපාර පරිපාලනය සම්බන්ධයෙනි. අමතරව කැලණිය විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය සම්බන්ධයෙන්ම ආචාර්ය උපාධිය ලබාගැනීමට මේ වන විට අවසන් අධ්‍යයනය කටයුතුවල යෙදී සිටින මදාරා, එම උපාධියෙන් පසු වඩාත් කාර්යක්ෂමව හා වඩා මැදිහත්වීමකින් තම පියාගේ ව්‍යාපාර සඳහා සහභාගි වීමට අපේක්ෂාවෙන් සිටින බව “Wild life-Eye” විශේෂාංගයට පවසයි.

සුප්‍රකට ව්‍යාපාරික පවුලක් වන “වෝග්” ජුවලර්ස් හිමි අනුර හේමචන්ද්‍ර හා සමන්තා හේමචන්ද්‍ර යුවළට දාව උපන් දරු දෙදෙනාගෙන් වැඩිමහල් දරුවා වන මදාරා, අනුරාධ හේමචන්ද්‍රගේ අක්කාය. එමෙන්ම, කීර්තිමත් රාජ්‍ය නිලධාරියකු වන තාරක වික්‍රමතුංග මහතා සමග විවාහ වී සිටින මදාරා තම පවුලේ ව්‍යාපාර කටයුතු හා සම්බන්ධ වෙමින් සිටින අතරතුරම හා අධ්‍යයන කටයුතු සිදුකරමින් සිටින අතරතුරම වන ජීවී හා පාරිසරික ඡායාරූපකරණයද සිදුකරගෙන යනු ලබන්නේ තම පියා වන අනුර හේමචන්ද්‍ර සහ මව සමන්තා හේමචන්ද්‍ර විසින් කුඩා කල සිටම තමන්ව පරිසරය හා වන ජීවීන් කෙරෙහි යොමුකරවීමෙන් ලද ආභාෂය නිසා බව මදාරා කියන්නීය.

මදාරාගේ වන ජීවී ඡායාරූපකරණය පිළිබඳව දැකගන්නටත්, වන සතුන් පිළිබඳ ඇයගේ ආකල්ප හා ඇයගේ වනජීවී සුබසාධන කටයුතු පිළිබඳව දැනගන්නටත් අප ඇයව හමුවන්නට ගියේ කොල්ලුපිටියේ ඇති ඇයගේ පියාට අයත් ව්‍යාපාරික ගොඩනැගිල්ලේම පිහිටි මදාරගේ කාර්යාලය වෙතය. මදාරා මේ වන විට සුප්‍රකට “වෝග්” ජුවලර්ස් ආයතනයේ අධ්‍යක්ෂිකාවක් ලෙස කටයුතු කරන අතර, මදාරා සමග මෙම සාකච්ඡාවට මග පාදා දුන් රාජිත දසනායක සොයුරා සමග එහි ගිය මා ඇය විසින් ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබුවාය.

“මම යාල වනාන්තරයට යනකොට මට මාස හතර හමාරයි ලු. තාත්තයි අම්මයි මාව වඩාගෙන තමයි යාල වනෝද්‍යානයට ගිහින් තියෙන්නෙ. එතැන් පටන් දන්නා කාලේ ඉඳලම යාලට යනවා. අනෙකුත් පාර්ක්වලටත් යනවා. මම වැඩිපුරම කැමති වනෝද්‍යාන දෙක යාල සහ කුමන. මට වන ජීවීන් ගැන, වනජීවී ඡායාරූපකරණය ගැන, වනජීවී සංරක්ෂණය ගැන, වන සතුන්ගේ සුබ සාධනය ගැන උනන්දුව ආවේ මේ වනෝද්‍යාන වල ආභාෂය නිසාම කියලයි මට හිතෙන්නේ” මදාරා තම ජීවිත කතාව ආරම්භ කරමින් පවසන්නීය.

සැබැවින්ම අනුර හේමචන්ද්‍ර හා සමන්තා හේමචන්ද්‍ර යුවළද වනජීවීන්ට පුදුම ලැදියාවක් ඇති දෙදෙනකු යැයි කීවේද මදාරාමය. ව්‍යාපාර කටයුතුවලින් මිදී මාසයට, දෙකකට වරක් යාල, කුමන, බුන්දල, විල්පත්තුව, උඩවලව, හෝර්ටන්තැන්න වැනි වනෝද්‍යානයක පහස ලැබීමට යෑම ඔවුන්ගේ සිරිතක් වී තිබිණි. ඒ අනුව කුඩා මදාරා ද, මල්ලී අනුරාධාද තම දෙමව්පිය අඩිපාරේ යමින් යහමින් වනාන්තරයේ, වන සතුන්ගේ පහස වින්දේ අත දරුවන් සේ සිටින කාලයේදී පටන්මය.

මෙසේ වනෝද්‍යානවල ගතකරන්නට යන කුඩා කාලයේ පටන්ම කැමරාවක් හසුරවන්නට ඇයට කියා දුන්නේ තම පියාණන් වන අනුර හේමචන්ද්‍රය. එපමණක් නොව, ඇයටද, මල්ලී අනුරාධටද පියා කැමරා දෙකක් අරන් දුන්නේය. මදාරාට වන සතුන්ගේ ඡායාරූපකරණය ගැන හිත වැටුණේ මෙතැන් පටන්ය.

“ඉස්සර පාසල් නිවාඩුවට අපි හැමදාම වනෝද්‍යානයකට යනවාමයි. අප්‍රේල්, අගෝස්තු, දෙසැම්බර් නිවාඩු කාලෙට අපේ පවුලේ පුරුද්දක් තිබුණා අනිවාර්යයෙන්ම යාල වනෝද්‍යානයට යන්නට. තාත්තා තමයි ඊට මූලික වුණේ. ඇත්තටම අද මම වනජීවී ඡායාරූපකරණයෙන් යම් තැනක ඉන්නවානම් ඒ ඉන්නෙ අම්මයි තාත්තයි නිසයි. ඒ දෙන්නට ඒ ගෞරවය ලැබෙන්න ඕන. ඒ වගේම වර්තමානයේ මගේ ස්වාමියා තාරක මට අවශ්‍ය නිදහස, පහසුකම් වගේම විශාල සහයෝගයක් ලබාදෙනවා. එයත් මාත් එක්ක වනෝද්‍යානවලට යනවා. මම ෆොටෝ ගන්නකම් ඉන්නවා. මාව තේරුම් ගත්ත ස්වාමියෙක් මට ලැබීම ලොකු වාසනාවක්. ඒ වගේම මට සඳහන් කරන්න අවශ්‍ය තව සුවිශේෂී පුද්ගලයෙක් ඉන්නවා. ඒ මගේ මාමණ්ඩිය වන අමල් වික්‍රමතුංගයන්. ඔහු අද අප අතර නොසිටියත් මට නිරන්තරව උපදෙස් දෙමින්, ජායාරූප තරගවලට යොමුකරමින් ඔහු මට විශාල සහයක් ලබා දුන්නා. ඒ නිසාම මම ජාත්‍යන්තර වන ජීවී ඡායාරූප ජයග්‍රහණ පවා ලබාගත්තා.

මම බිස්නස් ෆීල්ඩ් එකේ හිටියට මම ආසයි සත්තු ගැන ඉගෙන ගන්න. දෙමව්පියන් වෙනුවෙන් මම ව්‍යාපාරකරණය ගැන ඉගෙන ගත්තට, මගේ විනෝදාංශය වුණේ සත්තු ගැන ඉගෙන ගැනීම. සත්තු ඡායාරූපගත කිරීම. ඒක අන්තිමට විනෝදාංශයක් බවට පත් වුණා. යාළුවො අහනවා ඇයි මේ හැමදාම කැලේ යන්නේ කියල. මට නම් ඒක භාවනාවක්. මට පරිසරය විඳින එක නැතුවම බෑ. අද ඉන්න තත්ත්වය ගැන මම සතුටු වෙනවා. ඒ වගේම වන ජීවී ඡායාරූපකරණය මම තව දිගටම කරනවා. ඒ වගේම වන ජීවී සම්පත රැකගන්න මට පුළුවන් විදිහට කැපවෙනවා. අග්බෝ ඇතා සුවපත් කරන්න අපි නවීනතම ලැබ් පහසුකම් පවා දුන්නා. වෙන සත්තු වෙනුවෙනුත් පහසුකම් ඒකෙන් ගන්න පුළුවන්. මේ සඳහා අපේ ආයතනයෙන් “වන හා වනජීවී සංරක්ෂණ භාරය (Wilderness and Wildlife Conservation Trust – WWCT) නමින් සුබසාධන භාරයක් පිහිටවල තියනවා.” ඇය කියන්නීය.

මදාරා තවමත් තම පියා සහ මව සමග හෝ ඔවුන් නැතිනම් තම ස්වාමියා සමග හෝ තනිවම වුවද වනජීවීන් බලන්න, වන ජීවීන් ඡායාරූපකරණයට යාල යන්නීය. අනෙකුත් වනෝද්‍යානවලටද ගියත් ඇය සිත් ගත් වනෝද්‍යානය බොහෝ දෙනකු කියන්නා සේ මදාරා කියන්නේද ඒ යාල කියාය.

“මට තාත්තා මුලින්ම අරන් දුන්නේ සාමාන්‍ය කැමරාවක්. ඒකෙන් තමයි මම වන ජීවී ඡායාරූපකරණය පටන් ගත්තේ. හොඳ “ප්‍රොෆෙෂනල්” කැමරාවක් ගන්න ලැබුණේ පස්සේ. ඒ පාසල් කාලයේදී. වසර 15 කට පමණ පෙර. ඒ කියන්නේ මම මේ වෙනකොට වන සතුන්ගේ ෆොටෝ දහස් ගාණක් කරලා තියනවා. මගේ කැමරාව Cannon DSLR එකක්. මම ඒක තෝරාගත්තේ මගේ අවශ්‍යතාව ඒ ආයතනයට කියල. එතැන ඉඳල කැමරාකරණය මම ඉගෙන ගත්තෙ තනියමයි. කවුරුත් ගුරුවරයෙක් ඒකට නෑ. හැබැයි වන සතුන් නැරඹීමට යාල යනකොට නම් මට ගුරුවරයෙක් ඉන්නවා. ඒ යාල කටගමුව පිවිසුම භාර වන අඩවි නිලධාරී සුජීව මහතා. ඔහු ඉතා හොඳ මාර්ගෝපදේශකයෙක් වගේම මට කැලේ යන්න හොඳ ආරක්ෂකයෙක්. මම වයස මාස හතර හමාරෙන් පළමුව යාල යනකොටත් මෙයා තමයි අපට ගයිඩ් කරලා තියෙන්නේ. අදටත් ඔහු අපේ ළඟ හිතවතෙක්.” මදාරා පවසන්නේ සිනහ මුසුව නමුත්, කෘතවේදීත්වය නම් කරුණා ගුණය ඇයගේ ඒ දෑස්වලින් මතුවන බව මට හොඳින් පසක් වේ.

(මදාරාට මදාරා කියා නම් තැබුවේ මදාරා……ලබන සතියේ කියවමු…..)

කතාබහ –
ජගත් කණහැරආරච්චි
ඡායාරූප –
මදාරා හේමචන්ද්‍ර

]]>
https://divaina.lk/%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%86%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba-%e0%b6%8b%e0%b6%b4%e0%b7%8f%e0%b6%b0/feed/ 0
Screenshot https://divaina.lk/screenshot-13/ https://divaina.lk/screenshot-13/#respond Sat, 21 Jan 2023 23:45:00 +0000 https://divaina.lk/?p=123572 මෙවර අපගේ Screenshot හැඩවන්නේ මදාරා හේමචන්ද්‍ර ගේ Madara Hemachandra Photography මුහුණු පොතෙනි. ප්‍රකට වනජීවී ඡායාරූප ශිල්පිනියක වන මදාරා, අන්තර්ජාතික සම්මාන කිහිපයකින්ම ජයග්‍රහණ අත්කරගත් අත්දැකීම් බහුල වනජීවී ඡායාරූප ශිල්පිනියකි. ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිධාරිනියක වන මදාරා හේමචන්ද්‍ර ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කර්මාන්තයට දායක වී කටයුතු කරන්නීය. මේ ඇය යාල, විල්පත්තුව හා තවත් වනජීවී අභයභූමි කිහිපයකදී ලබාගත් ඡායාරූප තම මුහුණු පොතේ පළ කර ඇති අන්දමයි.

Screenshot
]]>
https://divaina.lk/screenshot-13/feed/ 0