Mahaweli Authority of Sri Lanka – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 27 May 2023 10:58:37 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Mahaweli Authority of Sri Lanka – Divaina https://divaina.lk 32 32 මහවැලියේ හෙකටයාර් 94000ක වගාවට කාබනික බහිරවයා පාත් වෙලා https://divaina.lk/%e0%b6%b8%e0%b7%84%e0%b7%80%e0%b7%90%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b7%84%e0%b7%99%e0%b6%9a%e0%b6%a7%e0%b6%ba%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a-94000%e0%b6%9a-%e0%b7%80%e0%b6%9c%e0%b7%8f%e0%b7%80/ https://divaina.lk/%e0%b6%b8%e0%b7%84%e0%b7%80%e0%b7%90%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b7%84%e0%b7%99%e0%b6%9a%e0%b6%a7%e0%b6%ba%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a-94000%e0%b6%9a-%e0%b7%80%e0%b6%9c%e0%b7%8f%e0%b7%80/#respond Sat, 27 May 2023 23:46:00 +0000 https://divaina.lk/?p=147574 මහවැලියට අයත් ඉඩම් හෙක්ටයාර් 94,000 භාවිතා කර වී, මිරිස්, ලූනු, සෝයා බෝංචි සහ බඩ ඉරිඟු වගා කර එහි අස්වැන්න දෙගුණ කිරීම සඳහා මහවැලි අධිකාරිය මගින් සකස් කළ වගා සැලසුම කාබනික පොහොර ප්‍රතිපත්තිය නිසා අසාර්ථක වූ බව පොදු ව්‍යාපාර කාරක සභාවේ දී (කෝප්) අනාවරණය වී තිබේ.

මෙරට වී වගාවෙන් හෙක්ටයාරයකට වැඩිම අස්වැන්නක් ලැබෙන්නේ මහවැලියට අයත් කුඹුරුවලින් බව හෙළි වී ඇත. එය හෙක්ටයාරයකට මෙටි්‍රක් ටොන් 5.8කි. සෙසු ප්‍රදේශවල වගා කරන කුඹුරු හෙක්ටයාරයකින් ලැබෙන්නේ මෙටි්‍රක් ටොන් 4ක් බව හඳුනාගෙන තිබේ. ඒ අනුව පසුගිය යල කන්නයේ දී මහවැලි ඉඩම් හෙක්ටයාර 50,000ක වී වගා කිරීමට සහ සෙසු හෙක්ටයාර 44,000හි මිරිස්, ලූනු, සෝයා බෝංචි සහ බඩ ඉරිඟු වගා කිරීමට සැලසුම් කර තිබී ඇත. නමුත් 2021 වසරේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය විසින් අනුගමනය කරන ලද කාබනික පොහොර වගා ජාතික ප්‍රතිපත්තිය නිසා මෙම වගා සැලසුම ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබේ. කාබනික පොහොර වගාවෙන් ලැබෙන්නේ අඩු අස්වැන්නක් බව කෘෂිකර්ම විශේෂඥයන් පැවසුවද එවක පැවැති රජය එය පිළිනොගැනීම නිසා මෙම සැලසුම අසාර්ථක වූ බව මෙහිදී මහවැලි අධිකාරිය නියෝජනය කරමින් කෝප් කමිටුවට සහභාගී වූ නිලධාරීන් පවසා ඇත.

උපාලි ද සේරම්

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b7%84%e0%b7%80%e0%b7%90%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b7%84%e0%b7%99%e0%b6%9a%e0%b6%a7%e0%b6%ba%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a-94000%e0%b6%9a-%e0%b7%80%e0%b6%9c%e0%b7%8f%e0%b7%80/feed/ 0
මහවැලි අධිකාරිය අහෝසියි? ජනපතිගේ අවධානය – ඉඩම් සංගණනයක් කරන්නත් උපදෙස් https://divaina.lk/%e0%b6%b8%e0%b7%84%e0%b7%80%e0%b7%90%e0%b6%bd%e0%b7%92-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%ba-%e0%b6%85%e0%b7%84%e0%b7%9d%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%92/ https://divaina.lk/%e0%b6%b8%e0%b7%84%e0%b7%80%e0%b7%90%e0%b6%bd%e0%b7%92-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%ba-%e0%b6%85%e0%b7%84%e0%b7%9d%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%92/#respond Sat, 13 May 2023 23:55:00 +0000 https://divaina.lk/?p=144854 මහවැලි අධිකාරිය යටතේ ආරම්භ කළ ව්‍යාපෘති අවසන් වී ඇති බැවින් තවදුරටත් මහවැලි අධිකාරිය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයක් ඇතිදැයි කියා සොයා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අධිකාරියේ ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.

එසේම මහවැලිය අධිකාරිය වෙත 1985 මහවැලි ඉඩම් පනතට අනුව පවරාගත් ඉඩම් පිළිබඳව සංගණනයක් සිදුකරන ලෙස ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

කාලීන සංවර්ධන අවශ්‍යතාවයනට ගැළපෙන පරිදි මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින අණපනත් සංශෝධනය කරන ලෙසත් එම කාර්යයන් කඩිනම් කර ගැනීමට සුදුසු කමිටුවක් පත්කර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.

උපාලි ද සේරම්

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b7%84%e0%b7%80%e0%b7%90%e0%b6%bd%e0%b7%92-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%ba-%e0%b6%85%e0%b7%84%e0%b7%9d%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%92/feed/ 0