Mahindra IDEAL Finance Matale Branch – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 17 Aug 2023 12:42:34 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Mahindra IDEAL Finance Matale Branch – Divaina https://divaina.lk 32 32 Mahindra IDEAL Finance සමාගමේ නවතම ශාඛාව මාතලේදී විවෘත කෙරේ https://divaina.lk/mahindra-ideal-finance-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%9c%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b1%e0%b7%80%e0%b6%ad%e0%b6%b8-%e0%b7%81%e0%b7%8f%e0%b6%9b%e0%b7%8f%e0%b7%80-%e0%b6%b8%e0%b7%8f%e0%b6%ad%e0%b6%bd/ https://divaina.lk/mahindra-ideal-finance-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%9c%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b1%e0%b7%80%e0%b6%ad%e0%b6%b8-%e0%b7%81%e0%b7%8f%e0%b6%9b%e0%b7%8f%e0%b7%80-%e0%b6%b8%e0%b7%8f%e0%b6%ad%e0%b6%bd/#respond Sat, 19 Aug 2023 23:55:00 +0000 https://divaina.lk/?p=163200 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලියාපදිංචි මූල්‍ය සේවා සමාගමක් වන Mahindra IDEAL Finance සමාගමේ නවතම ශාඛාව පසුගියදා මාතලේ නගරයේදී විවෘත කරන ලදී. ගනුදෙනුකරුවන්ට විශිෂ්ට තලයේ මූල්‍ය විසඳුම් පිරිනමමින් ප්‍රජාවන්ගේ දියුණුව ළඟා කරදීම සඳහා මෙන්ම දිවයින පුරා තම සේවාවන් ව්‍යාප්ත කිරීම සඳහා සමාගම දරණ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙම නව ශාඛාව විවෘත කිරීම සිදුවිය. Mahindra IDEAL Finance සමාගමේ නව ශාඛාව අංක 302, ත්‍රිකුණාමලය වීදිය, මාතලේ යන ස්ථානයේ පිහිටා තිබේ. ප්‍රධාන වශයෙන් ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රජාවන්ට මූල්‍ය සේවාවන් සැපයීම ඉලක්ක කරගත් Mahindra IDEAL Finance සමාගම මේ වනවිට රන් ණය සේවාවන් මෙන්ම මෝටර් රථ, ත්‍රිරෝද රථ, කෘෂිකාර්මික රථවාහන සහ වාණිජ රථවාහන ආදිය සඳහා ලීසිං සේවාවන් ඇතුළු තවත් මූල්‍ය සේවාවන් රාශියක් හඳුන්වා දී ඇත.

“රටේ සියලු‍ම දෙනා වෙත මූල්‍ය සේවාවන් සැපයීමේ ප්‍රයත්නයේ තවත් පියවරක් වශයෙන් විවෘත කළ මෙම නවතම ශාඛාවට ඔබ සියලු‍ම දෙනා සාදරයෙන් පිළිගන්නවා. මාතලේ යනු වාණිජ වශයෙන් අතිශය වැදගත් නගරයක්. ඒ නිසාම අප, රට තුළ ඉහළ වර්ධන අවස්ථා පවතින ප්‍රදේශවල අපගේ ශාඛාවන් විවෘත කිරීමේ උත්සාහය යටතේ මාතලේ නගරයේත් අපගේ ශාඛාවක් විවෘත කිරීමට තීරණය කළා. මෙය මාතලේ ප්‍රදේශයේ ගනුදෙනුකරුවන්ගේ විවිධාකාර වූ මූල්‍ය අවශ්‍යතා සපුරාලමින්, එම ප්‍රදේශයට දියුණුව හා සෞභාග්‍යය උදාකර දීමට දායක වනු ඇතැයි කියා අප සිතනවා.” Mahindra IDEAL Finance සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දුමින්ද වීරසේකර මහතා පැවසී ය.

]]>
https://divaina.lk/mahindra-ideal-finance-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%9c%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b1%e0%b7%80%e0%b6%ad%e0%b6%b8-%e0%b7%81%e0%b7%8f%e0%b6%9b%e0%b7%8f%e0%b7%80-%e0%b6%b8%e0%b7%8f%e0%b6%ad%e0%b6%bd/feed/ 0