Mental Hospital in Angoda – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 21 Oct 2023 17:39:43 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Mental Hospital in Angoda – Divaina https://divaina.lk 32 32 අංගොඩ රෝහල පරිත්‍යාගශීලීන්ට දොර අරියි https://divaina.lk/%e0%b6%85%e0%b6%82%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9-%e0%b6%bb%e0%b7%9d%e0%b7%84%e0%b6%bd-%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%81%e0%b7%93%e0%b6%bd%e0%b7%93/ https://divaina.lk/%e0%b6%85%e0%b6%82%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9-%e0%b6%bb%e0%b7%9d%e0%b7%84%e0%b6%bd-%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%81%e0%b7%93%e0%b6%bd%e0%b7%93/#respond Sat, 21 Oct 2023 23:39:00 +0000 https://divaina.lk/?p=175697 අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව සිටින කාන්තා හා පිරිමි රෝගීන් 476 දෙනා සඳහා ඇඳුම්, පැළඳුම්, සබන්, දන්තාලේප, රේසර්, සනීපාරක්‍ෂක තුවා, පාවහන් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට කැමැත්තක් දක්වන අය හට රෝහලට පැමිණ ඒවා භාරදෙන ලෙස එම රෝහල් පාලනාධිකාරිය පරිත්‍යාගශීලීන් ගෙන් ඉල්ලා සිටියි.

මීට අමතරව 1926 රෝහලේ උපකාරක සේවයට අමතා වැඩි විස්තර දැනගත හැකි බව ද එම පාලනාධිකාරිය කියයි.

රටේ පවතින ඖෂධ හිඟයත් සමග මානසික රෝගීන්ට ලබාදෙන ඖෂධවල හිඟයක් ද පවතින බව එම පාලනාධිකාරිය පවසයි.

මේ අතර මෙහි නේවාසිකව සිටින බොහෝ රෝගීන් සුවය ලබා සිටින නමුත් ඔවුන්ගේ ඥාතීන් ඔවුන්ව නිවෙස් වෙත රැගෙන යෑමට කැමැත්තක් නොදක්වන බව ද එහි ප්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

]]>
https://divaina.lk/%e0%b6%85%e0%b6%82%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9-%e0%b6%bb%e0%b7%9d%e0%b7%84%e0%b6%bd-%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%81%e0%b7%93%e0%b6%bd%e0%b7%93/feed/ 0