Milk production down 1.3% – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 08 Jul 2023 11:48:29 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Milk production down 1.3% – Divaina https://divaina.lk 32 32 කිරි නිෂ්පාදනය 1.3%කින් පහළට https://divaina.lk/%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%b1%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%b4%e0%b7%8f%e0%b6%af%e0%b6%b1%e0%b6%ba-1-3%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%84%e0%b7%85%e0%b6%a7/ https://divaina.lk/%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%b1%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%b4%e0%b7%8f%e0%b6%af%e0%b6%b1%e0%b6%ba-1-3%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%84%e0%b7%85%e0%b6%a7/#respond Sat, 08 Jul 2023 23:47:00 +0000 https://divaina.lk/?p=155465 මෙරට සමස්ත කිරි නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ දී (2022) සියයට 1.3කින් අඩුවී ඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි.

2021 වර්ෂයේ දී කිරි ලීටර් මිලියන 513ක් නිෂ්පාදනය කර තිබූ අතර එය 2022 වර්ෂයේ දී ලීටර් මිලියන 506 දක්වා අඩුවී ඇති බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

සත්ත්ව ආහාර හිඟවීම, මිල අධික වීම, තෘණ හා සත්ත්ව ආහාර භෝග වගාකිරීම සඳහා අවශ්‍ය රසායනික පොහොර නොමැති වීම, ගබඩා කිරීමේ හා ප්‍රවාහන පහසුකම්වල දුෂ්කරතා ආදි හේතු කිරි නිෂ්පාදනය අඩුවීමට බලපා ඇති බව ද මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි.

මෙරට කිරි අවශ්‍යතාවයෙන් සියයට 48ක් දේශීය නිෂ්පාදනයෙන් සපුරා ගනු ලබයි. මෑතකාලීන දත්තවලට අනුව ශ්‍රී ලංකාව දළ වශයෙන් රුපියල් බිලියන 63.1ක පමණ මුදලක් වැය කරමින් කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන මෙට්‍රික්ටොන් 88,482ක් ආනයනය කරනු ලබන බව ද මුදල් අමාත්‍යංශය පවසයි.

ලලිත් චාමින්ද

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%b1%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%b4%e0%b7%8f%e0%b6%af%e0%b6%b1%e0%b6%ba-1-3%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%84%e0%b7%85%e0%b6%a7/feed/ 0