Ministry of Public Safety – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 15 Sep 2023 22:30:06 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Ministry of Public Safety – Divaina https://divaina.lk 32 32 පාස්කු විවාදයට පෙර මන්ත්‍රීලාට දැනුම https://divaina.lk/%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b7%80%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb-%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a/ https://divaina.lk/%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b7%80%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb-%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a/#respond Sat, 16 Sep 2023 23:49:00 +0000 https://divaina.lk/?p=169327 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර ඇති විමර්ශන ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශය තීරණය කර ඇත.

ඒ අනුව ලබන 19 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ නාගරික සංවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට උසස් පොලිස් නිලධාරීන් සහභාගි වන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙලෙස දැනුවත් කිරීම සිදුකරන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී ලබන 21 සහ 22 යන දෙදින පැවැත්වෙන කල්තැබීමේ විවාදයට අදාළව මන්ත්‍රීවරුන්ට අවශ්‍ය තොරතුරු දැනගැනීම සඳහා අවස්ථාව උදාකරමින් බව ද ඇමැතිවරයා කීවේය.

උපාලි ද සේරම්

]]>
https://divaina.lk/%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b7%80%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb-%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a/feed/ 0