Missionaries – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Mon, 20 Sep 2021 01:30:32 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Missionaries – Divaina https://divaina.lk 32 32 ජාත්‍යාලයට හා ආගමාලයට පණ දී මිෂනාරී මත සදාකාලිකව අනාථ කළ අභීත අදීන වාදීභසිංහයාණෝ https://divaina.lk/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b6%a7-%e0%b7%84%e0%b7%8f-%e0%b6%86%e0%b6%9c%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b4%e0%b6%ab/ https://divaina.lk/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b6%a7-%e0%b7%84%e0%b7%8f-%e0%b6%86%e0%b6%9c%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b4%e0%b6%ab/#respond Mon, 20 Sep 2021 00:44:00 +0000 https://divaina.lk/?p=21203 ලක්දිව වර්තමාන ශාසනෝන්නතියෙහි හා ධර්මාශාස්ත්‍රොන්තතියෙහි දියුණව පිණිස ජීවිත පරිත්‍යාගයෙන් ක‍්‍රියා කළ මහා යතිවරයාණන් කෙනකු ලෙස වාදීභසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද නාහිමිපාණන් වහන්සේ හැඳින්විය හැකිය. උන්වහන්සේගේ අපවත්වීමෙන් 2021 සැප්තැම්බර් මස 21 වන දිනට පුරා වසර එකසියතිස් එකක් ගතවේ. ඒ නිමිත්තෙන් මාර්ගගත ක‍්‍රමයට ගුණසමරු උළෙලක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා අමරපුර මහා සංඝ සභායන්තර්ගත අධ්‍යාපන ප‍්‍රකාශන හා ධර්මදූත අංශය කටයුතු යොදා ඇත. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

දක්ෂිණ ලංකාවේ බලපිටිය නගරාන්තර්ගත මොහොට්ටිවත්ත නම් ග‍්‍රාමවරයේදී වර්ෂ 1823 පෙබරවාරි මස 09 වන දින ලද්දුවත්තුනයිදේ සහ කලූදර මල්දෝද සිල්වා දම්පතීන්ගේ බාල පුත්රුවන ලෙස ලද්දු මිගෙල් ද මැන්දිස් නමින් උන්වහන්සේගේ මනුලොව දිනූහ. නිිසි වයසට පැමිණි පසු එකළ එම ප‍්‍රදේශයේ ජීවත්වූ දන්ති ගුරුන්නාන්සේ වෙතින් අත්පොත් තබා අධ්‍යයන කටයුතු ආරම්භ කළේය.

හෝඩිය ම`ගුල් ලකුණ සකස්කඩය ගණදෙවි හෑල්ල බුද්ධගජ්ජය වදන් කවිපොත නාමාෂ්ඨ ශතකය නවරත්නය ව්‍යාසකාරය අනුරුද්ධ ශතකය, භක්ති ශතකය සූර්ය ශතකය ප‍්‍රත්‍ය ශතකය ආදී පන්සල් පොත් දන්ති ගුරුන්නාන්සේ වෙතින් හදාල මිගෙල් කුමරුවා ඉතා මනහර ලෙස පුස්කොළ අකුරු ලිවීමටද උගත්තේය. මෙම කුල කුමරාගේ අනාගත අභිවෘද්ධිය සැලකූ මව්පිය දෙදෙනා බලපිටියේ ශ‍්‍රී සුභද්‍රාරාම පුරාණ මහා විහාරාධිපතිව වැඩ විසූ පූජය බලපිටියේ ගුණරතන නාහිමියන්ට භාරකරන ලදුව මොහොට්ටිවත්තේ ගුණානන්ද යන ශාසනික නාමයෙන් සසුන්ගත කරවනු ලැබීය.

ජාත්‍යාලයට හා ආගමාලයට පණ දී මිෂනාරී මත සදාකාලිකව අනාථ කළ අභීත අදීන වාදීභසිංහයාණෝ

එකළ අද මෙන් පරිවෙනස්ථාන නොතිබූ නිසා ගුරුහිමි පා සෙවණේ වැඩ හිඳිමින් සිංහල, පාලි, සංස්කෘත ආදී භාෂාවන් පිළිබඳ ප‍්‍රාමාණික අවබෝධයක් ඇතිකර ගැනීමට ගුණානන්ද හෙරණපාණෝ සමත් වූහ. තුන්වසක් පමණ අධ්‍යයන කටුතුවල නිරත වෙමින් සිටින අතරතුර ස්වකීය පියතුමන් අකාලයේ අභාවයට පත්වූයෙන් ඒ පිළිබඳව ඇතිවූ කම්පනයෙන් උපැවිදි භාවයට පත්වූ අතර පසුව නැවතත් දොඩන්දූව කුමාර මහා විහාරයේදී ප‍්‍රව‍්‍රජ්‍යා භූමියට ඇතුළත් විය. මෙවර ආචාර්්‍යයන් වහන්සේ වූයේ පූජ්‍ය තෙලිකඩ සෝණුත්තර නාහිමින් බව නවීණ ලිපිවල සඳහන් වෙතත් වර්ෂ 1836 වන විට උන්වහන්සේ අපවත් වී සිටි බැවින් පුස්කොළ ලිපි ලියවීමේ කාර්ය ආරම්භ වූයේ පූජ්‍ය හික්කඩුවේ රතනපාල නාහිමි යුගයේ නිසා ආචාර්යයන් වහන්සේ වූයේ රතනපාල නාහිමියන් බව නිවැරදි විය යුතුව ඇත.

මෙලෙස නැවත වරක් සග සසුනට පිළිපන් ගුණානන්ද හෙරණපාණෝ ධර්ම විනය පිළිබඳ තම දැනුම පුළුල් කරගනිමින් පසුවන අතරතුර ජාතික හැගීම්ද දින දින මෝදු වන්නට විය. එකළ කොළඹ නගරයේ භික්‍ෂූණ් වහන්සේ නමකට පාරතොටක ගමන් කළ නොහැකි තරමට මිෂනාරී බලය ක‍්‍රියාත්මකව පැවතිණි. මගතොට වැඩමවන ස්වාමීන් වහන්සේලාට කහ කුරුල්ලා නමින් ආමන්ත‍්‍රණය කොට බිලීපිති, බිලීකටු ඇත්දැයි විමසීමට ඇතැම් අන්‍යාගමික තරුණ කොටස් සැදී පැහැදී සිටීමෙන් ඒ බව තහවුරු වේ. මේ පිළිබඳව කණ වැකුනු ගුණානන්ද හිමියෝ ඉමහත් සංවේගයට පත්වූහ. මොහොට්ටිවත්තේ හිමියන්ගේ ගිහි නෑකමින් මාමා කෙනකු වූ පූජ්‍ය සීනිගම ධීරක්ඛන්ධ හිමියන්ට අයත් ස්ථානයක් කොටහේනේ විය. එකළ එම ස්ථානය හැඳින්වූයේ රටගිය වලව්ව නමිනි. මෙම ස්ථානයේ විහාරයක් වූ අතර වර්ෂ 1844 දී සීනිගම ධීරක්ඛන්ධ හිමියන් සමග ගුණානන්ද හිමියෝ එහි වැඩම කළහ. එය සෙනසුරාදා දිනයක් විය. එම ස්ථානයට වැඩම කරවන විට විහාරයේ නෂ්ඨාවශේෂ පමණක් දැකගත හැකි විය. මිෂනාරීන්ගේ කුළුගෙඩි පහර වලින් බොහෝ දේ විනාශව පැවතිණි. ගුණානන්ද හිමියන්ගේ ආගමනයත් සමග මෙම ස්ථානය දීපදුත්ත්තාරාමය නමින් ප‍්‍රචලිත විය.
ඊට පසු ඉරිදා දින එෆ් පී ජී කැතීඩ්රල් දෙව්මැදුර අසලින් තීව‍්‍ර කටහඩක් රැව්පිළිරැව් දෙන්නට විය. ඒ පිළිබඳව විමල් අබේසුන්දරයන් ලියූ ගුණානන්ද අපදානයෙහි මෙසේ සඳහන් කර ඇත. මම තමයි මොහොට්ටිවත්තේ ගුණානන්ද අද පටන් මම වාසය කරන්නේ අර පෙනෙන පන්සලේ. මගේ දකුණු අතේ ධම්මපදය වම් අතේ බයිබලය මේ තියෙන්නේ මම ආවේ වාද කරන්නට. බුද්ධාගමෙත් ක‍්‍රිස්තියානි ආගමෙත් ඇති හරි වැරදි හොඳ නරක ගැන ප‍්‍රසිද්ධියේ මා සමග වාද කිරීමට ඕනෑම කෙනකුට එන්නට කියනවා සත්තකය. අද පටන් මම ඉන්නේ මේ පන්සලේ මම හැම ඉරිදාම මෙතන ඉන්නවා සත්තකය. ඕනෑම දවසක ඕනෑම ඉරිදා දිනක මා සමග වාද කරන්නට ඕනෑම කෙනකුට එන්න කියන්න. ඕනෑම වේලාවක මම ලැහැස්තියි සත්තකය.

ඉහත ප‍්‍රකාශය තුළින් පැහැදිලි වන්නේ උන්වහන්සේ තුළ වූ නිර්භය භාවයයි. එතැන් සිට සිංහල ජාතියේත් සම්මාසම්බුද්ධ ශාසනයේත් සුරක්‍ෂිතතාව උදෙසා ගුණානන්ද නාහිමියන් ඉටුකළ සේවය අනිර්වචනීයය පංචමහා වාදය ආරම්භ කරමින් සිංහල බෞද්ධයාගේ ගෞරවය ආරක්‍ෂාවන පරිද්දෙන් ක‍්‍රියා කිරීමට උන්වහන්සේ මුලාරම්භයක් තැබූහ. වර්ෂ 1849 වන විට කොළඹ නගරයේ පැවැති බෝධිවෘක්‍ෂ කපා දැමීමට ඉංග‍්‍රීසි ආණ්ඩුව කටයුතු යොදමින් පැවතුණි. එහිදී මිගෙට්ටුවත්තේ නාහිමියෝ නොබියව නොපසුබටව ඉදිරිපත්වී වැඳුම් පිදුම් නොලද කාකු බෝ ගසක් වුවද කැපීමට ඉඩ නොදිය යුතු යැයි යන මතයේ සිට ජනතාව දැනුවත් කළහ. එම වර්ෂයේදීම බෝධි වෘක්‍ෂ ආරක්‍ෂා කරගැනීමේ අරමුණින් බෝධිරාජ සමිතිය පිහිටුවිය. වර්ෂ 1862 සර්වඥ ශාසනාභිවෘද්ධි දායක ධර්ම සමාගම, වර්ෂ 1886 දී අභයගිරි චෛත්‍යා්පකාරක සභාව ආදී විවිධාකාරයේ සමිති සමාගම් පිහිටුවමින් සිංහල බෞද්ධ ජනයාගේ ප‍්‍රශ්න වෙනුවෙන් හඩක් නැගීමට පසුබිම නිර්මාණය කළේය.

වර්ෂ 1863 වන විට වාද විවාද පිළිබඳ නව ප‍්‍රවණතාවක් මතුවෙමින් පැවතුණි. ලිපි පත‍්‍රිකා, පුවත්පත් ස`ගරා ආදිය උපයෝගී කරගනිමින් එතෙක් පැවති වාද ක‍්‍රමය වෙනුවට මුහුණට මුහුණලා සිදුකරන වාචික වාද ක‍්‍රමයක් බවට එය පත්විය. එහි ප‍්‍රථම සිදුවීම නම් වර්ෂ 1865 පෙබරවාරි මස 08 වන දින වෙස්ලියානු දේවගැතිවරුන් සමග පැවති බද්දේගම වාදයයි. ඉන් අනතුරුව ගුණානන්ද නාහිමියෝ වර්ෂ 1865 දී බැක්ටිස්ට් මිෂනාරිවරුන් සමග වරාගොඩ වාදයද 1966 පෙබරවාරි මස 01 වන දින වෙස්ලියානු මිෂනාරිවරුන් සමග උදන්මිට වාදයද 1871 ජනවරි මස 01, 06, 09, 10 දිනවලදී වෙස්ලියානු මිෂනාරීවරුන් සමග ගම්පල වාදයද වර්ෂ 1873 අගෝස්තු මස 26 28 දින වලදී වෙස්ලියානු මිෂනාරීවරුන් සමග පානදුර වාදයද සිදුකරමින් බෞද්ධාගමේ නිර්දෝෂීභාවය සහ ක‍්‍රිස්තියානීන් මතු කළ ප‍්‍රශ්නවල ඇති නිස්සාරභාවය මැනවින් තේරුම් කරදීමට ක‍්‍රියාකළහ. බෞද්ධ පක්‍ෂයේ ජයග‍්‍රහණය විජයග‍්‍රහණයක් බවට පත්කර ගැනීමට හැකි වූයේ ගුණානන්ද නාහිමියන් තුළ පැවති තීක්‍ෂණ බුද්ධිය සහ බයිබලය පිළිබඳව වූ නිවැරදි අවබෝධය නිසාය. ක‍්‍රිස්තියානීන්ගේ ප‍්‍රශ්න ඔවුන්ගේම ශුද්ධ ග‍්‍රන්ථයේ කරුණු ගෙනහැරපාමින් සදාතනිකව අනාථ කිරීමට ගුණානන්ද නාහිමියෝ සමත්වූයේ තැනට සුදුසු නුවණ භාවිතයට ගනිමිනි. උන්වහන්සේ පැවැත්වූ මෙම වාද අතුරෙන් පානදුරාවාදය ජෝන් කැෆර් විසින් 1875 දී ඉංග‍්‍රීසි භාෂාවෙන් පොතක් ලෙස පළකර ඇත.

මොහොට්ටිවත්තේ ගුණානන්ද නාහිමියන්ගෙන් සිදුවූ ධර්ම ශාස්ත‍්‍රීය සේවය පිළිබඳවද මෙහිලා අවධානය යොමුකළ යුතුව ඇත. එකළ පැවති මිෂනාරී බලවේගයට විරුද්ධව ග‍්‍රන්ථ රාශියක් උන්වහන්සේ ලියා පළකළහ.

ඒ අතර දුර්ලබ්ධි විනෝදනී (1862) ක‍්‍රිස්තියානි වාද මර්දනය (1862) ක‍්‍රිස්තියානි වාද විඝාතනිය (1862) සම්‍යයක් දර්ශනය (1863) සද්ධර්ම සංග‍්‍රහය (1867) සත්‍ය මාර්ගය (1867) විභජ්ජවාදය (1872) ටිබැට් රටේ බුද්ධාගම (1879) බෞද්ධ ප‍්‍රශ්නය සිංහල සහ ඉංග‍්‍රීසි (1882) බුද්ධ ඇදහිල්ල (1882) දුශ්ශීල දාන විභාගය (1888) මෝහ විඝාතනිය (1889) ආදී ග‍්‍රන්ථ රාශියක් නිර්මාණය කළහ. එමෙන්ම කාව්‍යශේඛරය (1872) සිංහල මිලින්ද ප‍්‍රශ්නය (1876) පන්සිය පනස් ජාතක පොත්වහන්සේ (1881) ආදී සම්භාව්‍ය ග‍්‍රන්ථ සංස්කරණය කොට මුද්‍රණය කරවීය. තවද ලක්මිනි කිරුළ (1881) රිවිරැුස (1889) ලෙසින් පුවත්පත් දෙකක්ද ආරම්භ කරමින් ජනතාවගෙන් ඈත්වගොස් තිබූ ජාත්‍යාලය හා ආගමාලය නැවත ඇතිකිරීමට අවැසි උද්වේගකර ලියුම් ඒවායෙහි පළකරවන්නට විය.

එවක සමකාලීනයන් වූ අතිපූජ්‍ය හික්කඩුවේ ශ‍්‍රී සුමංගල රත්මලානේ ධම්මාලෝක බුලත්ගම ධම්මාලංකාර වැලිතර විමලසාර, රන්දොඹේ ධම්මාලංකාර, රාජගුරු වස්කඩුවේ සුභූති ආදී වියත් මහතෙරවරුන්ගේ සදාශ‍්‍රය ගුණානන්ද නාහිමියන්ගේ ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික කාර්යන්යෙහිලා ඉමහත් පිටුවහලක් විය. කොළඹ මාලිගාකන්දේ විෙiා්දය පිරිවෙණ පිහිටි භූමිය මිලදී ගැනීමේදී එහි ඇති වටිනාකම බෞද්ධ ලෝකයාට පැහැදිලි කරදී එයට ආධාර උපකාර කිරීමට සැහැදැතියන් උද්‍යෝගිමත් කරවීම වශයෙන් දේශනා පැවැත්වීමෙන් ගුණානන්ද නාහිමියෝ උපස්ථම්භකව ක‍්‍රියාකළ බව මෙහිදී සිහිපත් කළ යුතුය.

ගුණානන්ද නාහිමියෝ සෘජුව අදහස් ප‍්‍රදකාශ කළ අභීත අදීන යතිවරයාණ කෙනෙකි. ඒ බව ප‍්‍රකට වන්නේ කලක් තමන් වහන්සේ සමග මිත‍්‍රව සිටි ඕල්කට්තුමාගේ සැබෑ ස්වරූපය හඳුනාගත් පසුවය. උන්වහන්සේ විසින් රිවිරැුස පුවත්පත මගින් ඕල්කට්තුමාත් පරම විඥානාර්ථ සමාගමක් දිගින් දිගටම විවේචනය කළේය. වර්ෂ 1888 පෙරබවාරි 19 වැනිදා පත‍්‍රයෙහි ඇමෙරිකාවේ උගුල් පහක් පිළිබඳව හෙළිදරව් කළේය. එනම් පරමවිඥානාර්ථ සමාගම, බෞද්ධ පාඨශාලා පිහිටුවීම, බෞද්ධ මන්දරය ඉදිකිරීම බෞද්ධ පත‍්‍රයකට අච්චු කන්තෝරුවක් තබාගැනීම, බෞද්ධයන් පාවිච්චි කළ නම් වෙනස් කිරීමට බල කිරීම ආදියයි. මෙම ප‍්‍රකාශය මගින් තේරුම්ගත හැක්කේ ගුණානන්ද නාහිමියන් තුළ පැවති කුමන්ත‍්‍රණ හඳුනාගැනීමේ ශක්‍යතාවයයි.

මොහොට්ටිවත්තේ ශ‍්‍රී ගුණානන්ද චරිතාපදානය කොතනින් පටන්ගෙන කොතනින් නිමා කරන්නට දැයි නොවැටහේ. එතරම්ම උන්වන්සේ රට, ජාතිය, ආගම, ශාසනය වෙනුවෙන් ඉටුකර ඇති මෙහෙය වචන විෂයාතික‍්‍රාන්තය එතරම්ම සුවිශාල ලෝකශාසනික සේවාවක් උන්වහන්සේ විසින් සිදුකර ඇත. මෙවන් අත්‍යුදාර ලෝකශාසනික සේවාවක් සිදුකොට වදාළ වාදීභසිංහ මොහොට්ටිවත්තේ ශ‍්‍රී ගුණානන්ද මහාස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වසර හැටහතක් ආයුෂ ශ‍්‍රී වින්දනය කොට වර්ෂ 1890 සැප්තැම්බර් මස 21 වන දින කීර්තිශේෂභාවෝපගතවී වදාළහ. ලක්සුසුනඹර බබැළවූ වාදිභසිංහයාණෙනි ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා !

අමරපුර ශ‍්‍රී කල්‍යාණිවංශ නිකායේ වැඩබලන මහා ලේඛකාධිකාරී,
ගිංතොට ශ‍්‍රී ථූපාරාම රාජමහා විහාරාධිපති, විද්‍යානිධි පණ්ඩිත අම්බලන්ගොඩ
සුමේධානන්ද ස්ථවිර

පන්සල අතිරේකය; සංස්‌කරණය නිශාන්ත අමරසිංහ

]]>
https://divaina.lk/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b6%a7-%e0%b7%84%e0%b7%8f-%e0%b6%86%e0%b6%9c%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b4%e0%b6%ab/feed/ 0