Mujibur Rahman – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 28 Sep 2023 17:50:31 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Mujibur Rahman – Divaina https://divaina.lk 32 32 ජනමාධ්‍ය අමාත්‍යංශයක් තිබියදී සමාජ මාධ්‍ය නියාමන පනත පොලිසිය භාර ඇමැති ගේන්නේ ඇයි? – මුජිබර් රහුමාන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි https://divaina.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba-%e0%b6%85%e0%b6%b8%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b6%82%e0%b7%81%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ad%e0%b7%92/ https://divaina.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba-%e0%b6%85%e0%b6%b8%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b6%82%e0%b7%81%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ad%e0%b7%92/#respond Thu, 28 Sep 2023 23:47:00 +0000 https://divaina.lk/?p=171478 ජනමාධ්‍යට සහ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් නීති ගෙන ඒම, පනත් ගෙන ඒම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩක්ද නැතිනම් පොලිසියේ වැඩක්ද? කියන කාරණය පිළිබඳ ප්‍රශ්නයක් මතුවන බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ (26 දා) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතලා ලෝක නායකයන් ඉදිරියේ කියනවා ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරය හදා ගන්න අවශ්‍යයි කියලා. ජනාධිපතිවරයා ආර්ථිකය හදන්න විශාල වැඩ කොටසක් කරනවා කියලා පෙන්වනවා. ආර්ථිකය හදන්න ස්ථාවර වැඩසටහන් කරන ගමන් අපට පෙනෙන්නට තිබෙනවා රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කප්පාදු කරමින් තමයි ආර්ථික ස්ථාවරය හදන්න යන්නේ. ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ කතා කරන ගමන් ආණ්ඩුව මාධ්‍ය විනාශන අධිකාරී පනතක් ගේන්න හැදුවා. සමාජ මාධ්‍ය නියාමනයට පනතක් ඉදිරිපත් කරලා තියෙනවා. ත්‍රස්ත විරෝධි පනත කියලා අලුත් පනතක් ඉදිරිපත් කරලා තියෙනවා. මැතිවරණ කොමිසමෙන් කැඳවපු මැතිවරණය සඳහා මුදල් නොදී ඉන්න මැතිවරණය නොපවත්වා ඉන්න විශාල වැඩ කොටසක් කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු අහන විනිශ්චයකාරවරුන්ට බලපෑම් කරන්න පොහොට්ටුවේ ඉන්න මන්ත්‍රීවරු ලවා වරප්‍රසාද ප්‍රශ්න පාර්ලිමේන්තුවේ දී මතුකරලා විනිශ්චයකරුවන්ට බලපෑම් කරන්න ජනාධිපතිවරයා දිගින් දිගටම උත්සාහ කරනවා.

රට සහ ආර්ථිකය ස්ථාවර කරන්න ඕන කියන අදහස ඉදිරියට දාලා සම්පුර්ණයෙන්ම භාෂණයේ නිදහස සියලු අයිතීන් යටපත් කරන්න ආණ්ඩුව කටයුතු කරගෙන යනවා. ආර්ථිකය විනාශ කරන්න වැඩ කරපු මිනිස්සුන්ව අල්ලන්න වැඩ කරන්නේ නෑ. ආර්ථිකය හදන්න ඕන කියන ගමන් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් හැම එකක්ම යටපත් කරන්න පාර්ලිමේන්තුවට අණ පනත් ගෙනල්ලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ නෙවෙයි අද ඉන්නේ. රාජපක්ෂලාගේ අදහස් වලට අනුව වැඩ කරන පුද්ගලයෙක් බවට අද රනිල් වික්‍රමසිංහ පත්වෙලා. 2019 සිට රටේ ආදායම වැඩි වෙලා නෑ. වියදම වැඩි වෙලා තියෙනවා. විදුලි බිල ජල බිල ඇතුළු සියල්ල ජනතාවට දරා ගන්න බැරි තැනට පත් වෙලා තියෙනවා. ජනතාවට කියනවා දරාගෙන කැප කිරීම් කරන්න වෙයි කියලා නමුත් ආණ්ඩුව කිසිඳු කැප කිරීමක් ජනතාව වෙනුවෙන් කරලා නෑ.

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාකච්ඡාවට යනකොට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හත් අට දෙනෙක් එක්ක ගිහින් තියෙනවා. ඔවුන් සමග ගිය එකෙන් රටට සිදුවුණ කිසිදු ප්‍රතිලාභයක් නෑ. ඔවුන් ගිහින් තියෙන්නේ ටි්‍රප් එකක්. ජනාධිපතිවරයාගේ විනෝදයට තමයි ඒ මන්ත්‍රීවරු එක්කගෙන ගිහින් තියෙන්නේ. වැඩකරන මිනිස්සුන්ගේ අර්ථ සාධක අරමුදලට ගහලා දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා ඒ මුදල් ටික කප්පාදු කරන්න හදනවා.ගෝඨාභය රාජපක්ෂ බලයට ආවට පස්සේ දුන්න බදු සහනවලින් විශාල ව්‍යාපාරිකයන් පිරිසක් ලාභ ලැබුවා. අයථා ලෙස උපයාගත්ත විශාල මුදල් ප්‍රමාණයක් තිබෙනවා. සිනි ගණුදෙනුවෙන් රජයට මිලියන 15,000 ක් අහිමි වෙලා කියලා මුදල් අමාත්‍යාංශය කියනවා. ඒවා අය කර ගන්න රජය වැඩ කරන්නේ නෑ. වංචා දුෂණ හරහා රටේ මුදල් අහිමිවීම නවත්වන්න රටේ යාන්ත්‍රණයක් නෑ. දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා වැඩකරන ජනතාවගේ ඊටීඑෆ් එකට සහ ඊපීඑෆ් එක ගසාකන්න ජනාධිපතිවරයා වැඩ කරනවා.

ඉහළ ආදායම් ලබන තැනැත්තාගේ සිට පහළ ආදායම් ලබන තැනැන්තා දක්වා සියලුදෙනා කැප කිරීම් කරන්න ඕන. නමුත් ඉහළ ආදායම් ලබන බදු සහන ලබාගත් අය බදු නොගෙවා ඉන්න අය අයථා මුදල් උපයන පිරිස් ආර්ථික අමාරුකම්වලදී කැප කිරීම් කරන්නේ නෑ. ඒවා අය කර ගන්න රජයට කිසිම යාන්ත්‍රණයක් නෑ. රටේ ඉන්න සමාන්‍ය ජනතාවට තමයි කැප කිරීම් කරන්න සිදුවෙලා තියෙන්නේ. ආර්ථිකය බංකොළොත් කරපු අය ගැන හොයන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න කියලා ආණ්ඩුවට කිව්වා. ආණ්ඩුව සිදුකළේ පොදුජන පෙරමුණේ ලේකම්ගේ මුලිකත්වය යටතේ තේරීම් කාරක සභාවක් පත් කළා. තේරීම් කාරක සභාවට ගිය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කරලා තියෙනවා රාජ්‍ය නිලධාරීන්ගේ ගෙවල් ගිනි තියන්න ඕන කියලා. මේ ප්‍රකාශය බරපතළ ප්‍රකාශයක්. මේ ප්‍රකාශය පිළිබඳ කතානායකවරයා ගන්න ක්‍රියා මාර්ගය කුමක්ද? ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ආර්ථිකය බංකොළොත් කරපු දේශපාලඥයින් බේර ගන්න රාජ්‍ය නිලධාරීන්ගේ බිල්ලට දෙන්න හදනවා.

මාධ්‍ය සහ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් නීති ගෙන ඒම පනත් ගෙන ඒම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩක්ද පොලිසියේ වැඩක්ද කියන එක ප්‍රශ්නයක්. මීට කලින් ජනමාධ්‍ය අමාත්‍යාංශය තමයි ඒ පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. සමාජ මාධ්‍ය නියාමන පනත පොලිසිය භාර ඇමැතිවරයා ගේන්නෙම මේකේ යටි අරමුණක් තියෙනවා. සමාජ මාධ්‍ය නියාමන කොමිසන් සභාවටත් ජනාධිපති තමයි නිලධාරීන් පත් කරන්නේ. ඒක ස්වාධීන ආයතනයක් වෙන්නේ නෑ. ජනාධිපතිවරයා මේ කොමිසන් සභා පත් කරගන්නේ ඔහුට ඕන දේවල් කර ගන්න. සමාජ මාධ්‍ය නියාමන පනත හරහා සමාජ මාධ්‍ය ආයතන ලංකාවෙන් ඉවත් වෙන්න පුලුවන්. මේ ප්‍රශ්නය පකිස්තානයෙත් ඇතිවුණා. ගෝලීය සමාගම් අපේ රටේ ලියාපදිංචි වෙන්න ඕන කියලා නීති ගේනවනම් ඔවුන් අපේ රටෙන් ඉවත් වෙනවා. රට ඩිජිටල් කරනවා කියලා කියනවා. ඒදෙය කරන්න බෑ මේ සමාගම් ලංකාවෙන් ඉවත් වුණාම. අයිසීසීපීආර් පනත යටතේ රජයට විරුද්ධ පිරිස් දඩයම් කරන්න කටයුතු කළා. මේ පනත යටතේ වැරදි ලෙස අත්අඩංගුවට ගත් විශාල පිරිසක් නිදහස් වුණා. ආණ්ඩුව මේ සමාජ නියාමන පනත ආණ්ඩුව භාවිතා කරන්න පුලුවන් රජයට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන පිරිස් අත්අඩංගුවට ගන්න පුලුවන්. අයිසීසීපීඅර් පනත සමාන පනතක් මේක. ඒ නිසයි මේක පොලිසිය භාර ඇමැතිවරයා ගේන්නේ.

අකිත පෙරේරා

]]>
https://divaina.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba-%e0%b6%85%e0%b6%b8%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b6%82%e0%b7%81%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ad%e0%b7%92/feed/ 0
මුජිබර් ආයෙත් පාර්ලිමේන්තුව ඉල්ලයි https://divaina.lk/%e0%b6%b8%e0%b7%94%e0%b6%a2%e0%b7%92%e0%b6%b6%e0%b6%bb%e0%b7%8a-%e0%b6%86%e0%b6%ba%e0%b7%99%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%9a%e0%b6%b1%e0%b7%8a/ https://divaina.lk/%e0%b6%b8%e0%b7%94%e0%b6%a2%e0%b7%92%e0%b6%b6%e0%b6%bb%e0%b7%8a-%e0%b6%86%e0%b6%ba%e0%b7%99%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%9a%e0%b6%b1%e0%b7%8a/#respond Sat, 09 Sep 2023 23:50:00 +0000 https://divaina.lk/?p=167949 තමනට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් මගින් නැවතත් පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ ලබාදෙන ලෙස සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පක්‍ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනූව ජාතික ලැයිස්තුවෙන් පත්කළ මයන්ත දිසානායක මන්ත්‍රීවරයාගෙන් තමනට එම මන්ත්‍රීධුරය ලබාදෙන ලෙස සජබ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා තිබේ. කෙසේ වෙතත් මයන්ත දිසානායක මහතා තම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය රහුමාන් මහතාට ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් කැමැත්තක් පළකර නැතැයි සජබ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ පැවසීය.

මයන්ත මුජිබර්ට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ලබාදෙන්න අදිමදි කරනවා. මයන්තව ජාතික ලැයිස්තුවෙන් පත්කරන කොටම කියා හිටියා අවුරුදු දෙකහමාරකට වැනි කාලයකටයි මන්ත්‍රීධුරය දෙන්නේ කියලා යැයිද එම ජ්‍යෙෂ්ඨයා කියා සිටියේය. හිටපු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීම වෙනුවෙන් සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්විය.

මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ සිටීම සුදුසු බවට ජ්‍යෙෂ්ඨයන් සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත කියා ඇතැයි ඉහත ජ්‍යෙෂ්ඨයා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b7%94%e0%b6%a2%e0%b7%92%e0%b6%b6%e0%b6%bb%e0%b7%8a-%e0%b6%86%e0%b6%ba%e0%b7%99%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%9a%e0%b6%b1%e0%b7%8a/feed/ 0
ජනාධිපති ලෝක නායකයන්ට දේශනා පවත්වද්දී රට දවස ගානේ අමාරු තැනකට තල්ලුවෙනවා – සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් https://divaina.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%af%e0%b7%9a/ https://divaina.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%af%e0%b7%9a/#respond Fri, 26 May 2023 23:45:00 +0000 https://divaina.lk/?p=147436 ආණ්ඩුව බදු ගෙවන අය අතහැර රටේ ජනතාවට බදු ගසමින් සිටිනවා

ජනාධිපතිවරයා සුමාන දෙකකට සැරයක් කොහේ හෝ වෙනත් රටකට ගොස් ලෝක නායකයන්ට දේශනා පවත්වන නමුත් මෙරට තත්ත්වය එන්න එන්නම අමාරු තැනකට දවස ගානේ තල්ලු වේගෙන යනවා යැයි සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (26දා) පැවති මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස් හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

වත්මන් ජනාධිපතිතුමා සුපුරුදු පරිදි විදේශීය සංචාර කරන්න පටන් අරගෙන තියෙනවා. අපි දැක්කා එතුමා පසුගියදා ජපානයේ ගිහිල්ලා ආසියානු කලාපීය රටවල්වල නායකයන්ට ලොකු දේශනා දුන්නා. ලෝකය පාලනය කරන්න ඕන විදිය පරිසරය ආරක්ෂා කරන්න ඕන විදිය නොයෙකුත් දේශනා ලෝක නායකයන්ට දෙනවා. ලෝක නායකයන්ට දේශනා දෙන ජනාධිපතිතුමාට බැරිවෙලා තිබෙනවා තමන්ගේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට දේශනා දීලා මේ ආණ්ඩුව ජනතාවගේ පැත්තට හරවාගෙන ජනතාවට වුවමනා දේවල් ටික ලබා දෙන්න. මොකද අපට පේන්න තියෙන දේ තමයි මේ ආණ්ඩුවේ තිබෙන වංචා දූෂණ විතරක් නෙමෙයි ආණ්ඩුවේ තිබෙන නොහැකියාව හා අසාර්ථක භාවය අක්‍රමිකතා හැම එකක්ම දවසින් දවස වැඩි වෙන ස්වරූපය නමුත් ඒ සියලු දේවල් ජනාධිපතිතුමා නොදැක්කා වගේ ඉන්නවා. ඒ ඉඳලා ජපානයට ගිහිල්ලා ලෝක නායකයන්ට දේශනාවල් දෙන එක තමයි අපිට පේන්නේ.

අපි බැලුවොත් මේ රටේ වංචා දූෂණ ඉහවහා ගිහින් තියෙනවා එහිදී විශේෂයෙන්ම චීන රටින් ගෙනාපු අසූචි පොහොරවලට ඩොලර් මිලියන 6.9ක් ගෙව්වා ඒ සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. නමුත් ඒ වාර්තාව තවමත් පාර්ලිමේන්තුවට සභාගත කරන්නෙත් නැහැ එළියට දාන්නෙත් නැහැ. ඒක පැත්තකින් ආණ්ඩුව කතා කරනවා වංචා දූෂණ පනතක් ගැන අධිකරණ ඇමතිතුමා කියනවා. වංචා දූෂණ වගේ පනත ගෙන ගමන් කියනවා ආණ්ඩුවේ වංචා දූෂණ සම්බන්ධව හෙළි වෙච්ච වාර්තා ටික එලියට දාන්නේ නැහැ. චීන අසූචි පොහොරවලට ඩොලර් මිලියන 6.9 ක් ගෙවලා ඒ සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් වෙලා තියෙනවා.

ඒ වගේම අද මේ ආණ්ඩුවට විරුද්ධ වූ වංචා දූෂණ කොමිසම තුළ විශාල ලෙස ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට විරුද්ධව චෝදනා ගොනු කරල තියෙනවා. එක පැත්තකින් මැති ඇමතිවරුන්ට තිබෙන අල්ලස් දූෂණ කොමිසම දාපු නඩු ඉවත් කරමින් පවතිනවා. හරියාකාරව ඒ නඩු ගොනු කර ෆයිල් කරලා නැහැ. උසාවියේ දී ඒවා හෙළිදරව් වුණාම ඒ නඩු අයින් කරගන්නවා. ඒවා නැවත පැවරුවේ නැහැ. තාක්ෂණ කරුණු කාරණා අනුව ඒවා අයින් කරගෙන තියෙනවා. මේ විදියට විශාල ලෙස ආණ්ඩුව හා සම්බන්ධව ඉන්න පිරිස් වලට එරෙහිව වංචා දූෂණ දවස ගානේ වැඩිවෙනවා. අපි දන්නවා විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිත් එක්ක ආපු එකඟත්වය තුළ ප්‍රධාන කාරණාවක් තමයි වංචාව දූෂණය සම්බන්ධව. නමුත් මේ ප්‍රධාන කාරණාව සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු ආකාරයේ ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වුණා පහුගිය අවුරුද්දේ අය කරගන්න ඕන ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 940 අයකරගෙන නැති බව එසේ අයවිය යුතු බදු අයකර ගන්නැතුව ජනතාවට එදිනෙදා ගහන බදු මුදල් වල කිසිදු ආකාරයේ අඩු වීමක් නැහැ. ඒවා දවස ගානේ වැඩිවෙනවා ජනතාවගේ පිට පටවන බර ප්‍රමාණය කිසිම අඩු කිරීමක් නැහැ. මැති ඇමැතිවරුන් හැමදාම පාර්ලිමේන්තුවට ගෙනල්ලා බදු පනත් ඉදිරිපත් කරලා වැඩි කරගෙන යනවා. නමුත් රජයට අයවිය යුතු බදු ප්‍රමාණය අයකර ගැනීම සඳහා වූ කිසිදු ආකාරය වැඩපිළිවෙළක් ආණ්ඩුව යොදවන්නේ නැහැ. එසේ බදු ගෙවන එක අත හැරල දාල තියෙන්නේ සමහර විට තමන්ට උදව් කරපු හිතවතුන් ද දන්නේ නැහැ. ජනාධිපති මැතිවරණයේදී පාර්ලිමේන්තු මැතිවරණයේදී ආණ්ඩුවට උදව් කරපු ව්‍යාපාරිකයන්ගේ බදු මුදල් ද දන්නෙ නැහැ බිලියන 940 ක් අය කරගෙන නැත්තේ. ඒ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ.

ඒකයි මම කිව්වේ ජනාධිපති ලෝක වටේ යනවා ලෝක නායකයන්ට දේශනා දෙනවා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ අක්‍රමිකතා ගැන ඔවුන්ගේ අලස ක්‍රියාකලාපය ගැන නිලධාරීන්ගේ අලස ක්‍රියාකලාපය ගැන තමන් යටතේ පවතින දෙපාර්තමේන්තු වල කිසිදු ආකාරයේ ඒවා අයකර ගන්න ක්‍රියාමාර්ග ගැන ජනාධිපතිතුමා කතා කරන්නේ නෑ. ඒ වෙනුවට ජනාධිපතිතුමා සුමාන දෙකකට සැරයක් කොහේ හරි රටකට ගිහිල්ලා ලෝක නායකයන්ට දේශනා පවත්වනවා නමුත් මේ රටේ තත්ත්වය එන්න එන්නම අමාරු තැනකට දවස ගානේ තල්ලු වේගෙන යනවා. ඒවාට විකල්ප ක්‍රියාමාර්ග අරගෙන නැහැ. අපිට තියෙන ප්‍රශ්නය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ දූෂිත වූ අක්‍රමිකතා වලින් ඉහළ ගිය පොහොට්ටුවේ ආණ්ඩුවත් එක්ක ද මේ ගමන යන්නේ කියන එක. පොහොට්ටුව නගා සිටුවන්න ද ජනාධිපතිතුමා ඔවුන්ගේ අක්‍රමිකතා හා වංචා දූෂණ ගැන හොයන්නේ බලන්නේ නැතුව නොදැක්කා සේ ඉන්නේ. ඔවුන්ව නැවත නැගිට්ටවන්න ද ඔවුන් සමග ජනාධිපතිවරයා නැගිටින්න ද කියන ප්‍රශ්නය අපට තියෙනවා. ඒ නිසා අපි ජනාධිපතිවරයාට කියනවා ප්‍රථමයෙන් තමන් නියෝජනය කරන ආණ්ඩුව තුළ තිබෙන අක්‍රමිකතා අකාර්යක්ෂමතාවය පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඒ පිළිබඳව ඔවුන්ට උපදෙස් දීලා මේ රටේ ජනතාවට මේ පාලන කාලය තුළ යම් සහනයක් ලබා දෙන්නාවු ක්‍රියාමාර්ගයකට යන්න කියලා ජනාධිපතිතුමාට කියනවා.

ඒ වගේම පළාත් පාලන මැතිවරණය සම්බන්ධව විශාල ලෙස අද වෙනකොට අධිකරණය නඩු දෙකක් විභාග වෙමින් පවතිනවා. අපිට පේනවා මේ ආණ්ඩුව පළාත් පාලන ඡන්දය හා ඊළඟට පළාත් සභා මැතිවරණය දෙකම තියන්නේ නැති කාලය ඉක්මවා ගියපු නිසා රටේ පරිපාලනමය හා ඒ හා සම්බන්ධ ආයතනවල විශාල ගැටලු මතු වෙලා. මොකද දැන් පළාත් සභා මැතිවරණය අවුරුදු හතරකට වඩා වැඩි කාලයක් පවත්වන්නෙ නැතිව පළාත් සභාව යටතේ තියෙන පාසල් පද්ධතිය සෞඛ්‍ය පද්ධතිය ග්‍රාමීයව තිබෙන ඒ පරිපාලන ක්ෂේත්‍රයේ ආයතන රාශියක් අද වෙනකොට ඉතාම දරුණු ලෙස කඩාගෙන වැටීමට ලක් වෙලා. විශේෂයෙන්ම පළාත් සභාවත් එක්ක සම්බන්ධ වෙලා තිබෙන පාසල් වල තත්වය ඉතාමත් දරුණු තැනකට තල්ලු වෙලා. පළාත් සභා ක්‍රියාත්මක නොවීම නිසා ගුරු හිඟය හා පාසල්වල තිබෙන අනෙකුත් භෞතික සම්පත්වල ප්‍රශ්න ගොඩනැගිලි ප්‍රශ්න රාශියකට පළාත් සභාවට සමාන රෝහල් තදබල ලෙස අර්බුදයට ලක් වෙලා ඒ රෝහල් වල පරිපාලනය කඩා වැටිලා ඒ වගේ යන රෝගීන්ට අවශ්‍ය දේවල් ඉෂ්ට කරගන්න බැරි රෝහල් බවට පළාත් සභාවත් එක්ක සම්බන්ධ රෝහල් ටික පත්වෙලා තියෙනවා.

අපි දන්නවා කොළඹ නගර සභාවේ හිටපු නගරාධිපති නිල නිවසෙන් ඉන්නවා අයින් වෙලා නැහැ. එක මාසෙක ලයිට් බිල ලක්ෂ 4යි මාස දෙකට ලක්ෂ 8යි. එහිදී අපි ප්‍රශ්න කරනවා කොළඹ නගර සභාවෙන් ඒ ලක්ෂ 8 ජනතාවගේ බදු මුදල් වලින් ද ගෙවන්නේ. දැන් කාලෙ ඉවරයි නගරාධිපති තුමිය එක්සත් ජාතික පක්ෂය අපේක්ෂිකාවක් හැටියට තරග කරනවා. වහාම එතනින් ඉවත් වෙන්න ඕන. තවම බදු මුදල්වලින් එතුමියව නඩත්තු කිරීම නීති විරෝධියි. කොළඹ නගරයේ බදු ගෙවන ජනතාවට කරන අපහාසයක් හා ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්.

අකිත පෙරේරා

]]>
https://divaina.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%af%e0%b7%9a/feed/ 0
ආණ්ඩුවේ වංචා දූෂණ ගැන ජනාධිපති කිසි කතාවක් නෑ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් https://divaina.lk/%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b7%80%e0%b6%82%e0%b6%a0%e0%b7%8f-%e0%b6%af%e0%b7%96%e0%b7%82%e0%b6%ab-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f/ https://divaina.lk/%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b7%80%e0%b6%82%e0%b6%a0%e0%b7%8f-%e0%b6%af%e0%b7%96%e0%b7%82%e0%b6%ab-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f/#respond Tue, 09 May 2023 23:43:00 +0000 https://divaina.lk/?p=144036 ආණ්ඩුවේ වංචා දූෂණ සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිශ්ශබ්ද පිළිවෙතක් අනුගමනය කරමින් සුපුරුදු පරිදි අහක බලාගෙන සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඊයේ (09) පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ඒ මහතා මේ බව කී අතර එහිදී මෙසේද කියා සිටියේය.

අද මැයි මාසයේ 09දා දේශපාලන වශයෙන් වැදගත් සිදුවීම් රාශියක් ඇති වෙච්ච දිනයක්. මේ රටේ ජනතාව අලු‍ත් බලාපොරොත්තු ඇතිව අලු‍ත් දේශපාලන සංස්කෘතියක්, අලු‍ත් දේශපාලන ක්‍රමවේදයක් ඇති කරන්න වගේම දේශපාලනඥයන්ට යම් පණිවිඩයක් ලබා දීපු දවසක් බව අපිට හඳුන්වන්න පුළුවන්. නමුත් අවාසනාවන්ත තත්වය තමයි ඒ දවස තුළ මේ රටේ ජනතාව තමන් බලාපොරොත්තු වන ඒ දේශපාලන ක්‍රමයේ වෙනස වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පාරට ඇවිත් තමන්ට මේ රට අලු‍ත් දිශාවකට ගෙනියන්න ජනතාව විසින් නගපු හඬ අද වෙනකොට යටපත් වෙලා තිබෙන එක. ඒ විතරක් නෙමෙයි ජනතාව ඉල්ලපු ඉල්ලීම් සහ ඒ ජන බලය හරහා තිබුණු රාජපක්ෂ පාලනය ඉවත් වීම තුළ ජනතාව විශාල දේශපාලන වෙනසක් රටේ බලාපොරොත්තු වුණා. නමුත් ඒ වෙනස ඇති වෙනවාට වඩා නැවතත් පාර්ලිමේන්තුවෙන් පත්වෙච්ච රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැවත නැවත මේ රට මඩ ගොහොරු දේශපාලන හා සම්ප්‍රදායික දේශපාලනය තුළට නැවතත් රට අරගෙන යන බවක් පේනවා.

ආණ්ඩුව එක පැත්තකින් පෙන්නන්න හදනවා මේ රටේ ඉස්සරහට යනවා, ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට එනවා, රට හරි දිශාවකට තල්ලු‍ කරනවා කියලා ආණ්ඩුවේ ඉහළ සිට පහළ දක්වා උදවිය පෙන්නන්න හැදුවත් අපිට පේනවා වංචා දූෂණවල අඩුවක් වෙලා නැහැ. නිරන්තරයෙන් පෙනි පෙනී ඒවා සිදුවෙනවා. මේ ආණ්ඩුවේ කැබිනට් එක නියෝජනය කරන විශාල ඇමැතිවරු පිරිසකට වංචා දූෂණ චෝදනා තදබල ලෙස එල්ල වෙලා තිබෙනවා. ඒ පිළිබඳව ජනාධිපතිවරයා හෝ ආණ්ඩුවේ බලධාරීන් ක්‍රියාත්මක කරන ආකාරයක් පේන්න නැහැ. ජනාධිපතිතුමා සුපුරුදු පරිදි වංචා දූෂණ සිද්ධ වීම ගැන එතුමා සුපුරුදු ප්‍රතිපත්තිය විදියට අහක බලාගෙන ඉන්නවා. රාජපක්ෂලා ආණ්ඩුව තුළ හා කණ්ඩායම එකතුව ගෙන යන වංචා දූෂණ සම්බන්ධව එතුමා නිශ්ශබ්දයි. සුපුරුදු පරිදි අහක බලාගෙන ඉන්නවා. අධිකරණ ඇමැතිතුමා කියනවා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වංචාව ගැන. එම නෞකාව ගිනිබත් වීම වන්දිය දිහා බැලු‍වොත් බිලියන 6.2 වන්දි ප්‍රමාණයක් ඇස්තමේන්තු කර තිබෙනවා. එවැනි වන්දි පමාණයක් තීන්දු කරලා තිබියදී මේ සම්බන්ධව ආණ්ඩුව පැත්තෙන් හෝ නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියාකර ඇති ආකාරය ගැන බලනකොට ඉතා මන්දගාමී විදියට තමයි ඒ ක්‍රියාදාමය සිදුවෙලා තියෙන්නේ. ඒ සිද්ධිය සිදුවෙලා මාසේ විසි දෙකක් යනකම් නඩුවක් පැවරුවේ නැහැ. ඒ මන්දගාමී ක්‍රියා කලාපය තුළ ගැටලු‍ ඇති වෙලා නීතිපති දෙපාර්තමේන්තුව මන්දගාමීව වැඩ කළේ කාගේ වුවමනාවටද? ඇයි මේ රජයේ ඉන්න ඇමැතිවරුන්ට මේ ක්‍රියාදාමය වේගවත් කරලා නඩු දැමීම ඉක්මනට සිදු කරන්න බැරි වුණේ? අන්තිමට නඩුව දැම්මේ නඩු දාන්න ඕන කාලය ඉවර වෙනකොට. ඒ නිසා තමයි මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් යම්කිසි දූෂණයක් වංචාවක් සිද්ධ වෙලා තියෙනවා කියන සැකය අද වෙනකොට ඉස්මතු වෙලා තියෙන්නේ. ඒ සැකය තවත් තහවුරු කරනවා අධිකරණ ඇමැතිවරයා ඇවිත් කියනවා ඩොලර් මිලියන 250ක් එක්කෙනෙකුගේ ගිණුමට බැර වෙලා කියලා. ඩොලර් මිලියන 250ක් අත යට ගනුදෙනුවක් සිදු වෙලා කියලා අපිට මේවා ගැන සාධාරණ සැකයක් මතුවෙලා තියෙනවා. ඒකයි කිව්වේ මේ ආණ්ඩුවට දවසගානේ වංචා-දූෂණ චෝදනා එල්ල වෙනවා කියාලා.

මේ රට හරි දිශාවකට ගමන් කරන්න වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඡන්දයකට යා යුතුයි යන්න පුළුවන් බලය ජනාධිපතිවරයාට දැන් තියෙනවා. අපි ජනාධිපතිතුමාට කියන්නේ මේ ජනතාවගේ විරෝධයට ලක් වෙච්ච ජන වරමක් නැති ජනතාවගේ මුදල් අවභාවිතා කරන කැබිනට් එකක් ඉන්න මුදල් හොරකම් කරන ඒ තුළ ජීවත් වෙන මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා අලු‍ත් ජනවරමට අපි යා යුතුයි. ඒකට අපි ජනාධිපතිවරයාට බල කරනවා. අපි දන්නේ නැහැ ජනාධිපතිවරයා අද රාජපක්ෂලාගේ හිරකාරයෙක් බවට පත් වෙලාද කියලා. එතුමාට බලය තියෙද්දි එතුමා පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතිව ඉන්නවා.

අකිත පෙරේරා

]]>
https://divaina.lk/%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b7%80%e0%b6%82%e0%b6%a0%e0%b7%8f-%e0%b6%af%e0%b7%96%e0%b7%82%e0%b6%ab-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f/feed/ 0
මට එතැනත් නැහැ මෙතැනත් නැහැ! https://divaina.lk/%e0%b6%b8%e0%b6%a7-%e0%b6%91%e0%b6%ad%e0%b7%90%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90%e0%b7%84%e0%b7%90-%e0%b6%b8%e0%b7%99%e0%b6%ad%e0%b7%90%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90/ https://divaina.lk/%e0%b6%b8%e0%b6%a7-%e0%b6%91%e0%b6%ad%e0%b7%90%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90%e0%b7%84%e0%b7%90-%e0%b6%b8%e0%b7%99%e0%b6%ad%e0%b7%90%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90/#respond Sat, 18 Feb 2023 23:44:00 +0000 https://divaina.lk/?p=129343 පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූ තමාට අද එතැනත් නැහැ මෙතැනත් නැහැ යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ මුජිබර් රහුමාන් මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය.

මෙම පළාත් පාලන ඡන්දයට දිනයක් නොමැති බවත් තමාගේ පාර්ලිමේන්තු අසුන ෆවුසි මහතාට පැවරී ඇති බවත් කී රහුමාන් මහතා තමා මෙම තත්ත්වයට පත් කිරීම ගැන මැතිවරණ කොමිසමට එරෙහිව කඩිනම් පියවරක් ගන්නා බවද පැවසීය.

නෝමන් පලිහවඩන

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b6%a7-%e0%b6%91%e0%b6%ad%e0%b7%90%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90%e0%b7%84%e0%b7%90-%e0%b6%b8%e0%b7%99%e0%b6%ad%e0%b7%90%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90/feed/ 0