murder incident – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 16 Dec 2022 18:23:52 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg murder incident – Divaina https://divaina.lk 32 32 ජනශක්ති සභාපති ඝාතන සිද්ධිය: බ්‍රයන් තෝමස්ට රට යෑම තහනම් https://divaina.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b7%81%e0%b6%9a%e0%b7%8a%e0%b6%ad%e0%b7%92-%e0%b7%83%e0%b6%b7%e0%b7%8f%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1-%e0%b7%83%e0%b7%92%e0%b6%af%e0%b7%8a/ https://divaina.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b7%81%e0%b6%9a%e0%b7%8a%e0%b6%ad%e0%b7%92-%e0%b7%83%e0%b6%b7%e0%b7%8f%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1-%e0%b7%83%e0%b7%92%e0%b6%af%e0%b7%8a/#respond Fri, 16 Dec 2022 23:55:00 +0000 https://divaina.lk/?p=116719 කෝටිපති ව්‍යාපාරිකයකු වන ජනශක්ති සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයකු වන බ්‍රයන් තෝමස් මහතාගේ විදේශ ගමන් තහනම් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා ඊයේ (16) නියෝගය කළේය.

බ්‍රයන් තෝමස් මහතාට ඇති විදේශ ගමන් බලපත්‍ර දෙකට ම අදාළව එම නියෝගය කෙරිණි.

සිද්ධියට අදාළව විමර්ශන පවත්වන බොරැල්ල පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් මියගිය දිනේෂ් ශාෆ්ටර් මහතා භාවිතා කළ ජංගම දුරකථනයේ සඳහන් ඇමතුම් සම්බන්ධ විශ්ලේෂණ වාර්තාවක් අදාළ සමාගම් වෙතින් කැඳවීමට නියෝග නිකුත් කරන ලෙසට ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

බොරැල්ල කනත්ත ප්‍රදේශයේ දී සිය මෝටර් රථය තුළ දී ජනශක්ති සභාපතිවරයාගේ ගෙල වයර් පටියකින් ගැට ගසා සිර කර ඝාතනය කර ඇති බවට බොරැල්ල පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

අදාළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා විදේශ ගමන් තහනම හා දුරකථන විශ්ලේෂණ වාර්තා ද නිකුත් කිරීමට ද නියෝග නිකුත් කළේය.

ඒ.ජේ.ඒ. අබේනායක

]]>
https://divaina.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b7%81%e0%b6%9a%e0%b7%8a%e0%b6%ad%e0%b7%92-%e0%b7%83%e0%b6%b7%e0%b7%8f%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1-%e0%b7%83%e0%b7%92%e0%b6%af%e0%b7%8a/feed/ 0