Muthuraja Thai Elephant – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 08 Jul 2023 14:34:08 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Muthuraja Thai Elephant – Divaina https://divaina.lk 32 32 මේ මගේ කතාව – අසිහියෙන් ලියූ සටහන් https://divaina.lk/%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b6%85%e0%b7%83%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b7%92%e0%b6%ba-11/ https://divaina.lk/%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b6%85%e0%b7%83%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b7%92%e0%b6%ba-11/#respond Sat, 08 Jul 2023 23:53:00 +0000 https://divaina.lk/?p=155495 අලි කතාව

මට දැන් දවස් ගානක ඉඳලා රෑට නින්ද යන්නෙ නෑ. ගෙයි දොරට කවුද තඩිබානවා මට ඇහෙනවා. ටොක්… ටොක්… ටොක්… දැනුත් ඇහෙනවා සද්දෙ මට. රෑ – දවල් කියල වෙනසකුත් නෑ. කොයි වෙලාවෙත් දොරට ගහනවා ඇහෙනවා. මං ළඟ සොරුන්ට ගන්න දෙයක් නෑ. සොරුන්ට ගන්න එකයි තියෙන්නෙ මං ගාව. මගෙ පොත් ටික. හොරු පොත් කියවනවාද කියල මං දන්නෙ නෑ. හොරු වාර්තා කියවනවා කියල මං අහලා තියෙනවා. එල්.එල්.ආර්.සී. වාර්තාව එහෙම කවුද පානක් අල්ලලා කියවනවා මං දැක්කා. ඒත් මේ පොත්. පොත් ලියනවා හොරු. කියවනවා මං අහලාම නෑ. ඒත් හොරු ආවා නම් හොරාම ගෙට රිංගනවා මිසක් දොරට ගහයිදෟ මොන විකාරද මං මේ කියවන්නෞ ඇත්ත. හොරු භාණ්ඩාගාරෙට රිංගන්නෙ කාටවත් අහු නොවෙන්න. අහු වුණත් හොරා හිරේ දානවා බොරු. ඒත් ඊයේ මුළු රෑම මං හිටියේ ඇහැරිලා. මට මං ගැන බය වෙන්න දෙයක් නෑ. මට ඔටුනු පළඳවන්න කුමාරයෙක් නෑ. රකින්න ස්මාරකයක් නෑ. ස්මාරකේ අර කාලකන්නි කඩලා බිඳලා දැම්මා. කජු ඇටදෟ කොස් ඇටදෟ තාත්තගේ සල්ලිෟ මට එකම බය අපේ කොල්ලා ගැන. ඌ තවම ඉස්කෝලෙ යනවා. නෑ, පන්ති යනවා. උදේටත් යනවා. රෑටත් යනවා. රෑට ඔන් ලයින්. එකම ගුරුවරයා දෙකටම අය කරනවා.

සමහර වෙලාවට ඇහැරිලා ඉද්දි මට හීන පේනවා. ඇහැරිලා ඉද්දි කොයි මිනිහාටද හීන පේන්නෞ හීන කියන්නෙ නින්දෙදි පේන දෙයක්නෙ. ඒත් මං ඒ කතාව විශ්වාස කරන්නෙ නෑ. දැන් අපි හීනෙකින්වත් හිතුවාද අපි හිඟාකයි කියල කවදාහරි. අපි දත් මදින්නෙ නැතුව, රැවුල කපන්නෙ නැතුව වැඩට යයි කියල. සබන් ගාන්නෙ නැතුව නායි කියල. ඒත් අපි ඒවා දැන් කරනවා. ඒ කියන්නෙ අපි ඇහැරිලා ඉන්න ගමන් හීන දකිනවා. නපුරු හීන දකිනවා.

දැන් මං එකක් තීරණය කරලා තියෙනවා. කවුරු තඩිබෑවාත් මං එළියට යනවා. මං ළඟ අයිනමඩයක් තියෙනවා. කලාකිරිඤ්ඤෙකුත් තියෙනවා. මං ඒවා එළියට ගන්නෙ නෑ. මොකද මං අඩිපුඩි දන්නවා. අඩිපුඩිවල තරම කොච්චරද කියනවා නම් තවම දියවැඩියාවට බෙහෙත් බොනවා. ඒත් මැරෙන්න බය නෑ මං. මම එඩිතරව පපුව ඉස්සරහට දානවා. මැරෙනවා නම් මං කැමතියි මද්දුමබණ්ඩාර වගේ මැරෙන්න. බියගුල්ලො වගේ නෙවෙයි. මට ඕන මෙච්චරයි. ඇයි මාව මංකොල්ලකන්නෙ කියල හොරාගෙන් අහන්න. ඇයි මට පාඩුවේ ඉන්න දෙන්න නැත්තෙ කියල අහන්න. මං පව් කරලා ඇති. ඒත් නිදහසේ නිදාගන්න බැරි තරම් පාපයක් මං කරලා තියෙනවාද? එහෙම කරලා තියෙනවා නම් මං දෙවියන්ගෙන් ඉල්ලන්නෙ ඇයි මාව එක පාර මරලා දාන්නෙ නැත්තෙ කියල. මොකද නිදහසක් නැති ජීවිතේකින් වැඩක් නෑ. නිදහස ලබලා අපි කොච්චර කල්ද? අවුරුදු හැත්තෑපහක්ෟ එච්චර වෙනවාද? එච්චර රටකට දුවන්න බෑනෙ. දිව්වා නම් වෙනම සම්මානයක් දෙන්න ඕන මේ රටට.

මං අද උදේ දැකපු හීනය කියන්නම්. මං දැක්කා කකුල්වලට කළුගෙඩි පහර දීපු, යටිපතුල්වලට ඇණගහපු, වල්ගෙ කෙඳි ගලෝපු, ඒවගේම ඇස් දෙකත් බාගෙට අන්ධ කරපු ඇත් රජෙක් අපේ ගේ ඉස්සරහා වැටිලා ඉන්නවා. ඌට ඇවිදගන්න බෑ. උගේ ඇඟ පුරා සීරීම්. ලේත් ගලනවා.

මගෙ පපුව හෝස් ගාලා ගියා. මං ඇහුවා කොහේ ඉඳලාද ඇත් රජුනි මේ වඩින්නෙ කියල. ඌ වචනයක් දෙඩුවේ නෑ. මට තේරුණා ඌට කථා කරගන්න බෑ කියල. අලි කථා කරනවාද මනුස්සයො? ඇයි බැරි? අලි හීනවල කථා කරනවා. ඉතිං මං ඇතාට ඉස්සෙල්ලා වතුර කළගෙඩියක් දීලා පස්සෙ ගෙයි පිළිකන්නෙ කෙහෙල් ගහේ බාගෙට ඉදිච්ච කැනෙන් ඇවරි තුනක් කපලා දුන්නා. ඇතා ඒක බුක්ති විඳලා මගෙන් තව කෙහෙල් ඉල්ලුවා. මං කැනේ ඉතිරි ඇවරි ටිකත් ඌට කපලා දුන්නා. අනතුරුව ඇතා හෙමින් සැරේ වාඩි වෙලා මං අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නා. “මං ආවේ කන්දෙ පන්සලේ ඉඳලා. ඒත් මගෙ ගම මෙහෙ නෙවෙයි.” “එතකොට ගම?” “මං සියමෙන් මෙහෙට ආවේ.” එහෙම නම් මෙච්චර කරදර වුණේ කොහොමද? මෙන්න ඇතාගේ කතාව:

“මං එහෙ සැපවත් ජීවිතයක් ගත කළා. ඒත් එහේ හිටපු කට්ටිය කිව්වා මෙහෙට වඩා උඹට හොඳ තැනකින් ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඒක බුදුන් තුන්පාරක් පාද ස්පර්ෂ කරපු තැනක්. ඒවගේම අවුරුදු දෙදහස් පන්සීයක් කල් බුද්ධ ශාසනය ඉතිරි වන බව කියන ලෝකයේ එකම රට. යන්නෙත් කොටන් අදින්න නෙවෙයි, භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා වගේම විෂ්ණු දෙයියොත් වැඩ ඉන්න විහාරස්ථානයකට කියල. ඉතිං මං දෙපාරක් හිතුවේ නෑ, මේ රටට ආවා.”

ඇතා කතාව මොහොතක් නතර කළා. පස්සෙ කන වනලා වන වෙච්ච කනේ වහපු මැස්සො එළවලා ආයෙත් කථා කළා.

“මං අපේ රටේ හාමුදුරුවන්ට හුඟක් ගරු කරනවා. ඒ ගරු සරුවෙන් තමයි මේ කියන පන්සලටත් ආවේ. ඒත් මට උහුලන්න සිද්ධ වුණේ වනේ වන හතුරෙකුටත් උහුලන්න පුළුවන් දුක් කන්දරාවකට නෙවෙයි. මට දරන්නම බැරි වුණේ මෙච්චර මට වද දෙද්දි පන්සලේ ලොකු උන්නාන්සේත් අන් උන්නාන්සේලාත් නෑසූ කන්ව බලා සිටි එක.”

ඇතාගේ ඇස්වලින් කඳුළු වැටෙනවා. “ඉතිං මේ කොහෙද යන්නෙ?” මං අන්තිමේ ඇත් රජාගෙන් විමසුවා. “මං ආපහු සියමෙට යනවා. සියමෙන් පස්සෙ ජිනීවාවලට යනවා.” ඒ මක්කටෙයි කියල මං අහන්න කලින්ම ඇතා මෙහෙම උත්තර දුන්නා: “ධර්මද්වීපෙ කියල පාරම්බාන මේ මිහිපිට අපායේ අපේ අලි සංහතියට සිද්ධ කරන අපරාධ මං ලෝකෙට කියනවා.”

ඇත් රජුගෙන් මං තව මොනවත් ඇහුවේ නෑ. අහන්න කලින් මං ඇසිපිය ගහලා බලද්දි ඇතා අතුරුදන් වෙලා සියමෙට. මේක කුරිරු හීනයක්. මෙහෙම හීන දකින්නෙ මං පෙර කරපු අකුසලයක් නිසා වෙන්න ඇති. මේ භවයේ මං අකුසල් කරලා නෑ. නෑ, එකක් කළා. කවදාවත් හැන්ද අල්ලලා නැති බාසෙකුට මේසන් හැන්ද දුන්නා. දැන් බාසා රිවට් වෙන්න හදපු ගෙයි මං ජීවත් වෙන්නෙ. ඒකෙ බිත්ති, වහල කොයි වෙලාවෙ ඔළුවට පාත් වෙයිද කියන්න බෑ.

ඇත් හීනය අවසන් වුණාට පස්සෙ මං මුහුණ දුන්නු තව අත්දැකීමක් තියෙනවා. මං ඒකත් කියල ඉවර කරන්නම්. ඇතා අතුරුදන් වෙච්ච ගමන් මට අපේ ගෙයි දොරට තඩිබානවා ඇහුණා. මං වෙන දෙයක් වෙද්දෙන් කියල ඉස්සරහට ගිහින් දොර ඇරියා. දන්නවාද මං දැක්ක දේ? සත පහේ මුහුණු තියෙන පිරිමි දෙන්නෙකුයි ගෑනියෙකුයි මගෙ ඉස්සරහට ඇවිත් චං චුං භාෂාවකින් මොනවද කියනවා. ඔවුන් අපේ ජාතියේ මිනිස්සු නෙවෙයි. ඇඟ සුදුපාටයි. මුහුණ හැබැයි සතපහ. වැඩක් ඇති මුදලක් නෙවෙයි. මං ඇහුවා මොනවාද ඔබතුමන්ලා හොයන්නෙ කියල. මට තේරුණා ඔවුන්ට සිංහල තේරෙන්නෙ නෑ කියල. මං ඒගමන ඉංග්‍රීසියෙන් ප්‍රශ්න කළා. මට තවම කැඩිච්චි ඉංග්‍රීසි වචන දෙක තුනක් මතකයි. හොඳ වෙලාවට ඔවුන් අතරත් කැඩිච්ච ඉංග්‍රීසි දන්න එක්කෙනෙක් සිටියා. ඔහු අර අයට චං චුං ගාලා මං කී දේ තේරුම් කළා. පස්සෙ ඔවුන්ගේ උත්තරේ ලැබුණා මට: “අපේ නැති වෙච්ච අලියෙක් ඉන්නවා. අපි ඌ හොයනවා අපේ රටට ගෙනියන්න. ඔහේ දැක්කෙ නැද්ද අපේ අලියා?” මට තේරුණා මේත් සියමෙ කට්ටියක් කියල. ඔවුන්ගෙන් පෙනුණෙ බොහොම දරුණු බවක්. මං ඔවුන්ට බයපක්සපාත ලීලාවෙන් මෙහෙම කිව්වා: “අපේ පන්සලේ කාලෙකට උඩදි අලියෙක් හිටියා. දැන් ඌ පන්සලේ නෑ.” චං චුං කට්ටිය පිටත් වෙන්න කලින් තව ප්‍රශ්නයක් ඇහුවා: “කවුද උඹලාගේ පරිසර ඇමතියා?” මං ඒකට දෙන්න උත්තරයක් දැනගෙන සිටියෙ නෑ. කවුරු ඉන්නවාද, ඉන්නෙ ගෑනියෙක්ද, මිනිහෙක්ද කියලවත් මට මතකයක් තිබුණෙ නෑ. ඉතිං මං ටික වෙලාවක් අරගෙන මෙහෙම කිව්වා: “දිගාමඩුල්ලෙ චාලිං තමයි ඔය ඇමතිකමේ හිටියෙ. උන්දෑ ඒ දවස්වල අලිවැටක් එහෙමත් ගැහුවා. ලෝකයේ දිගම අලිවැට ගහනවා කියලත් කිව්වා. ඒත් පහුගිය කාලෙ උන්දැගේ ගේ කඩලා තිබුණා මොක්කුද තරුණයො වගයක් විප්ලවයක්ද මොකක්ද කරන්න ගිහින්. දැන් උන්දෑ වැඩිය එළිපහළියට එන්නෙ නෑ. අන්තිමටම මං දැක්කෙ බුලත්විට කඩයක් දාගෙන ඉන්නවා ඔය මොනරාගල පැත්තෙ.” මං ඒ කතාව අමාරුවෙන් ගැටගැහුවත් මගේ කතාව අහන්න චුං චුංලා සිටියේ නෑ. ඔවුන් ඇතා වගේම අතුරුදන් වෙලා එක් සැණෙන්.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b6%85%e0%b7%83%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b7%92%e0%b6%ba-11/feed/ 0
ඇත් රජුනි අපට සමාවන්න -මුතු රාජා පිටත්ව යද්දී දෑසින් කඳුළු එයි https://divaina.lk/%e0%b6%87%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bb%e0%b6%a2%e0%b7%94%e0%b6%b1%e0%b7%92-%e0%b6%85%e0%b6%b4%e0%b6%a7-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%b8%e0%b7%94%e0%b6%ad/ https://divaina.lk/%e0%b6%87%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bb%e0%b6%a2%e0%b7%94%e0%b6%b1%e0%b7%92-%e0%b6%85%e0%b6%b4%e0%b6%a7-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%b8%e0%b7%94%e0%b6%ad/#respond Sun, 02 Jul 2023 23:54:00 +0000 https://divaina.lk/?p=154407 තායිලන්තය විසින් මීට වසර 22 කට පෙර ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ අපේම රටේ නෙැසැලකිල්ලෙන් අපට අහිමි වූ මුතු රාජා හෙවත් ‘සක්සුරින් ’ ඊයේ (02දා) උදෑසන රුසියානු විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් ආපසු තායිලන්තය වෙත රැගෙන යනු ලැබිණි.

මෙම ඇතා ගුවනින් ගෙන යෑම සඳහා රුසියාවේ ඉලුෂියන්-76 වර්ගයේ ඇංජින් 04 කින් බලගැන්වෙන විශාල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් 30 වැනිදා රාත්‍රී 11.30 ට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි. විශේෂයෙන් සකස් කරන ලද කූඩුවක බහා මෙම ඇතා ඊයේ අලුයම 03.00 ට පමණ කටුනායක ගුවන්තොටුපළ වෙත ඉතා ප්‍රවේශමෙන් රැගෙන ඒමට පියවර ගෙන තිබුණු අතර අලුයම 04.30 ට පමණ ඇතා ගුවන් යානය වෙත පැටවීම සිදු කෙරිණි.

රුසියානු එවියාකොන් සිටොට්‍රාන්ස් ගුවන් සේවයේ (Aviacon Zitotrans) ඒ. ඉසෙඩ්. එස්. – 5701 ( AZS – 5701) දරන ගුවන් යානය ඊයේ උදෑසන 07.30 කටුනායක ගුවන්තොටුපළෙන් තායිලන්තයේ බැංකොක් නුවර ෂියන්මායි ගුවන්තොටුපළ බලා පිටත්ව ගියේය. මෙම ගුවන් ගමනට පැය 05 ක් පමණ ගත වන බව පැවසේ.

මෙරට තුළ ආන්දෝලනාත්මක චරිතයක් වූ අලුත්ගම කන්ද විහාරයේ අසනීප තත්ත්වයෙන් සිටි මුතුරාජා හස්තියා දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවනින් තායිලන්තයට ගෙන යෑම සඳහා ඉකුත් 01 වැනිදා මධ්‍යම රාත්‍රියේ විශේෂ කුටියක රඳවා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත රැගෙන යනු ලැබිණ.

2001 වසරේ තායිලන්තයෙන් මෙරටට පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබීමෙන් පසු එවක ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් හස්තියා රැක බලාගැනීම සඳහා අලුත්ගම කන්දේ විහාරාධිපතිව වැඩසිටි අපවත්වී වදාළ බටුවන්හේන බුද්ධරක්ඛිත හිමියන් වෙත පූජා කිරීමෙන් පසු මුතුරාජා ලෙස නම් තබා සඟරුවන ඇසුරේ කීකරුව හැදී වැඩී ඇති අතර රටේ විවිධ පෙරහැරවල ධාතු කරඬුව වැඩමවීමටද සම්බන්ධ කරගෙන ඇත.

මේ අතර මුතුරාජා අසනීප වී ඇති අතර වත්මන් විහාරාධිපති කොක්කාවිට විපුලසාර හිමියන් විසින් වැඩිදුර ප්‍රතිකාර සඳහා මුතුරාජා දෙහිවල ජාතික සත්වෝද්‍යානයට භාර කර තිබේ. සත්වයාගේ පාදයේ ආබාධයට වැඩිදුර ප්‍රතිකාර සඳහා තායිලන්ත රජයේ ඉල්ලීම මත අවුරුදු 29 ක් වූ අඩි 9 ක් උස කිලෝ 4000 බරකින් යුත් මෙම හස්තියා ඉකුත් 01 වැනිදා රුසියාවෙන් රැගෙන ආ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් තායිලන්තයට රැගෙන යෑම සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා විශේෂිත බහාලනයක් මගින් රැගෙන යනු ලැබීය.

මේ ගමනට මුතුරාජා සත්වෝද්‍යානයේ සිටි කාලයේ ඉතා කුළුපග වූ ප්‍රධාන හස්තිපාලක වන ඩී. ඩී. උපුල් ජයරත්න මහතා ඇතුළු තායිලන්ත ඇත්ගොව්වෝද වෛද්‍ය මණ්ඩලයද තායිලන්ත තානාපති කාර්යාල නිලධාරීන් සමග තායිලන්තය බලා පිටත් වූහ.

මෙම අවස්ථාවට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත, අධ්‍යක්ෂ මෙහෙයුම් අනෝමා ප්‍රියදර්ශනී, නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනූෂිකා මානවඩු, පශු වෛද්‍ය නිලධාරී වෛද්‍ය මධූෂා පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු තායිලන්ත තානාපති කාර්ය මණ්ඩලයේ නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

මුතුරාජා රැගත් රුසියානු යානය තායිලන්ත වේලාවෙන් සවස දෙකට පමණ එරටට ළඟා වී තිබේ.

ටී. කේ. ජී. කපිල – ගුවන්තොටුපළ, පින්සිරි ආරියරත්න – රත්මලාන

]]>
https://divaina.lk/%e0%b6%87%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bb%e0%b6%a2%e0%b7%94%e0%b6%b1%e0%b7%92-%e0%b6%85%e0%b6%b4%e0%b6%a7-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%b8%e0%b7%94%e0%b6%ad/feed/ 0
මුතු රාජාගේ ගුවන් ගමන ලෝකයේම අවධානයට https://divaina.lk/%e0%b6%b8%e0%b7%94%e0%b6%ad%e0%b7%94-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a/ https://divaina.lk/%e0%b6%b8%e0%b7%94%e0%b6%ad%e0%b7%94-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a/#respond Sun, 02 Jul 2023 23:50:00 +0000 https://divaina.lk/?p=154428 මුතුරාජා හස්තියා කටුනායක සිට තායිලන්තයට යන ගුවන් ගමන ලෝකයේම අවධානයට ලක්විය. එම රුසියානු ගුවන් යානයේ ගමන ඊයේ දිනයේ වැඩියෙන්ම නිරීක්ෂණය කළ පියාසැරිය ලෙස වාර්තා විය.

කටුනායක ගුවන්තොටුපළේ කාර්යභාර නිලධාරියා පැවසුවේ මුතු රාජා රැගත් යානය ඊයේ පෙරවරු 7.30ට තායිලන්තය බලා පිටත්ව ගිය බවයි. එම අවස්ථාව දැක ගන්නට මුතු රාජාට ආදරය කරන විශාල පිරිසක් දෙහිවල සත්වෝද්‍යානයට මෙන්ම කටුනායක ගුවන්තොටුපළට ද පැමිණ සිටියහ. 2001 වසරේ තායිලන්ත රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු මුතු රාජා අලුත්ගම කන්දේ විහාරය භාරයේ සිටියදී හිංසනයට ලක් වූ බවට වාර්තා වීමෙන් පසු මුතු රාජාට අවශ්‍ය ප්‍රතිකාර සහ රැකවරණය ලබාදීම සඳහා යළි රැගෙන යෑමට තායිලන්ත රජය විසින් පියවර ගනු ලැබුවේය.

චතුර පමුණුව

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b7%94%e0%b6%ad%e0%b7%94-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a/feed/ 0
මුතුරාජා තායිලන්තයේ ඡන්ද පොරොන්දුවකුත් වුණා- පාර්ලිමේන්තුවේදී හෝ කනගාටුව පළ කරමු- ඩලස් අලහප්පෙරුම https://divaina.lk/%e0%b6%b8%e0%b7%94%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8f-%e0%b6%ad%e0%b7%8f%e0%b6%ba%e0%b7%92%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba%e0%b7%9a-%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af/ https://divaina.lk/%e0%b6%b8%e0%b7%94%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8f-%e0%b6%ad%e0%b7%8f%e0%b6%ba%e0%b7%92%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba%e0%b7%9a-%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af/#respond Tue, 20 Jun 2023 23:41:00 +0000 https://divaina.lk/?p=152237 අලුත්ගම කන්දෙ විහාරයේ සිටි මුතුරාජා හස්තියා සම්බන්ධයෙන් ඇති වූ තත්ත්වයට තමන් රට වෙනුවෙන් තායිලන්ත රජයට කනගාටුව පළ කළ බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) පැවසීය. එම සිදුවීම නිසා දෙරට අතර ඇති මිත්‍රත්වයේ කිසිදු පළුදුවීමක් සිදු නොවුණු බවද හෙතෙම කීවේය.

එහිදී ඇති වූ කතා බහ මෙසේය.

ඩලස් අලහප්පෙරුම මහතා – පසුගිය මාසයේ සිට අපේ රටට බරපතළ අපකීර්තියක් ලබන්න වුණා මුතුරාජා හස්තියා සම්බන්ධයෙන්. තායිලන්තයේ මැතිවරණ වේදිකාවේදීත් මේ ගැන කතා වුණා. එය මැතිවරණ පොරොන්දුවක් බවටත් පත් වුණා. දළදා මාලිගාවට පරිත්‍යාග කරපු මේ හස්තියාව අලුත්ගම කන්දෙ විහාරයට දී තිබෙනවා. එතැනදී හස්තියාට සිදු වූ නොසලකා හැරීම් ගැන රෙයාර් සංවිධානය විසින් පැමිණිල්ලකුත් කළා. නමුත් පියවරක් ගත්තේ නෑ. ඉන් පසුව ඒ සංවිධානය තායිලන්ත තානාපති කාර්යාලයට පැමිණිලි කළා. ලෝකයේ බොහෝ රූපවාහිනී නාලිකාවල මේ ගැන ප්‍රචාරය වුණා. අපි රටක් වශයෙන් මේ වනතෙක් අඩුම තරමේ කනගාටුවවත් ප්‍රකාශ කර නෑ. දැන් ඒ සතා නැවත තායිලන්තයට ගෙනියන්න සූදානම් කර තිබෙනවා. පාර්ලිමේන්තුව ලෙසවත් මේ ගැන කනගාටුව ප්‍රකාශ කරමු.

වනජීවී ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය –

අපි මේ හස්තියාව තාවකාලිකව මේ වන විට දෙහිවල සත්ත්වෝද්‍යානයේ රඳවාගෙන සියලු බෙහෙත් සහ කෑම බීම ලබා දීම උපරිම වශයෙන් කරගෙන යනවා. තායිලන්ත තානාපතිතුමා හමුවෙලා මේ සතාව නැවත ගෙනියන්න එපා කියලා කිව්වා. මේ සතාව සන්නසකින් පවරා දුන් පසුව ඒ ගැන සොයා බැලීමක් කරන්නේ නෑ. තාවකාලිකව හෝ හාමුදුරුවන් කැමති කරගෙන අපි ඒ සතාට අවශ්‍ය කටයුතු කරගෙන යනවා. එම හස්තියා ලැබුණු පසු හිටපු ජනාධිපතිනියයි මේ පන්සලට දීලා තියෙන්නේ. රටට කරන ගෞරවයක් ලෙස අපි මේ වන විට කළ හැකි උපරිම සත්කාර කළා. නමුත් තායිලන්තය හස්තියා යළි ගෙනයන්න දැඩිව ඉල්ලනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස – සන්නසකින් භාර දුන්නාම ඒ අයිතිය පන්සල සතුයි කියලා අලි ඇතුන් සම්බන්ධයෙන් වනජීවි එකට අත හෝදගන්න බෑ. මා යෝජනා කරනවා මාසයකට වතාවක් හෝ ගිහින් යම් කිසි දෙයක් කරන්න. මේ සතුන් අපේ පෙරහැර සංස්කෘතියට වැදගත්. පශු වෛද්‍ය සංචිතයක් හදලා අලින්ට රැකවරණය ඇතුළු අනෙකුත් පහසුකම් ලැබෙනවාද කියලා විමසීමක් කළොත් හොඳයි. එහෙම කිසිම වැඩසටහනක් කෙරෙන්නේ නෑ. දැන් සිටින පශු වෛද්‍යවරුනුත් රට හැර යන තත්ත්වයක් තිබෙන්නේ.

අනුර ප්‍රියදර්ශන යාපා මහතා– රටකින් රටකට ලබා දුන්නු ත්‍යාගයක් සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය තිබෙන්නේ. මම අහන්නේ අගමැතිතුමා රට වෙනුවෙන් ඒ රටට කනගාටුව ප්‍රකාශ කරනවාද? නැද්ද?

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා-

මම ගිය මාසයේ තායිලන්ත සංචාරයේ දී එරට අග්‍රාමාත්‍යතුමා සමග කළ සාකච්ඡාවේදී අපේ රට වෙනුවෙන් ඒ කනගාටුව ප්‍රකාශ කළා. ඒ ගැන කිසිම අවශ්‍යතාවකුත් දැක්වූවේ නෑ. යොදාගත්ත කාලසටහන අනුව මුතුරාජා ඉදිරි දවස්වලදී තායිලන්තය කරා ගමන් කරනවා. ඇමැතිතුමිය කිව්වා වගේ ඒ විධිවිධාන පරිදි අපේ නායක ස්වාමීන් වහන්සේත් අවශ්‍ය ලියකියවිලි භාර දීලා තිබෙනවා ඒ සාත්තු කිරීම හා නිරෝගී තත්ත්වයට පත් වූ පසු යළි අපට ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධව. තායිලන්තයයි, ශ්‍රී ලංකාවයි අතර තිබෙන මිත්‍රත්වය, සුවිශේෂ මිත්‍රත්වයක් බව යළිත් ප්‍රකාශ කළා. ඒ සතා ඒ ගමන් කරන විශේෂ ආරක්ෂක කූඩුව සකස් කරලා තියෙනවා. මේ සංචාරයේදී තායිලන්ත රජතුමා හමුවීමට හැකිවුණා. ශ්‍රී ලංකාවට බොහෝම විරල අවස්ථාවක්, ආසියාවේ නායකයන් අතර ලැබුණු. ඒ නිසා අපේ මිත්‍රත්වය ඉතාම තහවුරුයි. අන්‍යොන්‍ය එකඟතාවයෙන් වැඩ කරන්නට එකඟ වුණු හැම කාරණාවක් ගැනම දෙරට අතර ඒ විශ්වාසය ඇති වී තිබෙනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b7%94%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8f-%e0%b6%ad%e0%b7%8f%e0%b6%ba%e0%b7%92%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba%e0%b7%9a-%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af/feed/ 0