Nadeesha Dilhani Lekhamge – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Tue, 03 Oct 2023 16:43:50 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Nadeesha Dilhani Lekhamge – Divaina https://divaina.lk 32 32 නදීෂාගේ හෙල්ලයෙන් පදක්කම් නියඟය නිමා වේ https://divaina.lk/%e0%b6%b1%e0%b6%af%e0%b7%93%e0%b7%82%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b7%84%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b6%b8/ https://divaina.lk/%e0%b6%b1%e0%b6%af%e0%b7%93%e0%b7%82%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b7%84%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b6%b8/#respond Tue, 03 Oct 2023 23:55:00 +0000 https://divaina.lk/?p=172277 ආසියානු ක්‍රීඩා තරගාවලි ඉතිහාසයේ දහහත් වසරක් පුරා පැවැති මලල ක්‍රීඩා පදක්කම් නියඟයට තිත තබමින් හෙල්ල විසිකිරීමේ ක්‍රීඩා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දීමට නදීෂා දිල්හානි ලේකම්ගේ චීනයේ හැංජෝ නුවරදී ඊයේ (03 වැනිදා) සමත් වූවාය.

එහිදී ඇය මීටර් 61.57 ක් දුර හෙල්ල විසි කරමින් ඇයගේ පෞද්ගලික හොඳම දක්ෂතාවයද සමග මෙම පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

2017 වසරේ පැවැති ආසියානු ශූරතාවලියේදී ද රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමට ඇය සමත් වූ අතර එවර ඇයගේ දක්ෂතාවය වූයේ මීටර් 58. 11 එකකි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මීට පෙර අවසන් වරට මලල ක්‍රීඩා අංශයෙන් පදක්කම් දිනා ගෙන තිබුණේ 2006 වසරේ දී සුසන්තිකා ජයසිංහ සහ පිරිමි සහාය දිවීමේ කණ්ඩායමයි. කටාර් දෝහා හිදී එම තරගාවලිය පැවැත්විනි.

මේ අතර මලල ක්‍රීඩා ඉසව්වෙන් ශ්‍රී ලංකා මැදපෙළ දුර ධාවන ශූරියන් වන තරුෂි කරුණාරත්න සහ ගයන්තිකා අබේරත්න මීටර් 800 කාන්තා අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්හ.

මෙම ඉසව්වේ අවසන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (4) පස්වරු 4.55 ට පැවැත්වෙයි.

ගයන්තිකා අබේරත්න මීටර් 800 කාන්තා තරග ඉසව්ව තත්පර 2:07.17 කින් නිම කරමින් ද සහ තරුෂි කරුණාරත්න තත්පර 2:05.48. කින් නිම කරමින් ද අවසන් තරගයට සුදුසුකම් ලැබූහ.

]]>
https://divaina.lk/%e0%b6%b1%e0%b6%af%e0%b7%93%e0%b7%82%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b7%84%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b6%b8/feed/ 0