Nalaka Silva – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 30 Mar 2023 17:35:10 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Nalaka Silva – Divaina https://divaina.lk 32 32 වැඩ තහනම්ව සිටි නාලක සිල්වා යළිත් පොලිස් සේවයට https://divaina.lk/%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%ad%e0%b7%84%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a%e0%b7%80-%e0%b7%83%e0%b7%92%e0%b6%a7%e0%b7%92-%e0%b6%b1%e0%b7%8f%e0%b6%bd%e0%b6%9a-%e0%b7%83%e0%b7%92%e0%b6%bd%e0%b7%8a/ https://divaina.lk/%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%ad%e0%b7%84%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a%e0%b7%80-%e0%b7%83%e0%b7%92%e0%b6%a7%e0%b7%92-%e0%b6%b1%e0%b7%8f%e0%b6%bd%e0%b6%9a-%e0%b7%83%e0%b7%92%e0%b6%bd%e0%b7%8a/#respond Thu, 30 Mar 2023 23:52:00 +0000 https://divaina.lk/?p=136820 හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන හා ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි එල්ල වූ චෝදනා හමුවේ වැඩ තහනම් කරනු ලැබූ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා නැවත සේවයේ පිහිටුවන ලෙස ජාතික පොලිස් කොමිසම නිර්දේශ කර තිබේ.

ඔහු නැවත සේවයේ පිහිටුවීමේ දී වැටුපෙන් අඩක් පමණක් ලබාදීම, බස්නාහිර පළාතෙන් පිටත සුදුසු රාජකාරියක යෙදවීම සහ ඔහුට චෝදනා එල්ල වූ නඩුවේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් නොකිරීම ආදී වශයෙන් කොන්දේසි කිහිපයක් පැනවීමට ද පොලිස් කොමිසම පියවර ගෙන ඇත.

නාලක සිල්වා මහතා නැවත සේවයේ පිහිටුවීමට පොලිස් කොමිසම ගනු ලැබූ තීරණය කොමිසමේ ලේකම්වරයා විසින් ඉකුත් 15 වැනිදා පොලිස්පතිවරයාට දැනුම් දී ඇති. ඒ පිළිබඳ පොලිසියේ අදාළ ඉහළ නිලධාරීන්ට ලිඛිතව දන්වා යැවීමට පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා පියවර ගෙන තිබේ.

සේවයේ පිහිටුවීමෙන් පසු ඒ මහතා පුත්තලම දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ.

මාර්තු පළමු වැනිදා සිට බලාත්මකවන පරිදි ජාතික පොලිස් කොමිසම විසින් නාලක සිල්වා මහතා නැවත සේවයේ පිහිටුවීම සිදුකර තිබේ.

හේමන්ත රන්දුණු සහ සමන් ගමගේ

]]>
https://divaina.lk/%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%ad%e0%b7%84%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a%e0%b7%80-%e0%b7%83%e0%b7%92%e0%b6%a7%e0%b7%92-%e0%b6%b1%e0%b7%8f%e0%b6%bd%e0%b6%9a-%e0%b7%83%e0%b7%92%e0%b6%bd%e0%b7%8a/feed/ 0