National Athletics Festival – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Tue, 04 Oct 2022 03:10:17 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg National Athletics Festival – Divaina https://divaina.lk 32 32 47 වන ජාතික මහා ක්‍රීඩා උළෙල ලබන 8 සහ 9 https://divaina.lk/47-%e0%b7%80%e0%b6%b1-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8f-%e0%b6%8b%e0%b7%85%e0%b7%99%e0%b6%bd/ https://divaina.lk/47-%e0%b7%80%e0%b6%b1-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8f-%e0%b6%8b%e0%b7%85%e0%b7%99%e0%b6%bd/#respond Mon, 03 Oct 2022 23:40:00 +0000 https://divaina.lk/?p=101686 47 වන ජාතික මහා ක්‍රීඩා උළෙල ලබන 8 සහ 9 යන දෙදින ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් ගම්පහ දී පැවැත්වීමට සංවිධානය කර ඇත.

එම තරගවලින් ජය ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික සංචිතයට තෝරාගැනීමට නියමිත අතර ක්‍රීඩා උළෙල සමස්ත ක්‍රීඩා ඉසව් 31කින් යුක්ත වේ.

තරගාවලියේ ප්‍රධාන තරග ඉසව් ලෙස ජාතික මැරතන් තරගය, සහ පාපැදි ධාවන තරගය පැවැත්වේ.

එහිදී කිලෝමීටර් 42ක දුරකින් යුත් පිරිමි මැරතන් තරගය සඳහා ක්‍රීඩකයන් 70ක්ද, කාන්තා මැරතන් තරගය සඳහා ක්‍රීඩිකාවන් 30ක්ද සහභාගිවීමට නියමිතය.

එම තරගය ලබන 08 දා උදෑසන 5.30ට ආරම්භවීමට නියමිත වන අතර තරග ආරම්භය ගම්පහ උඩුගම්පොල මාර්ගයේ ගුවන් පාලම අසල පන්සල පරිශ්‍රයේදී සිදු කෙරේ.

තරග සඳහා සහභාගිවීමට අපේක්‍ෂිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබන 07 වන දින ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණය අසල දී ප.ව. 1.00 සිට ප.ව. 6.00 දක්වා ලියාපදිංචි කිරීම සිදු කෙරේ.

කිලෝමීටර 20ක දුරකින් යුත් කාන්තා සහ පිරිමි ඇවිදීමේ තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලියාපදිංචි කිරීම ලබන 08 වෙනිදා ප.ව. 1.00 සිට ප.ව. 6.00 දක්වා  ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණය අසලදී සිදු කෙරේ.

එම තරග ලබන 09 වෙනිදා උදෑසන 5.45 ට ගම්පහ අලුත් පාර පන්සල අසලින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. ඒ සඳහා ක්‍රීඩකයන් සියයක් සහ ක්‍රීඩිකාවන් හතළිහක් සහභාගිවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

පාපැදි රේසින් තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලියාපදිංචිය ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණය අසල දී ප.ව. 1.00 සිට ප.ව. 6.00 දක්වා සිදු කෙරෙන අතර ඉන් කාන්තා ලියාපදිංචිය ලබන 07දා ද පිරිමි ලියාපදිංචිය ලබන 08දා ද සිදු කෙරේ.

පාපැදි කාන්තා රේසින් තරගය කිලෝමීටර් 82.5ක දුරකින් යුක්ත වන අතර එම තරඟය ලබන 08 දා උදෑසන 9.40 ට ගම්පහ අස්ගිරිය අලුත් පාර අසල දී සිදු කෙරේ.

කිලෝ මීටර් 165 ක දුරකින් යුත් පිරිමි පාපැදි රේසින් තරගය ඊට පසු දින එනම් ලබන 09 වැනිදා ගම්පහ අස්ගිරිය අලුත් පාරෙන් ආරම්භ වෙයි.

මෙම තරඟ සඳහා ක්‍රීඩකයන් 250ක්ද, ක්‍රීඩිකාවන් 50ක්ද සහභාගිවනු ඇතැයි සංවිධායකයෝ අපේක්‍ෂා කරති.

මැරතන්, ඇවිදීමේ තරග සහ පාපැදි රේසින් තරගවලදී පළමු ස්ථානය දිනාගන්නා තරගකරුවන්ට රුපියල් 50,000ක මුදලක් පිරිනැමීමට කටයුතු යොදා ඇත.

දෙවන සහ තෙවන ස්ථානවලට පිළිවෙලින් රුපියල් 40,000ක මුදලක් සහ 30,000ක මුදලක් පිරිනැමේ.

තරගාවලියේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන ලබාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සහතික පත්, පදක්කම් හා කුසලාන ද පිරිනැමීමට කටයුතු යොදා ඇත.

ක්‍රීඩා උළෙලේ පාපැදි, මැරතන්, සහ ඇවිදිමේ තරග සඳහා අනුග්‍රාහකත්වය දක්වන නෙස්ලේ සමුහ ආයතනය වෙනුවෙන් එහි උප සභාපති බන්දුල එගොඩගේ මහතා විසින් අනුග්‍රාහක චෙක්පත ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙත භාරදෙන ලද අයුරු ඡායාරූපයේ දැක්වේ. ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ද ඡායාරූපයේ ද වේ. ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

කුෂාන් සුබසිංහ

]]>
https://divaina.lk/47-%e0%b7%80%e0%b6%b1-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8f-%e0%b6%8b%e0%b7%85%e0%b7%99%e0%b6%bd/feed/ 0