National Audit Office – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Mon, 09 Oct 2023 08:17:36 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg National Audit Office – Divaina https://divaina.lk 32 32 ඊපීඑෆ් හෝටල් ආයෝජනයෙන් ශත පහක්වත් ප්‍රතිලාභ ලැබිලා නෑ https://divaina.lk/%e0%b6%8a%e0%b6%b4%e0%b7%93%e0%b6%91%e0%b7%86%e0%b7%8a-%e0%b7%84%e0%b7%9d%e0%b6%a7%e0%b6%bd%e0%b7%8a-%e0%b6%86%e0%b6%ba%e0%b7%9d%e0%b6%a2%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%81/ https://divaina.lk/%e0%b6%8a%e0%b6%b4%e0%b7%93%e0%b6%91%e0%b7%86%e0%b7%8a-%e0%b7%84%e0%b7%9d%e0%b6%a7%e0%b6%bd%e0%b7%8a-%e0%b6%86%e0%b6%ba%e0%b7%9d%e0%b6%a2%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%81/#respond Sat, 07 Oct 2023 23:52:00 +0000 https://divaina.lk/?p=173096 සේවක අර්ථසාධක අරමුදල විසින් ලැයිස්තුගත නොවූ සමාගම්වල කොටස් ආයෝජනයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ආයෝජනය කොට වසර 09ක් ගතවී තිබුණ ද එකී ආයෝජනයෙන් කිසිදු ප්‍රතිලාභයක් මේ දක්වාම අරමුදලට ලැබී නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.

ලැයිස්තුගත නොවූ සමාගම්වල කොටස් ආයෝජනයෙන් සියයට 53ක් 2013 වර්ෂයේ දී හෝටල් සංකීර්ණය ඉදිකිරීම සඳහා ආයෝජනය කර තිබුණි. මෙකී හෝටල් සංකීර්ණයේ ඉදිකිරීමට අදාළව ග්‍රැන්ටි හයිට් කොළඹ ව්‍යාපෘතියේ ඉදිකිරීමේ කටයුතු 2020 ජුලි මාසයේ දී නැවත ආරම්භ කර තිබුණි. කෙසේවුවද ඒ සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකිරීමටත් මූල්‍ය අවශ්‍යතා රැස්කිරීමටත් අධ්‍යක්ෂ මණ්ඩලයට අවශ්‍ය බලතල ලබාදීම සිදුකොට ඇත්තේ 2022 වර්ෂයේ ජනවාරි මාසයේ දීය. සැලසුම් කළ පරිදි හෝටල් සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු 2021 වර්ෂයේ දෙසැම්බර් මස අවසන් කළයුතු වුවද 2022 වර්ෂය තුළදීවත් එහි ඉදිකිරීම් කටයුතු අවසන් වී නොතිබුණි.

ආයෝජනයන් සිදුකිරීමේදී සාමාජිකයන්ට ඉහළ ප්‍රතිලාභ ලබා දීමට හැකිවන පරිදි අවදානම අවම වන ප්‍රශස්ථ ආයෝජනයන් සිදුකළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කර ඇත. මේ පිළිබඳ සේවක අර්ථ සාධක අරමුදලේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ හෝටල් සංකීර්ණයේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීමට තීන්දුකොට තිබුණ ද ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන හා විදේශ විනිමය ලබා ගැනීමේ ගැටලුවක් පැවැති බවය. එම නිසා විදේශ ආයෝජන ලබා ගැනීම සඳහා අදාළ හෝටල් සමාගම විසින් 2021 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ ආයෝජන යෝජනා කැඳවා තිබූ බව විගණනයට සඳහන් කර ඇත. රටේ පැවැති විදේශ විනිමය අර්බුදය හා ආර්ථික තත්ත්වය යටතේ එය ක්‍රියාත්මක කිරීමට නොහැකි බව සමාගම විසින් දන්වා තිබූ බව සේවක අර්ථසාධක අරමුදලේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර තිබුණි.

ලලිත් චාමින්ද

]]>
https://divaina.lk/%e0%b6%8a%e0%b6%b4%e0%b7%93%e0%b6%91%e0%b7%86%e0%b7%8a-%e0%b7%84%e0%b7%9d%e0%b6%a7%e0%b6%bd%e0%b7%8a-%e0%b6%86%e0%b6%ba%e0%b7%9d%e0%b6%a2%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%81/feed/ 0
සමුළුව නැවතීමෙන් කෝටි 11ක් වතුරේ https://divaina.lk/%e0%b7%83%e0%b6%b8%e0%b7%94%e0%b7%85%e0%b7%94%e0%b7%80-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad%e0%b7%93%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%9d%e0%b6%a7%e0%b7%92-11%e0%b6%9a%e0%b7%8a/ https://divaina.lk/%e0%b7%83%e0%b6%b8%e0%b7%94%e0%b7%85%e0%b7%94%e0%b7%80-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad%e0%b7%93%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%9d%e0%b6%a7%e0%b7%92-11%e0%b6%9a%e0%b7%8a/#respond Sat, 07 Oct 2023 23:51:00 +0000 https://divaina.lk/?p=173098 ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව 2022 වසරේදී නොපැවැත්වීම නිසා එම සමුළුවේ සත්කාරක කටයුතු සඳහා අවශ්‍ය කාර්යයන් සංවිධානය කර ගැනීමට වැය කරනු ලැබූ රුපියල් එකොළොස් කෝටි පනස් දෙලක්ෂ හැටහතර දහස් හයසිය දහනමයක මුදල (115,264,619) ශ්‍රී ලංකා රජයට අනාර්ථික වියදමක් බවට පත්ව තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම සමුළුව ඉදිරි වසරක් සඳහා කල් දමන ලෙස ඉල්ලා තිබූ අතර ඒ සඳහා 2022 වර්ෂයේ අප්‍රේල් මස 16 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබුණි. මේ නිසා සමුළුව පැවැත්වීමට අදාළව 2021 හා 2022 යන වර්ෂවල දී එතෙක් දරා තිබූ වියදම අපතේ ගොස් ඇති බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඉල්ලීම පරිදි මෙකී සමුළුවේ සත්කාරකත්වය ලබාදීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලය විසින් අනුමත කර තිබුණි. ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට 2021 වර්ෂයේ දී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබුණි. සත්කාරක කටයුතු සඳහා අවශ්‍ය කාර්යයන් සංවිධානය කර ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමග අවබෝධතා ගිවිසුමකට හා පිරිවැය බෙදා ගැනීමේ ගිවිසුමකට එළඹ තිබුණි.

ලලිත් චාමින්ද

]]>
https://divaina.lk/%e0%b7%83%e0%b6%b8%e0%b7%94%e0%b7%85%e0%b7%94%e0%b7%80-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad%e0%b7%93%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%9d%e0%b6%a7%e0%b7%92-11%e0%b6%9a%e0%b7%8a/feed/ 0
කෙසෙල් පට්ටෙන් නූල් හදන කෝටියේ යන්ත්‍රය පුස් කයි https://divaina.lk/%e0%b6%9a%e0%b7%99%e0%b7%83%e0%b7%99%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b4%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%96%e0%b6%bd%e0%b7%8a-%e0%b7%84%e0%b6%af%e0%b6%b1-%e0%b6%9a/ https://divaina.lk/%e0%b6%9a%e0%b7%99%e0%b7%83%e0%b7%99%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b4%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%96%e0%b6%bd%e0%b7%8a-%e0%b7%84%e0%b6%af%e0%b6%b1-%e0%b6%9a/#respond Sat, 30 Sep 2023 23:44:00 +0000 https://divaina.lk/?p=171871 කෙසෙල් පට්ටා භාවිත කර නූල් නිෂ්පාදනය කිරීමේ අරමුණින් රුපියල් එක්කෝටි දහනම ලක්ෂ හැටදෙදස් තුන්සිය තිස්පහක (11,962,335 ) වියදමක් දරා ගෙන්වනු ලැබූ යන්ත්‍රය දැනට වසර හතරක පමණ කාලයක සිට භාවිතයට නොගෙන පවතින බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය විසින් banana yarn ව්‍යාපෘතිය යටතේ 2019 වර්ෂයේ දී කෙසෙල් පට්ටා භාවිත කර නූල් නිෂ්පාදනය කිරීමේ අරමුණින් මෙම යන්ත්‍රය මිලදී ගෙන තිබුණි. අපේක්ෂිත පරිදි එම කටයුත්ත සාර්ථක නොවීම නිසා මෙම යන්ත්‍රය භාවිතයට නොගෙන පවතින අතර එය ක්‍රියාත්මක කිරීමට පුහුණුව ලත් යන්ත්‍ර ක්‍රියාකරුවකු ද නොමැති බව ද විගණන වාර්තාවේ සඳහන්ව ඇත. වත්කම් පලදායි ලෙස භාවිත කළ යුතු බැව් විගණනය මගින් නිර්දේශ කර ඇත.

ලලිත් චාමින්ද

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b7%99%e0%b7%83%e0%b7%99%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b4%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%96%e0%b6%bd%e0%b7%8a-%e0%b7%84%e0%b6%af%e0%b6%b1-%e0%b6%9a/feed/ 0
මිලියන 21045ක් අරුවක්කාලුවේම ගිලිලා? https://divaina.lk/%e0%b6%b8%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%b1-21045%e0%b6%9a%e0%b7%8a-%e0%b6%85%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b7%94%e0%b7%80%e0%b7%9a%e0%b6%b8/ https://divaina.lk/%e0%b6%b8%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%b1-21045%e0%b6%9a%e0%b7%8a-%e0%b6%85%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b7%94%e0%b7%80%e0%b7%9a%e0%b6%b8/#respond Sat, 16 Sep 2023 23:41:00 +0000 https://divaina.lk/?p=169345 අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රැඳවුම් ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන විසිඑක්දහස් හතළිස් පහක මුදලක් වැයකර තිබුණ ද එම ව්‍යාපෘතියෙන් අපේක්ෂිත ප්‍රතිලාභ ලබා ගැනීමට 2022 වර්ෂය අවසානය දක්වාම නොහැකි වී තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි.

මෙකී ව්‍යාපෘතිය නිම කළ යුතු දිනය ඉක්මවා වසර තුනක කාලයක් ද ගත වී තිබුණි. අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රැඳවුම් මධ්‍යස්ථානය ගංවතුර ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස්කර නොතිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.

මෙම තත්ත්වය නිසා 2021 වර්ෂයේ දී ඇතිවූ ගංවතුරෙන් යටවී අක්‍රිය තත්ත්වයට පත්ව තිබූ යන්ත්‍රෝපකරණ ඉකුත් වර්ෂය අවසන් වන විට ද යථා තත්ත්වයට පත්කර නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%b1-21045%e0%b6%9a%e0%b7%8a-%e0%b6%85%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b7%94%e0%b7%80%e0%b7%9a%e0%b6%b8/feed/ 0