National Police Commission – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Wed, 11 Oct 2023 09:24:18 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg National Police Commission – Divaina https://divaina.lk 32 32 නියෝජ්‍ය පොලිස්පතිවරුන් 8කට ස්ථාන මාරු https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%9d%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b7%94%e0%b6%b1%e0%b7%8a/ https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%9d%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b7%94%e0%b6%b1%e0%b7%8a/#respond Tue, 10 Oct 2023 23:43:00 +0000 https://divaina.lk/?p=173731 නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති ජී. එම්. එච්. බී. සිරිවර්ධන මහතා ප්‍රවාහන හා ස්වදේශ දිශාව සිට පොලිස් මූලස්ථාන දිශාවට ද, නියෝජ්‍ය පොලිස්පති කේ. කඩුපිටිය මහතා බස්නාහිර පළාත (දකුණ) දිශාව සිට ප්‍රවාහන හා සංදේශ දිශාවට ද, නියෝජ්‍ය පොලිස්පති එච්. සමුද්‍රජීව මහතා කිලිනොච්චි දිශාව සිට බස්නාහිර පළාත් (ප්‍රජා පොලිස් පරිසර ආරක්ෂණ, මහජන සාමය කළමනාකරණ) දිශාවට ද, නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිල මහතා වන්නි දිශාව සිට අපරාධ දිශාවට ද, නියෝජ්‍ය පොලිස්පති ඩී. ජී. එස්. ද සිල්වා මහතා පොලිස් මූලස්ථාන දිශාව සිට කිලිනොච්චි දිශාවටද, නියෝජ්‍ය පොලිස්පති එස්. ඩී. විජේසේකර මහතා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිට වන්නි දිශාවට ද ස්ථාන මාරුකර ඇත.

නෝමන් පලිහවඩන

]]>
https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%9d%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b7%94%e0%b6%b1%e0%b7%8a/feed/ 0
පොලිස් කොමිසම හිරකූඩුව ළඟටම https://divaina.lk/%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b8%e0%b7%92%e0%b7%83%e0%b6%b8-%e0%b7%84%e0%b7%92%e0%b6%bb%e0%b6%9a%e0%b7%96%e0%b6%a9%e0%b7%94%e0%b7%80-%e0%b7%85/ https://divaina.lk/%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b8%e0%b7%92%e0%b7%83%e0%b6%b8-%e0%b7%84%e0%b7%92%e0%b6%bb%e0%b6%9a%e0%b7%96%e0%b6%a9%e0%b7%94%e0%b7%80-%e0%b7%85/#respond Sat, 26 Aug 2023 23:46:00 +0000 https://divaina.lk/?p=165142 පොලිස් කොමිසමේ නිලධාරීන් මින් ඉදිරියට පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන්ගේ තොරතුරු විමර්ශනය කිරීම සඳහා ඔවුන් රඳවා සිටින පොලිස් ස්ථාන වෙත ගොස් ප්‍රශ්න කළ යුතුව ඇතැයි පොලිස් කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇතැයිද එම ප්‍රකාශකයා පැවසීය.

මේ අනුව මෙතෙක් කල් රතුකුරුස හමුදාව සහ මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් ක්‍රියාකළ ආකාරයට පොලිස් කොමිසමේ නිලධාරීන්ද මෙම සැකකරුවන් රඳවා සිටින පොලිස් ස්ථානවලට ගොස් ඔවුන්ගෙන් ප්‍රශ්න කර තොරතුරු ලබා ගැනීමට පියවරගනු ලබන බවද පැවසීය.

මේ අනුව ඔවුන් පොලිසිය තුළදී පහරදීම්වලට ලක් වූවාද, කොපමණ කාලයක් තිස්සේ පොලිසියේ රඳවා සිටිනවාද යන්න පිළිබඳව තොරතුරු ලබාගන්නා බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මේ සඳහා පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් යම්කිසි අසාධාරණයකට ලක්ව ඇතැයි සැක කරන්නේ නම් ඒ බව පවුලේ සාමාජිකයන් මාර්ගයෙන් හෝ මේ බව පොලිස් කොමිසමට දැනුම් දිය හැකිය.

නෝමන් පලිහවඩන

]]>
https://divaina.lk/%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b8%e0%b7%92%e0%b7%83%e0%b6%b8-%e0%b7%84%e0%b7%92%e0%b6%bb%e0%b6%9a%e0%b7%96%e0%b6%a9%e0%b7%94%e0%b7%80-%e0%b7%85/feed/ 0
ඕඅයිසීලා පත් කරන මාරු කරන බලය පොලිස් කොමිසමට https://divaina.lk/%e0%b6%95%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%93%e0%b6%bd%e0%b7%8f-%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%94-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1/ https://divaina.lk/%e0%b6%95%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%93%e0%b6%bd%e0%b7%8f-%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%94-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1/#respond Thu, 27 Jul 2023 23:55:00 +0000 https://divaina.lk/?p=159193 දේශපාලනඥයන්ගේ ලියුම්-බලපෑම් බැහැ

පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනමය කාර්යයන් රැසක් සඳහා ජාතික පොලිස් කොමිසම වෙත පූර්ණ බලතල ලබාදී ඇත.

පොලිස් ස්ථානාධිපති ධුරයේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා ඇති සියලුම නිලයන්ගේ මාරු කිරීම්, පත් කිරීම්, බඳවා ගැනීම්, විනය ක්‍රියා මාර්ග ගැනීම්, උසස්වීම් ලබාදීම්, සේවයෙන් පහ කිරීම්, ජාතික පොලිස් කොමිසම විසින් මින් ඉදිරියට ක්‍රියාත්මක කරනු ඇත.

පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම දේශපාලනඥයන්ගේ ලියුමට ඔවුන්ගේ බලපෑම් මත සිදු කෙරුණු බවට මීට පෙර චෝදනා එල්ල වී තිබිණි.

එසේ පත්කරනු ලැබූ බොහෝ පොලිස් ස්ථානාධිපතිවරුන් සුදුසුකම් නැති නිලධාරීන් බවට ද චෝදනා එල්ල විය.

හේමන්ත රන්දුණු

]]>
https://divaina.lk/%e0%b6%95%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%93%e0%b6%bd%e0%b7%8f-%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%94-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1/feed/ 0
පොලිස් කොමිසමට සාමාජිකයෝ පත්වෙති https://divaina.lk/%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b8%e0%b7%92%e0%b7%83%e0%b6%b8%e0%b6%a7-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2%e0%b7%92%e0%b6%9a%e0%b6%ba%e0%b7%9d/ https://divaina.lk/%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b8%e0%b7%92%e0%b7%83%e0%b6%b8%e0%b6%a7-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2%e0%b7%92%e0%b6%9a%e0%b6%ba%e0%b7%9d/#respond Tue, 16 May 2023 23:43:00 +0000 https://divaina.lk/?p=145411 ජනාධිපතිවරයා විසින් ජාතික පොලිස් කොමිසමේ නව නිලධාරි මණ්ඩලය ඊයේ (16 දා) පත්කර ඇත.

ජාතික පොලිස් කොමිසමේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා පත්කර තිබේ.

සභාපතිවරයාට අමතරව එහි කොමසාරිස්වරුන් හත්දෙනෙකු ද පත්කර ඇත.

ජාතික පොලිස් කොමිසමේ ඊයේ වනවිට පත්කර ඇති සමාජිකයින් මෙසේය. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී සිල්වා, ඩී. කේ. රේණුකා ඒකනායක, දිල්ෂාන් කපිල ජයසූරිය, කනපති පිල්ලෙයි කරුණාහරන්,

පොලිස් කොමිසමේ සභාපතිවරයා ලෙස හිටපු මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙතින් පත්වීම් ලිපිය භාර ගත් අයුරු.

හේමන්ත රන්දුණු

]]>
https://divaina.lk/%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b8%e0%b7%92%e0%b7%83%e0%b6%b8%e0%b6%a7-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2%e0%b7%92%e0%b6%9a%e0%b6%ba%e0%b7%9d/feed/ 0
වැඩ තහනම්ව සිටි නාලක සිල්වා යළිත් පොලිස් සේවයට https://divaina.lk/%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%ad%e0%b7%84%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a%e0%b7%80-%e0%b7%83%e0%b7%92%e0%b6%a7%e0%b7%92-%e0%b6%b1%e0%b7%8f%e0%b6%bd%e0%b6%9a-%e0%b7%83%e0%b7%92%e0%b6%bd%e0%b7%8a/ https://divaina.lk/%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%ad%e0%b7%84%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a%e0%b7%80-%e0%b7%83%e0%b7%92%e0%b6%a7%e0%b7%92-%e0%b6%b1%e0%b7%8f%e0%b6%bd%e0%b6%9a-%e0%b7%83%e0%b7%92%e0%b6%bd%e0%b7%8a/#respond Thu, 30 Mar 2023 23:52:00 +0000 https://divaina.lk/?p=136820 හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන හා ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි එල්ල වූ චෝදනා හමුවේ වැඩ තහනම් කරනු ලැබූ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා නැවත සේවයේ පිහිටුවන ලෙස ජාතික පොලිස් කොමිසම නිර්දේශ කර තිබේ.

ඔහු නැවත සේවයේ පිහිටුවීමේ දී වැටුපෙන් අඩක් පමණක් ලබාදීම, බස්නාහිර පළාතෙන් පිටත සුදුසු රාජකාරියක යෙදවීම සහ ඔහුට චෝදනා එල්ල වූ නඩුවේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් නොකිරීම ආදී වශයෙන් කොන්දේසි කිහිපයක් පැනවීමට ද පොලිස් කොමිසම පියවර ගෙන ඇත.

නාලක සිල්වා මහතා නැවත සේවයේ පිහිටුවීමට පොලිස් කොමිසම ගනු ලැබූ තීරණය කොමිසමේ ලේකම්වරයා විසින් ඉකුත් 15 වැනිදා පොලිස්පතිවරයාට දැනුම් දී ඇති. ඒ පිළිබඳ පොලිසියේ අදාළ ඉහළ නිලධාරීන්ට ලිඛිතව දන්වා යැවීමට පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා පියවර ගෙන තිබේ.

සේවයේ පිහිටුවීමෙන් පසු ඒ මහතා පුත්තලම දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ.

මාර්තු පළමු වැනිදා සිට බලාත්මකවන පරිදි ජාතික පොලිස් කොමිසම විසින් නාලක සිල්වා මහතා නැවත සේවයේ පිහිටුවීම සිදුකර තිබේ.

හේමන්ත රන්දුණු සහ සමන් ගමගේ

]]>
https://divaina.lk/%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%ad%e0%b7%84%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a%e0%b7%80-%e0%b7%83%e0%b7%92%e0%b6%a7%e0%b7%92-%e0%b6%b1%e0%b7%8f%e0%b6%bd%e0%b6%9a-%e0%b7%83%e0%b7%92%e0%b6%bd%e0%b7%8a/feed/ 0