Nepal plane – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 20 Jan 2023 15:41:52 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Nepal plane – Divaina https://divaina.lk 32 32 නේපාල යානාව කඩාවැටුණේ යෙටි යක්ෂයාගේ බලපෑමෙන් ද? https://divaina.lk/%e0%b6%b1%e0%b7%9a%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd-%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%8f%e0%b7%80-%e0%b6%9a%e0%b6%a9%e0%b7%8f%e0%b7%80%e0%b7%90%e0%b6%a7%e0%b7%94%e0%b6%ab%e0%b7%9a-%e0%b6%ba%e0%b7%99/ https://divaina.lk/%e0%b6%b1%e0%b7%9a%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd-%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%8f%e0%b7%80-%e0%b6%9a%e0%b6%a9%e0%b7%8f%e0%b7%80%e0%b7%90%e0%b6%a7%e0%b7%94%e0%b6%ab%e0%b7%9a-%e0%b6%ba%e0%b7%99/#respond Fri, 20 Jan 2023 23:50:00 +0000 https://divaina.lk/?p=123488 2006 දී සැමියා පැදවූ යෙටි යානාව කඩාවැටුණා…
2023 දී බිරිය පැදවූ යානාව කඩාවැටුණා…

මගීන් 72ක් රැගත් නේපාල යෙටි ගුවන්යානාව කඩාවැටීමට මුල් වූ හේතුව මෙතෙක් හෙළි වී නැත. නිල නොවන ආරංචි මාර්ග පැවසුවේ දේශගුණික තත්ත්වය යහපත්ව තිබිය දී පොකාරා ගුවන්තොටුපළ පේනමානයක දකිද්දී යානාව කඩාවැටුණ බවය. මෙය හිමාලයේ හිම යක්ෂයාගේ බලපෑමට අසුවූවක් ද?

2006 දී යෙටි ගුවන් සේවයට අයත් ඔටර් යානාව මගීන් 6ක් සමග ජුමාලා හිදී කඩාවැටුණි. එහි නියමුවා වූයේ මුජේ දීපක් හොක්නර්වීයි ය. ඔහු මෑතක දී විපතට පත් යෙටි යානාවේ නියමුවරිය වූ අන්ජුගේ සැමියා ය. එම අනතුරට මුල් වූ හේතුව මෙතෙක් හෙළිවී නැත.

නේපාල යානාව කඩාවැටුණේ යෙටි යක්ෂයාගේ බලපෑමෙන් ද?
කඩාවැටුණ යෙටි යානාව පැදවූ අන්ජු

දීපක්ගේ බිරිය එම ගුවන් අනතුරින් සිය සැමියාට හිමි රක්‍ෂණ මුදල ලබාගෙන ගුවන් නියමුවරියක් ලෙස පුහුණුව ලැබුවා ය. එහෙත් ඇය ද මරුමුවට පත් වූයේ පසුගියදා කඩාවැටුණ යෙටි යානාව නිසා ය. පියාසර පැය 6400ක පුහුණුවක් ඇති අන්ජු කහම්වාටා අනතුරට පත් යානාවේ උප නියමුවරිය වූවා ය. එහෙත් මරණය ඇය වෙත සම්ප්‍රාප්ත විය. 2008 වසරේ දී හිම යක්ෂයා යෙටි නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය විය. මෙම යානාවේ කතාවස්තුව පාපන්දු කණ්ඩායමක් රැගත් යානාවක් හිමාල අඩවියේ දී කඩාවැටීම යි.

ඊට යෙටි යක්ෂයාගේ බලපෑම එල්ල වූ බව එම කතාවස්තුවේ සඳහන් විය. මේ යක්ෂයා කවුද?

හිමාල අඩවියේ සිටින යෙටි නමැති දැවැන්ත සත්වයෙක් කඳු නඟින්නන් කීපදෙනකු දැක තිබේ. මිනිස් සිරුරකට සමාන සිරුරකින් යුත් මේ සත්ත්වයා පිළිබඳව මෙතෙක් තොරතුරු හෙළිවී නැත.

නේපාල යානාව කඩාවැටුණේ යෙටි යක්ෂයාගේ බලපෑමෙන් ද?
හිමාල අඩවියේ සිටින බව කියන යෙටි

මේ අතර යෙටි ගුවන් සේවා යානාව පැදවූ උප නියමුවරිය අන්ජු කහම්වාටා ය. කත්මන්ඩු නුවරින් පිටත්වූ යෙටි යානාව නේපාල සංචාරක නගරයක් වූ පොක්හාරා වෙත පැමිණෙන අවස්ථාවේ පියාසර සැතපුම් 2ක් සමීප වී තිබිණි. එහෙත් යානාව එකවර ම අගලකට කඩා වැටිණි. යානාවේ කාර්මික දෝෂයක් හෝ අයහපත් කාලගුණයක් පවතින බවට කිසිදු ගුවන් පණිවුඩයක් යානාවෙන් නිකුත් වූයේ නැත.

එසේ නම් එකවරම යානාව කඩා වැටුණේ කෙසේ ද? මේ අතර ප්‍රංශ ලාමොන්ඩේ පුවත්පත පැවසුවේ පොකාරා ගුවන්තොටුපළ ආසන්න ජනතාවට පිපිරීම් ශබ්දයක් ඇසුණ බවයි.

එහෙත් එම තොරතුරු තහවුරුවී නොමැත. මෙම නේපාල ගුවන් යානාවල ගමන් කිරීම යුරෝපා සංගමය තහනම් කර තිබිණි. ඊට හේතු වූයේ නේපාල යානා ගුවන් ආරක්‍ෂක නීතිරීති සපුරා නො තිබීම යි. කෙසේ වෙතත් යානාව කඩා වැටීමට මුල් වූයේ කාර්මික දෝෂයක් නිසාදැයි නේපාල රජය මෙතෙක් ප්‍රකාශ කර නැත. එහෙත් විදේශ ගුවන් විමර්ශකයන් පැවසුවේ හිමාල අඩවියේ දේශගුණික තත්ත්වය විටින් විට වෙනස් වන නිසා යානාව ඊට ගොදුරුවී ඇති බව යි. මේ වනවිට නේපාල ගුවන් යානා අනතුරුවලින් 350ක් මරුමුවට පත් වී ඇත. මේ අතර ගුවන් අනතුරින් මියගිය උප ගුවන් නියමුවරිය වූ අන්ජුගේ මළසිරුර මෙතෙක් හමුවී නැත. මියගිය අය අතර නේපාල මාධ්‍යවේදියෙක් සහ ගායිකාවක් ද වේ. එම යානාවේ ගමන් කළ ඉන්දීය සිසුන් සිව්දෙනාගේ ෆේස් බුක් අඩවිවල යානාව එකවරම පහත් වී කඩාවැටෙන අයුරු දිස්වේ. එසේනම් යානාවට යම් බලවේගයක් බලපෑවේ ද?

නේපාල රජය යෙටි නමැති හිම යක්ෂයා ගැන වචනයක්වත් ප්‍රකාශ කර නොමැත.

යෙටි ගුවන් සේවාව පැවසුවේ යානාව යහපත් තත්ත්වයේ ක්‍රියාත්මක වූ බවයි. මේ වනවිට යෙටි යානාව කඩාවැටී දින ගණනාවක් ගතවී ඇතත් මෙතෙක් එම කඩාවැටීමට මුල් වූ හේතුව හෙළිවී නැත. එහෙත් යෙටි යානාවක් පැදවූ නියමු දීපක් එම යානාව කඩාවැටී මිය යෑමෙන් වසර ගණනකට පසු ඔහුගේ බිරිය ද යෙටි යානාවක උප නියමුවරිය ලෙස කටයුතු කරද්දී එම යානාව ද කඩාවැටීම දෛවෝපගත සිදුවීමකි.

කීර්ති වර්ණකුලසූරිය

]]>
https://divaina.lk/%e0%b6%b1%e0%b7%9a%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd-%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%8f%e0%b7%80-%e0%b6%9a%e0%b6%a9%e0%b7%8f%e0%b7%80%e0%b7%90%e0%b6%a7%e0%b7%94%e0%b6%ab%e0%b7%9a-%e0%b6%ba%e0%b7%99/feed/ 0