Nikini Poya Day – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Tue, 29 Aug 2023 16:49:18 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Nikini Poya Day – Divaina https://divaina.lk 32 32 නිකිණි පොහොය දෙන පණිවිඩය https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b6%9a%e0%b7%92%e0%b6%ab%e0%b7%92-%e0%b6%b4%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%ba-%e0%b6%af%e0%b7%99%e0%b6%b1-%e0%b6%b4%e0%b6%ab%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b6%a9%e0%b6%ba/ https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b6%9a%e0%b7%92%e0%b6%ab%e0%b7%92-%e0%b6%b4%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%ba-%e0%b6%af%e0%b7%99%e0%b6%b1-%e0%b6%b4%e0%b6%ab%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b6%a9%e0%b6%ba/#respond Tue, 29 Aug 2023 23:55:00 +0000 https://divaina.lk/?p=165638 අවුරුද්දේ දොළොස් මාසය ප්‍රධාන වශයෙන් සෘතු තුනකට බෙදේ. එනම් හේමන්ත සෘතුව, ගිම්හාන සෘතුව, වස්සාන සෘතුව යනුවෙනි. මෙහි වස්සාන සෘතුව ලෙස දැක්වෙන්නේ ඇසළ මස අවපෑළවිය පටන් ඉල් මස පුන් පොහොය දක්වා සාර මස් කාලයයි. බුදුන් වහන්සේ පහළ වූ භාරත දේශය තුළ අදටත් ඉහත කී සෘතුවල අදාළ වෙනස්කම් ස්වභාවික වශයෙන්ම සිදුවෙනවා දැකගත හැකි ය. වස්සාන කාලය ලෙස නිකිණි පොහොයට පසුව උදා වන සමය හැඳින්විය හැකිය. බුද්ධ දේශනාව අනුව වස් සමාදානය ඉතා වටිනා මෙන්ම අගනා උතුම් වූ විනය කර්මයකි. “අනුජානාමි භික්ඛවේ, වස්සානෙ වස්සං උපගන්තුං” යනුවෙන් වස්සාන සෘතුවෙහි වස් එළඹීමට මෙන්ම පෙර වස්, පසු වස් යනුවෙන් වස් විසීම් දෙකක් පෙන්වමින් අසවල් දිනයෙහි මෙසේ වස් සමාදන් විය හැකි යැයි බුදුන් වහන්සේ පෙන්වා වදාළහ. අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොය මුල්කර ගෙන සිදුවන වැදගත් ශාසනික කටයුත්තක් නම් පසු වස් සමාදන් වීමයි. ශාසන ප්‍රතිපත්තිවලට අනුව භික්ෂූන් වහන්සේලාට වස් එළඹීමට දින දෙකක් නියම ව ඇත. පෙරවස පසුවස වශයෙන් ඒ දින දෙක හඳුන්වනු ලබේ. ඇසළ පුනු පොහෝ දිනයෙහි පෝය කොට, ඇසළ අවපෑළවිය දිනයෙහි පෙරවස් එළඹිය යුතු ය.

නිකිණි පුනු පොහෝ දා පෝය කොට නිකිණි අවපෑළවිය දා පසු වස් එළඹිය යුතු ය. ශාසන ඉතිහාසයේ දැක්වෙන අන්දමට ඇසළ පොහෝදා සිදු කරනු ලබන වස් සමාදන් වීමට බිම්බිසාර රජතුමා කැමති වූයේ නැත. ඊට හේතුව නම් මගධ රාජ්‍යයේ ඇසළ මාසය පුරා පැවැත්වෙන විනෝද උත්සවයක්ය. මේ අනුව මගධ රට වැසි භික්ෂූන් වහන්සේලා එතැන් පටන් ඇසළ පොහොයෙන් පසු වස් සමාදන් නොවී නිකිණි පොහෝදාට පසු දින පසු වස් සමාදන් වූ බව සඳහන් වී තිබේ. බුදුරජාණන් වහන්සේ විසින් නිකිණි පොහෝදා කළ ධර්ම දේශනා අතර මජ්ක්‍ධිම නිකායේ සඳහන් රාහුලෝවාද සූත්‍රය භාවනානුයෝගීන්ට ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙයි. මෙය උන්වහන්සේ දේශනා කරන ලද්දේ රාහුල පොඩි හාමුදුරුවන්ටය. බුදුරදුන් දහහතර වන වස්කාලය සැවැත්නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ සිටින කාලයේ එක් දිනක් උන්වහන්සේලා රාහුල පොඩි හාමුදුරුවන් සමග පිඬුසිඟා වැඩි සේක. එසේ වැඩම කර අතරමග දී මේ දේශනාව සිදු කර ඇත.

වසරේ එළඹෙන සෑම පුර පසළොස්වක පොහොය දිනයක්ම බුදු සිරිත ප්‍රධාන ශාසනික හා ආගමික වටිනාකමින් යුත් ඓතිහාසික දිනයන් වීම සුවිශේෂී කරුණකි. ශාසනික වශයෙන් වැදගත් පොහොය දිනයක් වන නිකිණි පුර පසළොස්වක පොහොයදා ආගමික වශයෙන් ගිහි පැවිදි සබඳතාවය වර්ධනය කරනු පිණිස ආගමික කටයුතුවල නිරතවීම ගිහි පැවිදි සමාජයේම යුතුකම වේ. ශාසනය ආරක්ෂා වීමට, ගුණ ධර්ම වර්ධනයට භික්ෂූන් වහන්සේ ගිහියාත් අතර අන්‍යොන්‍ය සම්බන්ධතාවක් තිබිය යුතු ය. ගිහි පැවිදි දෙපක්ෂය තුළින් සිදුවිය යුතු යුතුකම් නියම අවස්ථාවන් හි නිසි ලෙස ඉටු විය යුතු ය.

ඇත්තෙන්ම දඹදිව රජගහනුවර වේහාර පර්වතයෙහි සප්ත පර්ණි ගුහාද්වාරයේදි මහා කාශ්‍යප මහා රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පන්සියයක් මහ රහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් පළමු ධර්ම සංගායනාව නිකිණි අව පෑළවියදා අරඹා සත්මසක් මුළුල්ලෙහි පවත්වන ලද බව ශාසන වංශකථාවෙහි සඳහන්ව තිබේ. ආනන්ද හිමියන් රහත් වූයේද නිකිණි පුන් පොහෝදාක ය. නිකිණි පුන් පොහොය දින වෙනත් පොහොය දින මෙන් සිද්ධි සමුදායක් සිදු නොවුණ ද පුද්ගලයාගේ සසර ගමන කෙටි කර ගැනීමට සිත එකඟ කරගෙන නිවන් මගට පිවිසීමට හේතු වන කරුණු සමුදායයකට මේ පොහොය දිනදී දොරටු විවර විය. මෙරට සුවිශේෂම සංස්කෘතික මංගල්‍යය වන මහනුවර ඇසළ මහා පෙරහැරේ අවසන් රන්දෝලි මහා පෙරහැර වීථි සංචාරය කිරීම අද දින සිදු කෙරේ. බුදුරදුන්ගේ ලලාට ධාතූන්වහන්සේ නිධන් කර සේරුවාවිල දාගැබ තැනීම ආරම්භ කිරීම ද නිකිණි පොහෝ දිනකදී සිදුවිය. එමෙන්ම ඓතිහාසික සේරුවාවිල පෙරහැර ආරම්භ කරන්නේ නිකිණි පොහොයත් සමගම ය.

]]>
https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b6%9a%e0%b7%92%e0%b6%ab%e0%b7%92-%e0%b6%b4%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%ba-%e0%b6%af%e0%b7%99%e0%b6%b1-%e0%b6%b4%e0%b6%ab%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b6%a9%e0%b6%ba/feed/ 0
නිකිණි පොහොය අදයි https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b6%9a%e0%b7%92%e0%b6%ab%e0%b7%92-%e0%b6%b4%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%ba-%e0%b6%85%e0%b6%af%e0%b6%ba%e0%b7%92/ https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b6%9a%e0%b7%92%e0%b6%ab%e0%b7%92-%e0%b6%b4%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%ba-%e0%b6%85%e0%b6%af%e0%b6%ba%e0%b7%92/#respond Tue, 29 Aug 2023 23:54:00 +0000 https://divaina.lk/?p=165690 නිර්මල ගෞතම බුදු සසුනේ කුළුඳුල් සංගායනාව සිදු කළ අසිරිමත් නිකිණි පොහොය

පසළොස්වක පොහොය සෑම බෞද්ධයකුටම ඉතා වැදගත් දිනයක් වන්නේ ය. එය ආගමික කටයුතුවල නිරත වන විශේෂ දිනයක් වන අතර බුද්ධ චරිතයේ හෝ බුදු දහමට සම්බන්ධ කවර හෝ සුවිශේෂී සිදුවීමක් හෝ සිදුවීම් කිහිපයක් ඒ දිනවල සිදු වී ඇති බැවිනි. නිකිණි පසළොස්වක පොහොයදා සිදු වූ විශිෂ්ටතම සිදුවීම ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමයි.

බුදුන් වහන්සේ පිරිනිවන් පා තුන් මසක් ගතවනවිට මෙය සංවිධානය කරන ලද්දේ මහා කස්සප මහරහතන් වහන්සේ විසිනි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පෑ බව අසා මාර්ගඵල නොලැබූ ස්වාමීන්වහන්සේ කම්පාවට පත්ව හඬා වැළපෙන්නට වූහ. පැවැත්ම සඳහා වැඩිහිටියකුව සසුනට එක් වූ සුබද්ධ නම් භික්‍ෂුවක් එතුමන්ලා වෙත පැමිණ “ඔබලා හඬා වැළපෙන්නේ ඇයි? දැන් අපට නීති පනවන්න කෙනෙක් නැත. අපට ඕනෑ හැටියට කටයුතු කළ හැකියි. බුදුන් වහන්සේ අපගේ නිදහසට බාධාවක් වී තිබුණා නේද? දැන් අපි නිදහස්” ආදී වශයෙන් පවසා ඇත.

මෙම කතාව ඇසූ මහා කස්සප මහරහතන් වහන්සේ ධර්මයේ ආරක්‍ෂාව සඳහා කිසියම් වැඩපිළිවෙළක් යෙදිය යුතු බව වටහාගත්තේය. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි අවදියේත් දෙව්දත් තෙරුණුවන්ගේ මූලිකත්වයෙන් හා ධර්මධර හා විනයධර භික්‍ෂූන් අතරත් නොයකුත් ගැටලු පැන නැඟී ඇත. බුදුන් වහන්සේ ඒවා සාකච්ඡා මගින් විසඳා ගන්නා ලදී. වරක් භික්‍ෂූන්ගේ අකීකරු ස්වභාවය නිසා බුදුරජාණන් වහන්සේ පාරිලෙයිය වනයට වැඩ සංඝ සමාජයෙන් ඈත්ව සිටි බව ද සඳහන් වේ.

ඉහත කරුණ පමණක් හේතු වූ බව ඇතැම් ග්‍රන්ථවල සඳහන් වූවත්, ඇතමෙක් ලාබ සත්කාර සඳහා පැවිදි වීම, සොරුන් නීතියෙන් නිදහස්වීම සඳහා මහණ වීම, විනය පටහැනිව ක්‍රියා කිරීම, සංඝ භේදය ඇති වීම වැනි කරුණු ද හේතු වන්නට ඇති බව ඇතැම් විද්වතුන්ගේ මතයයි.

මහා කස්සප මහා රහතන් වහන්සේ එම කාර්ය සඳහා සුදුසුම පුද්ගලයා වූ නිසා කාගේ හෝ විරුද්ධත්වයක් නොවීය. මහා කස්සප පැවිදි වීමට එන බව අසා බුදුරජාණන් වහන්සේ යොදුන් එකසිය විස්සක් ගෙවා වැඩම කොට පැවිද්ද ලබා තමන් වහන්සේගේ චීවරයත් කාශ්‍යප හිමියන්ගේ පට සිවුරත් එක් අවස්ථාවෙක දී මාරුකරගත් බවත්, ඇතැම් කරුණුවලදී තමන් වහන්සේ සමග සම තත්ත්වයේ තැබූ බවත් වංශකතාවල සඳහන් වෙයි. පිරිනිවන්පාන විට අගසව් දෙනම නොසිටි නිසා එවකට සිටි මහා සංඝස්ථවිර වූයේ මහා කස්සප හිමිපාණන්මය. උන්වහන්සේ රූප ස්වභාවයෙන් ද බුදුරජාණන් වහන්සේට බෙහෙවින් සමාන විය. කස්සප රහතන් වහන්සේ කලක් හිමාල වනගතව බවුන් වැඩියහ. රූප ස්වභාවයේ ඇති සමානකම නිසා ජනතාව තමන් වහන්සේ බුදුරජාණන් යැයි වරදවා හඳුනා ගනීවියි සිතා එය වැළැක්වීම සඳහා එසේ කරන්නට ඇතැයි අනුමාන කරනු ලැබේ.

අජාසත්ත රජතුමාගේ අනුග්‍රහය ඇතිව මගධ දේශයේ රජගහනුවර සප්තපන්නි ගුහා ද්වාරයේ ඉදිකරන ලද මණ්ඩපයක නිකිණි මස අව අටවක් දා ධර්ම සංගායනාව ආරම්භ කරන ලදී. එය මහාවංශයේ මෙසේ සඳහන් වෙයි. “වර්ෂා මාසයන් අතුරෙන් දෙවැනි මස දෙවැනි දවෙස් හි සිත් කලු වූ මණ්ඩපයෙහි රැස්වූහ” සංගායනාව ඇරඹීමට සති හයකට පමණ පෙර සිට එය අරමුණ කොට පැවැති උත්සව පිළිබඳ බොහෝ කරුණු සඳහන් විස්තරයක් සමන්තපාසාදිකාවේ දක්නට ලැබේ.

ප්‍රථම ධර්මසංගායනාවේ ප්‍රධාන කාර්ය වූයේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම විනය දෙක එක්රැස් කොට එය චිරස්ථායී වීම සඳහා ධාරණය කර ගැනීමයි. රහතන් වහන්සේ හාරසිය අනූනවයකට ආසන පනවා එක් අසුනක් හිස්ව තැබීය. මේ වනවිට ආනන්ද ස්ථවිරයන් වහන්සේ අරහත් බවට පත්ව නොසිටියහ. උන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරික වූ නිසා දහම් කරුණු බොහෝ දැන සිටි බැවින් උන්වහන්සේ නොමැතිව ධර්ම සංගායනාව පැවැත්වීමට අපහසු තත්ත්වයක් උදාවී තිබූ නිසා එම ආසනය හිස්ව තබන ලදී. සංගායනාවට පෙර දින රාත්‍රියේ අනඳ තෙරුන් වහන්සේ අරහත් බවට පත්වූයෙන් පසුදා එම ආසනය පුරවන ලදී.

සහභාගි වූ පන්සිය නම ම ධර්මය කට පාඩම් කරන ලදී. එහිදී වෙන් වෙන් පිරිස්වලට කට පාඩම් කිරීම සඳහා ධර්ම කොටස් වෙන් කර දී තිබේ. දීඝ නිකාය ආනන්ද හිමියන්ට සහ ශිෂ්‍ය පිරිසට ද, මජ්ඣිම නිකාය සාරිපුත්ත ස්ථවීරයන් වහන්සේගේ අනුගාමික පිරිසට ද සංයුක්ත නිකාය මහා කස්සප මහා රහතන් ප්‍රමුඛ පිරිසට ද, අංගුත්තර නිකාය අනුරුද්ධ තෙරුන් ප්‍රමුඛ පිරිසට ද, විනය පිටකය උපාලි තෙරුන් ප්‍රමුඛ පිරිසට ද කුද්දක නිකාය සියලු තෙරුන් වහන්සේට ද කට පාඩම් කිරීමට භාර විය. ඔවුහු දීඝ භානක, මජ්ඣිම භානක ආදී නම්වලින් හඳුන්වන ලදී.

මෙම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස එකල සෑම භික්‍ෂුවකට ම ත්‍රිපිටකයේ කොටසක් හෝ කටපාඩම්ව තිබිණි. ප්‍රථම ධර්ම සංගායනාව නිසා ඇති වූ යහපත් ප්‍රතිඵල බොහෝ ය. ධර්මය ශිෂ්‍ය පරම්පරාවට කටපාඩම් කිරීමට නියම වීම, උපාලි තෙරුන්ගේ මූලිකත්වයෙන් විනය පිළිබඳ කරුණු නිරාකරණය වීම, අනඳ තෙරුන්ගේ මූලිකත්වයෙන් ධර්මය පිළිබඳ ගැටලු නිරාකරණය වීම, භික්‍ෂූන් තුළ අමුතු ප්‍රබෝධයක් ජනිත වීම, ගිහි ජනතාව තුළ ද විශ්වාසය හා ප්‍රසාදය ඇති කිරීමට සමත් වීම, තරගකාරී ස්වභාවයකින් සසුන දියුණු වීම, ඡන්න භික්‍ෂුවට බ්‍රහ්මදණ්ඩනය ලබා දීම – සිද්ධාර්ථ කුමරුගේ රථාචාර්යවරයා වූ පසුව පැවිදි වූ ඡන්න අනිකුත් භික්‍ෂූන් පහත් කොට සලකන ලදී. හේ අන්තවාදී ලෙස අධිමානයෙන් කටයුතු කළේය. මෙවැනි හේතූන් නිසා ඔහුට බ්‍රහ්මදණ්ඩනය පනවන ලදී.

ධර්ම සංගායනාවේ අනිටු ප්‍රතිඵල ලෙස ඇතැම් අය දක්වා ඇත්තේ, සංගායනාවට විරුද්ධ පිරිසක් බිහි වීම, එම විරුද්ධ පිරිස් රිසි සේ හැසිරීම, සමගිය පළුදු වීම, නිකාය භේදයට තුඩු දෙන බීජ රෝපණය වීම යන කරුණුය. කෙසේ වෙතත් එදා ප්‍රථම ධර්ම සංගායනාව නොපවත්වන්නට මෙවැනි නිර්මල බුදු දහමක් අද නොපවතින්නට ඉඩ තිබූ බව වැඩි දෙනකුගේ මතයයි.

බුදුරජාණන් වහන්සේ සාවස්තිපුර දෙව්රම් වෙහෙරේ දාහතරවෙනි වස් විසීම ආරම්භ කළ පසු නිකිණි පුන් පොහෝ දා රාහුල තෙරුන් වහන්සේට රාහුලෝවාද සූත්‍රය දේශනා කරන ලදී. දේශනාව අවසානයේ රාහුල තෙරුන් වහන්සේ රහත්ඵලයට පැමිණියහ.

අනුරාධපුරය අගනුවර ලෙස පවත්වාගෙන යෑම අතහැරි විට එය කැලෑ වැදී නටබුන් පමණක් ඉතිරි විය. ගම් වැස්සෝ රාත්‍රි කාලයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා ගිනි මැල ගසා එය වනසතුන් ගෙන් ආරක්‍ෂා කළහ. ඒ ගිනි මැල සඳහා අවශ්‍ය දර වසරේ එක දිනක දී පෙරහැරින් ගෙන එන ලදී. ඒ නිකිණි පුන් පොහෝ දා රාත්‍රියේ ය. එය “දරමිටි පෙරහැර” යනුවෙන් හඳුන්වන ලද බව සඳහන් වෙයි.

මිහිඳු මහ රහතන්වහන්සේ ප්‍රමුඛ භික්‍ෂූන් පිරිස මිහින්තලයේ මිස්සක පව්වෙහි ගල් ලෙන් හැට අටක් තුළ වස් වසන ලදී. සේරුවිල චෛත්‍යරාජයාට මුල් ගල තබන ලද්දේත්, සේරුවිල නිකිණි පෙරහැර ආරම්භ කරන ලද්දේත් නිකිණි පුර පසළොස්වක පොහෝ දිනකය.

(පසළොස්වක පොහොය දොළහ ග්‍රන්ථයෙනි.)

● කේ. ඩබ්ලිව්. ඒ. ජයවර්ධන

]]>
https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b6%9a%e0%b7%92%e0%b6%ab%e0%b7%92-%e0%b6%b4%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%ba-%e0%b6%85%e0%b6%af%e0%b6%ba%e0%b7%92/feed/ 0
බම්බලපිටිය වජිරාරාමයේ නිකිණි පිංකම් අද https://divaina.lk/%e0%b6%b6%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%bd%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%ba-%e0%b7%80%e0%b6%a2%e0%b7%92%e0%b6%bb%e0%b7%8f%e0%b6%bb%e0%b7%8f%e0%b6%b8%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b1-2/ https://divaina.lk/%e0%b6%b6%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%bd%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%ba-%e0%b7%80%e0%b6%a2%e0%b7%92%e0%b6%bb%e0%b7%8f%e0%b6%bb%e0%b7%8f%e0%b6%b8%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b1-2/#respond Tue, 29 Aug 2023 23:50:00 +0000 https://divaina.lk/?p=165688 නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් අද (30) බම්බලපිටිය වජිරාරාමයේ දී විශේෂ ආගමික පිංකම් මාලාවක් අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද මහ නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.

එහිදී සිල් සමාදන් කරවීම හා අනුශාසනාව මහනාහිමිපාණෝ සිදුකරති. පෙ. ව. 8.00ට දම් දෙසුම රාජකීය පණ්ඩිත වේරදූවේ මහින්ද හිමියන් ද පෙ. ව. 10.00 ට දම් දෙසුම තලල්ලේ චන්දකිත්ති හිමිපාණන් ද පෙ. ව. 12.30 ට සතිපට්ඨාන සූත්‍ර දේශනාව කඹුරුගමුවේ මහානාග හිමිපාණන් ද ප. ව 1.15ට භාවනාව අනුශාසනාව පිටිපන සාසනරතන හිමිපාණන් ද ප. ව. 3.00ට දම් දෙසුම දිගන සුගතවංස හිමිපාණන් ද ප. ව. 4.00ට ධර්ම සාකච්ඡාව තල්පාවිල කුසලඥාන හිමිපාණන් ද ප. ව. 5.00 ට අටවිසි බුද්ධ පූජාව ද පැවැත්වේ.

]]>
https://divaina.lk/%e0%b6%b6%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%bd%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%ba-%e0%b7%80%e0%b6%a2%e0%b7%92%e0%b6%bb%e0%b7%8f%e0%b6%bb%e0%b7%8f%e0%b6%b8%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b1-2/feed/ 0