Northline-Railway – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 23 Jun 2023 20:33:12 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Northline-Railway – Divaina https://divaina.lk 32 32 උතුරු දුම්රිය මාර්ගයේ ලක්ෂ 6 ක් වටිනා රේල් පීලි විස්සක් අතුරුදන් https://divaina.lk/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%af%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%ba-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c%e0%b6%ba%e0%b7%9a-%e0%b6%bd%e0%b6%9a/ https://divaina.lk/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%af%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%ba-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c%e0%b6%ba%e0%b7%9a-%e0%b6%bd%e0%b6%9a/#respond Fri, 23 Jun 2023 23:44:00 +0000 https://divaina.lk/?p=152910 සැකකරුවන් සොයා විමර්ශන

අලුතින් ප්‍රතිසංස්කරණය කරමින් පවතින උතුරු දුම්රිය මාර්ගය අසල ගොඩ ගසා තිබූ රුපියල් ලක්ෂ 6 ක් වටිනා රේල් පීලි විස්සක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරි කරන මාර්ග අධීක්ෂණ කළමනාකාරවරයකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

උතුරු දුම්රිය මාර්ගයේ සාලියපුර ප්‍රදේශයේ 131 වන සැතපුම් කණුව ආසන්නයේ, පැරණි දුම්රිය මාර්ගයෙන් ගලවා ඉවත් කළ අඩි 15 බැගින් දිග රේල් පීලි 20ක් ගොඩගසා තිබී ඇත.

පසුගිය දිනෙක දුම්රිය සේවකයන් පරීක්ෂාකර බැලීමේදී එම රේල් පීලි තොගය සොරකම් කරගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

සොරකමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන කරති.

මිහින්තලේ – රංග චතූ

]]>
https://divaina.lk/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%af%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%ba-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c%e0%b6%ba%e0%b7%9a-%e0%b6%bd%e0%b6%9a/feed/ 0