nuawraeliya post office – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Wed, 21 Jun 2023 17:45:14 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg nuawraeliya post office – Divaina https://divaina.lk 32 32 නුවරඑළිය තැපැල් කාර්යාලය හෝටලයක් කරන්න එපා https://divaina.lk/%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%bb%e0%b6%91%e0%b7%85%e0%b7%92%e0%b6%ba-%e0%b6%ad%e0%b7%90%e0%b6%b4%e0%b7%90%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba/ https://divaina.lk/%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%bb%e0%b6%91%e0%b7%85%e0%b7%92%e0%b6%ba-%e0%b6%ad%e0%b7%90%e0%b6%b4%e0%b7%90%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba/#respond Wed, 21 Jun 2023 23:48:00 +0000 https://divaina.lk/?p=152369 තැපැල් සේවකයෝ සහ ප්‍රදේශවාසීහු නුවරඑළියේදී වීදි බසිති

වසර 130 ක් පැරණි 1894 වසරේ ඉදිකරනු ලැබූ ඓතිහාසික නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් බවට පත්කිරීමට විරෝධතාව පළකරමින් අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරයක්, උද්ඝෝෂණයක් හා විරෝධතා පාගමනක් ඊයේ (21 දා) නුවරඑළිය නගරයේ දී පැවැත්විණ.

නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යාලය අසලින් ආරම්භ වූ උද්ඝෝෂණය හා විරෝධතා පා ගමන නුවරඑළිය – මහනුවර ප්‍රධාන වීදිය හරහා ගමන් කර ලෝසන් වීදිය, චන්දන ලාල් කරුණාරත්න මාවත, පරණ කඩවීදිය හා නව බසාර් වීදිය පහු කරමින් නැවත තැපැල් කාර්යාලය අසලට පැමිණියහ.

ශ්‍රී ලංකාවට හා නුවරඑළියට මිල කළ නොහැකි සම්පතක් ලෙස එදාමෙදා තුර සැලකෙන නුවරඑළිය තැපැල් කාර්යාලය ශ්‍රී ලංකාවේ මූලික පෙළේ සංචාරක ප්‍රවර්ධන ආයතනයක් යටතට පවරා සංචාරක හෝටලයක් ලෙස පවත්වාගෙන යෑමට ඉදිරිපත් වී ඇති රජයේ යෝජනාවට සමස්ත ලංකා තැපැල් හා විදුලි පණිවුඩ සේවක සංගමය, ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ හා ස්වෙච්ඡා සංවිධාන රැසක් හා නාගරික ජනතාව විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්විය.
නුවරඑළිය – නාලක රත්නායක

]]>
https://divaina.lk/%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%bb%e0%b6%91%e0%b7%85%e0%b7%92%e0%b6%ba-%e0%b6%ad%e0%b7%90%e0%b6%b4%e0%b7%90%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba/feed/ 0