Online Passport – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 15 Jun 2023 19:22:08 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Online Passport – Divaina https://divaina.lk 32 32 ඔන්ලයින් පාස්පෝට් වැඩ හෝමාගමින් ඇරැඹෙයි https://divaina.lk/%e0%b6%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%bd%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%b4%e0%b7%9d%e0%b6%a7%e0%b7%8a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b7%84%e0%b7%9d/ https://divaina.lk/%e0%b6%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%bd%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%b4%e0%b7%9d%e0%b6%a7%e0%b7%8a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b7%84%e0%b7%9d/#respond Thu, 15 Jun 2023 23:51:00 +0000 https://divaina.lk/?p=151249 මාර්ගගත ක්‍රමය (ඔන්ලයින්) ඔස්සේ විදේශ ගමන් බලපත්‍රය මහජනතාවට නිවෙසටම ලබාදීමේ නව ක්‍රමවේදයේ සමාරම්භක උළෙල හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදුවූ මොහොත. මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා, ඇමැති බන්දුල ගුණවර්ධන යන මහත්වරුද එම අවස්ථාවට එක්ව සිටියහ.

]]>
https://divaina.lk/%e0%b6%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%bd%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%b4%e0%b7%9d%e0%b6%a7%e0%b7%8a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b7%84%e0%b7%9d/feed/ 0
ඔන්ලයින් පාස්පෝට් අද සිට https://divaina.lk/%e0%b6%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%bd%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%b4%e0%b7%9d%e0%b6%a7%e0%b7%8a-%e0%b6%85%e0%b6%af-%e0%b7%83%e0%b7%92%e0%b6%a7/ https://divaina.lk/%e0%b6%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%bd%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%b4%e0%b7%9d%e0%b6%a7%e0%b7%8a-%e0%b6%85%e0%b6%af-%e0%b7%83%e0%b7%92%e0%b6%a7/#respond Wed, 14 Jun 2023 23:47:00 +0000 https://divaina.lk/?p=151043 ඇඟිලි සලකුණු ගන්න ප්‍රා. ලේ 51ක් සූදානමින්

ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් මෙරට ජනතාවට අභිනවයෙන් හඳුන්වා දෙනු ලබන මාර්ගගත ක්‍රමයට විදේශ ගමන් බලපත්‍රය ලබා දීමේ වැඩපිළිවෙළේ සමාරම්භක උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාගේ සහභාගිත්වයෙන් අද (15 වැනිදා) පස්වරු 3.30 ට හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

මහජනතාවට වඩාත් පහසුවෙන් විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට හැකි වන පරිදි නව වැඩපිළිවෙළ සැලසුම් කළ බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා සඳහන් කරයි.

මාර්ගගත ක්‍රමයට විදේශ ගමන් බලපත්‍ර අයැදුම් කරන අයැදුම්කරුවනට අද (15 දා) සිට දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51 කදී සිය ඇඟිලි සලකුණු ලබා දීමට මේ වනවිට පහසුකම් සලසා ඇත.

අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පිහිටි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලවලදී එසේ ඇඟිලි සලකුණු ලබා දීමට අවස්ථාව ලැබේ.

මෙම නව වැඩපිළිවෙළ යටතේ විදේශ ගමන් බලපත්‍රයක් අයැදුම් කරන අයකුට දින තුනක් ඇතුළත කුරියර් සේවාවක් ඔස්සේ විදේශ ගමන් බලපත්‍රය නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව ලැබේ.

නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පසුව ද අවශ්‍ය අයකුට ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණ සාමාන්‍ය ක්‍රමයට හා එක්දින සේවාව ඔස්සේ විදේශ ගමන් බලපත්‍රය ලබාගත හැකි බව ද ටිරාන් අලස් මහතා පවසයි.

සමන්තුරේ, පොතුවිල්, නුවරගම් පළාත, මධ්‍යම, කැකිරාව, හොරොව්පතාන, මහියංගනය, හපුතලේ, කෝරළේපත්තු (වාලච්චේනයි), කාත්තන්කුඩි, සීතාවක, හෝමාගම, කරන්දෙණිය, අක්මීමන, නෙළුව, මීගමුව, මීරිගම, ගම්පහ, තංගල්ල, තිස්සමහාරාමය, වාචකච්චේරි, පේදුරුතුඩුව, ඉංගිරිය, මතුගම, පානදුර, ගම්පොළ, කුණ්ඩසාලේ, පූජාපිටිය, ගලිගමුව, රුවන්වැල්ල, කරච්චි, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලය, කුලියාපිටිය, නිකවැරටිය, මන්තායි බටහිර, නාවුල, අතුරලිය, දෙවිනුවර, බුත්තල, මුලතිව්, අඹගමුව, වලපනේ, ඇළහැර, දිඹුලාගල, හිඟුරක්ගොඩ, පුත්තලම, හලාවත, බලංගොඩ, කුරුවිට, ඇඹිලිපිටිය, කින්නියා, වෙංගල සෙට්ටිකුලම යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී ඇඟිලි සලකුණු ලබාදීම සිදු කළ හැකිය.
සමන් ගමගේ

]]>
https://divaina.lk/%e0%b6%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%bd%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%b4%e0%b7%9d%e0%b6%a7%e0%b7%8a-%e0%b6%85%e0%b6%af-%e0%b7%83%e0%b7%92%e0%b6%a7/feed/ 0
පාස්පෝට් එක ඔන්ලයින් අයදුම් කිරීමට නව ක්‍රමය ජුනි 15ට පෙර https://divaina.lk/%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%b4%e0%b7%9d%e0%b6%a7%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a-%e0%b6%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%bd%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%ba%e0%b6%af/ https://divaina.lk/%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%b4%e0%b7%9d%e0%b6%a7%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a-%e0%b6%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%bd%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%ba%e0%b6%af/#respond Tue, 30 May 2023 23:45:00 +0000 https://divaina.lk/?p=148112 රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ යටතේ විදේශ ගමන් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ අයැදුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.

නව ක්‍රමවේදය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ලබන ජුනි මස පහළොස්වැනිදාට පෙර ආරම්භ කරන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේය. මේ අනුව දිවයිනේ ඕනෑම පළාතක පදිංචි අයකුට තම විදේශ ගමන් බලපත්‍රය දින තුනක් වැනි කාලයක් තුළ නිවසටම ගෙන්වා ගැනීමට හැකිවන බවද ඒ මහතා පැවසීය.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අඅඅගසපපසටර්එසදබගටදඩගකන වෙබ් අඩවියට පිවිස නව ක්‍රමය යටතේ විදේශ ගමන් බලපත්‍රය සඳහා අයැදුම් කළ හැකි අතර ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් ඇඟිලි සලකුණු ලබා දීමෙන් අනතුරුව එයට අදාළ ගෙවීම් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කළ හැකිය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල පනහක (50) දැනටමත් ඇඟිලි සලකුණු ලබා ගැනීමේ යන්ත්‍ර ඇතුළු අවශ්‍ය උපකරණ ස්ථාපිත කර ඇති අතර එම කටයුතු සඳහා තැපැල් දෙපාර්තමේන්තුව මගින් නව කුරියර් සේවාවක්ද හඳුන්වා දී තිබේ.

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියට නීති විරෝධී ලෙස තැරැව්කරුවන් සම්බන්ධ වන බවට ඉකුත් දිනවල මාධ්‍ය මගින් අනාවරණය කෙරුණු අතර එම නීති විරෝධි කටයුතු නතර කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා ලබා දුන් උපදෙස් අනුව නව වැඩපිළිවෙළ සකස් කළ බව ආගමන විගමන පාලකවරයා පැවසීය.

යම් අයකුට නිවසේ සිට අන්තර්ජාලය ඔස්සේ විදේශ ගමන් බලපත්‍රය අයැදුම් කිරීමට හැකියාවක් නොමැති නම් ආසන්නයේම පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් අනුමත කර ඇති ඡායාරූප ශාලාවකට ගොස් එම කටයුතු කර ගැනීමට ද අවස්ථාව ඇත.

සමන් ගමගේ

]]>
https://divaina.lk/%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%b4%e0%b7%9d%e0%b6%a7%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a-%e0%b6%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%bd%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%ba%e0%b6%af/feed/ 0