Opposition to the new tax policy – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 11 Mar 2023 11:13:45 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Opposition to the new tax policy – Divaina https://divaina.lk 32 32 වෛද්‍ය වර්ජනය හෙට https://divaina.lk/%e0%b7%80%e0%b7%9b%e0%b6%af%e0%b7%8a%e0%b6%ba-%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%a2%e0%b6%b1%e0%b6%ba-%e0%b7%84%e0%b7%99%e0%b6%a7/ https://divaina.lk/%e0%b7%80%e0%b7%9b%e0%b6%af%e0%b7%8a%e0%b6%ba-%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%a2%e0%b6%b1%e0%b6%ba-%e0%b7%84%e0%b7%99%e0%b6%a7/#respond Sat, 11 Mar 2023 23:47:00 +0000 https://divaina.lk/?p=133283 රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් හෙට (13දා) සිට වෘත්තීය සමිති සහ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

ඒ අනුව හෙට උදෑසන 8.00 සිට පසුදින පෙරවරු 8.00 දක්වා බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර යන පළාත් හතර ආවරණය වන පරිදි සියලු රෝහල්හි වැඩ වර්ජනය ආරම්භ කරයි.

14 වැනිදා පෙරවරු 8.00 සිට පසුදින පෙරවරු 8.00 දක්වා උතුර, උතුරුමැද, වයඹ, ඌව සහ සබරගමුව යන පළාත් ආවරණය වන පරිදි සියලු රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඉන්පසු 15 වැනිදා දිවයිනේ සියලු රෝහල් ආවරණය වන පරිදි දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට ද තීරණය කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

]]>
https://divaina.lk/%e0%b7%80%e0%b7%9b%e0%b6%af%e0%b7%8a%e0%b6%ba-%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%a2%e0%b6%b1%e0%b6%ba-%e0%b7%84%e0%b7%99%e0%b6%a7/feed/ 0