Painting vision – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 26 Jan 2023 14:02:33 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Painting vision – Divaina https://divaina.lk 32 32 මිනිරන් තුඩින් ගලන රිදීතිර මතක රූප https://divaina.lk/%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%94%e0%b6%a9%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b6%bd%e0%b6%b1-%e0%b6%bb%e0%b7%92%e0%b6%af%e0%b7%93%e0%b6%ad/ https://divaina.lk/%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%94%e0%b6%a9%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b6%bd%e0%b6%b1-%e0%b6%bb%e0%b7%92%e0%b6%af%e0%b7%93%e0%b6%ad/#respond Thu, 26 Jan 2023 23:52:00 +0000 https://divaina.lk/?p=124501 චිත්‍ර ශිල්පි වසන්ත සනත්ගේ නවතම සිතුවම් දැක්ම ජනවාරි 27 හා 28 යන දෙදින තුළ කොළඹ මහජන පුස්තකාල ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.

ඔහුගේ මෙම සිතුවම් දැක්ම නම්කර ඇත්තේ ‘මගේ පැන්සල’ යන නමිනි. පසුගිය කාලය පුරා සිංහල සිනමාවේ ඔහු දුටු රසමුසු තැන් තම පැන්සලෙන් සිතුවමට නඟා තිබේ. ඒ අනුව එම සිතුවම් මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.

මිනිරන් තුඩින් ගලන රිදීතිර මතක රූප

වසන්ත සනත් සිය හඬ මෙලෙස අවදි කළේය,

මම කුඩා කාලයේ ඉඳලම නැටුම්වලට, සංගීතයට වගේම සිතුවම් ඇඳීමට ආසයි. මම ඉගෙන ගත්තේ බොහෝ කලාකරුවන්ට තෝතැන්නක් වූ නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ.

මම වඩාත්ම කැමැත්තක් දැක්වූවේ සිතුවම් කලාවට. කුඩා කාලයේදී මම ගුවන්විදුලියේ ‘හඳමාමා’ වැඩසටහන මගින් පැවැත්වූ සිතුවම් තරගයේදී පළමු ස්ථානය දිනාගත්තා. එහිදී මට විශාල චොක්ලට් පාර්සලයක් තෑග්ගක් විදිහට ලැබුණා.

මම දැකපු, ඒ වගේම මගේ සිතට ඇතුළු වූ සෑම දෙයක්ම පැන්සලෙන් අඳින්න පටන් ගත්තා. පින්සලට, පාට පෙට්ටියට එච්චර කැමැත්තක් දැක්වූවේ නැහැ. පැන්සලෙන්ම තමයි හැමදෙයක්ම සිතුවම් කළේ.

“මගේ උපන් ගම වන කිරුලපන මරණයක්, මඟුල් ගෙයක් තිබුණොත් මගේ පැන්සලෙන් සිතුවම් ඇඳලා හැඩවැඩ කර දෙනවා.”

පසු කලෙක වසන්ත සෞන්දර්යාත්මක සිතුවම් ශිල්පියකු ලෙස දොරටවැඩියේය. තමා ඉපදුණු, හැදුණු වැඩුණු ගමේ දුප්පත් පොහොසත් උස් පහත්කම් නොබලා තම හිතවතුන්ට පැන්සලෙන් කළ උපකාරත් ඔහු අද මේ තැනට ඒමට හේතු වන්නට ඇති. වසන්ත එක්තරා විදිහක චිත්‍ර කලාවේ විප්ලවවාදියෙකි. එසේම ඔහු සම්ප්‍රදායික සිතුවම් කලාවේ සම්ප්‍රදායික සිතුවම් රටාවට එරෙහිව උඩුගං බලා පිහිනීමට උත්සාහ දරන තරුණ නිර්මාණවේදියකු ද වෙයි.

ඔහු දිගින් දිගටම සටන් කරන්නේ පාට පෙට්ටි, පින්සල්වලට එරෙහිවය.

වසන්ත තම අවිය “මගේ පැන්සල” නමින් නම් කරන්නේ ඒ අරමුණ පෙරදැරි කරගෙනය.

ප්‍රශ්නය – මීට පෙර ඔබ සිතුවම් නිර්මාණ ප්‍රදර්ශනය කරල තියෙනවද?

මිනිරන් තුඩින් ගලන රිදීතිර මතක රූප

පිළිතුරු – ඔව්. මගේ පළමු සිතුවම් දැක්ම 2013 දී පැවැත්වුවා. ඊට පස්සේ 2014 දී. තුන්වැන්න 2015 දී. සිව්වැන්න 2016 දී. එතකොට මේ ජනවාරි 27, 28 පැවැත්වෙනවා ‘මගේ පැන්සල’ සිතුවම් දැක්ම.

මේ සිතුවම් දැක්මට ඇතුළත් සිතුවම් සිංහල සිනමාවට අදාළ සිතුවම්. මේ රටේ සිනමා ගමනට අවුරුදු 75 යි. එදා සිට මේ දක්වා සිනමාවේ නළු නිළියන්, ඒ දර්ශනවල සිතුවම් මගේ පැන්සල තුළින් ප්‍රදර්ශනය කරනවා. මගේ මේ සිතුවම් දැක්ම බලන්න එන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

මගේ සිතුවම් දැක්ම සඳහා ‘දිවයින’ හා ‘අයිලන්ඩ්’ පුවත්පත් මාධ්‍ය අනුග්‍රහය දක්වනවා.

මගෙන් යම්කිසි කෙනෙක් දෙයක් ඉගෙන ගන්න කැමැති නම් අනිවාර්යයෙන්ම උදව් කරනවා. තරුණ – තරුණියන්, පාසල් දරුවන්, වැඩිහිටියන් ඕන කෙනෙක් පැන්සලෙන් කරන සිතුවම් කලාව ගැන යමක් දැනගන්න ඕනනම් මගේ 0779-993959 ජංගම දුරකථන අංකයට කතා කරන්න.

● ප්‍රදීප් සමරකෝන්

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%94%e0%b6%a9%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b6%bd%e0%b6%b1-%e0%b6%bb%e0%b7%92%e0%b6%af%e0%b7%93%e0%b6%ad/feed/ 0