Panadura Vadama Movie – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 24 Jun 2023 02:00:24 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Panadura Vadama Movie – Divaina https://divaina.lk 32 32 සිනමාවට රැගෙන ආ පානදුරාවාදය https://divaina.lk/%e0%b7%83%e0%b7%92%e0%b6%b1%e0%b6%b8%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%bb%e0%b7%90%e0%b6%9c%e0%b7%99%e0%b6%b1-%e0%b6%86-%e0%b6%b4%e0%b7%8f%e0%b6%b1%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b7%8f%e0%b7%80/ https://divaina.lk/%e0%b7%83%e0%b7%92%e0%b6%b1%e0%b6%b8%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%bb%e0%b7%90%e0%b6%9c%e0%b7%99%e0%b6%b1-%e0%b6%86-%e0%b6%b4%e0%b7%8f%e0%b6%b1%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b7%8f%e0%b7%80/#respond Sat, 24 Jun 2023 23:51:00 +0000 https://divaina.lk/?p=152969 පානදුරා වාදයට ආසන්නම හේතුව වූයේ 1873 ජුනි 12 වැනිදා පානදුරේ වෙස්ලියන් දේවස්ථානයේදී දාවිත් ද සිල්වා දේවගැතිතුමා බුදු දහමේ ප්‍රධාන ඉගැන්වීම් වැරදි ලෙස අර්ථකථනය කරමින් දේශනයක් පැවැත්වීමයි. මේ පිළිබඳ දැනගත් රන්කොත් විහාරයේ ප්‍රධාන දායකයා වන පී. ජෙරමියෙස් දියෙස් මැතිතුමා සහ කොර්නේලිස් ප්‍රේරා කරුණාරත්න මැතිතුමා” වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමියන් වඩමවා රන්කොත් (ගල්කන්දේ) විහාරයේදී පිළිතුරු දේශනයක් පැවැත්වූහ. මෙසේ පන්සලේ සහ පල්ලියේ ප්‍රත්‍යුත්තර දේශනා කිහිපයක් පැවැත්විණි. මේ අතර මුහුණට මුහුණලා වාදයක් පැවැත්වීමේ යෝජනාවක් ක්‍රිස්තියන් පක්‍ෂයේ පීතර් දානියෙල් නීතිඥ මහතාගේ සහ මත්තෙස් සුවාරිස් ගුණවර්ධන මහතාගේ අත්සන් සහිතව ලැබිණ. ඒ අනුව 1873 අගෝස්තු 26” 28 දෙදින පානදුරා මහා වාදය පැවැත්වීමට තීරණය විය.

සිනමාවට රැගෙන ආ පානදුරාවාදය

මෙලෙස පානදුරා මහා වාදයෙන් එදා දිනාගත් අයිතිවාසිකම් මතු පරපුරට ද උරුම කර දීම පෙරදැරි කරගෙන ‘පානදුරාවාදය. සිනමාවට නැඟී ඇත. වී වර්ල්ඩ්වයිඩ් පුද්ගලික සමාගමේ ප්‍රධානත්වයෙන් කෝසල ගම ගේ ගේ නිෂ්පාදනයෙන් සහ සිසිල් ගුණසේකරගේ පිටපත් රචනයෙන් සහ අධ්‍යක්‍ෂණයෙන් මෙය සිනමාවට නැඟී ඇත.පානදුරාවාදයට රංගනයෙන් සංජීව වික්‍රමසිංහ” විජේරත්න වරකාගොඩ” සුරංග රණවක” පාලිත සිල්වා” දයා තෙන්නකෝන්” ඩග්ලස් රණසිංහ” ආනන්ද වික්‍රමගේ” වසන්ත විට්ටච්චි” ජගත් බෙනරගම” ඥානාංග ගුණවර්ධන” ඩී. බී. ගංගොඩතැන්න” විමලීන්ද්‍ර කුමාරි” රමනි සිරිවර්ධන” සුදම් කටුකිතුල” මෙතින් ජයසූරිය” රොබර් සීරා” පීටර් සැචුනීටර්ස්” රිචර්ඩ් මන්ච්” මයිකල් ෆන්ක් ඇතුළු පිරිස දායක වෙති.

සිනමාවට රැගෙන ආ පානදුරාවාදය

පානදුරාවාදයේ කැමරාකරණය කපිල සුගත්ගෙන් හැඩවන විට සංස්කරණයෙන් තනුජක කහඳවල දායක විය. සුරංග රණවක රේඛීය නිෂ්පාදනයෙන් ද සංගීත නිර්මාණයෙන් සශිත් ගිම්හාන ද කලා අධ්‍යක්‍ෂණයෙන් පියතිස්ස අකුරම්බොඩ ද” හැඩගැන්වීමෙන් හර්ෂ මනුල ද” ඇඳුම් නිර්මාණයෙන් එම්. එස්. බී. දිසානායක ද” සහය අධ්‍යක්‍ෂණයෙන් ලක්‍ෂාන් මධුසංක ද” නිෂ්පාදන කළමනාකරණයෙන් ගයාන් දේශප්‍රිය ද දායක වී ඇත.

සිනමාවට රැගෙන ආ පානදුරාවාදය

ශ්‍රී ලාංකික ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් වන ‘පානදුරාවාදය. පවත්වා වසර 150ක් සපිරීමේ සංවත්සරය හා ඒ සඳහා නායකත්වය දුන් වාදිභසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමිපාණන්ගේ 200 වැනි ජන්ම දින සංවත්සරයට සමගාමීව නිර්මාණ කටයුතු නිමවා ඇති ‘පානදුරාවාදය. සිනමා පටයේ මංගල දර්ශනය පසුගියදා නෙළුම්පොකුණ රඟහලේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සඳහා කලාකරුවන්” දේශපාලනඥයන්” ආගමික නායකයන්” පාසල් දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

සිනමාවට රැගෙන ආ පානදුරාවාදය

දිනේෂ් විතාන

සිනමාවට රැගෙන ආ පානදුරාවාදය
සිනමාවට රැගෙන ආ පානදුරාවාදය
]]>
https://divaina.lk/%e0%b7%83%e0%b7%92%e0%b6%b1%e0%b6%b8%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%bb%e0%b7%90%e0%b6%9c%e0%b7%99%e0%b6%b1-%e0%b6%86-%e0%b6%b4%e0%b7%8f%e0%b6%b1%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b7%8f%e0%b7%80/feed/ 0