දැන් අපි අපගේ මුඛ්‍ය ප්‍රශ්නයට හැරෙමු. මෙවර මහ කන්නය සඳහා බණ්ඩි පොහොර මිලදී ගැනීම පිණිස ආසියානු සංවර්ධන බැංකුව විසින් රජයට ලබාදුන් රුපියල් බිලියන 8 ක මුදලින් බණ්ඩි පොහොර මිලදී ගෙන ඇත්තේ ගොවීන්ගෙන් 5% ක් පමණක් බවත් ඉතිරි 95% ම එදිනෙදා ආහාරපාන මිලදී ගැනීම සඳහා එම මුදල් වැයකර ඇති බවත් හෙළිවී තිබේ. මෙය ඉතාම සාධාරණ තත්ත්වයකි. මහ කන්නය වාගේම බඩගින්නත් කල්දැමීමට නොහැක. මහ කන්නය කල් තිබ්බොත් මාස කිහිපයකට පසු එම කන්නය ආපසු පැමිණෙයි. එහෙත් බඩගින්න කල් තැබුවොත් මරණය ළඟා වෙයි. කවර ගින්නක තාපය ඉවසනු ලැබුවද බඩගින්නේ තාපය ඉවසීමට නොහැකි බව කියනු ලැබේ. අවසාන පලයේදී හැම කෙනෙක්ම හැම දෙයක්ම කරන්නේ කුසගින්න සඳහා උදරය යාවත්කාලීන කරගනු පිණිසය. උදරය update කළ විට ඊළඟ දින කිහිපය පණ පිටින් ගත කළ හැකිය. මෙයට අවුරුද්දකට පමණ පෙර මේ රට තිබුණේ මරණාසන්න රාජ්‍යයක් ලෙසය. සියලු ආකාරයේ පෝලිම්වලින් රට සංවර්ධනය වී තිබූ අතර එම සංවර්ධනයේ ප්‍රතිපලයක් වශයෙන් ආණ්ඩුවට සහ ජනාධිපතිට ගෙදර යෑමට සිදුවිය. අවසානයේදී මිනිසුන්ට ඉතිරිව තිබුණේ කුසගින්න පාරිභෝගික භාණ්ඩ හිඟය සහ අසහනය පමණි. මේ නිසා 83 ජූලි කලබල සමයේදී උද්ඝෝෂණ කිරීමේ වරදට හිරේ ගොස්, යළි මොනම හේතුවකටවත් උද්ඝෝෂණ නොකරමැයි තරයේ හිතාගෙන උන් මිනිසුන්ට නැවත පාරට බහින්නට සිදුවිය. ඕනෑවට වඩා පස්ස ගහන මිනිහා ආපසු හැරී ඉදිරියට යන්නට පටන්ගත් විට කණ්ඩුල ඇතා එළාරගේ බලකොටුව බිඳගෙන ඇතුළට ගියා හා සමාන යමක් සිදුවෙයි. කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මහ කන්නය සඳහා බන්ඩි පොහොර මෙටි්‍රක් ටොන් 36000 ක් ශ්‍රී ලංකාවට ගෙන්වන ලදී. එයින් විකිණී තිබුණේ 5% ක් පමණි. ගොවීන්ගෙන් 95% ක් බන්ඩි පොහොර මිලට නොගත්තේය යන්නෙහි තේරුම ඔවුන් මහ කන්නය වගා නොකළ බවකි. ඔවුන් එසේ මහ කන්නය වගා නොකළා නම් තවත් කන්නයක් පසුවන විට සහල් හිඟයක් පටන් ගැනීම සාමාන්‍ය දෙයකි. හෙක්ටයාර 1 ක් සඳහා බන්ඩි පොහොර ලබාගැනීම සඳහා ගොවීන්ට රුපියල් දස දහසක් ලබාදෙයි. අසරණ ගොවි ජනතාව ඒ රුපියල් දහ දාහේම ආහාර මිලදීගෙන තිබිණ. මේවා අද ඊයේ වූ ණයවල ප්‍රතිපල නොව කොරෝනා කාලයේ සිට එකතු වී ණය බර පුපුරා යෑමක් සේ සැලකිය හැකිය. නොඑසේ නම් විශාල ණය බරකට රුපියල් දස දහසක අඩයක් ගැසුවා හා සමාන විය හැක. බන්ඩි පොහොර මිලට නොගෙන මහ කන්නය වගා කිරීමට නොහැකිව නන්නත්තාරව සිටින ජනතාවට කිසියම් උපකාරයක් කරන ලෙස අපි රජයෙන් ඉල්ලමු. මෙය කුසගින්න නිසා සිදුවූ අත්වැරැද්දකි.
]]>