peliyagoda fish market – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Tue, 09 May 2023 19:07:18 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg peliyagoda fish market – Divaina https://divaina.lk 32 32 හිටිහැටියේ අයිස් මිල වැඩි කිරීමෙන් පෑලියගොඩ මාළු ව්‍යාපාරිකයෝ නන්නත්තාර වෙති – කෝටි 15 ක් පමණ පාඩුවෙලා https://divaina.lk/%e0%b7%84%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b7%84%e0%b7%90%e0%b6%a7%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%b8%e0%b7%92%e0%b6%bd-%e0%b7%80%e0%b7%90%e0%b6%a9/ https://divaina.lk/%e0%b7%84%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b7%84%e0%b7%90%e0%b6%a7%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%b8%e0%b7%92%e0%b6%bd-%e0%b7%80%e0%b7%90%e0%b6%a9/#respond Tue, 09 May 2023 23:46:00 +0000 https://divaina.lk/?p=144007 අයිස් මිල ගණන් ඊයේ (09 වැනිදා) පෙරවරුවේ හිටි හැටියේ වැඩිකිරීම නිසා පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු වෙළෙඳාම සියයට පනයකින් අඩුවී එහි වෙළෙඳුන්ට රුපියල් කෝටි පහළොවක (මිලියන 150) පමණ පාඩුවක් විඳීමට සිදුවූ බව එම වෙළෙඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා ‘දිවයින’ පැවසීය.

ධීවර අමාත්‍යාංශය මගින් කැඳවා තිබූ ටෙන්ඩරයකට අනුව තෝරාගෙන තිබූ සැපයුම්කරු අයිස් කිලෝ පනහක කැටයක මිල රුපියල් 650 සිට 850 දක්වා හදිසියේම වැඩි කිරීමත් සමඟ මෙම ප්‍රශ්නය උද්ගතව තිබේ. එම මිලට අයිස් මිලදී ගෙන මාළු වෙළෙඳාම් කිරීමෙන් ඵලක් නොවන නිසා වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් එය ප්‍රතික්ෂේප කර ඇත.

මේ නිසා ධීවරයින්ගෙන් මිලදී ගත් මාළු අලෙවි කර ගැනීමට නොහැකි වූ බව ද කුරේ මහතා කීය.

මෙම ටෙන්ඩරය ලබාගෙන තිබූ සැපයුම්කරු එලෙස අයිස් කැට මිල වැඩිකර තිබියදී සංකීර්ණයේ පිටත රැඳී සිටි පිරිසක් අයිස් කැට රුපියල් හයසිය ගණනේ අලෙවි කළ බව ද ඒ මහතා කීය.

නමුත් අයිස් සැපයීමේදී ඊයේ (09 වැනිදා) ඇතිවූ මෙම ගැටලුව නිසා මිලදී ගත් මිලට වඩා අඩු මිලකට මසුන් අලෙවි කිරීමටත්, කරවල සඳහා ඒවා විකුණා දැමීමටත් සිදුවූ බව ද කුරේ මහතා පැවසීය. මේ නිසා පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණයේ තොග වෙළෙඳුන්ට දළ වශයෙන් රුපිය් කෝටි 15 ක පමණ පාඩුවක් සිදුවූ බව ද හෙතෙම කීය.

අදාළ ටෙන්ඩර්කරු පොරොන්දුවූ මිලට අයිස් ලබා නොදුනහොත් වෙනත් පාර්ශ්වවලින් අඩු මිලට අයිස් මිලදී ගන්නා බව ද කුරේ මහතා කීය. මෙම ප්‍රශ්නයට වහා විසඳුම් දෙන ලෙස ඊයේ (09 වැනිදා) අදාළ වගකිවයුතු පාර්ශ්වවලට දැනුම් දුන් බව ද කුරේ මහා පැවසීය.

ශිරාන් රණසිංහ

]]>
https://divaina.lk/%e0%b7%84%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b7%84%e0%b7%90%e0%b6%a7%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%b8%e0%b7%92%e0%b6%bd-%e0%b7%80%e0%b7%90%e0%b6%a9/feed/ 0