තෙල් හෑරීම යනු ළිං හෑරීම හෝ අගල් හෑරීම වැනි සරළ කටයුත්තක් නොවේ. මිනිරන් හෑරීම හෝ යකඩ කැණීම වැනි සංකීර්ණ කටයුත්තක් ද නොවේ. මැණික් හෑරීම වැනි මාරාන්තික කටයුත්තක් ද නොවේ. තෙල් හෑරීම මේ සියලූ හෑරීම්වල සම්මිශ‍්‍රණයක් වන අතර Mother of all mining හෙවත් සියලූ කැණීම්වල මව ලෙස සැළකෙන කැණීම් වර්ගයකි. ශ‍්‍රී ලංකාවේ තෙල් ඇති බවට පළමු පණිවිඩය ලැබෙන්නේ එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල මුල් කොටසේ මන්නාරමේ පිහිටි පේසාලේ ප‍්‍රදේශයෙනි. මෙකළ මේ රටේ අගමැති වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියයි. පේසාලෙන් හාරන ලද තෙල් සාම්පල කිහිපයක් හෙවත් බොරතෙල් බෝතල් කිහිපයක් කොළඹට ගෙනෙන ලද නමුදු ඒවායින් ලාම්පු පත්තු වූයේ නැත. ඒ අතර බණ්ඩාරනායක රජයට විරුද්ධව මැතිවරණ ප‍්‍රචාරක වැඩවල නිරතව සිටි ජේ. ආර්. ජයවර්ධන ගේ යූ එන් පී ය පේසාලේ තෙල් කතාව පල් බොරුවක් බවට ප‍්‍රචාරය කළේය. ඒ අතර බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව පැරදුනු අතර තෙල් කතාව ආපසු පොළව යටටම ගියේය. මේ කතාව නැවත මතුවන්නේ මහින්ද රාජපක්ෂ පළමු වරට ජනාධිපති වූ පසුවය. මේ වකවානුවේදී වර්ගවාදී යුද්ධය තදින්ම පැවති අතර නෝර්වේ ආණ්ඩුව ප‍්‍රභාකරන්ට මහත් සේ සහයෝගය දුන්නේය. ඒ, උතුරු නැගෙනහිර ඊළාම් රාජ්‍යයේ ජනාධිපති බවට ප‍්‍රභාකරන් පත්වීමෙන් පසු ඒ පළාතේ ඇති තෙල් සහ ඛනිජ සම්පත් ටික සුද්ද කරගෙන යෑමේ අභිලාෂයෙනි. වැඩිදෙනා නොදන්නා කරුණක් වන්නේ යුද සමයේදී නෝර්වේ ආණ්ඩුව මන්නාරම් ද්‍රෝණියේ වර්ග කිලෝමීටර් දහසක පමණ තෙල් ගවේෂණය කර තෙල් ළිං හෑරීමට සුදුසු තැන්වල සිතියමක් සකස් කළ බවය. මේ සිතියමට අනුව මන්නාරම් ද්‍රෝණියේ තෙල් හෑරීමට නෝර්වේ ආණ්ඩුව යෝජනා පත‍්‍රයක් ඉදිරිපත් කළේය. එහෙත් රාජපක්ෂ ආණ්ඩුව තුළ එවකට සිටි ජාතික බලවේග මේ සූරාකෑමට ඉඩ දුන්නේ නැත. එයින් කෝපයට පත් නෝර්වේ තෙල් ගවේෂකයෝ සිය තෙල් සිතියම රෝල් කරගෙන මව්බිම බලා ගියහ. ලංකා ආණ්ඩුව මේ සිතියම ඉල්ලන ලද නමුදු සුවිශාල මිලක් ගෙවන්නේ නම් පමණක් එය දෙන බව නෝර්වේකාරයෝ කීහ. ඒ මිල සළකා බැලීමේදී ඉදිරි අවුරුදු ගණනාවකටම තෙල් පිට රටින් ගෙන්වීම ලාභ බව හැඟී ගිය නිසා සිතියම දිගටම රෝල් කර නෝර්වේ රටේම ගසා ගැනීමට ලංකා ආණ්ඩුව විසින් ඉඩදෙන ලදී.
තෙල් ගවේෂණය පිළිබඳ නැවත වතාවක් ආණ්ඩුව තුළ උනන්දුවක් ඇතිවී තිබේ. මන්නාරම් ද්‍රෝනියෙහි තිබෙන කුඩා බිම් කැබලි 873 ක බොර තෙල් බැරල් මිලියන 2000 ක් තිබෙන බවත් එහි වටිනාකම ඇමෙරිකන් ඩොලර් බිලියන 150 බවත් මෙම ද්‍රෝණිය තුළ ගෑස් ඝන අඩි ටි‍්‍රලියන 9 ක් තිබෙන බවත් එහි වටිනාකම ඇමෙරිකන් ඩොලර් බිලියන 17 ක් බවත් ඛනිජ තෙල් ඇමැති උදය ගම්මන්පිල පසුගියදා පැවසීය. මේ නිසා ඛනිජ තෙල් සංවර්ධන පනත නමැති පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියක් පිහිටුවීමට ද නියමිතය. හදිසි කොරෝනා ප‍්‍රශ්නයක් උද්ගත වී පාර්ලිමේන්තුවට නිවාඩු දුන්නොත් හැර මේ පනත මේ මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිතය. ශ‍්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය ප‍්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 47 කි. ගම්මන්පිල කියන තෙල් වැඬේ හරි ගියොත් අපට සියලූ කරදරවලින් ගොඩ ඒමට පුළුවන. අවසන් විග‍්‍රහයේදී තෙල් හෑරීම යනු නිධන් හෑරීම හා සමාන කටයුත්තකි. නිධානයක් ලේසියෙන් හමුවන්නේ නැත. එහෙත් හමුවුනොත් සියලූ දෙනාම ගොඩය. තෙල් හෑරීමත් එසේය. මේ පිළිබඳ ඉතිරි කොටස හෙට සාකච්ඡා කරමු.
]]>