President Secretary Saman Ekanayake – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 22 Jul 2023 09:35:41 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg President Secretary Saman Ekanayake – Divaina https://divaina.lk 32 32 කෙටි කාලයකින් ඡන්ද තියන්න ක්‍රමයක් – ජනාධිපති ලේකම්ගෙන් මැ.කො.ස.ට උපදෙස් https://divaina.lk/%e0%b6%9a%e0%b7%99%e0%b6%a7%e0%b7%92-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a/ https://divaina.lk/%e0%b6%9a%e0%b7%99%e0%b6%a7%e0%b7%92-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a/#respond Sat, 22 Jul 2023 23:49:00 +0000 https://divaina.lk/?p=158194 නාම යෝජනා භාර ගත් දා සිට ඡන්දය දිනය දක්වා මැතිවරණ වෙනුවෙන් වැය වන කාලය අඩු කර ගැනීම සඳහා ක්‍රමවේද සකසන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මැතිවරණ කොමිසමට උපදෙස් දී තිබේ.

යුරෝපය ඇතුළු දියුණු මැතිවරණ ක්‍රම පවතින රටවල ආදර්ශ ලබා ගනිමින් මෙම ක්‍රමවේදය සකස් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. එල්. රත්නායක මහතා ඇතුළු කොමිසමට උපදෙස් දී ඇතැයි සඳහන්ය.

ශ්‍රී ලංකාව මැතිවරණ පැවැත්වීම සඳහා වැඩි කාලයක් ගන්නා රටක් බවත් මැතිවරණ කාලය දිගු වීමෙන් අනවශ්‍ය ලෙස වියපැහැදම් වන බවත් මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ පසු සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ඒ සඳහා කාලය ශ්‍රමය මෙන්ම මුදල් ද වැය කරන බවත් සඳහන් කර ඇති ඒකනායක මහතා එය රටේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගෙන යෑමට බාධාවක් බව ද කියා තිබේ.

මෙම තත්ත්වය මග හරවා ගෙන විධිමත් කෙටි මැතිවරණ ක්‍රමයක් සකස් කිරීම සඳහා යුරෝපයේ දියුණු මැතිවරණ ක්‍රම පවතින රටවලට ගොස් අධ්‍යයනයක් කොට විමර්ශන වාර්තාවක් ලබාදෙන ලෙස ද ඒ සඳහා අවශ්‍ය පහසුකම් ජනාධිපති කාර්යාලය හරහා ලබා දිය හැකි බව ද ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට දැනුම් දී ඇත.

විදේශ අමාත්‍යංශය සමග සාකච්ඡා කොට ඊට අදාළ පහසුකම් ලබාදීමට හැකියාව ඇති බවත් එබැවින් කඩිනමින් අදාළ විමර්ශනය සඳහා සූදානම් වන ලෙසත් ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් දැනුම් දී ඇත.

චමින්ද සිල්වා

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b7%99%e0%b6%a7%e0%b7%92-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a/feed/ 0
මෙරට වෙළෙඳාම් සරල කිරීමට ජාතික යෝජනාවලියක් කඩිනමින් සකස් කරන්න -ජනාධිපති ලේකම් සමන් ඒකනායක https://divaina.lk/%e0%b6%b8%e0%b7%99%e0%b6%bb%e0%b6%a7-%e0%b7%80%e0%b7%99%e0%b7%85%e0%b7%99%e0%b6%b3%e0%b7%8f%e0%b6%b8%e0%b7%8a-%e0%b7%83%e0%b6%bb%e0%b6%bd-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b6%a7/ https://divaina.lk/%e0%b6%b8%e0%b7%99%e0%b6%bb%e0%b6%a7-%e0%b7%80%e0%b7%99%e0%b7%85%e0%b7%99%e0%b6%b3%e0%b7%8f%e0%b6%b8%e0%b7%8a-%e0%b7%83%e0%b6%bb%e0%b6%bd-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b6%a7/#respond Fri, 09 Jun 2023 23:45:00 +0000 https://divaina.lk/?p=150228 ශ්‍රී ලංකාව තුළ වෙළෙඳ කටයුතු ආශ්‍රිත ක්‍රියාවලිය සරල කිරීම සහ කඩිනම් කිරීම සඳහා ජාතික යෝජනාවලියක් කඩිනමින් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති ලේකම්වරයා මෙම උපදෙස් ලබා දුන්නේ පසුගිය 07 වනදා ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික වෙළෙඳ පහසුකම් සැපයීම පිළිබඳ කමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.

ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් ප්‍රවර්ධනය කිරීමට කඩිනම් සහ තීරණාත්මක ක්‍රියාමාර්ග ගැනීමේ හදිසි අවශ්‍යතාව ජනාධිපති ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.

රට තුළ ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ මෙම සාකච්ඡාවේදී දීර්ඝ ලෙස සමාලෝචනය කෙරුණු අතර එහිදී ජාතික වෙළෙඳ පහසුකම් සැපයීම පිළිබඳ ලේකම් කාර්යාලයේ කාර්යභාරය ද විමසා බැලිණි.

ජාතික වෙළෙඳ පහසුකම් සැපයීම පිළිබඳ ලේකම් කාර්යාලය විසින් 2025-2030 කාලය තුළ සපුරාගත යුතු කාර්යයන් කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව ද සාකච්ඡා විය.

මෙහි මූලික පියවරක් ලෙස මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ජාතික වෙළෙඳ පහසුකම් සැපයීම පිළිබඳ ලේකම් කාර්යාලය පවත්වාගෙන යෑමටත්, එහි කාර්ය මණ්ඩල අවශ්‍යතා කඩිනමින් සම්පූර්ණ කිරීමටත් තීරණය කෙරිණි.

එසේම දැනට රේගු දෙපාර්තමේන්තුව යටතේ ඇති ජාතික වෙළෙඳ පහසුකම් සැපයීම පිළිබඳ ලේකම් කාර්යාලය සඳහා 2023 අය වැයෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන, මුදල් අමාත්‍යාංශය යටතට පැවරීම පිළිබඳවත්, එහි වෙබ් අඩවිය සංවර්ධනය සහ ප්‍රගතිය වාර්තා කිරීමේ පද්ධතිය සකස් කිරීම වැනි අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය ලබාදීමටත් අවධානය යොමු විය.

ශ්‍රී ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ සභාපති කැනිසියස් ප්‍රනාන්දු, කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ උප සභාපති ගයානි ද අල්විස්, ලංකා වාණිජ මණ්ඩලයේ සහකාර ලේකම් මනෝරි දිසානායක යන මහත්ම මහත්මින් සහ ජාතික වෙළෙඳ පහසුකම් සැපයීම පිළිබඳ කමිටුවේ සාමාජිකයන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b7%99%e0%b6%bb%e0%b6%a7-%e0%b7%80%e0%b7%99%e0%b7%85%e0%b7%99%e0%b6%b3%e0%b7%8f%e0%b6%b8%e0%b7%8a-%e0%b7%83%e0%b6%bb%e0%b6%bd-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b6%a7/feed/ 0