professionals against reasonable tax burden – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 23 Feb 2023 02:33:05 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg professionals against reasonable tax burden – Divaina https://divaina.lk 32 32 බදු බරට එරෙහිව කොළඹ කොටුවේ ඊයේ විරෝධතාව https://divaina.lk/%e0%b6%b6%e0%b6%af%e0%b7%94-%e0%b6%b6%e0%b6%bb%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92%e0%b7%80-%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b7%94%e0%b7%80/ https://divaina.lk/%e0%b6%b6%e0%b6%af%e0%b7%94-%e0%b6%b6%e0%b6%bb%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92%e0%b7%80-%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b7%94%e0%b7%80/#respond Wed, 22 Feb 2023 23:47:00 +0000 https://divaina.lk/?p=129917 ආණ්ඩුවට සතියක් කල් දෙනවා
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව

ඉකුත් අයවැය ලේඛනය මගින් හඳුන්වා දුන් බදු සංශෝධන මාර්තු මස පළමුවැනිදාට පෙර හකුළා නොගතහොත් මුළු රටම අකර්මණ්‍ය කරන බවට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ඊයේ (22 දා) රජයට අනතුරු ඇඟවීය.

කොළඹ, කොටුව දුම්රියපළ ඉදිරිපිට ඊයේ (22 දා) පැවැති දැවැන්ත උද්ඝෝෂණයකදී අදහස් දැක්වූ ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා සඳහන් කළේ, ජනවරමක් නැති ජනාධිපතිවරයා හා රජය විසින් වෘත්තීයවේදීන් මත පනවන ලද අසාධාරණ බදු වහා ඉවත් කළ යුතු බවත්, ඒ සඳහා රජයට අවසන් අවස්ථාව ලෙස තවත් සතියක් කල් ලබාදෙන බවත්ය.

ඒ අනුව මාර්තු මස 01 වැනිදාට පෙර මෙම බදු සංශෝධන ඉවත් නොකළහොත් එදින පටන් මුළු රටේම අත්‍යවශ්‍ය සේවා බිඳවැටෙනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

අපි රනිල් වික්‍රමසිංහට කියනවා සිංහල අවුරුද්ද වෙනකල් ජනාධිපතිකම කරන්න ඕනෑනම් වහාම සතියක් ඇතුළත බදු සංශෝධන හකුළා ගන්න කියලා. වෘත්තීයවේදීන් නැතිව රට පාලනය කරන්න පුළුවන් කියලා රනිල් වික්‍රමසිංහ හිතනවා නම් කරලා බලමු කියලා අපි කියන්න කැමැතියි.

ඊයේ (22 දා) දහවල් කෑම පැයෙහි පැවැති මෙම උද්ඝෝෂණයට වරාය, ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ලංකා බැංකු සේවක සංගමය, සෞඛ්‍ය වෘත්තීය සමිති, විදුලිබල මණ්ඩල සේවක සංගමය ආදී වෘත්තීය සමිති රැසක් නියෝජනය කරමින් විශාල සේවක පිරිසක් එක්ව සිටි අතර උද්ඝෝෂකයන් කොටුව දුම්රියපළ ඉදිරිපිට ප්‍රධාන මාර්ගය වසා ගනිමින් උද්ඝෝෂණයේ නිරතවීම හේතුවෙන් පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පළ අසලින් ඕල්කට් මාවත වසා දැමීමට පොලිසියට සිදුවිය. මේ හේතුවෙන් කොළඹ කොටුව හා පිටකොටුව, මරදාන ආදී ප්‍රදේශවල දැඩි මාර්ග තදබදයක් හටගෙන තිබුණි.
කමල් බෝගොඩ සහ කොළඹ මධ්‍යම ප්‍රදීප් ජයසේකර

]]>
https://divaina.lk/%e0%b6%b6%e0%b6%af%e0%b7%94-%e0%b6%b6%e0%b6%bb%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92%e0%b7%80-%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b7%94%e0%b7%80/feed/ 0