Professor Charita Herat – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Tue, 18 Oct 2022 14:35:37 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Professor Charita Herat – Divaina https://divaina.lk 32 32 හිටපු සභාපති චරිත යළි කෝප් කමිටුවට https://divaina.lk/%e0%b7%84%e0%b7%92%e0%b6%a7%e0%b6%b4%e0%b7%94-%e0%b7%83%e0%b6%b7%e0%b7%8f%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%a0%e0%b6%bb%e0%b7%92%e0%b6%ad-%e0%b6%ba%e0%b7%85%e0%b7%92-%e0%b6%9a%e0%b7%9d%e0%b6%b4/ https://divaina.lk/%e0%b7%84%e0%b7%92%e0%b6%a7%e0%b6%b4%e0%b7%94-%e0%b7%83%e0%b6%b7%e0%b7%8f%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%a0%e0%b6%bb%e0%b7%92%e0%b6%ad-%e0%b6%ba%e0%b7%85%e0%b7%92-%e0%b6%9a%e0%b7%9d%e0%b6%b4/#respond Tue, 18 Oct 2022 23:50:00 +0000 https://divaina.lk/?p=104826 පොදු ව්‍යාපාර කාරක සභාව සඳහා (කෝප්) එහි හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පත් කළ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඊයේ (18) නිවේදනය කළේය.

එම කමිටුව සඳහා විපක්ෂයේ නියෝජිතයකු ලෙස පත් කළ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉන් ඉවත් වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට චරිත හේරත් මහතා පත් කර ඇති අතර ශානක්‍යන් රාසමානික්කම් මහතා ඉවත් වීම නිසා ඇති වූ කෝප් කමිටු පුරප්පාඩුවට සිවඥානම් සීතාරාම් මහතා නම් කළ බව නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කළේය.

මේ අතර අමාත්‍යාංශ උපදේශක කාරක සභා 19 සඳහා සාමාජිකයින්ගේ නාමාවලිය නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් සභාගත කරනු ලැබීය. මීට පෙර අමාත්‍යාංශ උපදේශක කාරක සභා 10 ක් සඳහා මන්ත්‍රීවරුන් නම් කර තිබිණි. ඒ අනුව තාක්ෂණ කටයුතු, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ කටයුතු, ආයෝජන ප්‍රවර්ධන, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන, අධ්‍යාපන, සෞඛ්‍ය, ජල සම්පාදන, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ, සංචාරක හා ඉඩම්, වැවිලි කර්මාන්ත, කර්මාන්ත කටයුතු, නාගරික සංවර්ධන හා නිවාස, විදේශ කටයුතු, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික, පරිසර, ක්‍රීඩා හා යෞවන කටයුතු, වාරිමාර්ග, මහජන ආරක්ෂක සහ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ යන අමාත්‍යාංශ සඳහා මෙම කාරක සභා පත් කර ඇත.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

]]>
https://divaina.lk/%e0%b7%84%e0%b7%92%e0%b6%a7%e0%b6%b4%e0%b7%94-%e0%b7%83%e0%b6%b7%e0%b7%8f%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%a0%e0%b6%bb%e0%b7%92%e0%b6%ad-%e0%b6%ba%e0%b7%85%e0%b7%92-%e0%b6%9a%e0%b7%9d%e0%b6%b4/feed/ 0
හර්ෂ අස් වුණා: දැන් චරිත කෝප් සභාපති කරන්න https://divaina.lk/%e0%b7%84%e0%b6%bb%e0%b7%8a%e0%b7%82-%e0%b6%85%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b7%94%e0%b6%ab%e0%b7%8f-%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b7%8a-%e0%b6%a0%e0%b6%bb%e0%b7%92%e0%b6%ad-%e0%b6%9a%e0%b7%9d/ https://divaina.lk/%e0%b7%84%e0%b6%bb%e0%b7%8a%e0%b7%82-%e0%b6%85%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b7%94%e0%b6%ab%e0%b7%8f-%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b7%8a-%e0%b6%a0%e0%b6%bb%e0%b7%92%e0%b6%ad-%e0%b6%9a%e0%b7%9d/#respond Tue, 04 Oct 2022 23:54:00 +0000 https://divaina.lk/?p=101930 විපක්‍ෂ නායක සජිත් ඉල්ලයි

පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) සඳහා එහි හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ නම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (04දා) පාර්ලිමේන්තුවේදී යළි යෝජනා කරනු ලැබීය.

සමගි ජන බලවේගයෙන් නම් කර තිබූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම වෙනුවට චරිත හේරත් මහතාගේ නම යෝජනා කරන බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය. එහිදී හෙතෙම මෙසේද කියා සිටියේය.

කෝප් කමිටුවට අප විසින් ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමාව යෝජනා කර තිබුණා. ඒත් එතුමා ස්වේච්ඡාවෙන්ම ඉන් ඉල්ලා අස්වුණා. ඒ පුරප්පාඩුවට කෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මන්ත්‍රීතුමාව අපි යෝජනා කරනවා. අවස්ථා ගණනාවකදීම මමත් කිරිඇල්ල මන්ත්‍රීතුමාත් විපක්ෂයේ බොහෝ දෙනකුත් කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධුර ලබා දෙන්න කියලා කථානායකතුමාගෙන් ඉල්ලීම් කළා. ඒ සඳහා කබීර් හෂීම් සහ ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරුන්ගේ නම් අපි යෝජනා කළා. ඒත් දැන් ඒ වෙනුවට වෙනත් ආකාරයකින් සභාපති පත් කරන්න යනවා කියලා ආරංචියි. මේ ආයතනවල සභාපති ධුර විපක්ෂයට ලබා දීම ප්‍රමාද කරලා දැන් නොලැබෙන තත්ත්වයත් මතු වෙලා. දැන් සමහර අය කියනවාලු විපක්ෂයට දුන්නත් එකයි නැතත් එකයි කියලා. මේ තනතුරු ලබා දෙනවා කියලා වත්මන් ජනාධිපති අගමැතිව සිටින සමයේ පොරොන්දු වුණා. කථානායකතුමාත් පොරොන්දු වුණා. ඒ අනුව කටයුතු කරන්න කියලා ඉල්ලනවා.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන බ්‍රහස්පතින්දා, සිකුරාදා ගන්නවාද කියලා දැනගන්න ඕනා. ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී ඒ ගැන ලොකු ගාලගෝට්ටියක් ඇතිවුණා කියලා ආරංචියි. 22 ගන්න බැරි නම් අපි ඉදිරිපත් කොට තිබෙන 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විවාදයට ගන්න. අපි පූර්ණ සහාය දෙන්න සූදානම්.

සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා-

පසුගිය සතියේ රැස්වුණු පක්ෂ නායක රැස්වීමේදී තමයි බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දෙකම අපි 22 වැනි සංශෝධනය ගන්නවා කියලා එකඟ වුණේ. එහි යම් යම් සංශෝධන පිළිබඳව ඒ අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරන්න අධිකරණ ඇමැතිතුමා කටයුතු කරයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

]]>
https://divaina.lk/%e0%b7%84%e0%b6%bb%e0%b7%8a%e0%b7%82-%e0%b6%85%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b7%94%e0%b6%ab%e0%b7%8f-%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b7%8a-%e0%b6%a0%e0%b6%bb%e0%b7%92%e0%b6%ad-%e0%b6%9a%e0%b7%9d/feed/ 0