Professor Sanath Nandasiri – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 31 Mar 2023 13:52:10 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Professor Sanath Nandasiri – Divaina https://divaina.lk 32 32 නිසල විය හද සසල කර සිත් ඔබයි ඇදුරිදු පහන් කළ නෙත් https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b6%bd-%e0%b7%80%e0%b7%92%e0%b6%ba-%e0%b7%84%e0%b6%af-%e0%b7%83%e0%b7%83%e0%b6%bd-%e0%b6%9a%e0%b6%bb-%e0%b7%83%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%94%e0%b6%b6%e0%b6%ba/ https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b6%bd-%e0%b7%80%e0%b7%92%e0%b6%ba-%e0%b7%84%e0%b6%af-%e0%b7%83%e0%b7%83%e0%b6%bd-%e0%b6%9a%e0%b6%bb-%e0%b7%83%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%94%e0%b6%b6%e0%b6%ba/#respond Sat, 01 Apr 2023 23:48:00 +0000 https://divaina.lk/?p=136944 මහැදුරු සනත් නන්දසිරි සුලවතාණෝ දිවියෙන් සමුගෙන ගොසිනි. හෙතෙම පරිසමාප්තියට පත් සංගීතවේදියකු ලෙස හැඳින්වීමෙහි ලෝබ විය යුතු නැත. උත්තර භාරතීය සංගීතයේ ගැඹුරුතම තැන් ස්පර්ශ කළ විශාරදයකු වුවද එදා ගීත නිර්මාණයේදී එක් සාම්ප්‍රදායකට සිරගත වූවකු නොවේ. එළැඹි කවර පරම්පරාවක් සමග වුව යාවත්කාලීන වන්නට” එකඟවන්නට ඔහු තුළ තිබූ නිහතමානී ගුණයම” මෙතරම් සහෘද පිරිසක් ඔහු හා රැඳෙන්නට හේතු වූ බව කිව යුතුය.

නිසල විය හද සසල කර සිත් ඔබයි ඇදුරිදු පහන් කළ නෙත්

කොළඹට නුදුරුව ගොතටුව නම් ගමෙහි 1942 වසරේ පෙබරවාරි 15 වැනි දින උපන් ඔහු එවක එගමෙහි සුන්දරත්වය හා සරු බව සමග බැඳී” හැදී වැඩුණේය. එකවර පාසල් දෙකක ඉගෙනුම ලබන්නට අවස්ථාව උදාවීම ඔහුගේ දිවියෙහි සුවිශේෂී අවස්ථාවක් සේ සැලකේ. ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලැබීම සඳහා සැඳෑ යාමයේ දෙමටගොඩ ශාන්ත මැතිව් විද්‍යාලයටත් සිංහලෙන් අධ්‍යාපනය ලැබීම සඳහා උදයවරුවේ ගමේ සිංහල පාසලටත් සනත් නන්දසිරි සිසුවා ඇතුළත්ව සිටි බව කියැවේ.

නිසල විය හද සසල කර සිත් ඔබයි ඇදුරිදු පහන් කළ නෙත්

එවක සනත් නන්දසිරි දරුවාගේ ‘පොඩි තාත්තා. හොඳ ගායකයකු වීම ඔහුගේ දිවියෙහි සංගීතය පිළිබඳ ඇල්මක් ඇති කරන්නට හේතුවූ එක් සුවිශේෂ කඩඉමකි. එහෙත් පසු කලෙකදී ‘පොඩි තාත්තා. ගායන ශිල්පියෙකු නොව ‘ගීත ගැයීමට හැකි අයෙක්. ලෙස හඳුන්වන්නට සනත් නන්දසිරි මදකුදු පසුබට වූයේ නැත. ඒ” ගීත ගායනා කිරීමේ හැකියාවක් නොමැතිව වුවද ‘ගායන ශිල්පීන්. බවට පත්වන උදවියට බොහෝ දේ අවබෝධ කරවමිනි. ඒ දවස ඔහු ගුවන්විදුලියට ළමා මණ්ඩපයට පය ගසන්නේ ළපටි සිත දරා හුන්” කෙමෙන් වැඩෙන ඒ සංගීත ඥානය ද පෙරටුකර ගනිමිනි.

නිසල විය හද සසල කර සිත් ඔබයි ඇදුරිදු පහන් කළ නෙත්

අනතුරුව බොහෝ කාලයක් ගතවූයේ නැත. ඒ තරුණයා ශාස්ත්‍රීය සංගීතයෙහි මූලයන් හඳුනා ගනිමින්” ඒ සමගම නව සංගීත රටාවන්ගේ විකාශනයන් ද දැන හැඳින ඒවා නිවරැදිව භාවිතයට ගත් සපිරි සංගීත ඥානයකින් යුත් විශාරදයකු ලෙස සංගීත ලොවට පිවිසියේය.

හේ භාත්කණ්ඩේ විද්‍යාපීඨයෙන් ගායනය පිළිබඳ නිපුන් උපාධිය සමත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා වීමේ වාසනාව ලද්දේය. එමෙන්ම පසු කලෙක කැලණිය විශ්වවිද්‍යාලයේ සංගීත අංශාධිපති වශයෙන්ද කටයුතු කළ විශාරද සනත් නන්දසිරි සුලවතාණෝ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත අංශයේ ප්‍රථම මහාචාර්යවරයා ද වන්නේය.

ඔහු දිවියෙන් සමුගෙන දින කිහිපයක් ගතවන තැන ‘දිවයින ඉරිදා සංග්‍රහයේ. මීවිත 2009 නොවැම්බර් 01 වැනි දින ඒ විසල් සංගීතවේදියා සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවක් නැවත පළකරන්නේ ඔහුට පිදෙන උපහාරයක් ලෙසිනි. මේ ඔහු අප සමග එදා කතාබහ කළ දෑය.

ගොතටුව ගමේ නිවසේ ග්‍රැමෆෝනය සහ ගුවන් විදුලිය” සංගීතය ගැන ඔබට බොහෝ දේ ඉගැන්වුවා.

ඇත්තටම” ඒ වකවානුවේ අපේ ගම් පළාතටම මුලින්ම ග්‍රැමෆෝනයක් කියලා තිබුණේ අපේ ගෙදර. ඒ වගේම ගුවන් විදුලියක් තිබුණෙත් අපේ ගෙදර. මේ දෙකටම සවන් දීම තුළින් මගේ සංගීත රසාස්වාදය කිරීමේ හැකියාව දියුණු වුණා කියන කාරණය නිවැරැදියි.

ඒ කාලයේ මේ හැම එකෙන්හිම අපට අහන්න ලැබුණේ ශාස්ත්‍රීය සංගීතය. එහෙමත් නැත්නම් රසාස්වාදය උපරිම මට්ටමකින් තිබුණු ගීත. අද ඒවා අහන්නත් නැහැ. ගුවන් විදුලියේ පවා එවැනි ශාස්ත්‍රීය සංගීතය මුසු වැඩසටහනක් අසන්නවත් නැති තරම්.

එවකට ගුවන් විදුලියේ ශාස්ත්‍රීය සංගීතය ‘පිරිත්. තරමටම අසන්නන්ට සමීප බව අසා තිබෙනවා.

ඇත්තෙන්ම ඔව්. ඒ කාලයේ ශාස්ත්‍රීය සංගීත වැඩසටහනක් ආරම්භ කරන විට ඇහෙන තේමා වාදනයම අපේ වැඩිහිටියන් සහ එකල කුඩා දරුවන්ව සිටි අප ගුවන් විදුලිය අසන්නට පෙළඹවීමක් ඇති කළා. වර්තමානයේ එවැනි රසඥතාවක් ඇති වැඩසටහන් අහන්නම නැති තරම්.

හැටේ දශකයේ මැද සහ හැත්තෑව දශකයේ සනත් නන්දසි හා වික්ටර් රත්නායක යුගලය” එක්වී සිංහල ගීතයට නව මාවතක් එක් කළා. සරල ගීතයට නැවුම් මුහුණුවරක් දුන් මේ වෙනසට ශ්‍රාවකයා ප්‍රිය කළා.

ඇත්තටම එදා ඒ වෙනසට මම සහ වික්ටර් රත්නායකයන් පමණක් නොවේ බොහෝ දෙනා හවුල් වුණා. හැබැයි එදා අපි ඒ ඇති කළ වෙනස දැන් වගේ ගීතය කනපිට හරවා රසිකයන්ට එය එපා කරවන අන්දමේ එකක් නොවේ. අදටත් ඒ ගීත ශ්‍රාවකයා රසවිඳීමේ රහස ඒකයි.

ඒත් පස්සේ කාලෙක ඔබ නිකුත් කළ ‘නිම් නැති ආකාසේ. කැසට් පටයට විවේචන එල්ල වුණා. එහි “ඔබෙ සුවඳ පිරුණු පුංචි කාමරේ” වැනි ගීතවලට තදින් විවේචන එල්ල වුණා.

අපිත් නව ලෝකය නව නාද රටා සොයා යා යුතුයි. ‘ඔබෙ සුවඳ පිරුණු පුංචි කාමරේ. ගත්තොත් ඒ ගීතය අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. නමුත් ඒ ගීතය හරසුන් නිර්මාණයක් නොවේ. මගේ අනිකුත් ගීත සේම එය අදටත් රසවිඳින රසිකයන් ඉන්නවා. ඒත් එම කැසට් පටයේම අඩංගු ‘නිම් නැති ආකාසේ. වැනි ගීයක් අවධානයට ලක් නොවුණේ ඇයි කියන ගැටලුව මා තුළ ඉතිරිව තිබෙනවා. මගේ ජීවිතයේ කිසි දිනෙක පසුබෑමක් ඇති වී නැහැ.

නමුත් ඔබ ඇතුළු විදග්ධ කලාකරුවන් රැසක් ප්‍රකාශ කරන උසස් කලා පෙළක් ගොඩනැංවීමට මේ ‘වෙළෙඳ සමාජය. තුළ විකිණෙන අපට හැකියාවක් ලැබෙයිද?

මේක අපේ රටේ කලාකරුවන්ගේ ජීවන මට්ටම එක්ක නැගෙන ප්‍රශ්නයක්. ඉන්දියාවේ වගේ රටක නම් උසස් සංගීත හැකියාවක් ඥානයක් තිබෙන කලාකරුවන්ට ඉහළින්ම සලකනවා. අපේ රටේ සිද්ධ වෙන්නේ යම් යම් වාණිජ ආයතන කලාකරුවන් මිලදී ගැනීමයි. ඒකේ අයහපත් ප්‍රතිඵලය තමයි මේ ක්‍ෂේත්‍රයට ප්‍රබුද්ධ මට්ටමෙන් දායක වූ ශිල්පීන් පැත්තකට දාලා බොහෝ වෙළෙඳ ආයතන සිය වෙළෙඳ අරමුණු ඉටුකර ගැනීමට හරසුන් දේ ජනතාව අතරට යැවීම. රූපවාහිනිය ප්‍රමුඛව මේ රටේ හැම මාධ්‍යයක්ම ඒකට අනුගත වෙලා ඉවරයි. ගුවන් විදුලි නාලිකා ගණන් කරන්න බැරි තරම් තියෙන රටේ අපිට අහන්න එක හොඳ ගීතයක් නිර්මාණය වෙලා තියෙනවාද?

නිසල විය හද සසල කර සිත් ඔබයි ඇදුරිදු පහන් කළ නෙත්

විශේෂයෙන් කියන්න ඕන” මේ වෙළෙඳ සමාගම් අවතක්සේරු කරන ලද බොහෝ කලාකරුවන් ජනතාව විසින් අදටත් පිළිගන්නා විශිෂ්ටයන් පිරිසක් බව. ඒක ඒ වෙළෙඳ සමාගම් අවබෝධ කරගෙන නෑ. නැතිනම් වුවමනා වෙන්ම අමතක කර තිබෙනවා. විවිධ ආටෝප ප්‍රසංග සඳහා අත දිගහැරලා වියදම් කරන සමාගම්” කලාවේ දියුණුවට සත පහක් ආයෝජනය කරන්නේ නැහැ. බොහෝ ආයතන කියන්නේ ඔවුන්ගේ ප්‍රසංග රැල්ල අලුත් තරු බිහි කිරීමට බවයි. එකම විදියට නිවේදන කටයුතු කරන හැම තරු ප්‍රසංගයකම නිවේදකයෝ අපේ වෑයම ගායකයෙක් බිහිකරන්නයි. කියලයි කියන්නේ.

මම අහන්නේ ගායකයෝ බිහි කළ යුතුයි. ඒත් ඉන්න අය මැරිලද? මේ වෙළෙඳ ආයතන ප්‍රබුද්ධ කලාකරුවන් විනාශ කරන අතරෙම රසිකයන්ගේ රසඥතාවක් විනාශ කරනවා.

උදේශ ගමගේ

]]>
https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b6%bd-%e0%b7%80%e0%b7%92%e0%b6%ba-%e0%b7%84%e0%b6%af-%e0%b7%83%e0%b7%83%e0%b6%bd-%e0%b6%9a%e0%b6%bb-%e0%b7%83%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%94%e0%b6%b6%e0%b6%ba/feed/ 0
ලාංකේය සංගීත කෙත අස්වැද්දු වාග්ගේයකරු සනත් නන්දසිරි https://divaina.lk/%e0%b6%bd%e0%b7%8f%e0%b6%82%e0%b6%9a%e0%b7%9a%e0%b6%ba-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b7%93%e0%b6%ad-%e0%b6%9a%e0%b7%99%e0%b6%ad-%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b6%af%e0%b7%8a/ https://divaina.lk/%e0%b6%bd%e0%b7%8f%e0%b6%82%e0%b6%9a%e0%b7%9a%e0%b6%ba-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b7%93%e0%b6%ad-%e0%b6%9a%e0%b7%99%e0%b6%ad-%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b6%af%e0%b7%8a/#respond Sat, 11 Feb 2023 23:55:00 +0000 https://divaina.lk/?p=127336 යමකු යම් වේදිතයක් විඳ ගැනීමෙන් පසු චලන, රේඛා, වර්ණ, ශබ්ද හෝ වචන සංයෝගය මගින් ඒ වේදිතය ඒ අයුරින් ම අන්‍යයන් තුළ දැනවීම කලාවේ කාර්යය වේ යැයි ලියෝ ටෝල්ස්තෝයිගේ ‘කලාව යනු කුමක් ද?’ මහාචාර්ය ඒ. වී. සුරවීර පරිවර්තනයේ දැක්වේ. දශක සතරකටත් වැඩි මහාචාර්ය සනත් නන්දසිරි සුළවතුන්ගේ ඇසුරේ මේ අනුභූතීන් එලෙස ම රසවිඳ ඇත්තෙමි.

මෑතක දී ඔහුගේ සුවසෙත විමසන්ට ගිය විටක දී මා ඇසූ පැනයක් සිහිවෙයි. ඔබ වඩාත්ම කැමැති භාරතීය රාගය කුමක් ද? ඔහුගේ පිළිතුර වූයේ භාගේශ්‍රී රාගය බවයි. ඔහුගේ සිසුන් පවසන ලෙසත් මා අත්දැක ඇති ආකාරයටත් මේ රසවතාණන් අපරිමිත රසරුත් මතු කරමින් උගැන්වූ සැටිත්, තමාට මෙන්ම ප්‍රවීණ, නවීන ගායක ගායිකාවන්ට මසුරු නොවී තනු හා සංගීත නිර්මාණ කරන සැටියෙනුත් තමා ද රසවිඳිමින් ශ්‍රාවක ප්‍රේක්ෂක ශෝතෘ ජනී ජනයා ආනන්දයට පත් කළ සැටිත් සැබෑ චමත්කාරයකි.

සුභාවිත සංගීතයත්, සුභාවිත ගීතයටත් එක් බඳුව ම ප්‍රිය කරන ඇසූ පුරුද්ද, දුටු පුරුද්ද, කළ පුරුද්ද, පළපුරුද්ද සතු සූර, වීර, ධීර ගුණ යුතු මේ සත් පුරුෂ කලාකරුවාගේ සදාශ්‍රය අපගේ ජීවිතාවබෝධයට ද පණ පොවන්නකි.

“සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරිගේ මධුර ගායනය ත්‍රිස්ථානශෝභී වෙයි. මන්ද්‍ර, මධ්‍ය, තාර යන ත්‍රිවිධ සප්තකයෙහිම ලැබෙන ස්වරයෙන් මධුරාකාරයෙන් සංකලනය කොට ස්වර සාධනය කිරීමේ ශක්තිය ත්‍රිස්ථානශෝභී ගායන ගුණයයි.

ඒ ශක්තිය සනත් සතුව පවත්නේය. සනත් නන්දසිරිගේ ලෝකය නාදාත්මක ය. ඒ සුමධුර නාද ප්‍රවාහය තව තවත් ඉස්සර බලනු නියති.” කරු හීනටිගල ද 1997 ප්‍රකාශයට පත් කළ සනත් නන්දසිරි සුළවත් පහන් සර කෘතියට විමල් අභයසුන්දර හැඳින්වීමක් කළේ එලෙස ය.

1942 පෙබරවාරි 15 වැනිදා හේරත් මුදියන්සේලා විලියම් පෙරේරාගේත්, දෝන අමලින් කටුගම්පළගේත් පවුලට එකතු වූ තුන්වැනි දරුවා සනත් නන්දසිරි සුපතළ වූයේ වාසනාවත්, උත්සාහයත්, නිර්මාණශීලීත්වයේ ප්‍රතිභාවත් දසනු දිසා පළ කරමිනි.

“තාත්තා සින්දු කියනවා අහන් ඉන්න මම හරි ආසයි. ඒ හඬ සවන් දොරින් හදවතට තුරුලු වෙනවා. තාත්තගෙ සින්දුවලට කන්දීමෙන් ගායකයකු වී මේ ආශාව මගෙ හිත තුළ මෝදු වුණා ගායකයකු වශයෙන් රසික පිරිසක් අතරට පිවිසෙන්න මගෙ සිත පෑදු මුල්ම පුද්ගලයා වශයෙන් මට ගෞරව පූර්වකව සිහිපත් කරන්න පුළුවන් මගෙ තාත්තයි” වරක් ඔහු පුවත්පතකට තම පියා ගැන කීවේ එසේය.

සනත්ට වයස අවුරුදු හතර වනවිට පෙරවරුවේ ගොතටුව මධ්‍ය මහා විද්‍යාලයටත්, පස්වරුවේ ශාන්ත මැතිව් විදුහලටත් අධ්‍යාපනය සඳහා යොමු කරන ලදී. රාත්‍රි කාලයේ ගුවන්විදුලියෙන් ප්‍රචාරය වන ශාස්ත්‍රීය සංග්‍රහයෙන් ඉන්දීය ගායන වාදනවලට සවන් දීමට ඔහු පුරුදු වූයේ කුඩා කාලයේ සිට ය.

ලාංකේය සංගීත කෙත අස්වැද්දු වාග්ගේයකරු සනත් නන්දසිරි

ඔහුට වයස අවුරුදු පහේ දී පමණ එනම් 1947 දී ජීවිතයේ මුල්වර ගීතයක් ගැයුවේ ගමේ උත්සවයක දී සිය වැඩිමල් සොයුරිය වූ ඊඩා සමගය. යමුනා යමුනා සෝබන ගංගා ගීතයේ තනුවට පායා පේනා චන්ද්‍රා පේමා නම් යුග ගීතය යි. විල්ෆ්‍රඩ් පීරිස් ගුරුතුමා ඔහුට මුල දී සංගීතය ඉගෙනීමට උපකාරි විය. පද්‍ය ගායනයට හුරුබුහුටි ඔහු කුසලාන දිනා ඇති අතර හේමතිලක දයාරත්න සංගීතඥයා ඔහුට ශාස්ත්‍රීය සංගීතයේ න්‍යායාත්මක අවබෝධය ලබා දුන්නේ ද බාල වියේදීම ය. මහේෂ් සින්නයියා මෙන්ම වාද්‍ය විශාරද ඩී. ආර්. පීරිස් වෙතින් ද තබ්ලා වාදනය උගත් සනත් 1960 දී භාරතය බලා පිටත් වූයේ භාත්ඛණ්ඩ සංගීත් විද්‍යා පීඨයට ඇතුළු වීමට ය. එස්. ඩී. එස්. ජයසේකර සංගීතඥයා ඊට මඟ පෙන්වීය. ජී. එන්. නාටු, මොක් ශුද් අලි, හරි ශංකර් මිශ්‍රා, රහිමුඩි ඛාණ්ඩාගර් මෙන්ම උස්තාද් අහමඩ් ජාන් තිරක්වා මහා තබ්ලා වාදකයාණන්ගෙන් ද ශිල්ප ශාස්ත්‍ර උගත් සනත් ලංකාවට පැමිණියේ 1966 දීය. විශාරද උපාධි සමගය.

ශ්‍රී ලංකා ගුවන්විදුලිය සංස්ථාවේ ශාස්ත්‍රීය ගායනා පරීක්ෂණයකට පෙනී සිටි අවස්ථාවක විශාරද පී. ඩන්ස්ටන් ද සිල්වාගේ ඇරයුමින් විමල් අභයසුන්දර රචනා කළ නව දැලි හේන ගීත නාටකයේ නයන භාංගී නමැති ගීතය ගයමින් තනු සංගීත ක්‍ෂේත්‍රයට පැමිණියේය. ගුවන්විදුලිය වෙළෙඳ සේවයේ සිටි පී. ඇල්. ඒ. සෝමපාලගේ ඇරයුමින් සනත් ගීත කීපයක් ගායනා කළේය. ‘ඇවිළුණු ගිනිදැල් (විමලධර්ම ජයවීර) මහද පෙම්විලේ (බණ්ඩාර විජේතුංග), මිහිරාවී (ප්‍රේමකීර්ති ද අල්විස්) නම් ගීත ජනප්‍රිය විය. එකල මල්කාන්ති පීරිස් එම ගීයට සහාය කර ගන්නා ලදී. 1966 අම්පාර දිස්ත්‍රික්කයේ උහන විද්‍යාලයේ ද සංගීත උපදේශකවරයකු වූ හෙතෙම 1969 ගායනය පිළිබඳ රජයේ ලලිත කලා ආයතනයේ කථිකාචාර්යවරයකු බවට පත් කරගන්නා ලද්දේ විශාරද ආචාර්ය ලයනල් එදිරිසිංහ විසිනි.

අමරදේවයන්ගේ ඇරයුමින් සැඩොල් කඳුළු චිත්‍රපටයේ ‘තෙරක් නැතී ආශා’ (හෙන්රි ජයසේන) ගීතය හාපුරා ඔහු ගැයුවේය.

ජීවිතයේ අපේක්ෂා රාශියක් පොදිබැඳගෙන ඉන්දියාව බලා ගිය සනත් ඒ සියලු අරමුණු ඉටු කරමින් අවසාන විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා ශාලාවෙන් බැහැරට එද්දි ඉතාම දරුණු ලෙස උණසන්නිපාතය රෝගයට ගොදුරු විය. එම රෝගය උත්සන්න වී රෝහල් ගත වූ කාලයේදී තමාගේ සියලුම විභාගයන්හි ප්‍රතිඵල නිකුත් වූයේ අසනීපය කොයි තරම් දරුණු වුවත් තමා මෙතෙක් වුණු වෙහෙස මහන්සිය කැපවීමේ ප්‍රතිඵල එදා භාත්ඛණ්ඩ පීඨයේ ප්‍රතිඵල ලේඛනයේ ඉහළින්ම සටහන්ව තිබිණි. නිපුන් විභාගයට පෙනී සිටීමේදී ද ලාංකික ඇතැමුන්ගේ කුහකකම් නිසා සනත්ට බාධා අවහිර එල්ල විය. එහෙත් ධෛර්යවන්ත පසු නොබාන නිර්භය චරිතයකින් හෙබි ඔහු එම වැටකඩුලු අභියෝග වටිනාකම් සහිතව ජය ගත්තේය.

1983 ත්‍රස්තවාදී හෝ ජනවාර්ගික අර්බුද උත්සන්න වූ අවස්ථාවේ තමා ජීවත් වූ නුගේගොඩ දුම්රිය පටුමගේ දෙමළ ජනයාට අගතියක් සිදු නොවන ලෙස ඔහු මානව දයාවෙන් යුතුව නිර්භයව ඒ මිනිසුන් බේරා ගත්තේය.

කුටුම්බයේ – පවුලේ සමගිය, සතුට, සහයෝගිත්වය සහජීවනය ප්‍රේමයේ ආලෝකයෙන් විකසිත කළ ගීත ගණනාවක් ඔහු විසින් ගයන ලදී. සුනිල් සරත් පෙරේරා ලියූ ‘සැන්දෑ කළුවර ගලා හැලෙන විට සෙනෙහස දැල්වුණු නිවෙස සොයා එමි ඔබේ සිනා සඳමඬල මුවාවෙන් ජීවිතයේ දුක් වෙහෙස නිවාගමි’ මේ ගීතය කැපී පෙනෙන ගීතයකි. විමල් ජයශාන්ත විසින් සත්‍ය අත්දැකීමක් පසුබිම් කොට ලියන ලද එදා මෙදාතුර කඳුළට විවර වූ දෑස් පියන් පත් කවුළු වසා ගීතය අදටත් ජනහද අමතන වියෝ ්ගීතයකි. විමලධර්ම ජයවීර රචනා කළ ඇවිළුුණු ගිනිදැල් නිවි නිවි යද්දී ඈ මට හමුවූවා ගීතය එක් රැයකින් සනත් ජනප්‍රියත්වයේ ඉහළට ඔසවා තැබූ ගීයකි. ආචාර්ය අජන්තා රණසිංහගේ ආදර සැමරුම් කැටි වූ, පෙමාතුර හැඟුම්, ජගදා නන්දන, දේදුන්නෙන් එන සමනලුනේ, කොහෝ කෙහෝ මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ එක යායට මල් පීදුණු, වේතනා පරිශුද්ධ වූවත්, සීත රෑ යාමේ, බඹරු නොදුටු කරුණාරත්න අබේසේකරගේ මා හද අසපුව, ලස්සන නම් නෑ පෙනෙන්නේ, සඳ බලන්න බෑ, කුලරත්න ආරියවංශගේ මේ ප්‍රථම වසන්තයයි, සිත දන් දුන්නේ, මාලතී මල් මාවතේ සුනිල් ගුණවර්ධනගේ දඟකාර ඔය දැස, හිච්චි නගේ ඩෝල්ටන් අල්විස්ගේ කවුරුදෝ අර කවුළුවෙන් බුද්ධදාස ගලප්පත්තිගේ ගීතා, දයාබර ගීතා, දූ අනුරාධා, සුනිල් සරත් පෙරේරාගේ මගේ රටට දළදා හිමි සරණයි, යසෝදරා, සිනා සලන්නී, ධර්මරත්න පෙරේරාගේ ‘නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ, දයා ද අල්විස්ගේ දහසක් පැතුමන්, ප්‍රියානන්ද විජේසුන්දරගේ බෝ මලුවේ මල් සුවඳක පැටලී, ඩබ්. ජයසිරිගේ නිදිකුම්බා මල් කැකුළි, දෙල්තොට චන්ද්‍රපාලගේ රත්ති අරන් උදැනැක්කේ ආදී ගීත අතිශය ජනප්‍රිය ගීත බවට පත් වූයේය.

1969 සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයට ඔහුම ලියූ සනත් ගැයූ මේ ගීතය රූපයත් සංගීතයත්, ගායනයත්, ගීත රචනයත් කදිමට පෑහුණු ගීතයකි අනන්ත වූ දෙරණ සරා දෑස් නිවන අහස් ගව්ව නැග ගත්තේ – නිල්ල දකින්නයි, ගීතය.

ආචාර්ය ප්‍රේමසිරි කේමදාස තනුව නිර්මාණය කළ මේ ගීතයත්, අහස් ගව්ව චිත්‍රපටයට මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු ලියා සනත් ගැයූ ඉරා අඳුරු පට ගීයත් සදානුස්මරණී ගීතයෝ වෙති. ධර්මසේන පතිරාජ එහි අධ්‍යක්ෂවරයා ය.

මහාචාර්ය සුනිල් ආරියරත්න, කේ. ඒ. ඩබ්. පෙරේරා අධ්‍යක්ෂණය කළ දුලිකා චිත්‍රපටයට සනත් ගැයූ සීත රෑයාමේ ගීතය ද අදටත් ජනකාන්ත වූ නිර්මාණයකි.

ඉරා අඳුරු පට පෙර දින අහසේ
පොකුරු පොකුරු තරු නිවී යන්ට පෙර
අරුණළු උදයේ මැකී යන්ට පෙර
පියමන් කරමින් අහස් ගව්වටයි ළංවෙන්නේ

හිරු රැස් දැඩිවී හැකිලි ගුලි වී
සැඟවී යාදෝ පිනි කැට මිහි තුළ
පා පෙරැළී ගොස් රැඳේද අප හැම
ඉමක් නොපෙනෙනා අහස් ගඟේ

ඉරහඳ නැති වී සුළඟ සුසුම්ලන
දවසක් ඇවිදින් උදාගිරෙන්
කඳුළක් සුසුමන් හදින් ගලන තෙක්
එකමුතු වී අපි ඉමු මිතුරෝ

එන්න මගේ පිය මිතුරෝ…//

එදා මෙදාතුර ගුවන්විදුලිය, සිනමාව, වේදිකාව, ටෙලිනාට්‍යය ආදී කවර ක්‍ෂේත්‍රයක වුව ඉමහත් ආන්දෝලනයට ලක් වූ ගීත දහස් ගණනින් ගැයූ හෙතෙම ගීත නාටක, මුද්‍රා නාටක, වේදිකා නාට්‍ය, චිත්‍රපට, ටෙලිනාට්‍ය රාශියකට ම ප්‍රශස්ත සංගීත නිර්මාණ සැපයුවේ ය.

ලාංකේය සංගීත කෙත අස්වැද්දු වාග්ගේයකරු සනත් නන්දසිරි

අමරදේවට (කඳුළු කතාවේ, මේ ගුරු පාරේ, මා දැන් මහලු වියේ, ජයදා නන්දන ගීතාංලී), ධර්මදාස වල්පොළට (උත්තමමුනි දළදා වඩම්මන), සුජාතා අත්තනායකට (කොහෝ කොහෝ), මගධ දේශ බිම්බිසාර (අජාසත් චිත්‍රපටය, සිරිල් ඒ සීලවිමල), ගුණදාස කපුගේට (දෑස නිලුපුල් තෙමා, ප්‍රියානන්ද විජේසුන්දර, සංගීත සංයෝජනය), නන්දා මාලිනීට (මුව දඩයම අතැර දමා, කැලේ පීදී (සුනිල් ආරියරත්න), නිරංජලා සරෝජනී (මුවන් තිස්ස කුමාරයගෙ – සුනිල් ආරියරත්න), අබේවර්ධන බාලසූරියට කවුරුදෝ කවුරුදෝ, මං නැතිදා (සුනිල් ආරියරත්න), ප්‍රේඩි සිල්වා (බොරු කකුල් කාරයෙක්, කකුළුවා, ප්‍රේමකීර්ති ද අල්විස්), මල්කාන්ති නන්දසිරි ට (නිල්වන් ඈත අනන්තේ, අබමල් රේණුවක තරමින්, සහසක් පැතුමන්, දයා ද අල්විස්) තනු නිමැයු ගීත අතලොස්සක් මෙහි සඳහන් කරනුයේ නිදසුන් දක්වන්නටය. ගායනය, තබ්ලා වාදනය පිළිබඳ විශාරද උපාධි දෙකක් ද සංගීත් නිපුන් උපාධිය ද දිනූ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ප්‍රථම සංගීත පීඨාධිපති හා මහාචාර්ය වූ සනත් නන්දසිරි ඉදානීන්තනයේ එහි කුලපතිවරයා වශයෙන් ගෞරවනීය භූමිකාවක නිරත වෙයි.

ගී පද රචකයින් ගණනාවක් බිහිකිරීමට ඔවුන්ගේ සංකල්ප ගී බවට පත් කරමින් මුලින් ගායනා කළ සනත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් ගණනකට දයාබර ගුරු පියකු බවට පත් වූයේ ඉමහත් කරුණාවෙනි. මල්කාන්ති නන්දසිරි හා විවාහ වූ ඔහුට දයාබර දියණියක් සිටී. අනුරාධා හට කියා දුන් සංගීතයම ගුරු මුෂ්ටි සඟවා නොගෙන අනෙකුත් කවර සිසු සිසුවියකට වුව ද කියා දුන් ඔහු අතිසංවේදී මිනිසෙකි. නූතනයේ සංගීත ක්‍ෂේත්‍රයේ පවතින ලාංකික ජන සමාජයේ ඔද්දල් වන වංචා දූෂණ, සියලු විලෝපන පිටුදකින මනුෂ්‍යත්වය පෙරදැරි කරගත් ගුණ නුවණින් පිරිපුන් ඔහු ශ්‍රී ලාංකික ගායක ගායිකාවන්ගේ සංගමයේ ප්‍රථම සභාපතිවරයා ලෙස කටයුතු කළේය. කාගේ වුව ද දුක සැපෙහි මුලින්ම දිව එන සනත් මල්කාන්ති යුවළ සතුනට මහත් කරුණාවක් දක්වන දෙපළකැයි අපි අත්දැක ඇත්තෙමු. සිංහල, දෙමළ, මුස්ලිම්, හින්දු, බෞද්ධ, ඉස්ලාම්, කතෝලික ගුරු ඇසුරේ සංගීතය හැදෑරු ඔහුගේ සිතෙහි වර්ගවාදී ගෝත්‍රිකවාදී ආකල්ප නොමැත. ජාත්‍යනුරාගී, දේශානුරාගී, සැදැහැ බැති ගී සිය ගණනින් ගායනා කර ඇති ඔහු ජීවිතයේ ප්‍රධාන ධර්මතා දෙක වන සංයෝගය හා වියෝගය කදිමට පිළිබිඹු කරන ගීත දහස් ගණනින් නිර්මාණය කළ ගායනා කළ සුළවතෙකි. ගුරු භූමිකාව මැනවින් සාධනය කළ සනත් නන්දසිරි රට පුරා ලොව පුරා ගමන් කරමින් ශ්‍රාවකයින්, ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කළ දෙස, බස, රැසට ආදරය කළ වාග්ගේයකාරයෙකි. තමන් විසින් ගීපද කවි පද ලියා තනු නිර්මාණය කරමින් ගයමින් ද අනුන් උදෙසා කිසිදු ප්‍රතිලාභයක් අපේක්ෂා නොකොට නිර්මාණය කර දෙමින් ශ්‍රී ලාංකික සංගීත ක්‍ෂේත්‍රය අස්වැද්දු සනත් නන්දසිරි සුධීමතුන්හට චීරජීවනය පතනුයේ දයා කරුණාවෙනි.

මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර
ඡායාරූප – දයාන් විතාරණ

ලාංකේය සංගීත කෙත අස්වැද්දු වාග්ගේයකරු සනත් නන්දසිරි

]]>
https://divaina.lk/%e0%b6%bd%e0%b7%8f%e0%b6%82%e0%b6%9a%e0%b7%9a%e0%b6%ba-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b7%93%e0%b6%ad-%e0%b6%9a%e0%b7%99%e0%b6%ad-%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b6%af%e0%b7%8a/feed/ 0