Pujith Jayasundara – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 15 Sep 2023 16:45:21 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Pujith Jayasundara – Divaina https://divaina.lk 32 32 චැනල් ෆෝ කතා විමර්ශනය කරන්න: පාස්කු නඩුවලින් මෛත්‍රී මුදාහරින්න – මෛත්‍රීගේ නීතිඥයා උසාවියෙන් ඉල්ලයි https://divaina.lk/%e0%b6%a0%e0%b7%90%e0%b6%b1%e0%b6%bd%e0%b7%8a-%e0%b7%86%e0%b7%9d-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f-%e0%b7%80%e0%b7%92%e0%b6%b8%e0%b6%bb%e0%b7%8a%e0%b7%81%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1/ https://divaina.lk/%e0%b6%a0%e0%b7%90%e0%b6%b1%e0%b6%bd%e0%b7%8a-%e0%b7%86%e0%b7%9d-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f-%e0%b7%80%e0%b7%92%e0%b6%b8%e0%b6%bb%e0%b7%8a%e0%b7%81%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1/#respond Fri, 15 Sep 2023 23:50:00 +0000 https://divaina.lk/?p=169229 පූජිත් ඊයේ උසාවි එයි – මෛත්‍රී නොඑයි

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සම්බන්ධයෙන් හා එම ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ කාගේ වුවමනාව මත දැයි චැනල් 4 නාලිකාව මේ වනවිට මුළු ලොවටම පෙන්වා දී ඇති බවත් එබැවින් සිය සේවාදායකයා එම නඩු කටයුතුවලින් මුදාහරින ලෙසත්, එමෙන්ම චැනල් 4 නාලිකාව අනාවරණය කළ කරුණු ඔස්සේ විමර්ශනයක් සිදුකරන ලෙසට බලධාරීන්ට නියෝගයක් කරන ලෙසත්, පාස්කු නඩුවල වගඋත්තරකරුවකු වන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාපා මහතා ඊයේ (15දා) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඊයේ 15දා එම මෝසම් කැඳ වූයේ මෝසම් සලකා බැලීම සඳහා දිනයක් නියම කිරීමට පමණක් වන බැවින් සලකා බැලීම සිදුකරනා විට එම ඉල්ලීම කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥවරයාට දැනුම් දුන්නේය. පාස්කු වින්දිතයන් වෙනුවෙන් සරත් ඉද්දමල්ගොඩ පියතුමා ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය නියම කොට තිබූ රුපියල් ලක්‍ෂ 1000ක්වූ වන්දි මුදල ගෙවීමට තවදුරටත් දින ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගොනුකර තිබූ මෝසම් පත්‍රය හා අධිකරණ නියෝගය අනුව කටයුතු කළ ඔහු ඇතුළු වගඋත්තරකරුවන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ පියවර ගන්නැයි ඉල්ලා ගොනුකර තිබූ මෝසම් පත්‍ර කිහිපයක් කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා එම ඉල්ලීම කළේය.

එම මෝසම් පත්‍ර බුවනෙක අලුවිහාරේ, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස්, කුමුදුනි වික්‍රමසිංහ හා ශිරාන් ගුණරත්න යන සයපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි. ඒ සම්බන්ධයෙන් මෝසම් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන වෙනත් පාර්ශ්ව ඇත්නම් ලබන ඔක්තෝබර් 30 වැනිදාට පෙර ඒවා ගොනු කිරීමට පියවර ගන්නා ලෙසට දැනුම් දුන් විනිසුරු මඬුල්ල එම මෝසම් පත්‍ර සලකා බැලීම සඳහා ලබන නොවැම්බර් 02 වැනිදා කැඳවීමට දින නියම කළේය. එකී මෝසම් පත්‍ර එදින අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ කැඳවීමට පියවර ගන්නා ලෙසට ද විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරයාට නියෝග කළේය.

වගඋත්තරකරුවන් අතරින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (15දා) අධිකරණය හමුවේ පෙනී සිටි අතර පෙත්සම්කාර සරත් ඉද්දමල්ගොඩ පියතුමා, ජූඩ් ක්‍රිශාන්ත පියතුමා ඇතුළු පිරිසක් ද අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සමග ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියහ. අධිකරණය විසින් 2023.01.12 වැනිදා තීන්දු ප්‍රකාශය ලබාදෙමින් නිකුත් කළ නියෝගය අනුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු වගඋත්තරකරුවන් මේ වනවිට හානිපූර්ණ සඳහා වන කාර්යාලය හමුවේ ගෙවා ඇති වන්දි මුදල් පිළිබඳ වාර්තාවක් අධිකරණය මෝසම් පත්‍රයක් මගින් ගෙන්වා ඇතැයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා විනිසුරු මඬුල්ලට දැනුම් දුන්නේය.

නීතිඥ රොෂාන් දෙහිවල, ගාමිණි පෙරේරා, රුෂ්ඩි හව්බ්, සුපුන් දිසානායක, අරවින්ද මනතුංගආරච්චි, ජනාධිපති නීතිඥවරුන් වන ෂමිල් පෙරේරා, සාලිය පීරිස් යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලය දෙපාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියහ. කෙසේ නමුත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු සෙසු වගඋත්තරකරුවන් විවෘත අධිකරණය හමුවේ පෙනී නොසිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

]]>
https://divaina.lk/%e0%b6%a0%e0%b7%90%e0%b6%b1%e0%b6%bd%e0%b7%8a-%e0%b7%86%e0%b7%9d-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f-%e0%b7%80%e0%b7%92%e0%b6%b8%e0%b6%bb%e0%b7%8a%e0%b7%81%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1/feed/ 0
පාස්කු වන්දි සිද්ධිය මෛත්‍රි-පූජිත් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට https://divaina.lk/%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92-%e0%b7%83%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b7%92%e0%b6%ba-%e0%b6%b8%e0%b7%9b%e0%b6%ad/ https://divaina.lk/%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92-%e0%b7%83%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b7%92%e0%b6%ba-%e0%b6%b8%e0%b7%9b%e0%b6%ad/#respond Thu, 14 Sep 2023 23:46:00 +0000 https://divaina.lk/?p=168977 විදේශීය සංචාරකයන් කිහිපදෙනකු ඇතුළු 271 දෙනකුට ජීවිත අහිමිකර තවත් සිය ගණනක් සදාකාලික ආබාධිතයන් බවට පත් කළ පාස්කු ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු වගඋත්තරකරුවන් අද (15දා) පෙරවරුවේ අගවිනිසුරුවරයා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ පෙනී සිටීමට නියමිතය.

එකී වගඋත්තරකරුවන්ට පසුගිය ජනවාරි 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය සත්පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ඒකමතිකව තීන්දුවක් ලබාදෙමින් නියම කළ වන්දි මුදල් නිසියාකාරව ගෙවා නොමැති බැවින් ඔවුනට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ නීතිමය පියවර ගන්නැයි මුල් පෙත්සම්කරුවන් කිහිපදෙනකු හා සෙසු පාර්ශ්ව කිහිපයක් ගොනුකර ඇති මොස්ම් පත්‍ර අනුව එකී පෙත්සම් අද (15දා) පෙරවරු 10.00ට කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කොට තිබිණි. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ වන්දි මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා නිම කිරීමට තවත් දින ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගොනු කළ මෝසම් පත්‍රය, වගඋත්තරකරුවන් මෙතෙක් කොපමණ මුදලක් ගෙවා ඇති දැයි පෙන්වා දෙමින් නීතිපතිවරයා ගොනු කළ මෝසම් පත්‍රය මෙන්ම අධිකරණ නියෝගය පැහැර හැරීම අභියෝගයට ලක්කරමින් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් ඉදිරිපත් කළ මෝසම් පත්‍රය ද කැඳවීමට නියමිතය.

ඒ. ජේ. ඒ. අබේනායක

]]>
https://divaina.lk/%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92-%e0%b7%83%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b7%92%e0%b6%ba-%e0%b6%b8%e0%b7%9b%e0%b6%ad/feed/ 0