QR Scan – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 15 Jun 2023 19:54:57 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg QR Scan – Divaina https://divaina.lk 32 32 කිව් ආර් ක්‍රමවේදයට පටහැනිව ක්‍රියාකළ නිසා දකුණේ පිරවුම්හල් රැසකට ඉන්ධන ලබාදීම අත්හිටුවයි https://divaina.lk/%e0%b6%9a%e0%b7%92%e0%b7%80%e0%b7%8a-%e0%b6%86%e0%b6%bb%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b7%80%e0%b7%9a%e0%b6%af%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b4%e0%b6%a7%e0%b7%84%e0%b7%90/ https://divaina.lk/%e0%b6%9a%e0%b7%92%e0%b7%80%e0%b7%8a-%e0%b6%86%e0%b6%bb%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b7%80%e0%b7%9a%e0%b6%af%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b4%e0%b6%a7%e0%b7%84%e0%b7%90/#respond Thu, 15 Jun 2023 23:45:00 +0000 https://divaina.lk/?p=151281 කිව්.ආර්. කේතය රහිතව ඉන්ධන නිකුත් කර ඇති දකුණු පළාතේ ඉන්ධන පිරවුම්හල් තිහකට වැඩි ප්‍රමාණයකට ඉන්ධන සැපයීම අත්හිටුවීමට ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම පියවර ගෙන ඇත්තේ කිව්.ආර්. ක්‍රමවේදයට පටහැනිව ඉන්ධන නිකුත් කර ඇති පිරවුම්හල් පරීක්ෂා කිරීමෙන් අනතුරුව බව වාර්තා වේ.

ඇතැම් රාජ්‍ය ආයතන කිව්.ආර්. ක්‍රමවේදයෙන් තොරව ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි පිරවුම්හල් හිමියෝ පවසති.

ඇතැම් පිරවුම්හල්වලින් එම අත්‍යවශ්‍ය ආයතනවලට ඉන්ධන ලබා දී ඇතත් සංස්ථා නීතිරීති අනුව කිව්.ආර්. ක්‍රමවේදය ක්‍රියාත්මක නොකිරීම නිසා මෙම තත්ත්වය ඇති වී ඇත.

මෙසේ ඉන්ධන සැපයීම අත්හිටුවා ඇති ඉන්ධන පිරවුම්හල්වලින් සංස්ථාව නිදහසට කරුණු විමසා ඇති අතර ඔවුන්ට ඉන්ධන සැපයීම පිළිබඳව සලකා බලමින් සිටින බවද වාර්තා වේ.

සමන් උපුල් පිනිදිය

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b7%92%e0%b7%80%e0%b7%8a-%e0%b6%86%e0%b6%bb%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b7%80%e0%b7%9a%e0%b6%af%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b4%e0%b6%a7%e0%b7%84%e0%b7%90/feed/ 0