Reason for the bus accisent – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Tue, 18 Jul 2023 18:35:24 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Reason for the bus accisent – Divaina https://divaina.lk 32 32 රියැදුරන්ගේ අයිස් ගැහිල්ලෙන් රිය අනතුරු වැඩි වෙලා – විශේෂඥ වෛද්‍ය රූමි රූබන් https://divaina.lk/%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%90%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%9c%e0%b7%90%e0%b7%84%e0%b7%92%e0%b6%bd%e0%b7%8a/ https://divaina.lk/%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%90%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%9c%e0%b7%90%e0%b7%84%e0%b7%92%e0%b6%bd%e0%b7%8a/#respond Tue, 18 Jul 2023 23:42:00 +0000 https://divaina.lk/?p=157356 බස් රථ රියැදුරන් බොහෝදෙනකු ‘අයිස්’ වැනි මත්ද්‍රව්‍ය පානය කර බස් රථ ධාවනය කිරීම නිසා ඇතිවන දැඩි මානසික පීඩනය දිනෙන් දින අනතුරු වැඩිවීමට බලපා ඇතැයි කරාපිටිය ශික්‍ෂණ රෝහලේ මනෝවිද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා ‘දිවයින’ ට ඊයේ (18 දා) පැවසීය.

මත්ද්‍රව්‍ය පානය කර බොහෝ රියැදුරන් බස් රථ පැදවීම ගැන සොයා බලනවා සේම ඔවුන් මනෝ විද්‍යාව පිළිබඳ වෛද්‍යාවරයකු වෙත ඉදිරිපත් කිරීම ඉතා අත්‍යවශ්‍ය බව ද හෙතෙම කීය.

තවදුරටත් කතා කළ රූමි රූබන් මහතා මෙසේද කියා සිටියේය.

“අද බොහෝ බස් රථ අනතුරුවලට බලපාල තියෙන්නේ රියැදුරන් අයිස් මත්ද්‍රව්‍ය පානය කර රිය පැදවීම බව හෙළිවී තිබෙනවා. මත්ද්‍රව්‍ය පානය කර බස් රථ පදවන රියැදුරාට අනතුරක් දැක්කාම ක්‍ෂණිකව බ්රේක් ගහන්න හෝ තීරණයක් ගැනීමට බැහැ. අයිස් මත්ද්‍රව්‍ය පානය නිසා ඔහුට ඉතා වේගයෙන් නොසැලකිලිමත්ව රිය පැදවීම සඳහා පෙලඹවීමක් එනවා. ඒ නිසා මෙවැනි රියැදුරන්ගේ මනස සැකසීමට ඔවුන් මනෝවිද්‍යාව සම්බන්ධ වෛද්‍යවරයකු වෙත යොමු කිරීම ඉතා වැදගත්.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

]]>
https://divaina.lk/%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%90%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%9c%e0%b7%90%e0%b7%84%e0%b7%92%e0%b6%bd%e0%b7%8a/feed/ 0