Red warrants for the underworld of Dubai – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 05 Aug 2023 16:18:34 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Red warrants for the underworld of Dubai – Divaina https://divaina.lk 32 32 ඩුබායි පැන්න පාතලයට රතු වරෙන්තු https://divaina.lk/%e0%b6%a9%e0%b7%94%e0%b6%b6%e0%b7%8f%e0%b6%ba%e0%b7%92-%e0%b6%b4%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8f%e0%b6%ad%e0%b6%bd%e0%b6%ba%e0%b6%a7-%e0%b6%bb%e0%b6%ad%e0%b7%94-%e0%b7%80/ https://divaina.lk/%e0%b6%a9%e0%b7%94%e0%b6%b6%e0%b7%8f%e0%b6%ba%e0%b7%92-%e0%b6%b4%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8f%e0%b6%ad%e0%b6%bd%e0%b6%ba%e0%b6%a7-%e0%b6%bb%e0%b6%ad%e0%b7%94-%e0%b7%80/#respond Sat, 05 Aug 2023 23:55:00 +0000 https://divaina.lk/?p=160937 ඩුබායි රාජ්‍යයේ සැඟවී සිට මෙරට ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් මුදල් ලබාගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන මිනිස් ඝාතන සිදු කරන පාතාල නායකයන් ජාත්‍යන්තර පොලිසියේ ද සහය ලබාගෙන අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම සඳහා විශේෂ වැඩපිළිවෙළක් නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශය සහ පොලිසිය විසින් ආරම්භ කර ඇත.

නීතිය සාමය පිළිබඳ අමාත්‍යවරයාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි.

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින පාතාල ප්‍රබලයන් 34 දෙනකු මෙරට ව්‍යාපාරිකයන්ට මරණ තර්ජන එල්ල කර කප්පම් ගැනිම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ඝාතන ඇතුළු විවිධ අපරාධවල නිරත වන බවට දිවයින පුවත්පත මගින් ඉකුත් 04 වැනිදා හෙළිදරව්වක් කර තිබිණි.

එම ප්‍රවෘත්තිය පළ වූ දිනයේම එනම් 4 වැනිදා උදෑසන කඳාන ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසට පාතාල මැරයන් විසින් ටී56 අවි යොදාගෙන ප්‍රහාරයක් එල්ල කර තිබිණි.

පසුව හෙළි වූයේ ඩුබායිහි සැඟවී සිටින පාතාල මැරයකු වන චූටි මල්ලී නමැත්තාට කප්පම් මුදල් ලබා නොදීම නිසා ඔහුගේ නියෝග මත මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

ඩුබායිහි සැඟවී සිටින පාතාල නායකයන් මෙරට ව්‍යාපාරිකයන්ට මරණ තර්ජන එල්ල කර ලබා ගන්නා රුපියල් කෝටි ගණන් මුදල් වියදම් කරමින් අති සුඛෝපභෝගී ජීවිත ගත කරන බව මේ වනවිට හෙළි වී ඇත.

මෙසේ ඩුබායිහි සැඟව සිටින පාතාල මැරයන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන්ට එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත්කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිටත් පොලිසිය විසින් ලබා ගනිමින් සිටි.

ජාත්‍යන්තර පොලිසියේ ද සහාය ලබාගෙන මෙම පාතාල මැරයන් හැකි ඉක්මනින් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව අමාත්‍යාංශයේ ප්‍රධානියෙක් ඉරිදා දිවයින සංග්‍රහයට පැවසීය.

ඩුබායිහි සැඟවී සිටින මෙම පාතාල මැරයන් පිළිබඳ සියලු තොරතුරු මෙන්ම ඔවුන්ට එරෙහිව ඇති අපරාධ චෝදනා සම්බන්ධයෙන් මේ වනවිට වාර්තාවක් සකස් කරගෙන යන බව ද ඉහළ පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.

හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන

]]>
https://divaina.lk/%e0%b6%a9%e0%b7%94%e0%b6%b6%e0%b7%8f%e0%b6%ba%e0%b7%92-%e0%b6%b4%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8f%e0%b6%ad%e0%b6%bd%e0%b6%ba%e0%b6%a7-%e0%b6%bb%e0%b6%ad%e0%b7%94-%e0%b7%80/feed/ 0