rice theft – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Mon, 30 Oct 2023 18:30:42 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg rice theft – Divaina https://divaina.lk 32 32 වී කිලෝ ලක්‍ෂ 6 1/2 කට වෙච්ච දෙයක් නැහැ – වටිනාකම කෝටි හතක් https://divaina.lk/%e0%b7%80%e0%b7%93-%e0%b6%9a%e0%b7%92%e0%b6%bd%e0%b7%9d-%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a%e0%b7%82-6-1-2-%e0%b6%9a%e0%b6%a7-%e0%b7%80%e0%b7%99%e0%b6%a0%e0%b7%8a%e0%b6%a0-%e0%b6%af%e0%b7%99%e0%b6%ba/ https://divaina.lk/%e0%b7%80%e0%b7%93-%e0%b6%9a%e0%b7%92%e0%b6%bd%e0%b7%9d-%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a%e0%b7%82-6-1-2-%e0%b6%9a%e0%b6%a7-%e0%b7%80%e0%b7%99%e0%b6%a0%e0%b7%8a%e0%b6%a0-%e0%b6%af%e0%b7%99%e0%b6%ba/#respond Mon, 30 Oct 2023 23:50:00 +0000 https://divaina.lk/?p=177176 නිකවැරටිය සහ මහව ගබඩාවල
නිලධාරීන් 2කගේ වැඩත් තහනම්
සීඅයිඩීයටත් දන්වයි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ වී ගබඩා දෙකක රුපියල් කෝටි 7 ක වී තොග අස්ථාන ගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා ‘දිවයින’ට ඊයේ (30දා) සඳහන් කළේය.

නිකවැරටිය හා මහව වී ගබඩාවලින් මේ අනුව වී කිලෝ ලක්‍ෂ 6 1/2 ත් 7 ත් අතර ප්‍රමාණයක් අස්ථානගතවී ඇති බව අනාවරණය වී තිබේ.

වී අලෙවි මණ්ඩලයේ ඉහත ගබඩාවල වී තොග පිළිබඳව 2014න් පසු වී තොග සත්‍යාපනයක් (සංගණනයක්) සිදුව නොමැති බව හෙළිවී ඇතැයි ද සභාපතිවරයා සඳහන් කළේය.

මෙම කෝටි 7 ක් පමණ වටිනා වී තොග අතුරුදන්වීම සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවටද විමර්ශන සඳහා දැනුම් දීමට පියවර ගත් බව සභාපතිවරයා කීය.

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල වී ගබඩාවේ තොග ස්ථාපනය අද සිදුකර ඒ පිළිබඳව වාර්තාවත් කෘෂිකර්ම අමාත්‍යතුමාට භාරදෙන බවද ඔහු කීවේය.

මහව සහ නිකවැරටිය ගබඩාවල මෙම වී අතුරුදන්වීම සිදුව ඇත්තේ 2020, 2021 වසරවල බව සඳහන් කළ ඉද්දමල්ගොඩ මහතා තමා සභාපතිවරයා ලෙස පත්වීමෙන් පසු දැනට දිවයින පුරා ඇති වී ගබඩා 350 කට ආසන්න සංඛ්‍යාවෙන් වී තොග සහිත වී ගබඩාවල තොග පිළිබඳව තවදුරටත් විමර්ශන සහ අධීක්‍ෂණයන් කරන බවද සඳහන් කළේය.
සුජීව තත්සර

]]>
https://divaina.lk/%e0%b7%80%e0%b7%93-%e0%b6%9a%e0%b7%92%e0%b6%bd%e0%b7%9d-%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a%e0%b7%82-6-1-2-%e0%b6%9a%e0%b6%a7-%e0%b7%80%e0%b7%99%e0%b6%a0%e0%b7%8a%e0%b6%a0-%e0%b6%af%e0%b7%99%e0%b6%ba/feed/ 0