Saegis Campus – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 14 Sep 2023 17:19:07 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Saegis Campus – Divaina https://divaina.lk 32 32 Saegis Campus වෙතින් උසස් පෙළ සිසුන්ට 75%ක් දක්වා ශිෂ්‍යත්ව https://divaina.lk/saegis-campus-%e0%b7%80%e0%b7%99%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%8b%e0%b7%83%e0%b7%83%e0%b7%8a-%e0%b6%b4%e0%b7%99%e0%b7%85-%e0%b7%83%e0%b7%92%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-75/ https://divaina.lk/saegis-campus-%e0%b7%80%e0%b7%99%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%8b%e0%b7%83%e0%b7%83%e0%b7%8a-%e0%b6%b4%e0%b7%99%e0%b7%85-%e0%b7%83%e0%b7%92%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-75/#respond Sat, 16 Sep 2023 23:50:00 +0000 https://divaina.lk/?p=168896 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක්වන Saegis Campus, ජාත්‍යන්තර මට්ටමේ දැනුම දේශීය සිසුන්ට සමීප කිරීමේ සිය දස වැනි සංවත්සරය සමරමින්, මෙවර උසස් පෙළ විභාගය සාර්ථකව ජයගත් සිසුන් සඳහා 75%ක් දක්වා ශිෂ්‍යත්ව පිරිනැමීමට තීරණය කර තිබේ.

උසස් පෙළ විභාගයේ විෂයන් තුනක් සමත් වූ සිසුන්ට මෙම ශිෂ්‍යත්ව සඳහා ඉල්ලු‍ම් කළ හැකි අතර, ඔවුන්ගේ සාමාර්ථයේ මට්ටම අනුව ඔවුන්ට හිමිවන ශිෂ්‍යත්වයේ ප්‍රමාණය රඳාපවතියි. ඒ අනුව, විෂයන් තුනටම A සාමාර්ථ ලබාගත් සිසුන්ට 75%, විෂයන් තුනටම B සාමාර්ථ ලබාගත් සිසුන්ට 45%, විෂයන් තුනටම C සාමාර්ථ ලබාගත් සිසුන්ට 30% සහ විෂයන් තුනටම S සාමාර්ථ ලබාගත් සිසුන්ට 15% ආදී ලෙස ශිෂ්‍යත්ව හිමිවේ. මෙම ශිෂ්‍යත්ව සිසුන්ගේ පළමු අධ්‍යයන වර්ෂයට අදාළ වන අතර, ඔවුන්ගේ අධ්‍යයන කාර්යසාධනය මත සෙසු අධ්‍යයන වර්ෂ දක්වාද ශිෂ්‍යත්වය දිගු කරගැනීමේ හැකියාව පවතියි.

සංචාරණය සහ ආගන්තුක සත්කාර කළමනාකරණය, අලෙවිකරණය, මානව සම්පත් කළමනාකරණය, ගිණුම්කරණය හෝ මූල්‍යයනය යන විෂයන් අතුරින් විශේෂවේදී උපාධියක් ලෙස ව්‍යාපාර කළමනාකරණ ගෞරව උපාධියක් (Bachelor of Business Management) හෝ ව්‍යාපාර පරිපාලනවේදී (Bachelor of Business Administration) උපාධියක්ද, පරිගණක විද්‍යාව, මෘදුකාංග ඉංජිනේරුවේදය සහ තොරතුරු තාක්ෂණවේදය යන විෂයන් අතුරින් විශේෂවේදී උපාධියක් ලෙස විද්‍යාවේදී ගෞරව උපාධියක් (Bachelor of Science)ද, තොරතුරු තාක්ෂණවේදී උපාධියක් (Bachelor of Information Technology) ද හැදෑරීමේ අවස්ථාව උදා වේ.

]]>
https://divaina.lk/saegis-campus-%e0%b7%80%e0%b7%99%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%8b%e0%b7%83%e0%b7%83%e0%b7%8a-%e0%b6%b4%e0%b7%99%e0%b7%85-%e0%b7%83%e0%b7%92%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-75/feed/ 0
එක්සත් රාජධානියේ කැන්ටබරි ක්‍රයිස්ට් චර්ච් සරසවි නියෝජිත පිරිසක් Saegis Campus හි සුහද සංචාරයක https://divaina.lk/%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9a%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b6%b6%e0%b6%bb/ https://divaina.lk/%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9a%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b6%b6%e0%b6%bb/#respond Sat, 29 Apr 2023 23:50:00 +0000 https://divaina.lk/?p=141689 කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන පහසුකම් පිරිනමන Saegis Campus, පසුගියදා එක්සත් රාජධානියේ කැන්ටබරි ක්‍රයිස් චර්ච් විශ්ව විද්‍යාලයේ නියෝජිතයින් පිරිසක් උණුසුම් ලෙස පිළිගැනීමට කටයුතු කළේය. Saegis Campus සහ කැන්ටබරි ක්‍රයිස් චර්ච් සරසවිය (CCCU) අතර පවතින දිගුකාලීන අධ්‍යාපන සහයෝගීතාව, මෙම හමුවීම මගින් තවදුරටත් ශක්තිමත් විය.

CCCU හි සහයෝගීතා අධ්‍යක්ෂ ආචාර්ය ලෝර්නා තෝමස් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය කේටි වෝඩ්න් මෙම සංචාරයට එක්ව සිටි අතර, Saegis Campus හි ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාද් උපාධි පාඨමාලාවේ සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධි පාඨමාලාවේ 10 වැනි ශිෂ්‍ය කණ්ඩායම්වලට අදාළ හඳුන්වාදීමේ වැඩසටහනට ද ඔවුහු එක්වූහ.

තව ද මෙම සංචාරය අතරතුරදී Saegis Campus සහ ක්‍ක්‍ක්‍ඹ අතර අධ්‍යාපනික සහයෝගීතාව තවදුරටත් ප්‍රසාරණය කිරීමට ඇති හැකියාව පිළිබඳව ද සාකච්ඡාවට ලක්කෙරුණි. විශේෂයෙන්ම මගින් පිරිනමන තවත් පළමු සහ පශ්චාද් උපාධි පාඨමාලා Saegis Campus මගින් මෙරට සිසුන් වෙත හඳුන්වාදීමට ඇති හැකියාව පිළිබඳ එහිදී අවධානය යොමුවිය.

]]>
https://divaina.lk/%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9a%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b6%b6%e0%b6%bb/feed/ 0