Sagala Rathnayaka – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Wed, 25 Oct 2023 09:38:57 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Sagala Rathnayaka – Divaina https://divaina.lk 32 32 රට තුළට එන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට මත්ද්‍රව්‍ය විරෝධී බල අධිකාරියක් ස්ථාපිත කරනවා – ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක https://divaina.lk/%e0%b6%bb%e0%b6%a7-%e0%b6%ad%e0%b7%94%e0%b7%85%e0%b6%a7-%e0%b6%91%e0%b6%b1-%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a%e0%b6%af%e0%b7%8a%e0%b6%bb%e0%b7%80%e0%b7%8a%e0%b6%ba-%e0%b6%85%e0%b6%ad/ https://divaina.lk/%e0%b6%bb%e0%b6%a7-%e0%b6%ad%e0%b7%94%e0%b7%85%e0%b6%a7-%e0%b6%91%e0%b6%b1-%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a%e0%b6%af%e0%b7%8a%e0%b6%bb%e0%b7%80%e0%b7%8a%e0%b6%ba-%e0%b6%85%e0%b6%ad/#respond Tue, 24 Oct 2023 23:51:00 +0000 https://divaina.lk/?p=176179 විදෙස් රටවලින් මෙරටට රැගෙන එනු ලබන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා මත්ද්‍රව්‍ය විරෝධී බල අධිකාරියක් ස්ථාපිත කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

ත්‍රිවිධ හමුදාව සහ රාජ්‍ය බුද්ධි සේවාව එක්ව විදෙස් බුද්ධි සේවාවන්ද සම්බන්ධ කර ගනිමින් අදාළ වැටලීම් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙමඟින් හැකියාව ලැබෙන බවද සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේය.

සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේ පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් බිලියන 4 ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 200ක ප්‍රමාණය කොළඹ වරායට ඊයේ (24දා) රැගෙන ආ අවස්ථාවේ එය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය හා එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක සමුද්‍රාරක්ෂා නෞකාව යොදවා ගාල්ලට බටහිර දෙසින් නාවික සැතපුම් 91 (කිලෝ මීටර් 168) දුරින් ගැඹුරු මුහුදේ සිදු කළ මෙහෙයුමකින් මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන මෙලෙස කොළඹ වරායට ගෙනවිත් තිබිණි.

රට තුළට එන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට මත්ද්‍රව්‍ය විරෝධී බල අධිකාරියක් ස්ථාපිත කරනවා - ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක

මෙම මත්ද්‍රව්‍ය විරෝධී ඒකකය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් මේ වන විට සකස් කරමින් තිබෙන බවත් ඉදිරියේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සාගල රත්නායක මහතා සඳහන් කළේය. මත්ද්‍රව්‍ය පිළිබඳ වැටලීම් සිදු කරමින් අත්අඩංගුවට ගනු ලබන්නේ 65% ක් තරම් වන ප්‍රමාණයක් බවත් ඉතිරි 35%ක ප්‍රමාණය රටට ගෙන එනු ලබන බවත් පෙන්වා දුන් රත්නායක මහතා මත්ද්‍රව්‍ය රටට ඇතුළුවීම සම්පූර්ණයෙන් වැළැක්වීම සඳහා නවීන වැඩපිළිවෙළක අවශ්‍යතාවයද පැහැදිලි කළේය.

නාවික හමුදාපති වයිස් අද්මිරල් ප්‍රියන්ත පෙරේරා මහතා ඇතුළු නාවික හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

]]>
https://divaina.lk/%e0%b6%bb%e0%b6%a7-%e0%b6%ad%e0%b7%94%e0%b7%85%e0%b6%a7-%e0%b6%91%e0%b6%b1-%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a%e0%b6%af%e0%b7%8a%e0%b6%bb%e0%b7%80%e0%b7%8a%e0%b6%ba-%e0%b6%85%e0%b6%ad/feed/ 0
දෙවැනි වාරිකය ගන්න ජනපති 26 දා අයි.එම්.එෆ් ගිවිසුමකට අත්සන් කරයි https://divaina.lk/%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%ba-%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-26/ https://divaina.lk/%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%ba-%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-26/#respond Sat, 23 Sep 2023 23:43:00 +0000 https://divaina.lk/?p=170592 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ලබන 26 වැනි දා අත්සන් තැබීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ශ්‍රී ලංකාවට ලැබෙන්නේ මෙම ගිවිසුම අත්සන් තැබීමෙන් අනතුරුවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සහ රජය අතර සාකච්ඡා මේ දිනවල කොළඹදී පැවැත්වෙන අතර ජනාධිපති නියෝජිත ලෙස කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මෙම සාකච්ඡාවලට සහභාගි වෙයි.

මෙම සාකච්ඡාවලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ශ්‍රී ලංකාව අත්පත් කරගෙන තිබෙන තත්ත්වයන් ගැන සතුට පළ කර ඇති නමුත් යම් යම් ක්ෂේත්‍රවල පවතින මන්දගාමී ස්වභාවය ගැන ද කරුණු දක්වා තිබේ. රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ ඉලක්කය එලෙසින්ම සම්පූර්ණ කර ගෙන නොමැති බව අයි.එම්.එෆ් නියෝජිතයන් මෙහිදී පෙන්වා දී තිබේ. මෙහිදී සාගල රත්නායක මහතා ප්‍රකාශ කර ඇත්තේ එම වැඩපිළිවෙළ ගැන සම්පූර්ණ වගකීම රජය විසින් ක්‍රියාත්මක කරන බවත් ඒ ගැන කිසිදු සැකයක් තබා නොගන්නා ලෙසත්ය. එසේම දෙපාර්ශ්වය හොඳ අවබෝධයකින් මෙම කටයුතු කරගෙන යා යුතු බව ද රත්නායක මහතා කියා ඇත.

රටට සපුරා ගැනීම සඳහා ඉලක්ක දෙන විට ප්‍රායෝගික විය යුතු බව කියා ඇති සාගල රත්නායක මහතා බදු අය කරද්දී ප්‍රායෝගික විය යුතු බව ද පවසා ඇත. ඊට උදාහරණ ලෙස ඔහු පෙන්වා දී ඇත්තේ මත්පැන් මත බදු වැඩි කරද්දී අලෙවිය අඩුවී නීති විරෝධී මත්පැන් වෙත ජනතාව යොමුවී ඇති බවයි. එසේම ආදායම් අඩුවීමට ආනයන සීමාව හේතුවක් බව ද රත්නායක මහතා කියා තිබේ. ජනතාවට දැරිය නොහැකි මට්ටමට බදු පනවා තිබෙන බව කියා ඇති සාගල රත්නායක මහතා රජයේ ආදායම් වැඩිවීමට නම් ආයෝජන ද පැමිණිය යුතු බව කියා තිබේ. මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා ඇත්තේ ශ්‍රී ලංකා රජය මින් පෙර ගිවිසුම් අතරමඟ අතහැර දැමීම හේතුවෙන් මෙවර දැඩි කොන්දේසි පැනවීම සිදුවූ බවයි.

චමින්ද සිල්වා

]]>
https://divaina.lk/%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%ba-%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-26/feed/ 0
කොළඹ ලස්සන කරන්න සාගල ආයෙත් වැඩ https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%bd%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%b1-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b7%83%e0%b7%8f%e0%b6%9c%e0%b6%bd-%e0%b6%86%e0%b6%ba%e0%b7%99/ https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%bd%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%b1-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b7%83%e0%b7%8f%e0%b6%9c%e0%b6%bd-%e0%b6%86%e0%b6%ba%e0%b7%99/#respond Sat, 12 Aug 2023 23:49:00 +0000 https://divaina.lk/?p=162330 කොළඹ නගරය අලංකාර පිරිසිදු නගරයක් කිරීමේ ව්‍යාපෘතිය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ යළි ආරම්භ කර ඇත. නාගරික සංවර්ධන අධිකාරියේ සහ කොළඹ නගර සභාව යටතේ ක්‍රියාත්මක වූ කොළඹ නගරය පිරිසිදු නගරයක් ලෙස පවත්වා ගෙන යෑමේ කටයුතු මේ වන විට නතර වී ඇති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලැබුණු පැමිණිලි අනුව ක්‍රියාත්මක වෙමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මෙම කටයුත්ත වෙනුවෙන් මැදිහත්ව තිබේ.

ඒ අනුව පසුගිය සතියේ කොළඹ නගර සභා නියෝජිතයන්, නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජිතයන් ඇතුළු මෙම කටයුත්තට සම්බන්ධ ආයතනවල නිලධාරීන් කැඳවූ සාගල රත්නායක මහතා මේ කටයුතු පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත.

කොළඹ නගරය පිරිසිදු නගරයක් ලෙස පවත්වාගෙන යෑම මෙන්ම අලංකාර නගරයක් ලෙස පවත්වාගෙන යෑමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙම පිරිසට සාගල රත්නායක මහතා උපදෙස් දී තිබේ. නාගරික උද්‍යාන මෙන්ම වෙරළ පිරිසිදු හා අලංකාර ස්ථානයන් ලෙස පවත්වා ගෙන යෑම බේරේ වැව ඇතුළු කොළඹ නගර සීමාවේ තිබෙන ඇළ මාර්ග පිරිසිදු කිරීමේ කටයුතු ගැන ද උපදෙස් දී ඇත.

පළමු සතියේ මෙම කටයුතු කරන ආකාරය ගැන සැලසුම් කරන ලෙසත් දෙවන සතියේ දී ඊට අවශ්‍ය පහසුකම් සපයා ගන්නා ලෙසත් තෙවන සතිය වන විට අවශ්‍ය කටයුතු ආරම්භ කළ යුතු බවටත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මෙම පිරිසට උපදෙස් දී ඇත. එම කටයුතු නිසි ලෙස වන්නේ දැයි තමන් දැඩි අවධානයකින් පසුවන බව ද ඔහු අදාළ නිලධාරීන් දැනුවත් කර තිබේ.

චමින්ද සිල්වා

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%bd%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%b1-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b7%83%e0%b7%8f%e0%b6%9c%e0%b6%bd-%e0%b6%86%e0%b6%ba%e0%b7%99/feed/ 0