Sajith Premadasa's criticism of JVP – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 19 Jan 2023 03:08:48 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Sajith Premadasa's criticism of JVP – Divaina https://divaina.lk 32 32 අපේ රටේ වීඅයිපී සමාජවාදීන් කොටසක් බිහිවෙලා – ඔවුන්ගේ ළමයි ඉගෙන ගන්නේ විදෙස් රටවල https://divaina.lk/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%bb%e0%b6%a7%e0%b7%9a-%e0%b7%80%e0%b7%93%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b6%b4%e0%b7%93-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b7%93/ https://divaina.lk/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%bb%e0%b6%a7%e0%b7%9a-%e0%b7%80%e0%b7%93%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b6%b4%e0%b7%93-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b7%93/#respond Wed, 18 Jan 2023 23:45:00 +0000 https://divaina.lk/?p=123062 විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

අප රටේ මේ වන විට වීඅයිපී සමාජවාදීන් කොට්ඨාසයක් සිටින බවත් ඔවුන් ගමට පැමිණ නිර්ධන පන්තිය, සමාජවාදය ගැන කතා කළත් ඔවුන්ගේ ළමයින් විදෙස් රටවල හොඳ අධ්‍යාපනයක් ලබන බවත් එහෙත් අප රටේ නිදහස් අධ්‍යාපනයක් පැවැතියත් එහි බෙදීමක් පවතින බවත් එම බෙදීම තුරන් කිරීමට සමගි ජන බලවේගය නායකත්වය ලබාදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අපේ රටේ වීඅයිපී සමාජවාදීන් කොටසක් බිහිවෙලා - ඔවුන්ගේ ළමයි ඉගෙන ගන්නේ විදෙස් රටවල

වීඅයිපී සමාජවාදීන් දෙනෙකුගේ පාසලට තමා බස් රථයක් නොමිලේ ලබාදුන් නිසා එම වීඅයිපී සමාජවාදීන්ට තරහ ගොස් ඇති බවත් මහලොකුවට නිර්ධන පන්තිය ගැන කයිවාරු ගහන ඔවුන්ට අවම වශයෙන් පාසල් සිසුන්ට ආහාර වේලක් ලබා දීමට නොහැකි වුවත් මෙම බස් රථය ලබාදීම නිසා අපහාස, උපහාස ආදිය කරන බවත් පවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (16 දා) හොරොව්පතානේදී පැවැති ජන හමුවක් අමතමිනි. හොරුව්පතාන සමගි ජනබලවේගයේ බලමණ්ඩල රැස්වීම අතිවිශාල ජනකායකගේ සහභාගීත්වයෙන් ඊයේ පැවැත්විණි.

බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳින ඔවුන් කරන මේ අපහාස කිසිවක් නොතකන බවත් බස් මෑන් නෙමෙයි ඊටවඩා නම් කිව්වත් පාසල් සිසුන් වෙනුවෙන් කරන මේ ගමන නවත්වන්නේ නැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පුළුවන් නම් මේ බස් ලබා දෙන එක නතර කර පෙන්වන ලෙසයි. ඔවුන්ට පුළුවන් බස් ගිනි තියන්න සහ වෙඩි තියන්න වුවත් ඒ කිසිවකවත් තමා බිය නොවන බවද පැවසීය. එමෙන් ම බොරු අපහාස උපහාස නොකර ජනතාවට සංවර්ධනයෙන් සේවය කිරීමට පැමිණෙන ලෙස අභියෝග කරන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි දී පැවසීය.

එසේම වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ද මැතිවරණයට බය වී ඇති බවත් වැටුප් ගෙවන්න, මැතිවරණ තියන්න මුදල් නොමැති වුවත් ලක්ෂ 2000ක් වියදම් කර නිදහස් උත්සවයක් තියන්න මුදල් තිබෙන බවත් එබැවින් කිසිඳු ජගතෙකුට මැතිවරණය නැවැත්වීමට හෝ සමගි ජන බලවේගයේ ජයග්‍රහණය වැළැක්වීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

]]>
https://divaina.lk/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%bb%e0%b6%a7%e0%b7%9a-%e0%b7%80%e0%b7%93%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b6%b4%e0%b7%93-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b7%93/feed/ 0