Sanath Nandasiri – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 31 Mar 2023 17:28:27 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Sanath Nandasiri – Divaina https://divaina.lk 32 32 සනත් නන්දසිරි ගාන්ධර්වයාණෝ අද ලක්මවට සමුදෙති! https://divaina.lk/%e0%b7%83%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%9c%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%b0%e0%b6%bb%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-2/ https://divaina.lk/%e0%b7%83%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%9c%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%b0%e0%b6%bb%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-2/#respond Fri, 31 Mar 2023 23:48:00 +0000 https://divaina.lk/?p=137167 ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ළයේ…..
හීයේ වේගෙන් අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ….

හෙළ ගී මං පෙත සුපෝෂිත කළ සංගීත නිපුන් සම්මානිත මහාචාර්ය සනත් නන්දසිරි සංගීතවේදියාණෝ අද (01 දා) සැඳෑසමයේ බොරැල්ල කනත්ත සුසානයේදී සඳහටම ලක් මවගෙන් සමුගන්නේය. ඒ මහතාගේ දේහය ඇඹුල්දෙණිය පිහිටි නිවසේ සිට අද පෙරවරුවේ රැගෙනවිත් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සීමිත වේලාවක් තැන්පත් කර තැබෙන අතර එහිදී දේහයට බුහුමන් දැක්වීමට අවස්ථාව සැලසෙයි. ඉන් ඉක්බිතිව සවස 5.00 ට දේහය පිළිබඳව අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.

සුනිල් සරත් පෙරේරා

]]>
https://divaina.lk/%e0%b7%83%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%9c%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%b0%e0%b6%bb%e0%b7%8a%e0%b7%80%e0%b6%ba-2/feed/ 0
හෙට දැයෙන් සමුගන්නා සනත් නන්දසිරි නම් වූ සංගීතවේදී සාහිත්‍යධරයා https://divaina.lk/%e0%b7%84%e0%b7%99%e0%b6%a7-%e0%b6%af%e0%b7%90%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b7%94%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f-%e0%b7%83%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a/ https://divaina.lk/%e0%b7%84%e0%b7%99%e0%b6%a7-%e0%b6%af%e0%b7%90%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b7%94%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f-%e0%b7%83%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a/#respond Thu, 30 Mar 2023 23:54:00 +0000 https://divaina.lk/?p=136725 පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන්ගේ සහ පණ්ඩිත විමල් අභයසුන්දරයන්ගේ අදහස් ඇසුරිනි.

1942 පෙබරවාරි මස 15 වැනිදා මෙලොව එළිය දුටු ඔහු, 2023 මාර්තු මස 28 වැනිදා තම 81 වසරක දිවි සැරිය නිමා කළේ මෙරට කලා ක්‍ෂේත්‍රයේ නව පරපුරකට නවමං තැනූ පුරෝගාමී මෙහෙවරක නිරත වූ විශිෂ්ට සංගීතඥයකු, ගායන ශිල්පියකු, සංගීත අධ්‍යක්‍ෂවරයකු සහ ගුරුවරයකු වශයෙනි.

සනත් නන්දසිරි නම් වූ යුග යුග දිළෙන ගී නිර්මාණ සිය දහස් ගණනක් රසික සමූහයා වෙත තිළිණ කළ මහා සංගීතවේදියාණන් බොහෝ දෙනා හඳුනාගන්නේ ඉන්දියාවේ භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අනතුරුව ‘සංගීත් නිපුන්’ උපාධිය ලැබීමත්, එම උපාධිය හිමිකර ගත් ප්‍රථම ලාංකිකයා වශයෙනි. නැතිනම් ගායන හා වාදන විශාරද උපාධි ලැබීමෙන් පසුව පාසල් ගුරුවරයකු, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු, මහාචාර්ය, පීඨාධිපතිවරයකු, චිත්‍රපට හා ගුවන්විදුලි ගී තනු නිර්මාණකරුවකු හා ජනප්‍රිය ගායකයකු හා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා වශයෙනි. නමුත් බොහෝ දෙනාගේ අවධානය යොමු නොවූ කරුණක් වන්නේ සනත් නන්දසිරි මහතා ලේඛකයකු වශයෙන් මෙරට කලා ක්‍ෂේත්‍රයට ලබාදුන් සුවිශේෂී දායකත්වයයි.

සංගීතය විෂයයක් වශයෙන් හැදෑරූ අප හට එකල අධ්‍යයනය කිරීමට සිදුවූ අගනා වටිනා කෘති කීපයක් වශයෙන් සනත් නන්දසිරි මහතා විසින් රචිත සංගීතාංගී (සංගීතයේ සිද්ධාන්ත), අමරණීය භාරතීය සංගීතවේදියෝ, තනුව, භාරත ජීවිතයේ චමත්කාරය, රාගාලංකාරය වැනි ග්‍රන්ථ හඳුන්වාදිය හැකිය.

මෙම කෙටි සටහනෙන් අප ඔබ වෙත අවධානය යොමු කරන්නේ මහාචාර්ය, සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා විසින් රචිත මහානර්ඝ ග්‍රන්ථ දෙකක් වන සංගීතාංගී (රත්න පොත් ප්‍රකාශනයකි) සහ අමරණීය භාරතීය සංගීතවේදියෝ (සරසවි ප්‍රකාශනයකි.) ග්‍රන්ථ ද්විත්වයයි. පහත සටහන ගොනු වන්නේ එදා එම ග්‍රන්ථ පිළිබඳව මෙරට පහළ වූ සුවිශේෂී පුද්ගලයන් දෙදෙනකු වූ දැයෙන් සමුගත් හෙළයේ මහා ගාන්ධර්ව පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව ශූරීන් සහ පණ්ඩිත විමල් අභයසුන්දර ශූරීන් පළ කළ අදහස් ඇසුරිනි.

  • පණ්ඩිත විමල් අභයසුන්දර

“සංගීතාංගී යනු සංගීතයෙහි අංග ධ්වනිත කරන්නේ යැයි අර්ථකථනය කළ හැකිය. ග්‍රන්ථ නාමයක් ලෙස ස්ත්‍රී වාච්‍යයෙන් යොදාගෙන ඇත්තේ පෙරදිග සංස්කෘතික මහා සම්ප්‍රදායෙහි ගුරුමගට අනුරූප වීමටය. සංගීතාංගී නම් මතින්ම වියත් වන්නේ සංගීත ශික්ෂණය පිළිබඳ අධ්‍යයනයක් ලබාදෙන ශාස්ත්‍රීය කෘතියක් බවයි. ‘සංගීතාංගී’ කර්තෘ සනත් නන්දසිරිය. භාරතීය රාගධාරී සම්භාව්‍ය සංගීතයේ සියුම් ශික්ෂණාංග ගුරු මුවින් ගැඹුරට හදාළ ඔහු සංගීත විශාරදය, වාද්‍ය විශාරදය, සංගීත් නිපුන්ය. ඔහු පුරා වසර 34කට අධික කාලයක් සංගීතය ඉගැන්වීමෙහි නිරත කෘතහස්ත සංගීතාචාර්යවරයෙකි. මෙබඳු ශාස්ත්‍රීය ග්‍රන්ථයක් නිර්මාණය කිරීමට ඔහු අතිශයින්ම සුදුසු වෙයි.

සනත් නන්දසිරිගේ රුචිර ගායනය ත්‍රිස්ථාන ශෝභී වෙයි. මන්ද්‍ර, මධ්‍ය හා තාර යන ත්‍රිවිධ සප්තකයෙහිම ලැබෙන ස්වරයන් මධුරාකාරයෙන් සංකලනය කොට ස්වර සාධනය කිරීමේ ශක්තිය ත්‍රිස්ථාන ශෝභී ගුණයයි. ඔහුගේ කටහඬ ගම්භීර ප්‍රකෘතියෙන් යුක්තය. එහෙත් ලලිතය කෝමලය.

සතතාභ්‍යාසයෙන් ස්වකීය සංගීත ඥානය වර්ධනය කර ගැනීමට වෙහෙසෙන ඔහුගේ සංගීත සාධනාව සිසු සිසුවියන් අතර නවතම දැනුම් වඩන්නට බලපෑම් කරන්නේය. මනා පළපුරුද්දකින් ඔහු ලැබූ දැනුම, පොතක් සේ ප්‍රකාශයට පැමිණවීම සිංහල සංගීත සාහිත්‍යයේ ප්‍රවර්ධනයට අත්වැල් සපයයි.

  • පණ්ඩිත් ඩබ්. ඩී, අමරදේව

“භාරතීය මහා සංගීත සම්ප්‍රදාය පෝෂණය කළ අමරණීය ගුරු පරපුර පිළිබඳ සවිස්තර ලේඛනයකින් සමලංකෘත ‘අමරණීය භාරතීය සංගීතවේදියෝ’ නම් වූ මෙම ග්‍රන්ථ රත්නය, මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි සංගීතවේදියාණන් විසින් ශ්‍රී ලාංකේය සංගීත විද්‍යාර්ථින් වෙත ප්‍රදානය කෙරෙන මහා දායාදයක් බව පවසනුයේ ඉමහත් සොම්නසිනි.”

“විද්‍යා දදාති විනයං – විනයාද්‍යාති පාත්‍රතාමි”

“පුර්වෝක්ත චිරන්තන කාව්‍ය ඛණ්ඩයෙන් ප්‍රකාශිත අරුත විමසත්, විද්‍යාවෙන් විනය සාධනය වන බවද, විනය කවර හෝ විද්‍යාවක් ප්‍රගුණ කිරීමෙහිලා යෝග්‍ය වන බවද මැනවින් පසක් වන හැටි උගත මනාය. මා මෙසේ පවසනුයේ සංගීත සාහිත්‍යාදී ලලිත සුලලිත කලාවන්හි සියවස් ගණනාවක් ඈතට දිවයන අතීත සැමරුම් රඳනා බඳනා සංගීත රත්නාකර, සංගීත පාරිජාත ආදී නැණසර, පැණසර, විද්වතුන් විසින් විරචිත ග්‍රන්ථාවලියෙහි අන්තර්ගත සනාතන ගුණයෙන් හොබනා සිද්ධාන්ත, අද්‍යයතන සංගීත ශාස්ත්‍ර විෂය ප්‍රගුණ කරන්නවුන්ගේ උන්නතිය උදෙසා උපයෝගී වන බව විවරණය කරනු පිණිසය. එපරිද්දෙන්ම සංගීත විෂයෙහි ප්‍රායෝගික හා සෛද්ධාන්තික කරුණු පිළිබඳව සුපරිචිත වූ වසර ගණනාවක් තත් විෂය සුවහසක් සිසුගණගේ යහපත සඳහා ඉගැන්වීමෙන්ද භාරතීය මහා සංගීත ආචාර්යවරුන්ගේ ඇසුරෙන්ද, සාක්ෂාත්කර ගන්නා ලද සුනිසිත බුද්ධිය උපයෝගී කර ගනිමින් සනත් නන්දසිරි නම් සංගීතවේදියාණන් විසින් සංගෘහිත ‘සංගීතාංගී’ ග්‍රන්ථය; ප්‍රචලිත සිද්ධාන්ත මෙන්ම ස්වාධීන වූ මත ප්‍රකාශයෙන්ද අලංකෘතවීම වෙසෙස් ලකුණක් සේ මම දකිමි.

අනාගත සංගීත සිසු පරපුරට එම ග්‍රන්ථ ස්වකීය ශාස්ත්‍රෝද්ග්‍රහණය පිණිස මහත් ඵලදායී වේවායි මම ඉතසිතින්ම පතමි. පසසමි. අගයමි.”

සංගීතයේ අපූර්වතම ආශ්චර්යය උද්ගත වන්නේ නාදය පදනම් කොටගෙනය. මුළු ලොවම නාදාත්මක යැයි පුරාණ සංගීත විද්‍යාවේදීන් පවසා ඇත්තේ මේ නිසාය. නාදයේ ආශ්චර්යය ප්‍රදීප්ත කරනු සඳහා ස්වර, රාග, තාල යන විෂයයන් සම්බන්ධ ඉතා ගැඹුරු දැනුමක් ලබාගත යුත්තේය.

‘සංගීතාංගී’ එම දැනුම ආධුනිකයනට මෙන්ම ප්‍රවීණයනට ද ලබාදෙන අත් පොතකි. එබැවින් සනත් නන්දසිරි කලාකරුවාණන් සංගීතඥයකු ගායකයකු ලෙස ගරු බුහුමනට ලක්වන්නා සේම සාහිත්‍යකරුවකු ලෙස දැක්වූ දායකත්වය ද සදා ගරු සම්භාවනාවන්ට පාත්‍ර විය යුතු බව සටහන් කළ යුතුමය.

● සචිත්‍ර නේරංජන ඇල්වලගේ

]]>
https://divaina.lk/%e0%b7%84%e0%b7%99%e0%b6%a7-%e0%b6%af%e0%b7%90%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b7%94%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f-%e0%b7%83%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a/feed/ 0
දෑස් පියන් පත් කවුළු වසා නික්ම ගිය සංගීත ප්‍රාඥායා සනත් නන්දසිරි https://divaina.lk/%e0%b6%af%e0%b7%91%e0%b7%83%e0%b7%8a-%e0%b6%b4%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%80%e0%b7%94%e0%b7%85%e0%b7%94-%e0%b7%80%e0%b7%83%e0%b7%8f-%e0%b6%b1/ https://divaina.lk/%e0%b6%af%e0%b7%91%e0%b7%83%e0%b7%8a-%e0%b6%b4%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%80%e0%b7%94%e0%b7%85%e0%b7%94-%e0%b7%80%e0%b7%83%e0%b7%8f-%e0%b6%b1/#respond Tue, 28 Mar 2023 23:55:00 +0000 https://divaina.lk/?p=136442 යමකු යම් වේදිතයක් විඳ ගැනීමෙන් පසු චලන, රේඛා, වර්ණ, ශබ්ද හෝ වචන සංයෝගය මගින් ඒ වේදිතය ඒ අයුරින් ම අන්‍යයන් තුළ දැනවීම කලාවේ කාර්යය වේ යැයි ලියෝ ටෝල්ස්තෝයිගේ ‘කලාව යනු කුමක් ද?’ මහාචාර්ය ඒ. වී. සුරවීර පරිවර්තනයේ දැක්වේ. දශක සතරකටත් වැඩි මහාචාර්ය සනත් නන්දසිරි සුළවතුන්ගේ ඇසුරේ මේ අනුභූතීන් එලෙස ම රසවිඳ ඇත්තෙමි.

මෑතක දී ඔහුගේ සුවසෙත විමසන්ට ගිය විටක දී මා ඇසූ පැනයක් සිහිවෙයි. ඔබ වඩාත්ම කැමැති භාරතීය රාගය කුමක් ද? ඔහුගේ පිළිතුර වූයේ භාගේශ්‍රී රාගය බවයි. ඔහුගේ සිසුන් පවසන ලෙසත් මා අත්දැක ඇති ආකාරයටත් මේ රසවතාණන් අපරිමිත රසරුත් මතු කරමින් උගැන්වූ සැටිත්, තමාට මෙන්ම ප්‍රවීණ, නවීන ගායක ගායිකාවන්ට මසුරු නොවී තනු හා සංගීත නිර්මාණ කරන සැටියෙනුත් තමා ද රසවිඳිමින් ශ්‍රාවක ප්‍රේක්ෂක ශෝතෘ ජනී ජනයා ආනන්දයට පත් කළ සැටිත් සැබෑ චමත්කාරයකි.

සුභාවිත සංගීතයත්, සුභාවිත ගීතයටත් එක් බඳුව ම ප්‍රිය කරන ඇසූ පුරුද්ද, දුටු පුරුද්ද, කළ පුරුද්ද, පළපුරුද්ද සතු සූර, වීර, ධීර ගුණ යුතු මේ සත් පුරුෂ කලාකරුවාගේ සදාශ්‍රය අපගේ ජීවිතාවබෝධයට ද පණ පොවන්නකි.

“සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරිගේ මධුර ගායනය ත්‍රිස්ථානශෝභී වෙයි. මන්ද්‍ර, මධ්‍ය, තාර යන ත්‍රිවිධ සප්තකයෙහිම ලැබෙන ස්වරයෙන් මධුරාකාරයෙන් සංකලනය කොට ස්වර සාධනය කිරීමේ ශක්තිය ත්‍රිස්ථානශෝභී ගායන ගුණයයි.

ඒ ශක්තිය සනත් සතුව පවත්නේය. සනත් නන්දසිරිගේ ලෝකය නාදාත්මක ය. ඒ සුමධුර නාද ප්‍රවාහය තව තවත් ඉස්සර බලනු නියති.” කරු හීනටිගල ද 1997 ප්‍රකාශයට පත් කළ සනත් නන්දසිරි සුළවත් පහන් සර කෘතියට විමල් අභයසුන්දර හැඳින්වීමක් කළේ එලෙස ය.

1942 පෙබරවාරි 15 වැනිදා හේරත් මුදියන්සේලා විලියම් පෙරේරාගේත්, දෝන අමලින් කටුගම්පළගේත් පවුලට එකතු වූ තුන්වැනි දරුවා සනත් නන්දසිරි සුපතළ වූයේ වාසනාවත්, උත්සාහයත්, නිර්මාණශීලීත්වයේ ප්‍රතිභාවත් දසනු දිසා පළ කරමිනි.

දෑස් පියන් පත් කවුළු වසා නික්ම ගිය සංගීත ප්‍රාඥායා සනත් නන්දසිරි

“තාත්තා සින්දු කියනවා අහන් ඉන්න මම හරි ආසයි. ඒ හඬ සවන් දොරින් හදවතට තුරුලු වෙනවා. තාත්තගෙ සින්දුවලට කන්දීමෙන් ගායකයකු වී මේ ආශාව මගෙ හිත තුළ මෝදු වුණා ගායකයකු වශයෙන් රසික පිරිසක් අතරට පිවිසෙන්න මගෙ සිත පෑදු මුල්ම පුද්ගලයා වශයෙන් මට ගෞරව පූර්වකව සිහිපත් කරන්න පුළුවන් මගෙ තාත්තයි” වරක් ඔහු පුවත්පතකට තම පියා ගැන කීවේ එසේය.

සනත්ට වයස අවුරුදු හතර වනවිට පෙරවරුවේ ගොතටුව මධ්‍ය මහා විද්‍යාලයටත්, පස්වරුවේ ශාන්ත මැතිව් විදුහලටත් අධ්‍යාපනය සඳහා යොමු කරන ලදී. රාත්‍රි කාලයේ ගුවන්විදුලියෙන් ප්‍රචාරය වන ශාස්ත්‍රීය සංග්‍රහයෙන් ඉන්දීය ගායන වාදනවලට සවන් දීමට ඔහු පුරුදු වූයේ කුඩා කාලයේ සිට ය.

ඔහුට වයස අවුරුදු පහේ දී පමණ එනම් 1947 දී ජීවිතයේ මුල්වර ගීතයක් ගැයුවේ ගමේ උත්සවයක දී සිය වැඩිමල් සොයුරිය වූ ඊඩා සමගය. යමුනා යමුනා සෝබන ගංගා ගීතයේ තනුවට පායා පේනා චන්ද්‍රා පේමා නම් යුග ගීතය යි. විල්ෆ්‍රඩ් පීරිස් ගුරුතුමා ඔහුට මුල දී සංගීතය ඉගෙනීමට උපකාරි විය. පද්‍ය ගායනයට හුරුබුහුටි ඔහු කුසලාන දිනා ඇති අතර හේමතිලක දයාරත්න සංගීතඥයා ඔහුට ශාස්ත්‍රීය සංගීතයේ න්‍යායාත්මක අවබෝධය ලබා දුන්නේ ද බාල වියේදීම ය. මහේෂ් සින්නයියා මෙන්ම වාද්‍ය විශාරද ඩී. ආර්. පීරිස් වෙතින් ද තබ්ලා වාදනය උගත් සනත් 1960 දී භාරතය බලා පිටත් වූයේ භාත්ඛණ්ඩ සංගීත් විද්‍යා පීඨයට ඇතුළු වීමට ය. එස්. ඩී. එස්. ජයසේකර සංගීතඥයා ඊට මඟ පෙන්වීය. ජී. එන්. නාටු, මොක් ශුද් අලි, හරි ශංකර් මිශ්‍රා, රහිමුඩි ඛාණ්ඩාගර් මෙන්ම උස්තාද් අහමඩ් ජාන් තිරක්වා මහා තබ්ලා වාදකයාණන්ගෙන් ද ශිල්ප ශාස්ත්‍ර උගත් සනත් ලංකාවට පැමිණියේ 1966 දීය. විශාරද උපාධි සමගය.

ශ්‍රී ලංකා ගුවන්විදුලිය සංස්ථාවේ ශාස්ත්‍රීය ගායනා පරීක්ෂණයකට පෙනී සිටි අවස්ථාවක විශාරද පී. ඩන්ස්ටන් ද සිල්වාගේ ඇරයුමින් විමල් අභයසුන්දර රචනා කළ නව දැලි හේන ගීත නාටකයේ නයන භාංගී නමැති ගීතය ගයමින් තනු සංගීත ක්‍ෂේත්‍රයට පැමිණියේය. ගුවන්විදුලිය වෙළෙඳ සේවයේ සිටි පී. ඇල්. ඒ. සෝමපාලගේ ඇරයුමින් සනත් ගීත කීපයක් ගායනා කළේය. ‘ඇවිළුණු ගිනිදැල් (විමලධර්ම ජයවීර) මහද පෙම්විලේ (බණ්ඩාර විජේතුංග), මිහිරාවී (ප්‍රේමකීර්ති ද අල්විස්) නම් ගීත ජනප්‍රිය විය. එකල මල්කාන්ති පීරිස් එම ගීයට සහාය කර ගන්නා ලදී. 1966 අම්පාර දිස්ත්‍රික්කයේ උහන විද්‍යාලයේ ද සංගීත උපදේශකවරයකු වූ හෙතෙම 1969 ගායනය පිළිබඳ රජයේ ලලිත කලා ආයතනයේ කථිකාචාර්යවරයකු බවට පත් කරගන්නා ලද්දේ විශාරද ආචාර්ය ලයනල් එදිරිසිංහ විසිනි.

අමරදේවයන්ගේ ඇරයුමින් සැඩොල් කඳුළු චිත්‍රපටයේ ‘තෙරක් නැතී ආශා’ (හෙන්රි ජයසේන) ගීතය හාපුරා ඔහු ගැයුවේය.

දෑස් පියන් පත් කවුළු වසා නික්ම ගිය සංගීත ප්‍රාඥායා සනත් නන්දසිරි

ජීවිතයේ අපේක්ෂා රාශියක් පොදිබැඳගෙන ඉන්දියාව බලා ගිය සනත් ඒ සියලු අරමුණු ඉටු කරමින් අවසාන විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා ශාලාවෙන් බැහැරට එද්දි ඉතාම දරුණු ලෙස උණසන්නිපාතය රෝගයට ගොදුරු විය. එම රෝගය උත්සන්න වී රෝහල් ගත වූ කාලයේදී තමාගේ සියලුම විභාගයන්හි ප්‍රතිඵල නිකුත් වූයේ අසනීපය කොයි තරම් දරුණු වුවත් තමා මෙතෙක් වුණු වෙහෙස මහන්සිය කැපවීමේ ප්‍රතිඵල එදා භාත්ඛණ්ඩ පීඨයේ ප්‍රතිඵල ලේඛනයේ ඉහළින්ම සටහන්ව තිබිණි.

නිපුන් විභාගයට පෙනී සිටීමේදී ද ලාංකික ඇතැමුන්ගේ කුහකකම් නිසා සනත්ට බාධා අවහිර එල්ල විය. එහෙත් ධෛර්යවන්ත පසු නොබාන නිර්භය චරිතයකින් හෙබි ඔහු එම වැටකඩුලු අභියෝග වටිනාකම් සහිතව ජය ගත්තේය.

1983 ත්‍රස්තවාදී හෝ ජනවාර්ගික අර්බුද උත්සන්න වූ අවස්ථාවේ තමා ජීවත් වූ නුගේගොඩ දුම්රිය පටුමගේ දෙමළ ජනයාට අගතියක් සිදු නොවන ලෙස ඔහු මානව දයාවෙන් යුතුව නිර්භයව ඒ මිනිසුන් බේරා ගත්තේය.

කුටුම්බයේ – පවුලේ සමගිය, සතුට, සහයෝගිත්වය සහජීවනය ප්‍රේමයේ ආලෝකයෙන් විකසිත කළ ගීත ගණනාවක් ඔහු විසින් ගයන ලදී. සුනිල් සරත් පෙරේරා ලියූ ‘සැන්දෑ කළුවර ගලා හැලෙන විට සෙනෙහස දැල්වුණු නිවෙස සොයා එමි ඔබේ සිනා සඳමඬල මුවාවෙන් ජීවිතයේ දුක් වෙහෙස නිවාගමි’

මේ ගීතය කැපී පෙනෙන ගීතයකි. විමල් ජයශාන්ත විසින් සත්‍ය අත්දැකීමක් පසුබිම් කොට ලියන ලද එදා මෙදාතුර කඳුළට විවර වූ දෑස් පියන් පත් කවුළු වසා ගීතය අදටත් ජනහද අමතන වියෝ ්ගීතයකි. විමලධර්ම ජයවීර රචනා කළ ඇවිළුුණු ගිනිදැල් නිවි නිවි යද්දී ඈ මට හමුවූවා ගීතය එක් රැයකින් සනත් ජනප්‍රියත්වයේ ඉහළට ඔසවා තැබූ ගීයකි. ආචාර්ය අජන්තා රණසිංහගේ ආදර සැමරුම් කැටි වූ, පෙමාතුර හැඟුම්, ජගදා නන්දන, දේදුන්නෙන් එන සමනලුනේ, කොහෝ කෙහෝ මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ එක යායට මල් පීදුණු, වේතනා පරිශුද්ධ වූවත්, සීත රෑ යාමේ, බඹරු නොදුටු කරුණාරත්න අබේසේකරගේ මා හද අසපුව, ලස්සන නම් නෑ පෙනෙන්නේ, සඳ බලන්න බෑ, කුලරත්න ආරියවංශගේ මේ ප්‍රථම වසන්තයයි, සිත දන් දුන්නේ, මාලතී මල් මාවතේ සුනිල් ගුණවර්ධනගේ දඟකාර ඔය දැස, හිච්චි නගේ ඩෝල්ටන් අල්විස්ගේ කවුරුදෝ අර කවුළුවෙන් බුද්ධදාස ගලප්පත්තිගේ ගීතා, දයාබර ගීතා, දූ අනුරාධා, සුනිල් සරත් පෙරේරාගේ මගේ රටට දළදා හිමි සරණයි, යසෝදරා, සිනා සලන්නී, ධර්මරත්න පෙරේරාගේ ‘නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ, දයා ද අල්විස්ගේ දහසක් පැතුමන්, ප්‍රියානන්ද විජේසුන්දරගේ බෝ මලුවේ මල් සුවඳක පැටලී, ඩබ්. ජයසිරිගේ නිදිකුම්බා මල් කැකුළි, දෙල්තොට චන්ද්‍රපාලගේ රත්ති අරන් උදැනැක්කේ ආදී ගීත අතිශය ජනප්‍රිය ගීත බවට පත් වූයේය.

1969 සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයට ඔහුම ලියූ සනත් ගැයූ මේ ගීතය රූපයත් සංගීතයත්, ගායනයත්, ගීත රචනයත් කදිමට පෑහුණු ගීතයකි අනන්ත වූ දෙරණ සරා දෑස් නිවන අහස් ගව්ව නැග ගත්තේ – නිල්ල දකින්නයි, ගීතය.

දෑස් පියන් පත් කවුළු වසා නික්ම ගිය සංගීත ප්‍රාඥායා සනත් නන්දසිරි

ආචාර්ය ප්‍රේමසිරි කේමදාස තනුව නිර්මාණය කළ මේ ගීතයත්, අහස් ගව්ව චිත්‍රපටයට මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු ලියා සනත් ගැයූ ඉරා අඳුරු පට ගීයත් සදානුස්මරණී ගීතයෝ වෙති. ධර්මසේන පතිරාජ එහි අධ්‍යක්ෂවරයා ය.

මහාචාර්ය සුනිල් ආරියරත්න, කේ. ඒ. ඩබ්. පෙරේරා අධ්‍යක්ෂණය කළ දුලිකා චිත්‍රපටයට සනත් ගැයූ සීත රෑයාමේ ගීතය ද අදටත් ජනකාන්ත වූ නිර්මාණයකි.

ඉරා අඳුරු පට පෙර දින අහසේ
පොකුරු පොකුරු තරු නිවී යන්ට පෙර
අරුණළු උදයේ මැකී යන්ට පෙර
පියමන් කරමින් අහස් ගව්වටයි ළංවෙන්නේ

හිරු රැස් දැඩිවී හැකිලි ගුලි වී
සැඟවී යාදෝ පිනි කැට මිහි තුළ
පා පෙරැළී ගොස් රැඳේද අප හැම
ඉමක් නොපෙනෙනා අහස් ගඟේ

ඉරහඳ නැති වී සුළඟ සුසුම්ලන
දවසක් ඇවිදින් උදාගිරෙන්
කඳුළක් සුසුමන් හදින් ගලන තෙක්
එකමුතු වී අපි ඉමු මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ…//

දෑස් පියන් පත් කවුළු වසා නික්ම ගිය සංගීත ප්‍රාඥායා සනත් නන්දසිරි

එදා මෙදාතුර ගුවන්විදුලිය, සිනමාව, වේදිකාව, ටෙලිනාට්‍යය ආදී කවර ක්‍ෂේත්‍රයක වුව ඉමහත් ආන්දෝලනයට ලක් වූ ගීත දහස් ගණනින් ගැයූ හෙතෙම ගීත නාටක, මුද්‍රා නාටක, වේදිකා නාට්‍ය, චිත්‍රපට, ටෙලිනාට්‍ය රාශියකට ම ප්‍රශස්ත සංගීත නිර්මාණ සැපයුවේ ය.

අමරදේවට (කඳුළු කතාවේ, මේ ගුරු පාරේ, මා දැන් මහලු වියේ, ජයදා නන්දන ගීතාංලී), ධර්මදාස වල්පොළට (උත්තමමුනි දළදා වඩම්මන), සුජාතා අත්තනායකට (කොහෝ කොහෝ), මගධ දේශ බිම්බිසාර (අජාසත් චිත්‍රපටය, සිරිල් ඒ සීලවිමල), ගුණදාස කපුගේට (දෑස නිලුපුල් තෙමා, ප්‍රියානන්ද විජේසුන්දර, සංගීත සංයෝජනය), නන්දා මාලිනීට (මුව දඩයම අතැර දමා, කැලේ පීදී (සුනිල් ආරියරත්න), නිරංජලා සරෝජනී (මුවන් තිස්ස කුමාරයගෙ – සුනිල් ආරියරත්න), අබේවර්ධන බාලසූරියට කවුරුදෝ කවුරුදෝ, මං නැතිදා (සුනිල් ආරියරත්න), ප්‍රේඩි සිල්වා (බොරු කකුල් කාරයෙක්, කකුළුවා, ප්‍රේමකීර්ති ද අල්විස්), මල්කාන්ති නන්දසිරි ට (නිල්වන් ඈත අනන්තේ, අබමල් රේණුවක තරමින්, සහසක් පැතුමන්, දයා ද අල්විස්) තනු නිමැයු ගීත අතලොස්සක් මෙහි සඳහන් කරනුයේ නිදසුන් දක්වන්නටය. ගායනය, තබ්ලා වාදනය පිළිබඳ විශාරද උපාධි දෙකක් ද සංගීත් නිපුන් උපාධිය ද දිනූ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ප්‍රථම සංගීත පීඨාධිපති හා මහාචාර්ය වූ සනත් නන්දසිරි ඉදානීන්තනයේ එහි කුලපතිවරයා වශයෙන් ගෞරවනීය භූමිකාවක නිරත වෙයි. ගී පද රචකයින් ගණනාවක් බිහිකිරීමට ඔවුන්ගේ සංකල්ප ගී බවට පත් කරමින් මුලින් ගායනා කළ සනත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් ගණනකට දයාබර ගුරු පියකු බවට පත් වූයේ ඉමහත් කරුණාවෙනි.

දෑස් පියන් පත් කවුළු වසා නික්ම ගිය සංගීත ප්‍රාඥායා සනත් නන්දසිරි

මල්කාන්ති නන්දසිරි හා විවාහ වූ ඔහුට දයාබර දියණියක් සිටී. අනුරාධා හට කියා දුන් සංගීතයම ගුරු මුෂ්ටි සඟවා නොගෙන අනෙකුත් කවර සිසු සිසුවියකට වුව ද කියා දුන් ඔහු අතිසංවේදී මිනිසෙකි. නූතනයේ සංගීත ක්‍ෂේත්‍රයේ පවතින ලාංකික ජන සමාජයේ ඔද්දල් වන වංචා දූෂණ, සියලු විලෝපන පිටුදකින මනුෂ්‍යත්වය පෙරදැරි කරගත් ගුණ නුවණින් පිරිපුන් ඔහු ශ්‍රී ලාංකික ගායක ගායිකාවන්ගේ සංගමයේ ප්‍රථම සභාපතිවරයා ලෙස කටයුතු කළේය. කාගේ වුව ද දුක සැපෙහි මුලින්ම දිව එන සනත් මල්කාන්ති යුවළ සතුනට මහත් කරුණාවක් දක්වන දෙපළකැයි අපි අත්දැක ඇත්තෙමු. සිංහල, දෙමළ, මුස්ලිම්, හින්දු, බෞද්ධ, ඉස්ලාම්, කතෝලික ගුරු ඇසුරේ සංගීතය හැදෑරු ඔහුගේ සිතෙහි වර්ගවාදී ගෝත්‍රිකවාදී ආකල්ප නොමැත. ජාත්‍යනුරාගී, දේශානුරාගී, සැදැහැ බැති ගී සිය

ගණනින් ගායනා කර ඇති ඔහු ජීවිතයේ ප්‍රධාන ධර්මතා දෙක වන සංයෝගය හා වියෝගය කදිමට පිළිබිඹු කරන ගීත දහස් ගණනින් නිර්මාණය කළ ගායනා කළ සුළවතෙකි. ගුරු භූමිකාව මැනවින් සාධනය කළ සනත් නන්දසිරි රට පුරා ලොව පුරා ගමන් කරමින් ශ්‍රාවකයින්, ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කළ දෙස, බස, රැසට ආදරය කළ වාග්ගේයකාරයෙකි.

මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර

]]>
https://divaina.lk/%e0%b6%af%e0%b7%91%e0%b7%83%e0%b7%8a-%e0%b6%b4%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%80%e0%b7%94%e0%b7%85%e0%b7%94-%e0%b7%80%e0%b7%83%e0%b7%8f-%e0%b6%b1/feed/ 0
සංගීත් නිපුන් සනත් නන්දසිරි දිවි මග නිමා කරයි https://divaina.lk/%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b7%93%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b6%b4%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%83/ https://divaina.lk/%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b7%93%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b6%b4%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%83/#respond Tue, 28 Mar 2023 05:00:14 +0000 https://divaina.lk/?p=136358
ප්‍රවීන ගායන ශිල්පී සහ සංගීතය පිළිබඳ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්තවී ඇත.මිය යන විට ඒ මහතා 81 වැනි වියේ පසුවිය.

]]>
https://divaina.lk/%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b7%93%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b6%b4%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%83/feed/ 0
ලාංකේය සංගීත කෙත අස්වැද්දු වාග්ගේයකරු සනත් නන්දසිරි https://divaina.lk/%e0%b6%bd%e0%b7%8f%e0%b6%82%e0%b6%9a%e0%b7%9a%e0%b6%ba-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b7%93%e0%b6%ad-%e0%b6%9a%e0%b7%99%e0%b6%ad-%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b6%af%e0%b7%8a/ https://divaina.lk/%e0%b6%bd%e0%b7%8f%e0%b6%82%e0%b6%9a%e0%b7%9a%e0%b6%ba-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b7%93%e0%b6%ad-%e0%b6%9a%e0%b7%99%e0%b6%ad-%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b6%af%e0%b7%8a/#respond Sat, 11 Feb 2023 23:55:00 +0000 https://divaina.lk/?p=127336 යමකු යම් වේදිතයක් විඳ ගැනීමෙන් පසු චලන, රේඛා, වර්ණ, ශබ්ද හෝ වචන සංයෝගය මගින් ඒ වේදිතය ඒ අයුරින් ම අන්‍යයන් තුළ දැනවීම කලාවේ කාර්යය වේ යැයි ලියෝ ටෝල්ස්තෝයිගේ ‘කලාව යනු කුමක් ද?’ මහාචාර්ය ඒ. වී. සුරවීර පරිවර්තනයේ දැක්වේ. දශක සතරකටත් වැඩි මහාචාර්ය සනත් නන්දසිරි සුළවතුන්ගේ ඇසුරේ මේ අනුභූතීන් එලෙස ම රසවිඳ ඇත්තෙමි.

මෑතක දී ඔහුගේ සුවසෙත විමසන්ට ගිය විටක දී මා ඇසූ පැනයක් සිහිවෙයි. ඔබ වඩාත්ම කැමැති භාරතීය රාගය කුමක් ද? ඔහුගේ පිළිතුර වූයේ භාගේශ්‍රී රාගය බවයි. ඔහුගේ සිසුන් පවසන ලෙසත් මා අත්දැක ඇති ආකාරයටත් මේ රසවතාණන් අපරිමිත රසරුත් මතු කරමින් උගැන්වූ සැටිත්, තමාට මෙන්ම ප්‍රවීණ, නවීන ගායක ගායිකාවන්ට මසුරු නොවී තනු හා සංගීත නිර්මාණ කරන සැටියෙනුත් තමා ද රසවිඳිමින් ශ්‍රාවක ප්‍රේක්ෂක ශෝතෘ ජනී ජනයා ආනන්දයට පත් කළ සැටිත් සැබෑ චමත්කාරයකි.

සුභාවිත සංගීතයත්, සුභාවිත ගීතයටත් එක් බඳුව ම ප්‍රිය කරන ඇසූ පුරුද්ද, දුටු පුරුද්ද, කළ පුරුද්ද, පළපුරුද්ද සතු සූර, වීර, ධීර ගුණ යුතු මේ සත් පුරුෂ කලාකරුවාගේ සදාශ්‍රය අපගේ ජීවිතාවබෝධයට ද පණ පොවන්නකි.

“සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරිගේ මධුර ගායනය ත්‍රිස්ථානශෝභී වෙයි. මන්ද්‍ර, මධ්‍ය, තාර යන ත්‍රිවිධ සප්තකයෙහිම ලැබෙන ස්වරයෙන් මධුරාකාරයෙන් සංකලනය කොට ස්වර සාධනය කිරීමේ ශක්තිය ත්‍රිස්ථානශෝභී ගායන ගුණයයි.

ඒ ශක්තිය සනත් සතුව පවත්නේය. සනත් නන්දසිරිගේ ලෝකය නාදාත්මක ය. ඒ සුමධුර නාද ප්‍රවාහය තව තවත් ඉස්සර බලනු නියති.” කරු හීනටිගල ද 1997 ප්‍රකාශයට පත් කළ සනත් නන්දසිරි සුළවත් පහන් සර කෘතියට විමල් අභයසුන්දර හැඳින්වීමක් කළේ එලෙස ය.

1942 පෙබරවාරි 15 වැනිදා හේරත් මුදියන්සේලා විලියම් පෙරේරාගේත්, දෝන අමලින් කටුගම්පළගේත් පවුලට එකතු වූ තුන්වැනි දරුවා සනත් නන්දසිරි සුපතළ වූයේ වාසනාවත්, උත්සාහයත්, නිර්මාණශීලීත්වයේ ප්‍රතිභාවත් දසනු දිසා පළ කරමිනි.

“තාත්තා සින්දු කියනවා අහන් ඉන්න මම හරි ආසයි. ඒ හඬ සවන් දොරින් හදවතට තුරුලු වෙනවා. තාත්තගෙ සින්දුවලට කන්දීමෙන් ගායකයකු වී මේ ආශාව මගෙ හිත තුළ මෝදු වුණා ගායකයකු වශයෙන් රසික පිරිසක් අතරට පිවිසෙන්න මගෙ සිත පෑදු මුල්ම පුද්ගලයා වශයෙන් මට ගෞරව පූර්වකව සිහිපත් කරන්න පුළුවන් මගෙ තාත්තයි” වරක් ඔහු පුවත්පතකට තම පියා ගැන කීවේ එසේය.

සනත්ට වයස අවුරුදු හතර වනවිට පෙරවරුවේ ගොතටුව මධ්‍ය මහා විද්‍යාලයටත්, පස්වරුවේ ශාන්ත මැතිව් විදුහලටත් අධ්‍යාපනය සඳහා යොමු කරන ලදී. රාත්‍රි කාලයේ ගුවන්විදුලියෙන් ප්‍රචාරය වන ශාස්ත්‍රීය සංග්‍රහයෙන් ඉන්දීය ගායන වාදනවලට සවන් දීමට ඔහු පුරුදු වූයේ කුඩා කාලයේ සිට ය.

ලාංකේය සංගීත කෙත අස්වැද්දු වාග්ගේයකරු සනත් නන්දසිරි

ඔහුට වයස අවුරුදු පහේ දී පමණ එනම් 1947 දී ජීවිතයේ මුල්වර ගීතයක් ගැයුවේ ගමේ උත්සවයක දී සිය වැඩිමල් සොයුරිය වූ ඊඩා සමගය. යමුනා යමුනා සෝබන ගංගා ගීතයේ තනුවට පායා පේනා චන්ද්‍රා පේමා නම් යුග ගීතය යි. විල්ෆ්‍රඩ් පීරිස් ගුරුතුමා ඔහුට මුල දී සංගීතය ඉගෙනීමට උපකාරි විය. පද්‍ය ගායනයට හුරුබුහුටි ඔහු කුසලාන දිනා ඇති අතර හේමතිලක දයාරත්න සංගීතඥයා ඔහුට ශාස්ත්‍රීය සංගීතයේ න්‍යායාත්මක අවබෝධය ලබා දුන්නේ ද බාල වියේදීම ය. මහේෂ් සින්නයියා මෙන්ම වාද්‍ය විශාරද ඩී. ආර්. පීරිස් වෙතින් ද තබ්ලා වාදනය උගත් සනත් 1960 දී භාරතය බලා පිටත් වූයේ භාත්ඛණ්ඩ සංගීත් විද්‍යා පීඨයට ඇතුළු වීමට ය. එස්. ඩී. එස්. ජයසේකර සංගීතඥයා ඊට මඟ පෙන්වීය. ජී. එන්. නාටු, මොක් ශුද් අලි, හරි ශංකර් මිශ්‍රා, රහිමුඩි ඛාණ්ඩාගර් මෙන්ම උස්තාද් අහමඩ් ජාන් තිරක්වා මහා තබ්ලා වාදකයාණන්ගෙන් ද ශිල්ප ශාස්ත්‍ර උගත් සනත් ලංකාවට පැමිණියේ 1966 දීය. විශාරද උපාධි සමගය.

ශ්‍රී ලංකා ගුවන්විදුලිය සංස්ථාවේ ශාස්ත්‍රීය ගායනා පරීක්ෂණයකට පෙනී සිටි අවස්ථාවක විශාරද පී. ඩන්ස්ටන් ද සිල්වාගේ ඇරයුමින් විමල් අභයසුන්දර රචනා කළ නව දැලි හේන ගීත නාටකයේ නයන භාංගී නමැති ගීතය ගයමින් තනු සංගීත ක්‍ෂේත්‍රයට පැමිණියේය. ගුවන්විදුලිය වෙළෙඳ සේවයේ සිටි පී. ඇල්. ඒ. සෝමපාලගේ ඇරයුමින් සනත් ගීත කීපයක් ගායනා කළේය. ‘ඇවිළුණු ගිනිදැල් (විමලධර්ම ජයවීර) මහද පෙම්විලේ (බණ්ඩාර විජේතුංග), මිහිරාවී (ප්‍රේමකීර්ති ද අල්විස්) නම් ගීත ජනප්‍රිය විය. එකල මල්කාන්ති පීරිස් එම ගීයට සහාය කර ගන්නා ලදී. 1966 අම්පාර දිස්ත්‍රික්කයේ උහන විද්‍යාලයේ ද සංගීත උපදේශකවරයකු වූ හෙතෙම 1969 ගායනය පිළිබඳ රජයේ ලලිත කලා ආයතනයේ කථිකාචාර්යවරයකු බවට පත් කරගන්නා ලද්දේ විශාරද ආචාර්ය ලයනල් එදිරිසිංහ විසිනි.

අමරදේවයන්ගේ ඇරයුමින් සැඩොල් කඳුළු චිත්‍රපටයේ ‘තෙරක් නැතී ආශා’ (හෙන්රි ජයසේන) ගීතය හාපුරා ඔහු ගැයුවේය.

ජීවිතයේ අපේක්ෂා රාශියක් පොදිබැඳගෙන ඉන්දියාව බලා ගිය සනත් ඒ සියලු අරමුණු ඉටු කරමින් අවසාන විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා ශාලාවෙන් බැහැරට එද්දි ඉතාම දරුණු ලෙස උණසන්නිපාතය රෝගයට ගොදුරු විය. එම රෝගය උත්සන්න වී රෝහල් ගත වූ කාලයේදී තමාගේ සියලුම විභාගයන්හි ප්‍රතිඵල නිකුත් වූයේ අසනීපය කොයි තරම් දරුණු වුවත් තමා මෙතෙක් වුණු වෙහෙස මහන්සිය කැපවීමේ ප්‍රතිඵල එදා භාත්ඛණ්ඩ පීඨයේ ප්‍රතිඵල ලේඛනයේ ඉහළින්ම සටහන්ව තිබිණි. නිපුන් විභාගයට පෙනී සිටීමේදී ද ලාංකික ඇතැමුන්ගේ කුහකකම් නිසා සනත්ට බාධා අවහිර එල්ල විය. එහෙත් ධෛර්යවන්ත පසු නොබාන නිර්භය චරිතයකින් හෙබි ඔහු එම වැටකඩුලු අභියෝග වටිනාකම් සහිතව ජය ගත්තේය.

1983 ත්‍රස්තවාදී හෝ ජනවාර්ගික අර්බුද උත්සන්න වූ අවස්ථාවේ තමා ජීවත් වූ නුගේගොඩ දුම්රිය පටුමගේ දෙමළ ජනයාට අගතියක් සිදු නොවන ලෙස ඔහු මානව දයාවෙන් යුතුව නිර්භයව ඒ මිනිසුන් බේරා ගත්තේය.

කුටුම්බයේ – පවුලේ සමගිය, සතුට, සහයෝගිත්වය සහජීවනය ප්‍රේමයේ ආලෝකයෙන් විකසිත කළ ගීත ගණනාවක් ඔහු විසින් ගයන ලදී. සුනිල් සරත් පෙරේරා ලියූ ‘සැන්දෑ කළුවර ගලා හැලෙන විට සෙනෙහස දැල්වුණු නිවෙස සොයා එමි ඔබේ සිනා සඳමඬල මුවාවෙන් ජීවිතයේ දුක් වෙහෙස නිවාගමි’ මේ ගීතය කැපී පෙනෙන ගීතයකි. විමල් ජයශාන්ත විසින් සත්‍ය අත්දැකීමක් පසුබිම් කොට ලියන ලද එදා මෙදාතුර කඳුළට විවර වූ දෑස් පියන් පත් කවුළු වසා ගීතය අදටත් ජනහද අමතන වියෝ ්ගීතයකි. විමලධර්ම ජයවීර රචනා කළ ඇවිළුුණු ගිනිදැල් නිවි නිවි යද්දී ඈ මට හමුවූවා ගීතය එක් රැයකින් සනත් ජනප්‍රියත්වයේ ඉහළට ඔසවා තැබූ ගීයකි. ආචාර්ය අජන්තා රණසිංහගේ ආදර සැමරුම් කැටි වූ, පෙමාතුර හැඟුම්, ජගදා නන්දන, දේදුන්නෙන් එන සමනලුනේ, කොහෝ කෙහෝ මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ එක යායට මල් පීදුණු, වේතනා පරිශුද්ධ වූවත්, සීත රෑ යාමේ, බඹරු නොදුටු කරුණාරත්න අබේසේකරගේ මා හද අසපුව, ලස්සන නම් නෑ පෙනෙන්නේ, සඳ බලන්න බෑ, කුලරත්න ආරියවංශගේ මේ ප්‍රථම වසන්තයයි, සිත දන් දුන්නේ, මාලතී මල් මාවතේ සුනිල් ගුණවර්ධනගේ දඟකාර ඔය දැස, හිච්චි නගේ ඩෝල්ටන් අල්විස්ගේ කවුරුදෝ අර කවුළුවෙන් බුද්ධදාස ගලප්පත්තිගේ ගීතා, දයාබර ගීතා, දූ අනුරාධා, සුනිල් සරත් පෙරේරාගේ මගේ රටට දළදා හිමි සරණයි, යසෝදරා, සිනා සලන්නී, ධර්මරත්න පෙරේරාගේ ‘නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ, දයා ද අල්විස්ගේ දහසක් පැතුමන්, ප්‍රියානන්ද විජේසුන්දරගේ බෝ මලුවේ මල් සුවඳක පැටලී, ඩබ්. ජයසිරිගේ නිදිකුම්බා මල් කැකුළි, දෙල්තොට චන්ද්‍රපාලගේ රත්ති අරන් උදැනැක්කේ ආදී ගීත අතිශය ජනප්‍රිය ගීත බවට පත් වූයේය.

1969 සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයට ඔහුම ලියූ සනත් ගැයූ මේ ගීතය රූපයත් සංගීතයත්, ගායනයත්, ගීත රචනයත් කදිමට පෑහුණු ගීතයකි අනන්ත වූ දෙරණ සරා දෑස් නිවන අහස් ගව්ව නැග ගත්තේ – නිල්ල දකින්නයි, ගීතය.

ආචාර්ය ප්‍රේමසිරි කේමදාස තනුව නිර්මාණය කළ මේ ගීතයත්, අහස් ගව්ව චිත්‍රපටයට මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු ලියා සනත් ගැයූ ඉරා අඳුරු පට ගීයත් සදානුස්මරණී ගීතයෝ වෙති. ධර්මසේන පතිරාජ එහි අධ්‍යක්ෂවරයා ය.

මහාචාර්ය සුනිල් ආරියරත්න, කේ. ඒ. ඩබ්. පෙරේරා අධ්‍යක්ෂණය කළ දුලිකා චිත්‍රපටයට සනත් ගැයූ සීත රෑයාමේ ගීතය ද අදටත් ජනකාන්ත වූ නිර්මාණයකි.

ඉරා අඳුරු පට පෙර දින අහසේ
පොකුරු පොකුරු තරු නිවී යන්ට පෙර
අරුණළු උදයේ මැකී යන්ට පෙර
පියමන් කරමින් අහස් ගව්වටයි ළංවෙන්නේ

හිරු රැස් දැඩිවී හැකිලි ගුලි වී
සැඟවී යාදෝ පිනි කැට මිහි තුළ
පා පෙරැළී ගොස් රැඳේද අප හැම
ඉමක් නොපෙනෙනා අහස් ගඟේ

ඉරහඳ නැති වී සුළඟ සුසුම්ලන
දවසක් ඇවිදින් උදාගිරෙන්
කඳුළක් සුසුමන් හදින් ගලන තෙක්
එකමුතු වී අපි ඉමු මිතුරෝ

එන්න මගේ පිය මිතුරෝ…//

එදා මෙදාතුර ගුවන්විදුලිය, සිනමාව, වේදිකාව, ටෙලිනාට්‍යය ආදී කවර ක්‍ෂේත්‍රයක වුව ඉමහත් ආන්දෝලනයට ලක් වූ ගීත දහස් ගණනින් ගැයූ හෙතෙම ගීත නාටක, මුද්‍රා නාටක, වේදිකා නාට්‍ය, චිත්‍රපට, ටෙලිනාට්‍ය රාශියකට ම ප්‍රශස්ත සංගීත නිර්මාණ සැපයුවේ ය.

ලාංකේය සංගීත කෙත අස්වැද්දු වාග්ගේයකරු සනත් නන්දසිරි

අමරදේවට (කඳුළු කතාවේ, මේ ගුරු පාරේ, මා දැන් මහලු වියේ, ජයදා නන්දන ගීතාංලී), ධර්මදාස වල්පොළට (උත්තමමුනි දළදා වඩම්මන), සුජාතා අත්තනායකට (කොහෝ කොහෝ), මගධ දේශ බිම්බිසාර (අජාසත් චිත්‍රපටය, සිරිල් ඒ සීලවිමල), ගුණදාස කපුගේට (දෑස නිලුපුල් තෙමා, ප්‍රියානන්ද විජේසුන්දර, සංගීත සංයෝජනය), නන්දා මාලිනීට (මුව දඩයම අතැර දමා, කැලේ පීදී (සුනිල් ආරියරත්න), නිරංජලා සරෝජනී (මුවන් තිස්ස කුමාරයගෙ – සුනිල් ආරියරත්න), අබේවර්ධන බාලසූරියට කවුරුදෝ කවුරුදෝ, මං නැතිදා (සුනිල් ආරියරත්න), ප්‍රේඩි සිල්වා (බොරු කකුල් කාරයෙක්, කකුළුවා, ප්‍රේමකීර්ති ද අල්විස්), මල්කාන්ති නන්දසිරි ට (නිල්වන් ඈත අනන්තේ, අබමල් රේණුවක තරමින්, සහසක් පැතුමන්, දයා ද අල්විස්) තනු නිමැයු ගීත අතලොස්සක් මෙහි සඳහන් කරනුයේ නිදසුන් දක්වන්නටය. ගායනය, තබ්ලා වාදනය පිළිබඳ විශාරද උපාධි දෙකක් ද සංගීත් නිපුන් උපාධිය ද දිනූ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ප්‍රථම සංගීත පීඨාධිපති හා මහාචාර්ය වූ සනත් නන්දසිරි ඉදානීන්තනයේ එහි කුලපතිවරයා වශයෙන් ගෞරවනීය භූමිකාවක නිරත වෙයි.

ගී පද රචකයින් ගණනාවක් බිහිකිරීමට ඔවුන්ගේ සංකල්ප ගී බවට පත් කරමින් මුලින් ගායනා කළ සනත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් ගණනකට දයාබර ගුරු පියකු බවට පත් වූයේ ඉමහත් කරුණාවෙනි. මල්කාන්ති නන්දසිරි හා විවාහ වූ ඔහුට දයාබර දියණියක් සිටී. අනුරාධා හට කියා දුන් සංගීතයම ගුරු මුෂ්ටි සඟවා නොගෙන අනෙකුත් කවර සිසු සිසුවියකට වුව ද කියා දුන් ඔහු අතිසංවේදී මිනිසෙකි. නූතනයේ සංගීත ක්‍ෂේත්‍රයේ පවතින ලාංකික ජන සමාජයේ ඔද්දල් වන වංචා දූෂණ, සියලු විලෝපන පිටුදකින මනුෂ්‍යත්වය පෙරදැරි කරගත් ගුණ නුවණින් පිරිපුන් ඔහු ශ්‍රී ලාංකික ගායක ගායිකාවන්ගේ සංගමයේ ප්‍රථම සභාපතිවරයා ලෙස කටයුතු කළේය. කාගේ වුව ද දුක සැපෙහි මුලින්ම දිව එන සනත් මල්කාන්ති යුවළ සතුනට මහත් කරුණාවක් දක්වන දෙපළකැයි අපි අත්දැක ඇත්තෙමු. සිංහල, දෙමළ, මුස්ලිම්, හින්දු, බෞද්ධ, ඉස්ලාම්, කතෝලික ගුරු ඇසුරේ සංගීතය හැදෑරු ඔහුගේ සිතෙහි වර්ගවාදී ගෝත්‍රිකවාදී ආකල්ප නොමැත. ජාත්‍යනුරාගී, දේශානුරාගී, සැදැහැ බැති ගී සිය ගණනින් ගායනා කර ඇති ඔහු ජීවිතයේ ප්‍රධාන ධර්මතා දෙක වන සංයෝගය හා වියෝගය කදිමට පිළිබිඹු කරන ගීත දහස් ගණනින් නිර්මාණය කළ ගායනා කළ සුළවතෙකි. ගුරු භූමිකාව මැනවින් සාධනය කළ සනත් නන්දසිරි රට පුරා ලොව පුරා ගමන් කරමින් ශ්‍රාවකයින්, ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කළ දෙස, බස, රැසට ආදරය කළ වාග්ගේයකාරයෙකි. තමන් විසින් ගීපද කවි පද ලියා තනු නිර්මාණය කරමින් ගයමින් ද අනුන් උදෙසා කිසිදු ප්‍රතිලාභයක් අපේක්ෂා නොකොට නිර්මාණය කර දෙමින් ශ්‍රී ලාංකික සංගීත ක්‍ෂේත්‍රය අස්වැද්දු සනත් නන්දසිරි සුධීමතුන්හට චීරජීවනය පතනුයේ දයා කරුණාවෙනි.

මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර
ඡායාරූප – දයාන් විතාරණ

ලාංකේය සංගීත කෙත අස්වැද්දු වාග්ගේයකරු සනත් නන්දසිරි

]]>
https://divaina.lk/%e0%b6%bd%e0%b7%8f%e0%b6%82%e0%b6%9a%e0%b7%9a%e0%b6%ba-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b7%93%e0%b6%ad-%e0%b6%9a%e0%b7%99%e0%b6%ad-%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b6%af%e0%b7%8a/feed/ 0