sciatica – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sun, 09 Jul 2023 14:58:12 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg sciatica – Divaina https://divaina.lk 32 32 කොන්දේ සිට පාද දිගේ එන ‘සයටිකා’ වේදනාවෙන් ඔබත් පීඩා විඳින්නෙක්ද? https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a-%e0%b7%83%e0%b7%92%e0%b6%a7-%e0%b6%b4%e0%b7%8f%e0%b6%af-%e0%b6%af%e0%b7%92%e0%b6%9c%e0%b7%9a-%e0%b6%91%e0%b6%b1-%e0%b7%83%e0%b6%ba%e0%b6%a7/ https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a-%e0%b7%83%e0%b7%92%e0%b6%a7-%e0%b6%b4%e0%b7%8f%e0%b6%af-%e0%b6%af%e0%b7%92%e0%b6%9c%e0%b7%9a-%e0%b6%91%e0%b6%b1-%e0%b7%83%e0%b6%ba%e0%b6%a7/#respond Sun, 09 Jul 2023 23:39:00 +0000 https://divaina.lk/?p=155556 ජීවිතයේ බොහෝ දේ අපට කරන්න තියෙනවා නමුත් නොසිතූ මොහොතක හටගන්නා වේදනාව නිසා සියල්ල අඩපන වෙන්න පුළුවන්. ඇවිදගන්න අපහසු වුවහොත් වේදනාකාරී වුහොත් එදිනෙදා කටයුතු කරගන්නේ කොහොමද. කාලයක් සමග වයසට යන විට ශරීරය දුර්වල වෙනවා. නොසිතූ අවස්ථාවක හටගන්නා එවැනි වේදනාවක් සයටිකා තත්ත්වයක් විය හැකියි.

වත්මන් සමාජයේ බහුලව බොහෝ දෙනකු අතර දක්නට ලැබෙන රෝගී තත්ත්වයක් ලෙස සයටිකා දැකිය හැකි අතර වයස 40-45 අතර 45% ප්‍රතිශතයක් දක්නට ලැබේ.

වෛද්‍යතුමනි සයටිකා ලෙස හඳුන්වන්නේ කුමන රෝගී තත්ත්වයක්ද?

සයටිකා ලෙස හැඳින්වෙන්නේ අපේ ශරීරයේ විශාලම ස්නායුව වන සයටිකා ස්නායුව තෙරපීමක් නිසා ඇතිවන වේදනාකාරී තත්ත්වයයි. මෙය අපේ කොන්දේ පහළම පිහිටි කශේරුකාවලින් පටන් ගන්නා අතර (L4,L5,S1, S2) එම කශේරුකා අතර පිහිටි කාටිලේජ් ගෙවී යෑමත්, ඉදිරියට නෙරායෑමත්, පැතලි වීමත්, ගෙවී යෑමත්, දිරා යෑමත් මෙන්ම වයසත් සමග සිදුවන අස්ථි අධිවර්ධනය නිසා ස්නායු මාර්ගය පටු වීම (Lumba spinal stenosis) මෙන්ම අස්ථි එකිනෙක ලිස්සා යෑමක් (Spondylolisthesis) හෝ අධික බරක් එසවීම, කොන්ද නැවීම, හිතුමතේ ව්‍යායාම සිදු කිරීම, වැරදි ඉරියව් අනුගමනය කිරීම, සිදුවන හදිසි අනතුරු වැනි නොයෙකුත් හේතු නිසා කශේරුකාවලට බලපෑමක් වූ විට සයටිකා ස්නායුවක් තෙරපීම නිසා වේදනාකාරී රෝග ලක්ෂණ ක්‍රම ක්‍රමයෙන් හෝ එකවර මතුවන්න පුළුවන්.

කොන්දේ සිට පාද දිගේ එන 'සයටිකා' වේදනාවෙන් ඔබත් පීඩා විඳින්නෙක්ද?

සයටිකා රෝගයකදී මතුවන රෝග ලක්ෂණ මොනවාද?

මෙහිදී පෙන්වන රෝග ලක්ෂණ ලෙස කොන්දේ පහළ එන වේදනාව (Lower back pain) කොන්ද පැත්තක එන වේදනාව (Hip pain), ඉඳගෙන සිටින විට එන වේදනාව, කකුල පුරා එන දැවිල්ල, පිච්චෙන ගතිය, කූඹි දුවනවා වගේ දැනීම සමග පාදය දිගේ ඉඳිකටු අනිනවා වගේ දැනීම, හිරිවැටීම, එකවර නැඟිටීමේ අපහසුතාව, විදුලියක් මෙන් එකවර හටගන්නා වේදනාව, මෙන්ම මෙහි විශේෂත්වය වන්නේ එක් පාදයක් දිගේ මේ සියලු රෝග ලක්ෂණ ක්‍රම ක්‍රමයෙන් ඇඟිලි දක්වාම ඇතිවී ඇඟිලි හිරිවැටීම ඇතිවිය හැක.

තවද ආතරයිටිස් තත්ත්ව නිසා පාද ඇද ගැසීගෙන යනවිට බොහෝ අයට සිදුවන වෙනස නොදැනුනත් 50% ඉක්මවා ඇදය ඇති වූ විට කොන්දට සිදුවන බලපෑම එක්තරා අවස්ථවකදී මෙම ස්නායුව තෙරපීමක් සමග දැනෙන වේදනාව දණහිස් වේදනාව ඉක්මවා යා හැකියි. මැදිවිය, වයස්ගත මව්වරු, පියවරු බොහෝ අසරණව ඇවිදගත නොහැකිව බොහෝ වේදනාවලට බලපාන එක හේතුවක් ලෙස මෙය සැලකිය හැකියි.

මෙවැනි අවස්ථාවකදී හේතුව යථා තත්ත්වයට නොගතහොත් වේදනාවට පමණක් ප්‍රතිකාර ගැනීම තුළ ක්‍රම ක්‍රමයෙන් එය වර්ධනය වී සැත්කම්වලට පවා මුහුණ දීමට සිදුවන අවස්ථා ඇතිවිය හැක.

හෝමියෝපති ප්‍රතිකාර සයටිකා තත්ත්වයට සුවිශේෂී වන්නේ කෙසේද?

මෙහිදී රෝගියාගේ රෝග ලක්ෂණ මුල්කරගෙන කායික මෙන්ම මානසිකත්වයද සැලකිල්ලට ගෙන සිදුකරන ප්‍රතිකාරයක් නිසා හෝමියෝපති මූලධර්මය අනුව රෝග ලක්ෂණවලට සමාන ඖෂධය දීම තුළ වේදනා නාශක නොමැතිවම රෝග ලක්ෂණය ලෙස පෙන්වූ වේදනාව නැතිව යන්නේ රෝගයට හේතුවද නැති කරමින්ය. ඉඳිකටු අනිනවා වගේ, හිරිවැටෙන ස්වභාවය, පිච්චෙන, දැවිල්ල ස්වභාවය නැතිව යෑම නොදැනුවත්වම හේතුව ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වී රෝගියා සුවවීම, ප්‍රතිශක්තිකරණය ගොඩනැඟීම තුළ වෙනස්ව තිබූ ව්‍යුහාත්මක වෙනස්කම් යළි යථා තත්ත්වයට ගෙනදීම වේ.

හෝමියෝපති ප්‍රතිකාර ක්‍රමයේ ඇති සුවිශේෂීත්වය කුමක්ද?

අපේ ශරීරය අස්ථි, පේශි, නහර, ස්නායු මගින් ගොඩනැඟුනු පද්ධතීන් සමූහයක එකතුවක් වෙන් කරන්න බැහැ. දම්වැල් පුරුක් වගේ බැඳිලා තිබෙන මේ අවයවවල වෙනස්කම් රෝග ලක්ෂණ ලෙස රෝගියාව සැලකිල්ලට ගෙන කායික මෙන්ම මානසික සිතුවිලිද ගෙන රෝගියාව සුවපත් කිරීම අපේ ප්‍රතිකාර ක්‍රමයේ විශේෂත්වයයි. ඒ තුළින් රෝගයට හේතු වූ රෝග ලක්ෂණය නැතිවී යෑම, රෝගියාගේ රෝගය නැතිවී රෝගියා සුවය ලැබීම විශේෂත්වයයි.

හෝමියෝපති ඖෂධ සරලයි, පාවිච්චිය පහසුයි. වයස්ගත වූ මව්වරුන්ට, පියවරුන්ට මෙවැනි රෝගවලින් කුමන තත්ත්වයක හේතු සාධක වුණත් කුමන වයසක වුවත් හෝමියෝපති ප්‍රතිකාරය නිවැරදිව ඔබ අනුගමනය කළහොත් යථාතත්ත්වයෙන් සුවය ඔබ අත්විඳිනු ඇත. පාවිච්චියට පහසු වීමද, අතුරු ආබාධ නොමැති වීමද, මෙහි විශේෂත්වය වනු ඇත.

මේ වෛද්‍ය ක්‍රමය තුළ සෑම රෝගයක් සඳහාම ප්‍රතිකාර තිබෙනවාද?

ආතරයිටිස්, පාකින්සන්, කොඳු ඇට පෙළේ ආබාධ, ස්නායු රෝග, අත් පා වල හිරිවැටීම, වෙව්ලීම, නහර ගැට ගැසීම, අර්ශස්, හර්නියා, ඉරුවාරදය, අකලට කෙස් සුදුවීම, ගැලවී යෑම, දත්මුල් දියවීම, ආමාශගත රෝග, මළ බද්ධය, ලිංගික රෝග, හෘද රෝග, අක්මා රෝග, වකුගඩු මුත්‍රාශ්‍රිත රෝග, දියවැඩියාව, අධික ස්ථුලතාවය, කැස්ස, ඇදුම, පීනසය, සියලු කාන්තා රෝග ආදී සෑම රෝගයකටමද හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළින් ඖෂධ සුවය ලැබිය හැකි වනවා. එය ඔබට නිරෝගිමත් දිවියකට දිව ඔසු අත්වැළක් වනු නොඅනුමානය.

වැඩි විස්තර සඳහා දුරකථන අංක 0718250717 ඇමැතිය හැකිය.

කොන්දේ සිට පාද දිගේ එන 'සයටිකා' වේදනාවෙන් ඔබත් පීඩා විඳින්නෙක්ද?

එච් කේ හෝමියෝපති
ආරෝග්‍යශාලාවේ නිර්මාතෘ
වෛද්‍ය අනුෂා හේමකුමාර
එච් කේ හෝමියෝපති හෙල්ත් කෙයාර්
නො.12, පී. බී. අල්විස්
පෙරේරා මාවත, කටුබැද්ද, මොරටුව.
සංස්කරණය – උපාලි ද සේරම්

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a-%e0%b7%83%e0%b7%92%e0%b6%a7-%e0%b6%b4%e0%b7%8f%e0%b6%af-%e0%b6%af%e0%b7%92%e0%b6%9c%e0%b7%9a-%e0%b6%91%e0%b6%b1-%e0%b7%83%e0%b6%ba%e0%b6%a7/feed/ 0
කඨීශූල සහ සයිටිකා නිසා මතුවන කොන්දේ වේදනාවට ආයුර්වේද ප්‍රතිකාර https://divaina.lk/%e0%b6%9a%e0%b6%a8%e0%b7%93%e0%b7%81%e0%b7%96%e0%b6%bd-%e0%b7%83%e0%b7%84-%e0%b7%83%e0%b6%ba%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b6%b8%e0%b6%ad/ https://divaina.lk/%e0%b6%9a%e0%b6%a8%e0%b7%93%e0%b7%81%e0%b7%96%e0%b6%bd-%e0%b7%83%e0%b7%84-%e0%b7%83%e0%b6%ba%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b6%b8%e0%b6%ad/#respond Sun, 04 Dec 2022 23:35:00 +0000 https://divaina.lk/?p=114137 කඨීශුලතා රෝග සහ සයිටිකා රෝග තත්ත්වයන් සඳහා සැත්කම්වලින් තොරව භෞතචිකිත්සාව සහ ඖෂධ ප්‍රතිකාර මගින් ඉතා සාර්ථකව ප්‍රතිකාර කිරීමේ හැකියාව පවතී.

කොන්දේ වේදනාව (back pain) ඇතිවීමට බලපාන හේතු රැසක් ඇත. අධික බරක් එකවර එසවීම, කාන්තාවන් අඩි උස පාවහන් නිතර පැළඳීම, සිරුරේ සමබරතාවය බිඳීයෑමෙන් ඇදවැටීම සහ ක්‍ෂණික ක්‍රියාකාරකම් නිසා කොඳුඇට පෙළ ඇදීමට ලක්වීම ආදී හේතු බහුලවම දැකිය හැකිය.

ඊට අමතරව වයසට යන විට කොඳුඇට පෙළෙහි ඇතිවන දුර්වලතාවන් නිසා ද කොන්දේ වේදනාව හටගනී.

මෙලෙස ඇතිවන කොන්දේ වේදනාවට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව කඨීශූලය ලෙස පවසයි.

කඨීශූලය තත්ත්වය සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සැත්කම්වලින් තොරව ප්‍රතිකාර කර සුව කිරීමේ සුවිශේෂී ප්‍රතිකාර ක්‍රම රැසක් ඇත.

මෙම කඨීශූල රෝග තත්ත්වයේදී බහුලවම මතුවන රෝගයක් වනුයේ ඇවිදීමේ අපහසුතා ඇතිවන සයිටිකා (sciatica) නමැති රෝග තත්ත්වයයි. මෙහිදී ස්නායු ඇදීමට හෝ තෙරපීමට ලක්වීම නිසා ඇවිදින විට හෝ සිරුරේ ඉරියව් වෙනස් කරන විට කොඳුඇට පෙළ අතරින් දැඩි වේදනාවක් හටගනී.

මෙහිදී සිදුවන්නේ කොඳුඇට පෙළෙහි ඇති අස්ථි බිඳීමකට ලක්වීම හෝ පිහිටීමේ ඇතිවන වෙනස්කමක් නිසා ඒ අතරින් ගමන් කරන ස්නායු තෙරපුමට ලක්වීමය.

මෙම රෝග නිවැරදිව එක්ස් රේ පරීක්‍ෂාවන් මගින් තහවුරු කරගෙන රෝග තත්ත්වයට හේතුව නිවැරදිව හඳුනාගෙන සැත්කම්වලින් තොරව සාර්ථකව ප්‍රතිකාර කිරීමේ නවීනතම ප්‍රතිකාර ක්‍රම ආයුර්වේදයේ වර්තමානයේ භාවිතා කරනු ලබයි.

මෙහිදී වයස් භේදයකින් තොරව මතුව ඇති රෝග තත්ත්වයට හේතු හඳුනාගෙන ප්‍රතිකාර කළ හැකිය. මෙම ප්‍රතිකාර සිදු කිරීමේදී ඖෂධීය ප්‍රතිකාර සහ භෞතචිකිත්සක ප්‍රතිකාර මූලික කරගෙන රෝගියාට ප්‍රතිකාර ලබා දේ.

විශේෂයෙන්ම සයිටිකා රෝග තත්ත්වයේදී භෞතචිකිත්සක ප්‍රතිකාර සඳහා වැඩි ප්‍රමුඛතාවක් ලබාදෙනු ලබයි. ඊට අමතරව කසාය වැනි ඖෂධ වර්ග ද ලබා දේ. මෙම ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ වර්ග සහ පහසුකම් වර්තමානයේ ආයුර්වේද රෝහල් හි සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල පවතී. එනිසා කසාය වර්ග සාදා ගැනීමට භෞතචිකිත්ස ප්‍රතිකාර සිදුකර ගැනීමට දුෂ්කරතා මතු නොවේ. අවශ්‍ය සියලු පහසුකම් ඉතා පහසුවෙන් ලබාගත හැකිය.

කඨීශුලතා රෝග සහ සයිටිකා රෝග තත්ත්වයන් සඳහා සැත්කම්වලින් තොරව භෞතචිකිත්සාව සහ ඖෂධ ප්‍රතිකාර මගින් ඉතා සාර්ථකව ප්‍රතිකාර කිරීමේ හැකියාව පවතී. එවැනි රෝගීන් දහස් ගණනක් සඳහා ආයුර්වේද ප්‍රතිකාර ලබා දී සුවපත් කිරීමේ අත්දැකීම් අප සතුව ඇත. ඇතැම් රෝගීන් පැමිණෙන්නේ ඇවිදීමට නොහැකිවය. තවත් රෝගීන් රෝද පුටුවේ පැමිණේ. එම සියලු රෝගීන් වයස් භේදයකින් තොරව ප්‍රතිකාර සඳහා යොමුකර සති කිහිපයකින් සුවපත් කර යළි දෙපයින් ඇවිදීමේ හැකියාව ලබා දී ඇත.

කඨීශූල සහ සයිටිකා නිසා මතුවන කොන්දේ වේදනාවට ආයුර්වේද ප්‍රතිකාර

වැඩි විස්තර සඳහා දුරකථන අංක 071 4473560 ඇමතිය හැකිය.
රාජගිරිය ආයුර්වේද ශික්‍ෂණ රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි (නේවාසික)

වෛද්‍ය ඊ.වී.පරාක්‍රම හේමචන්‍ද්‍ර

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b6%a8%e0%b7%93%e0%b7%81%e0%b7%96%e0%b6%bd-%e0%b7%83%e0%b7%84-%e0%b7%83%e0%b6%ba%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b6%b8%e0%b6%ad/feed/ 0