Singer Fashion – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 05 May 2023 09:33:37 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Singer Fashion – Divaina https://divaina.lk 32 32 සිංගර් ෆැෂන් ඇකඩමිය හා ලව්ලි ප්‍රොෆෙෂනල් විශ්වවිද්‍යාලය එක්ව විලාසිතා නිර්මාණකරණ උපාධි අවස්ථා පිරිනමයි https://divaina.lk/%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b6%bb%e0%b7%8a-%e0%b7%86%e0%b7%90%e0%b7%82%e0%b6%b1%e0%b7%8a-%e0%b6%87%e0%b6%9a%e0%b6%a9%e0%b6%b8%e0%b7%92%e0%b6%ba-%e0%b7%84%e0%b7%8f-%e0%b6%bd%e0%b7%80/ https://divaina.lk/%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b6%bb%e0%b7%8a-%e0%b7%86%e0%b7%90%e0%b7%82%e0%b6%b1%e0%b7%8a-%e0%b6%87%e0%b6%9a%e0%b6%a9%e0%b6%b8%e0%b7%92%e0%b6%ba-%e0%b7%84%e0%b7%8f-%e0%b6%bd%e0%b7%80/#respond Sat, 06 May 2023 23:58:00 +0000 https://divaina.lk/?p=143125 සිංගර් ෆැෂන් ඇකඩමිය සිය සිසුන්ට උපාධියක් ලබාගැනීමේ අවස්ථාව උදාකරමින් ඉන්දියාවේ ලව්ලි ප්‍රොෆෙෂනල් විශ්වවිද්‍යාලය (LPU) සමඟින් හවුල්කාරිත්වයකට එළඹ තිබේ.

මෙමඟින් සිංගර් ෆැෂන් ඇකඩමියේ සිසුන්ට, සිංගර් ෆැෂන් ඇකඩමියේ වසර දෙකක විලාසිතා නිර්මාණ වැඩසටහන සම්පූර්ණ කිරීමෙන් පසු LPU වෙතින් විලාසිතා නිර්මාණකරණ පිළිබඳ උපාධියක් හැදෑරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත.

වසර 60කට අධික කාලයක් මෙරට විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති සිංගර් ෆැෂන් ඇකඩමිය මඟින් මැහුම් සහ විලාසිතා නිර්මාණ ව්‍යවසායකයන් සිය දහස් ගණනක් මෙරටට දායාද කර ඇත. එක්සත් රාජධානියේ වරලත් නිර්මාණකරුවන්ගේ සංගමය වෙතින් (CSD) විලාසිතා නිර්මාණකරණ පාඨමාලාව සඳහා සහතික පත්‍රයක් හිමි වන ශ්‍රී ලංකාවේ මුල්ම සහ එකම වෘත්තීය අධ්‍යාපනික ආයතනය බවට පත්ව ඇත්තේ සිංගර් ෆැෂන් ඇකඩමියයි. මෙමඟින් විලාසිතා නිර්මාණ පිළිබඳ සහතිකය, විලාසිතා නිර්මාණ පිළිබඳ ඩිප්ලෝමාව, විලාසිතා නිර්මාණ පිළිබඳ උසස් ඩිප්ලෝමාව, ඇඳුම් සෑදීම පිළිබඳ ඩිප්ලෝමාව සහ මැෂින් එම්බ්‍රොයිඩර් ඩිප්ලෝමාව වැනි පාඨමාලා සම්පූර්ණ කරන සිසුන්ට සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් ලබාදෙන සහතිකයට අමතරව CSD වෙතින් ගෝලීය වශයෙන් පිළිගත් සහතිකයක්ද හිමිවනු ඇත.

ක්ෂේත්‍රයේ වෙළඳපල ප්‍රවණතා සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වීමට අවශ්‍ය කුමක්ද යන්න අවබෝධ කරගනිමින්, සිංගර් ෆැෂන් ඇකඩමිය ලව්ලි ප්‍රොෆෙෂනල් විශ්වවිද්‍යාලය සමඟින් එක්ව ඇතිකරගත් මෙම හවුල්කාරිත්වය, සිසුන්ට ක්ෂේත්‍රය තුළ සිය අනන්‍යතාවය ඔප්නංවා ගැනීමට අවස්ථාව උදාකරයි.

]]>
https://divaina.lk/%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b6%bb%e0%b7%8a-%e0%b7%86%e0%b7%90%e0%b7%82%e0%b6%b1%e0%b7%8a-%e0%b6%87%e0%b6%9a%e0%b6%a9%e0%b6%b8%e0%b7%92%e0%b6%ba-%e0%b7%84%e0%b7%8f-%e0%b6%bd%e0%b7%80/feed/ 0